කිසිම ආහාරයක් ලුණු නැතිව ආහාරයට බැහැ නේ. ලුණු නැතිව පිස ගන්නා කෑමවල එන්නෙ දිය රසක්. ඒ නිසා ලුණු අපේ මුළුතැන්ගෙට නැතුවම බැහැ. ඇත්තටම ලුණු කියන්නෙ සෝඩියම් ක්ලෝරයිඩ්. මෙයින් අපට සෝඩියම් කියන මූලද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට දිනකට සෝඩියම් ප්‍රමාණය ග්‍රෑම් 2.3 ක් අවශ්‍ය කරනවා. අපි ලුණු තේ හැන්දක්, ඒ කියන්නේ ලුණු ග්‍රෑම් 5 ගත්විට ඒ සෝඩියම් ප්‍රමාණය අපේ සිරුරට ලැබෙනවා.
ලුණු රුධිර පීඩනය හා රුධිර සංසරණය පාලනයටත්, ස්නායු සහ පේශී තන්තු අතර සන්නිවේදන කටයුතු සඳහාත් ඕන කරනවා. ඒත් පමණට වඩා ලුණු පරිභෝජනය ශරීරයට ඉතා අහිතකරයි. සමීක්ෂණවලට අනුව ලාංකීය අපි ලුණු වැඩි වශයෙන් පරිභෝජනය කරනවලු.
ඇතැම් ගෘහණියන් බතක් ඉව්වත් එයට ලුණු එකතු කරනවා. ආහරවලට එකතු කරන ලුණුවලට අමතරව ලුණු අධිකව එකතු කරපු ලුණු දෙහි, අච්චාරු, සෝස් වර්ග, කෙටි ආහාර, පැණි බීමත් වැඩියෙන් ආහාරයට ගනිද්දි ශරීරයට වැඩිපුර ලුණු එකතු වෙනවා. එතකොට මේ රෝගවලට අපිව ගොදුරු වෙනවා.
- අධි රුධිර පීඩනය
- හෘදයාබාධ හා හෘදය අකර්මන්‍ය වීම්
- වකුගඩු රෝග
- ආමාශයේ පිළිකා
- ආඝාතය
- අස්ථි බිඳවැටීම හා ඔස්ටියෝපොරෝසීස්
- ආසාත්මිකතා
- දන්ත සෞඛ්‍ය ගැටළු
ඉතින් මේ රෝගවලින් බේරෙන්න නම් මේ ලක්ෂණ ඔබටත් තියෙනවද කියල බලන්න. එහෙමනම් ඔබට සිද්ධ වෙනවා ලුණු පරිභෝජනය සීමා කරන්න.
සිරුරේ ලුණු අධික බව හඟුවන ලක්ෂණ

සිරුරේ අසාමාන්‍ය ඉදිමීම්-සිරුරේ ඉදිමීම් සඳහා අධික ලුණු පරිභෝජනය හේතුවක්. දේහයේ පැවතිය යුතු ප්‍රමාණය ඉක්මවා ලුණු මට්ටම ඉහළ යාමෙන් සිරුරට අමතර ජල ප්‍රමාණයක් දරාගෙන සිටින්නට සිදු වෙනවා. ඒ නිසා එකවරම ඇඟිලි, දෙපා, වැලමිට, දණහිස්, මැණික් කටුව වගේම දෑස් වටා අසාමාන්‍ය විදියට ඉදිමෙන්නට පුළුවන්. ඒ වගේ ලක්ෂණයක් ඇතිවුණොත් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
නිතර ඇතිවන පිපාසය -ශරීරයේ ලුණු ප්‍රමාණය වැඩි වෙද්දි ශරීරයේ ජලය ප්‍රමාණය පහළ බසිනවා.ඒ නිසා වැඩි වශයෙන් ලුණු ශරීරයට ලැබෙන විට ජලය ක්‍රමයෙන් වැයවෙනවා. ඒ නිසා ප්‍රමාණවත් පරිදි ජලය අවශ්‍ය වන නිසා නිතර නිතර පිපාසය ඇතිවෙනවා. ඒ පිපාසය දැනෙන විට ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකළොත් එය සිරුරේ ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරිත්වයට බාධා ඇතිවෙනවා.මොකද විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියට අවශ්‍ය ද්‍රව්‍ය සෛල අභ්‍යන්තරයෙන් ලබා ගැනීම නිසා.ඒ නිසා පුද්ගලයා විජලනයට පත්වෙනවා.
