පාදයේ වේදනාවන් ඇතිවීමට බලපාන හේතු 14 ක්

health tips

අපේ ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රියන් අතුරෙන් එකක් විදියට පාදය හඳුන්වන්නට පුළුවන්. මේ පාදයේ වැදගත් ස්ථාන දෙකක් ලෙස වළලුකර සහ වළලුකර සිට ඉදිරියට එන  අස්ථි හඳුන්වන්නට පුළුවන්. මේ පාදය කියන ව්‍යුහය වළලුකර සම්බන්ධ අස්ථි දෙකකින් සහ ඇඟිලි දක්වා දිවයන අස්ථි 20 ට වඩා වැඩි ප්‍රමාණයකින් සකස් වෙලා  තියෙනවා.මේ පාදයේ විශේෂ වූ වක්‍රයක් පවතිනවා.ඒ පාදයේ හැඩය පවත්වා ගන්නටත් ඇවිදීමේදී  කම්පනය අවශෝෂණය සඳහාත් පාදයේ විශේෂ වූ තන්තු ගණනාවක් පවතිනවා.  අපිට ඇවිදින්නට, සිටගෙන සිටින්නට ආදී සෑම කටයුත්තක් සඳහාම අපේ පාදයේ නීරෝගීව තිබීම වැදගත් වෙනවා. නමුත් ඉතින් ලෝක ස්වභාවය අනුව අපිට නොයෙකුත් ලෙඩ රෝග වැළදෙනවා. පාදයටත් එය එසේමයි. සාමාන්‍යයෙන් පාදය ආශ්‍රිතව ප්‍රධාන ගැටළු කිහිපයක්ම හට ගන්නවා.

  • වැටීමක් දෝ හෝ දීර්ඝකාලයක් ව්‍යායාම්වල නිරත වීම නිසාවෙන් ඇතිවන අස්ථි  බිඳීම මෙය පාදයේ ස්ථාන කිහිපයකම ඇති වෙන්නට පුළුවන්. වළලුකර ආශ්‍රයෙන් වළලුකරට ඉදිරියෙන් ඇති අස්ථිවල බිඳීම ඇතුළු අස්ථි බිඳීම ඇති වෙන්නට පුළුවන්.
  • කකුල් පෙරළීම 
  • තන්තු ඇදීම මේ පාදයේ තන්තු ඇදීමක් වැඩි කාලයක් සිටගෙන සිටීමෙන්, බර වැඩි වීම, ක්‍රීඩා කිරීමේදී පාදය යට ඇති විශාල තන්තුව ආශ්‍රිතව වගේම බල නහරය ආශ්‍රිතවත් පාදය ඉදිමී ඇතුල් පැත්තේ තන්තුවේ  වේදනාවක් ඇති වෙනවා.
  • ආතරයිටීස් රෝගය 
  • පාදය ඉදිමීම සාමාන්‍යයෙන් පාදයේ ඉදිමීම් තත්ත්වයක් ආතරයිටීස් තත්ත්වයන් , විශබීජ ඇතුළු වීමක්,  ලේ ගැටළු ආදිය නිසාවෙන් ඇති වන්නට පුළුවන්.
  • පාදයේ හිරිය 

පාදයේ වේදනාවක් ඇති වෙන්නට බලපාන හේතු 

  • වැඩි වේලාවක් සිටගෙන සිටීම 
  • අධික බර 
  • පාදයට අපහසුතා ඇති කරන පාවහන් පැළදීම
  • රෝග ලක්ෂණ  මෙවැනි හේතුන් මත ඇතිවන තත්ත්වයකදී මූලිකම රෝග ලක්ෂණය වෙන්නේ පාදයේ කැක්කුම් ඇතිවීම. මෙහිදී ඇවිදින විට  වේදනාව ඇති වන්නත් පුළුවන්. තවත් අයට උදේට නැගිට තබන මුල්ම පියවර කිහිපයේදී හෝ වාඩි වී සිට නැගිටින විට යටි පතුලේ හෝ බල නහරයේ වේදනාවක් ඇති වෙන්නත් පුළුවන්. 
  • ආතරයිටීස් රෝග තත්ත්වයකදී නම් විශේෂ කාරණය වෙන්නේ  ඉදිමුම සමඟ විශාල වේදනාවක් .ඇතිවීම. මේ වේදනාව ඇති වන්නේ උදේ කාලයේදී.
  • පමා නොවී වෛද්‍යවරයෙකු හමුවිය යුතු අවස්ථා 
  • පාදයේ ඉදිමුම සහිතව උණ පැවතීම හා  පාදය රතු පැහැවී තිබීමකදී
  • මෙවැනි අවස්ථාවකදී බොහෝවිට පාදයට විශබීජ ඇතුළුවීමක් සිදුවී තිබෙන්නට හැකියි. ඒ නිසාවෙන් නොපමාව ප්‍රතිකාර කරා යොමුවිය යුතුයි. 
  • තරමක් විශාල උසකින් වැටුණු පසුව පාදයේ වේදනාවක් හා ඇවිදීමේ අපහසුතාවයක් ඇති අවස්ථාවක දී 
  • ඉතා තදබල වේදනාවක් සහ විශාල ලෙස ඉදිමුම් තත්ත්වයක් ඇති විට 
  • මෙය බොහෝවිට ආතරයිටීස් තත්ත්වයක් වන්නට පුළුවන්.වෛද්‍යවරයා විසින් පාදයේ වේදනාවක් ඇති වෙන්නට බලපාන්නට හැකි හේතු පිළිබඳව විමසා බලා ඉන් අනතුරුව පාදය පරීක්ෂාවකට ලක් කරනු ලබනවා. ආතරයිටීස් තත්ත්වයක් ද  දැන ගැනීමට රුධිර පරීක්ෂාවන් සිදු කරනවා වගේම අස්ථියේ කැඩීම් බිඳීම් ගැන පරීක්ෂා කිරීමට X ray සහ අවශ්‍ය විටක Ultra sound පරීක්ෂාවන් සහ MRI ස්කෑන් සඳහා ද යොමු කරනවා.

