බොහෝ දෙනෙක්ට සුලභව වැළඳෙන බඩේ දැවිල්ල සමනය කරන ප්‍රනීත රසයෙන් යුත් පලු 

health tips

ප්‍රනීත රසයකින් මෙන්ම ඖෂධීය ගුණයෙන්ද අනූන දේශීය පලතුරක් ලෙස පලු හඳුනාගත හැකිය. වසරකට එක්වරක් පමණක් ඵල හට ගනු ලබන පලු ශාකය Manilkara hexandra විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන  අතර ආසියානු කලාපය මෙම ශාකයේ නිජබිම ලෙස සලකනු ලබයි. 

පලු ශාකය ශ්‍රී ලංකාවේ බොහෝ විට වියළි කලාපය තුළ දැකගත හැකි අතර ඊට අමතරව බංග්ලාදේශය ,කාම්බෝජය, මියන්මාරය, තායිලන්තය ,වියට්නාමය වැනි රටවල හොඳින් වැඩේ. මීටර් 5-20 පමණ උසින් යුතුව වැඩෙන පලු ශාකය තැලුම් සහිත කුඩා තද පොත්තකින් යුතු වේ. පත්‍ර තද කොළ පැහැති වන අතර මල් සුදු පැහැතිවේ.  එනම් අමු ගෙඩි කොළ පැහැයක් ගන්නා අතර ඉදුණු පසු කහ පැහැති ඊටම ආවේණික වූ සුවඳකින් යුක්ත වේ.  ඉදුණු පලු පැණි රසයෙන් යුතු වන අතර එම ගෙඩියක බීජ එකක් හෝ දෙකක් අඩංගුවේ. එනම් එම බීජ මගින් ව්‍යාප්තිය සිදු කරගත හැකිය. 

පලු පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු පලතුරක් වන අතර කැල්සියම්, යකඩ ,විටමින් වලින් අනූන වේ. 

පලු පළතුරක් ලෙස ආහාරයට ගැනීමෙන් බොහෝ රෝග සමනය කරගත හැකිය. එමෙන්ම ආයුර්වේදය තුල පලු රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස යොදා ගනී. පොතු කැඩුම් බිඳුම් සඳහා ප්‍රතිකාර කිරීමටත් තුවාල ආමාශ රෝග පණු රෝග සඳහා ත් ඖෂධ ලෙස භාවිතා කරයි. 

පලු වල ඖෂධීය ගුණ 

ආමාශගත තුවාල සමනයට

ලොකු කුඩා සෑම දෙනාම පීඩාවට පත්කරන ආමාශ ගත තුවාල සුව කර ගැනීම සඳහා පලු පළතුරක් ලෙස ආහාරයට ගැනීම යෝග්‍ය වේ.  පලු ආහාරයට ගැනීමෙන් ආමාශයේ අම්ල ප්‍රමාණය පාලනය කරන අතර ආමාශ බිත්ති වලින් ශ්ලේෂ්මල ශ්‍රාවය උත්තේජනය කරයි. ඊට අමතරව පලු වල  අඩංගු ටැනින් සහ සැපොනින් ආමාශයේ ආන්ත්‍රයික තුවාල සුවපත් කරයි. මේ නිසා පලු ආහාරයට ගැනීමෙන් ගැස්ට්‍රයිටිස් වැනි රෝග තත්ත්වයන් ඇති වීම ද පාලනය කර ගත හැකිය.

ආයුර්වේදය තුල පලු  ගෙඩි පොඩි කර සකස් කරගනු ලබන කෂාය හෝ තැම්බුම් සාරය භාවිතා කිරීම මගින් බොහෝ රෝග සුව කර ගත හැකිය. 

දත් කැක්කුම

ශරීර වේදනා 

හිසරදය

බ්‍රෝන්කයිටිස්

උණ

මදසරු බව

සෙංගමාලය

ආතරයිටීස්

ඇදුම 

වැනි රෝග සුව කිරීමට පලු  කෂාය භාවිතා කිරීම යෝග්‍ය වේ. 

වකුගඩුවල උත්තේජනයට 

පලු ආහාරයට ගැනීමෙන් වකුගඩුවල ක්‍රියාකාරිත්වය වැඩි කරගත හැකිය. පලු වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ මෙන්ම තන්තු  වකුගඩුවල තැන්පත් වී ඇති විෂ ඉවත් කර පිරිසිදු කරයි. මේ නිසා වකුගඩුවල නිරෝගිභාවය සඳහා පලු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. 

උණ සමනයට

උණ රෝගයෙන් පෙළෙන අවස්ථාවක පලු ගෙඩි වල යුෂ පානය කිරීමෙන් උණ සුව කරගත හැකිය. පලු ගෙඩි වල අඩංගු “මරිසෙටින් සහ ක්වෙර්සෙටින්”ප්‍රතිඔක්සිකාරක  උණ සමනය කිරීමට උපකාරී වේ. ඊට අමතරව සෙංගමාලයට ද පලු යුෂ ඖෂධයක් වේ.

මාංශ පේශී වර්ධනයට 

මාංශපේෂි වර්ධනය කරගැනීම සදහා පලු ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ.  පලු යනු ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයක් අඩංගු  පලතුරකි. මේ නිසා පලු ආහාරයට ගැනීමෙන් මාංශ පේෂි වර්ධනය කරගත හැකිය.

චර්ම රෝගයන්ට

බොහෝ දෙනකු පීඩා විඳින චර්ම රෝග හෙවත් සමෙහි ඇතිවන රෝග එනම් තුවාල, දද ,කුෂ්ට ආදිය සුව කර ගැනීම සඳහා පලු ආහාරයට ගැනීම සුදුසු වේ.  පලු ගෙඩි වල අඩංගු ට්‍රයිටර්පෙනොයිඩ් ශාක රසායනික ද්‍රව්‍ය චර්ම රෝග සමනය කිරීමට උපකාරී වේ.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය සුරක්ෂිත කරයි. 

නිරෝගී ජීවිතයක් ගත කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය සුරක්ෂිත පවත්වා ගැනීම වඩාත් වැදගත් වේ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවා ගැනීමට විටමින් C වලින් පොහොසත් පලු  ආහාරයට ගැනීම යෝග්‍යය වේ.  පලු ආහාරයට ගැනීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමෙන් ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව,උණ වැනි රෝග තත්ත්වයන් ඇති වීම ද වලක්වා ගත හැකිය. 

පලු ශාකයෙන් භාවිතා කරන අත් බෙහෙත් 

හිසරදයට 

පලු මුල්වල සාරය ඖෂධයක් වේ.  

ඇදුම රෝගයට

පලු කොළ සාරය යෝග්‍ය වේ. 

දද කුෂ්ට සමනයට 

පලු ගෙඩි වල ප්‍රබල ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණ අඩංගු වන නිසා පලු ගෙඩි පේස්ට් එකක් ලෙස සකස් කර සම මත ආලේප කිරීමෙන් කුෂ්ඨ, කැසිල්ල, ආදී සමේ රෝග සුවවේ. 

අතීසාරය,පාචනයට 

පොතු කෂාය කර පානය කිරීම යෝග්‍ය වේ. 

දත් කැක්කුම සහ විදුරුමස් රෝගයන්ට 

පලු ශාකයේ කිරි ගෙන දත් හා විදුරුමස් වල ආලේප කිරීම යෝග්‍යය වේ.

මෙවැනි රෝග සමනය කිරීමට පලු පලතුරක් ලෙස මෙන්ම ඖෂධයක් ලෙස ද භාවිතා කළ හැකිය.