නිල් සහ සුදු පැහැයෙන් යුතු පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු බැසිල් ඇට පානයක් ලෙස දිනපතා සකස් කර භාවිතා කරන්නේ නම් එමගින් බොහෝ රෝග සමනය කර ගත හැකිය. බොහෝ රටවල පුඩින් වර්ග, ජෙලි වර්ග ,සලාද වර්ග සකස් කරන විට ද බැසිල් ඇට බහුලව භාවිතා කරන අතර තුල්සි ,කුෂ්,කුෂ් යන ආදී නම්වලින් ද බැසිල් ඇට හදුන්වනු ලබයි. බැසිල් ඇට වල ප්‍රෝටීන්,විටමින්,කැලරි,කැල්සියම්
යකඩ, පොලේට්,මැග්නීසියම්, කොලෙස්ට්‍රෝල් රහිත මේදය,නියසීන්, තන්තු ආදී වූ පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වන අතර බැසිල් ඇට ආහාරයට ගැනීමෙන් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය.
බැසිල් ඇට පානයක් ලෙස සකස් කිරීමේ දී වතුර වීදුරුවකට කස කසා ඇට ස්වල්පයක් දමා පැය එකක් පමණ පෙඟෙන්නට තැබිය යුතුය. ඉන්පසු එය බ්ලෙන්ඩරයට දමා හොඳින් බ්ලෙන්ඩර් කර ඊට රස පදමට දෙහි යුෂ ස්වල්පයක් සහ මී පැණි ස්වල්පයක් එකතු කර බැසිල් ඇට පානය සකස් කර ගත හැකිය. මේ ආකාරයට බැසිල් ඇට පානයක් ලෙස සකස් කර භාවිතා කිරීමෙන්

ශරීරය සිසිල් කර ගත හැකිය.කස කසා ඇට පානයක් ලෙස සකස් කර භාවිතා කිරීමෙන් ශරීර දාහය දුරු කර ශරීරය සිසිල් කර ගත හැකිය. එනම් උෂ්ණාධික ආහාර ගැනීමෙන් හෝ දේශගුණික විපර්යාසයන් නිසා හෝ ඇතිවන ශාරීරික දාහය සමනයට මෙම පානය භාවිතා කිරීම ගුණදායකය.
ආහාර ජීර්ණය ක්‍රමවත් කර ගත හැකිය.දිනපතා කස කසා ඇට පානය භාවිතා කිරීමෙන් ආහාර ජීර්ණය ක්‍රමවත් කර ගත හැකිය එනම් කස කසා ඇට වල අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කර ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගී කරයි.
මානසික ආතතිය සමනය කර ගත හැකිය.මානසික ආතතිය සමනය කර ගැනීම සඳහා කස කසා ඇට පානය භාවිතා කිරීම යෝග්‍ය වේ. කස කසා ඇට වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ ශරීරයේ කෝටිසෝල් ප්‍රමාණය අවම කර මානසික ආතතිය සමනය කරනු ලැබේ.
දියවැඩියාව පාලනය කර ගත හැකිය.දියවැඩියාව පාලනය කර ගැනීම සඳහා කස කසා ඇට පානයක් ලෙස භාවිතා කිරීම යෝග්‍ය වේ විශේෂයෙන් ම කස කසා ඇට වල අඩංගු තන්තු දියවැඩියාව ඇතිවීම පාලනය කිරීමට උපකාරි වේ.
අස්ථි වල නිරෝගි භාවය වැඩි කර ගත හැකිය.දිනපතා බැසිල් ඇට පානයක් ලෙස සකස් කර භාවිතා කිරීමෙන් අස්ථි වල නිරෝගී භාවය පවත්වා ගත හැකිය. විශේෂයෙන්ම ඔස්ටියෝපොරෝසිස් ආතරයිටීස් වැනි රෝග තත්ත්වයන් නිසා ඇතිවන සන්ධි වේදනා,ඉදමුම් මෙන්ම ආර්තවයේදී ඇතිවන අස්ථි වේදනාවන් සමනය කරගැනීමට මෙම පානය භාවිතා කිරීම යෝග්‍ය වේ.
ශරීරයේ බර පාලනය කර ගත හැකිය.බොහෝ රෝග වලට අත වනන අධික ස්ථුලභාවය පාලනය කර ගැනීම සඳහා කස කසා ඇට පානය භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් කස කසා ඇට පානය භාවිතා කිරීමෙන් මේවායෙහි අඩංගු තන්තු පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත් කර මේදය දහනය කිරීම සිදුකරයි එනම් මෙමගින් ශරීර බර පාලනය සිදුවේ.
පිළිකා මර්දනය කර ගත හැකිය.පිළිකා මර්දනය කර ගැනීම සඳහා කස කසා ඇට පානය භාවිතා කිරීම ගුණදායකය. එනම් කස කසා ඇට වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ශරීරගත විෂ ඉවත්කර පිළිකා සෛල විනාශකර පිළිකා ඇති වීම වළක්වනු ලබයි.

රක්තහීනතාවය පාලනය කර ගත හැකිය.රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීම හෙවත් රක්තහීනතාවය සමනය කර ගැනීම සඳහා කස කසා ඇට පානය භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් කසා ඇට පානයක් ලෙස සකසා භාවිතා කිරීමෙන් එහි අඩංගු යකඩ රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර රක්තහීනතාවය සමනය කිරීම සිදු කරනු ලැබේ.
කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතිය නිරෝගී කර ගත හැකිය.මදසරුභාවය පවතින කාන්තාවන්ට එය සමනය කරගෙන සරු බව වැඩි කර ගැනීමටත් පැලෝපීය නාලවල පවතින අපද්‍රව්‍ය ඉවත් කර නාල පිරිසිදු කර ගැනීමටත් කස කසා ඇට පානය උපකාරීවේ.මීට අමතරව
- තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදමුම් සඳහා
- අර්ශස් රෝගය සඳහා
- චර්ම රෝග සමනය කිරීම සඳහා
- පුරුෂ ශක්තිය වර්ධනය කිරීම සඳහා
- හිසකෙස් වර්ධනය වීම සඳහා
මේ ආදී රෝග සමනය කිරීම සඳහා කස කසා ඇට පානය භාවිතා කිරීම යෝග්‍ය වේ. නමුත් කස කසා ඇට පානය මාත්‍රාව ඉක්මවා භාවිතා කිරීමෙන් රුධිරගත සීනි මට්ටම අවම විය හැකිය ඊට අමතරව ආහාර ජීර්ණ ගැටළු,ලේ කැටි ගැසීම් ඇති විය හැකිය. මේ නිසා මාත්‍රාව ඉක්මවා කස කසා ඇට පානය භාවිතා නොකළ යුතුය.