නිතර මුත්‍රා පිටවීම සහ මුත්‍රාවල වර්ණය වෙනස් වීම -අධිකව ලුණු පරිභෝජනයෙන් වකුගඩුවලට වැඩි වෙහෙසක් දැරීමට සිදුවෙනවා ඒවා සිරුරෙන් ඉවත් කරන්නට.ඒ නිසා වකුගඩු රෝගී බවට පත්වෙන්නට පුළුවන්. මොකද සෝඩියම්වල විද්‍යුත් විච්ඡේදතාවය නිසා වකුගඩුවලට අමතර ශීඝ්‍රතාවයකින් ක්‍රියා කරන්නට සිදු වෙනවා.වකුගඩුවල ක්‍රියාකාරිත්වයට ඉහළ රුධිර සැපයුමක් අවශ්‍ය නිසා ශරීරයේ රුධිර සංසරණය වේගවත් වෙලා අධි රුධිර පීඩනය හා මන්දාතතිය ඇති කරනවා.
ඒ නිසාම මුත්‍රවල වර්ණය වෙනස්වීමක් නිතර නිතර මුත්‍රා පිටකිරීමක් අවශ්‍ය වෙනවා. ශරීරය විජලනයටත් පත්වෙනවා. මුත්‍රා තද කහ පැහැයක් ගෙන පිටවන මුත්‍රා ප්‍රමාණයත් අඩු වෙනවා. මේ මුත්‍රා පිටවන්නේ ශරීරයේ පවතින කැල්සියම් අයන සමඟ නිසා කැල්සියම් ඌණතාවයන් පවා මේ නිසා ඇතිවීමේ ඉඩකඩ තියෙනවා.
නිතර කෙණ්ඩා පෙරලීම -අධික ලුණු පරිභෝජනය නිසා මාංශපේශී වේදනාවට පත් වෙලා ඒවා පෙරලීම ඇතිවෙන්නට පුළුවන්.නිතර නිතර මස් පෙරලීම ඇතිවෙනවා එය ඇතැම් විට ඔබේ සිරුරේ ලුණු ප්‍රතිශතය අධිකව පවතින නිසා වෙන්න පුළුවන්.
දත්වල ගැටලු සහ අස්ථිවල වේදනාවන් -ලුණු අධිකව ගැනීම අස්ථිවල ශක්තිමත්භාවය නැතිවෙන්න හේතුවක් .විශේෂයෙන්ම ලුණු අධිකවීම සිරුරේ කැල්සියම් ඌණතාවයක් ඇතිවෙන්නත් මග පාදනවා. එය අස්ථි දුර්වලවීමට, දත්වල ගැටලු වගේම ඔස්ටියෝපොරෝසීස් වගේ තත්ත්වයන් පවා ඇති කරනවා. ඒ නිසා මේ ගැන සැලකිලිමත් වෙන්න.
දිගුකාලීනව ඇතිවන හිසරදය -හිසරදය ලෙඩ රෝග බොහොමයක් නිසාවෙන් ඇතිවෙන්නට පුළුවන් රෝගී තත්ත්වයක්. සිරුරේ ලුණු ප්‍රමාණය අධික වූ විට එය හඟවන ලක්ෂණයක් වන්නෙත් දිගුකාලීනව පවතින හිසේ කැක්කුම. අපේ රුධිරයේ ඝනත්වය වැඩි කරන්නට අධික ලුණු පරිභෝජනය හේතුවී එය රුධිර නාල පළල් කරමින් එයට පීඩනයක් එල්ල කරනවා.මේ තත්ත්වය නිසා අධි රුධිර පීඩනය ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට හිසේ කැක්කුම ඇති වෙනවා.

මතකයේ දුර්වලතා -මේ තත්ත්වය ඇති වන්නේ අධික ලුණු භාවිතය නිසා ඇතිවන අධි රුධිර පීඩනය හේතුකරගෙන . මේ නිසා මොළයට රුධිරය සපයන ධමනිවලට හානි සිදුවීමෙන් සිතීමේ හැකියාව අඩුවෙනවා. නිරන්තර විජලන තත්ත්වය නිසා විඩාපත් බවත් මතකයේ දුර්වලතාත් ඇති වෙනවා.
අපිට නැතුවම බැරි ලුණු ශරීරයේ නීරෝගී පැවැත්මට අත්‍යවශ්‍ය වුණත් එය අධි පරිභෝජනය අපේ නිරෝගී බවට කොහෙත්ම හොඳ නැහැ. ඒ නිසාවෙන් ආහාර පිසීමට බොහෝ වේලාවකට පෙර සූදානම් කර නොතැබීම, බත් පිසීමේදී ලුණු එකතු නොකිරීම, ක්ෂණික ආහාර වර්ග නිතර ලබා නොගැනීම හා ලුණු වැඩිපුර එකතු කර ආහාර පිසිනවා වෙනුවට ගම්මිරිස් වගේ කුළු බඩු වැඩිපුර එකතු කර ගන්න.