නොයෙකුත් ලෙඩ රෝග වයස් භේදයක් නැතිව අපිව පීඩාවට පත් කරනවා. ඇතැම් ලෙඩ රෝග ඇතිවෙන්නට විවිධ වයස් මට්ටම් පවා බලපානවා. මේවා ගැන අපි දැනුවත්ව හිටියොත් ලෙඩක් බරපතල වෙන්න කලින්ම හඳුනා ගන්නට අපිට පුළුවන්කම ලැබෙනවා.
බොහෝ අය දන්නා විදියට අංශභාගය කියන්නේ වයස්ගත වීමත් එක්ක ගොඩක් අයට ඇතිවිය හැකි රෝගයක් . ඒත් අද වෙද්දි මේ අදහස වෙනස් වෙලා තියෙනවා. අද වෙද්දි තරුණ වයසේ පසුවන්නන් පවා මේ රෝගයට ගොදුරු වීම වැඩි වශයෙන් දකින්නට පුළුවන්.
විශේෂයෙන්ම අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයෙක් නම්, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි නම්, දියවැඩියා රෝගයෙන් පෙළෙනවා නම් හෝ ඔබ දුම්පානය කරන්නෙක් නම් ඔබ මේ අංශභාගය රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානම් කාණ්ඩයේ පසුවන්නෙක්. ඒ නිසා තරුණ මහලු භේදයක් නැතිවම මේ රෝගය වැළදිය හැකි නිසා මේ ගැන සැලකිලිමත් වෙන්න.
අංශභාගය වැළදුණාම ඒ රෝගියා පමණක් නෙවෙයි මුළු පවුලම කඩා වැටීමට ලක්වෙනවා. කනස්සල්ලට පත්වෙනවා. ඉතින් මේ රෝගය වැළදී දුක් විදිනවාට වඩා එය ඇතිවීම වළක්වා ගන්නට වගේම මූලික අවධියේදී හඳුනා ගැනීම මගින් මේ රෝගයෙන් අපිට ආරක්ෂා වෙන්නට පුළුවන්. අද අපි කතා කරමු මේ අංශභාගය රෝගය පිළිබඳව.

අංශභාගය යනු -මොළයේ දකුණු පස කොටසින් ශරීරයේ වම් පස ක්‍රියාකාරම් ද මොළයේ වම්පස කොටසින් ශරීරයේ දකුණු පස ක්‍රියාකාරකම් ද පාලනය කරනු ලබනවා.ඉතින් මේ රෝග තත්ත්වයේදී සිදු වෙන්නේ මොළය ආශ්‍රිතව සිදුවන අක්‍රියවීම නිසාවෙන් ශරීරයේ ක්‍රියාකාරකම් අඩාලවීම. මෙහිදී මොළයට රුධිරය සපයන රුධිර වාහිනියක් අවහිරවීම හෝ පුපුරායාමෙන් ඇතිවන ආඝාතය තත්ත්වය මෙය ඇතිවෙන්නට ප්‍රධාන වශයෙන් බලපානු ලබනවා.එවිට ඔක්සිජන් හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබීම නිසා රුධිර වාහිනී හරහා රුධිරය සපයන මොළයේ කොටස් මියයාම සිදුවෙනවා. ඒ නිසා ඒ මොළයේ අක්‍රීය වුණු කොටස් මගින් පාලනය වෙන ශාරීරික ක්‍රියාකාරකම් අඩාල වෙනවා. මේ තත්ත්වය අංශභාගය ලෙසට හඳුනා ගනු ලබනවා.
අංශභාගය ඇතිවීම සඳහා බලපාන හේතු
- සක්‍රීය දුම්පානය සහ අක්‍රීය දුම්පානය
- මත්පැන් පානය
- ක්‍රියාශීලී නොවන දිවි පෙවෙත
මෙහිදී ශාරීරික ව්‍යායාම් ප්‍රමාණවත් පරිදි නොලැබීම වගේම අධික ලෙස ව්‍යායාම්වල නිරතවීමත් මේ රෝගය ඇතිවීම සඳහා හේතු වෙනවා.
- සිරුරට අනවශ්‍ය ආකාරයෙන් ලිංගික කයුතුවල යෙදීම
- වැරදි ආහාර පුරුදු
නිතර නිතර මාලු මස් බැද ආහාරයට ගැනීම, සීතල ආහාර වර්ග අධික ලුණු අඩංගු ආහාර නිතර ගැනීම, ප්‍රධාන ආහාර නොගෙන දිගින් දිගටම සැහැල්ලු ආහාර පමණක් ගැනීම, ආහාර නොගෙන සිටීම මේ රෝග තත්ත්වයන් ඇතිවෙන්නට බලපානවා.