පාදයේ වේදනාවකදී නිවසේදී කළ හැකි පිළියම් 

  • අයිස්වලින් තැවීම මෙහිදී අයිස් කැට බදුනකට පුරවා ඒ මත පාදය බහා තබා ගැනීමෙන් වැළකිය යුතුයි. මේ සඳහා සුදුසු වෙන්නේ අයිස් කැට කවරයක් බහා එය පාදය මත විනාඩි 15 ක් පමණ තබා ගනිමින් තවා ගැනීම. මෙය පැය 3 ට වරක් සිදු කළ යුතුයි. හැකි නම් පාදය සඳහා මේස් භාවිතා කළ හැකියි.
  • පාදවලට විවේකය ලබාදීම මෙහිදී ඇඳක හාන්සි වී පාදය කොට්ටයක් තබා මදක් උස්ව තබා ගන්න. ඒ වගේම යම් යම් ආලේපයන් ඇත්නම් වේදනාව අඩුවීම සඳහාත් ඒවා දින 2 ක් 3ක් භාවිතා කර සුවයක් ලැබෙනවාද යන්නත් බලන්නට පුළුවන්.
  • පාදයට ව්‍යායාම් සිදු කිරීම මේ ව්‍යායාම් මගින් පාදයේ වේදනාව යම්තාක් දුරකට අඩුකර ගන්නට හැකියාව ඇත්දැයි පරීක්ෂා කර බලන්න. නමුත් මේ ව්‍යායාම් සිදු කිරීමේදී වේදනාව වැඩි වන්නේ නම් ඒ ව්‍යායාම් නවතා වෛද්‍යවරයෙකු හමුවට යන්න.
  • 1. ඇගිලි තුඩුවලින් ඉස්සීම. මෙය සිදු කිරීමේදී ඉදිරියෙන් පුටුවක් ආධාරකයක් වශයෙන් තබාගෙන දෑත් පුටු ඇන්දට තබා මෙය සිදු කරන්න. මෙසේ ඉස්සී තත්ත්පර 10 ක් සිටිමින් වාර 10 ක් මෙය සිදු කරන්න. පාදයේ විශාල වේදනාවක් ඇත්නම් තත්ත්පර 5 ක් රඳවා ගෙන වාර 5 ක් සිදු කිරීම ප්‍රමාණවත්.
  • 2. කෙණ්ඩ ඇදීමේ ව්‍යායාමය එක් පාදයක් මදක් ඉදිරියට තබා අනෙක් පාදය පසුපසට තබා ගන්න. ඉදිරිපස පාදය මදක් ඉදිරියට නවන්න. මෙය සිදු කිරිමේදී ආධාරකයක් ලෙසට බිත්තියට දෑත් තබා ගෙන සිදුකළ හැකියි. පාද දෙකටම මේ ව්‍යායාමය කොණ්ද නැමීමකින් තොරව සිදු කරන්න.
  • 3. ප්ලාන්ටර් ෆැසියා ස්ට්රෙචින් සුවපහසු පුටුවක වාඩිවී පාද අනෙක් පාදය උඩට එන පාදයේ ගෝලය මත අත් තබා පදයේ ඇඟිලි තමන් දෙසට අදින්න. එසේ තත්ත්පර 10 ක කාලයක් තබාගනිමින් වාර 10 ක් සිදු කරන්න.
  • 4. පෙරළීම පුටුවක වාඩිවී උණු වතුර බෝතලයක් පාදයේ බර භාවිතා කරමින් ඉදිරියටත් පසුපසටත් පෙරළන්න. පාදය වෙනස් කර නැවත මේ ක්‍රියාව සිදු කරන්න. මේ ව්‍යායාම හැරුණාම පාදයේ ඇතිවන වේදනාව සහ රෝගයේ ස්වභාවය  අනුව සිදු කළ හැකි ව්‍යායාම් පවතිනවා.

පාදය සම්බන්ධ ගැටළු ඇතිවීම වැළැක්වීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග 

  • නිසි පරිදි සිරුරේ බර පවත්වා ගැනීම 
  • සිටගෙන සිටින කාලය වැඩි නම් වරින් වර වාඩිවීම සිදු කරන්න.
  • පාවහන් පැළදීමේදී ඒවා හැකිතරම් පාදයේ වක්‍රයට අනුකූල වන ලෙස තෝරා ගන්න.
  • ක්‍රීඩාවලදී  අධික ලෙස උඩ පනින පාදයට විශාල බරක් යොමුවෙන  ව්‍යායාම්වලින් වැළකීම 
  • ඇවිදීම දිවීම ආදී ව්‍යායාම් දිනපතා කිරීමෙන් වැළකීම . ඒවා දවසක් හැර දවසක් සුදුසු පාවහන් පැළද සිදු කරන්න.