- අධික ලෙස නිදිවැරීම
- මල මුත්‍ර ආදී වේග පාලනය කිරීම
- විවිධ රෝගවලින් පීඩා විදීම
- අධි රුධිර පීඩනය
- දියවැඩියාව
- කොලෙස්ටරෝල්
- හෘදය ආශ්‍රිත රෝග
- අර්ශස්
- මොළයේ ගෙඩි
- මානසික රෝග
- හදිසි අනතුරු
අංශභාග රෝගයේ රෝග ලක්ෂණ
- හිසේ කරකැවිලි ගතියක් ඇතිවීම
- කතා කිරීමේදී ඇතිවන පැටලිලි ස්වභාවය සහ ගොත ගැසීම
- ශරීරයේ යම් කොටසක හිරිවැටුණු ස්වභාවය
- කට එක පැත්තකට යාම
- ඇසේ ගිනි පුපුරු පිටවෙන්නාක් මෙන් දැනීම
- ශරීර වර්ණය වෙනස් වීම
- තද හිසරදය
- වමනය
- ඇසක් කුඩාවීම හා ඇස් රතුවීම හෝ ඇස්වල පෙනීම අඩුවීම
- කන්වල ශබ්ද ඇතිවීම
- ශරීරයේ සමබරතාවය නැතිවී යාම හෝ ඇවිදීම අපහසු වීම
- කතා කිරීමට නොහැකිවීම
- ශරීරයේ එක් පැත්තක් පණ නැතිව යාම
මේ රෝග ලක්ෂණ ඇතැම්විට ඇතිවී කෙටි කාලයක් තුළ නැතිවී යන්නට පුළුවන් වුවත් ඉක්මනින් රෝගීයා රෝහලක් වෙත රැගෙන යා යුතුයි. විශේෂයෙන්ම රෝගියාගේ කට ඇද වී ඇති ද , ඔහුට කතා කරන්නට අපහසු බවක් හෝ නොහැකි බවක් ඇත්ද සහ රෝගියාගේ අත් දිග හරින්න යැයි පවසා ඔහුට එසේ අත ටික වේලාවක් තබා ගන්නට හැකිද ආදි වශයෙන් පරීක්ෂා කර නොපමාව පැය 4 ක් ඇතුළත රෝගියා රෝහල්ගත කළ යුතුයි.එසේ රෝහල්ගත කිරීම තුළින් රෝගියාට දිගුකාලීනව ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන්ගෙන් වළක්වා ගන්නට පුළුවන්.
අංශභාගය වළක්වා ගන්නට් කළ හැකි දේ

- දුම්කොළ භාවිතය හා දුම්පානයෙන් වැළකෙන්න .
- අධික ලුණු,තෙල් සහ සීනි භාවිතයෙන් වැළකෙන්න.
සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුට දිනකට අවශ්‍ය වන ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5යි. එනම් ලුණු කපාපු තේ හැදි එකක් .මේ ප්‍රමාණය ඉක්මවා ලුණු ආහාරයට ගැනීම මේ අංශභාගය ඇතුළු බොහෝ රෝගයන්ට අත වැනීමක්.
- උසට සරිලන බරක් පවත්වා ගෙන යන්න .අධික තරබාරුවෙන් මිදෙන්න .
- මත්පැන් පානයෙන් වැළකෙන්න.
- අලුත් එලවලු පලතුරු හා පලා වර්ග නිතර ආහාරයට එකතු කර ගන්න.
- ක්‍රියාශීලි දිවි පෙවෙතක් ගත කරන්න.
- දිනපතා ප්‍රමාණවත් පරිදි ශාරීරික ව්‍යායාම්වල නිරත වෙන්න. දරුවෙකුටත් පැයක් දෙකක් සෙල්ලම් කරන්නට ඉඩහරින්න.
- අංශභාගය රෝගය ඇතිවීමට හේතුවිය හැකි අවදානම් රෝගී තත්ත්වයන් සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
- තරගකාරී මානසිකත්වයෙන් හැකිතාක් ඉවත් වෙලා මානසික ආතතියෙන් මිදෙන්න .
අපේරටේ වසරකට සිදුවෙන මරණ අතුරින් තෙවන තැන ගන්නේ අංශභාග රෝගී මරණ. සෑම පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙක්ට යම් දිනෙක අංශභාගය වැළදීමේ අවදානමක් පවතින නිසා හැකිතාක් මේ රෝගයට ගොදුරක් නොවී ඉන්නට හැකි වාතාවරණයක් නිර්මාණය කරගන්නට කටයුතු කරන්න.