මිනිසාට මේ ලෝකයේ තියෙන උතුම්ම සැපය තමයි නීරෝගීකම. නමුත් අද ලෝකයේ ලෙඩ රෝගවලින් පීඩා නොවිදිනා පුද්ගලයෙක් නැති තරම්. මොකද කුඩා දරුවාගේ පටන් සෑම පුද්ගලයෙක්ම කුමන හෝ රෝගයකින් පීඩා විදින නිසා.මේ රෝග අතරින් බොහෝදෙනෙක් පීඩා විදින රෝගයක් තමයි අංශභාගය කියන්නේ. කලකට පෙර අංශභාගය රෝගය වයස්ගත වූ අයට ඇතිවන රෝගයක් ලෙසට සැලකුවත් අද වෙද්දි තරුණ වයසේ පසුවන්නන් පවා මේ රෝගයට ගොදුරු වීම වැඩි වශයෙන් දකින්නට පුළුවන්. අංශභාගය වැළදුණාම ඒ රෝගියා පමණක් නෙවෙයි මුළු පවුලම කඩා වැටීමට ලක්වෙනවා. කනස්සල්ලට පත්වෙනවා. ඉතින් මේ රෝගය වැළදී දුක් විදිනවාට වඩා එය ඇතිවීම වළක්වා ගන්නට වගේම මූලික අවධියේදී හඳුනා ගැනීම මගින් මේ රෝගයෙන් අපිට ආරක්ෂා වෙන්නට පුළුවන්. ඒ නිසාම අද අපි කතා කරන්නට යන්නේ මේ අංශභාගය රෝගය පිළිබඳව.
අංශභාගය යනු -මොළයේ දකුණු පස කොටසින් ශරීරයේ වම් පස ක්‍රියාකාරම් ද මොළයේ වම්පස කොටසින් ශරීරයේ දකුණු පස ක්‍රියාකාරකම් ද පාලනය කරනු ලබනවා.ඉතින් මේ රෝග තත්ත්වයේදී සිදු වෙන්නේ මොළය ආශ්‍රිතව සිදුවන අක්‍රියවීම නිසාවෙන් ශරීරයේ ක්‍රියාකාරකම් අඩාලවීම. මෙහිදී මොළයට රුධිරය සපයන රුධිර වාහිනියක් අවහිරවීම හෝ පුපුරායාමෙන් ඇතිවන ආඝාතය තත්ත්වය මෙය ඇතිවෙන්නට ප්‍රධාන වශයෙන් බලපානු ලබනවා.එවිට ඔක්සිජන් හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබීම නිසා රුධිර වාහිනී හරහා රුධිරය සපයන මොළයේ කොටස් මියයාම සිදුවෙනවා. ඒ නිසා ඒ මොළයේ අක්‍රීය වුණු කොටස් මගින් පාලනය වෙන ශාරීරික ක්‍රියාකාරකම් අඩාල වෙනවා. මේ තත්ත්වය අංශභාගය ලෙසට හඳුනා ගනු ලබනවා.

අංශභාගය ඇතිවීම සඳහා බලපාන හේතු
- සක්‍රීය දුම්පානය සහ අක්‍රීය දුම්පානය
- මත්පැන් පානය
- ක්‍රියාශීලී නොවන දිවි පෙවෙත මෙහිදී ශාරීරික ව්‍යායාම් ප්‍රමාණවත් පරිදි නොලැබීම වගේම අධික ලෙස ව්‍යායාම්වල නිරතවීමත් මේ රෝගය ඇතිවීම සඳහා හේතු වෙනවා.
- සිරුරට අනවශ්‍ය ආකාරයෙන් ලිංගික කයුතුවල යෙදීම
- වැරදි ආහාර පුරුදු
- නිතර නිතර මාලු මස් බැද ආහාරයට ගැනීම, සීතල ආහාර වර්ග නිතර ආහාරයට ගැනීම, ප්‍රධාන ආහාර නොගෙන දිගින් දිගටම සැහැල්ලු ආහාර පමණක් ගැනීම, ආහාර නොගෙන සිටීම මේ රෝග තත්ත්වයන් ඇතිවෙන්නට බලපානවා.
- අධික ලෙස නිදිවැරීම
- මල මුත්‍ර ආදී වේග පාලනය කිරීම
- විවිධ රෝගවලින් පීඩා විදීම
- අධි රුධිර පීඩනය
- දියවැඩියාව
- කොලෙස්ටරෝල්
- හෘදය ආශ්‍රිත රෝග
- අර්ශස්
- මොළයේ ගෙඩි
- මානසික රෝග
- වැටීම්, තැලීම් හා පහරවැදීම් ආදී හදිසි අනතුරු
අංශභාග රෝගයේ රෝග ලක්ෂණ

- හිසේ කරකැවිලි ගතියක් ඇතිවීම
- කතා කිරීමේදී ඇතිවන පැටලිලි ස්වභාවය
- කට එක පැත්තකට යාම
- ඇසක් කුඩාවීම හා ඇස් රතුවීම
- කන්වල ශබ්ද ඇතිවීම
- ඇසේ ගිනි පුපුරු පිටවෙන්නාක් මෙන් දැනීම
- ශරීර වර්ණය වෙනස් වීම
- වමනය
- තාවකාලික අන්ධභාවය
- ශරීරයේ සමබරතාවය නැතිවී යාම
- කතා කිරීමට නොහැකිවීම
- ශරීරයේ යම් කොටසක් හිරිවැටීම
- ශරීරයේ එක් පැත්තක් පණ නැතිව යාම
- තද හිසරදය
- ඇවිදීමට අපහසුවීම
මේ රෝග ලක්ෂණ ඇතැම්විට ඇතිවී කෙටි කාලයක් තුළ නැතිවී යන්නට පුළුවන්. නමුත් එසේ වුවත් ඉක්මනින් රෝගීයා රෝහලක් වෙත රැගෙන යා යුතු වෙනවා. විශේෂයෙන්ම රෝගියාගේ මුහුණ පරීක්ෂා කර කට ඇද වී ඇති ද යන්න පරීක්ෂා කළ යුතුයි. ඒ වගේම රෝගීයා සමඟ කතා කර ඔහුට කතා කරන්නට අපහසු බවක් හෝ නොහැකි බවක් ඇත්දැයි බැලිය යුතුයි.රෝගියාගේ අත් දිග හරින්න යැයි පවසා ඔහුට එසේ අත ටික වේලාවක් තබා ගන්නට හැකිදැයි ආදි වශයෙන් පරීක්ෂා කර නොපමාව පැය 4 ක් ඇතුළත රෝගියා රෝහල්ගත කළ යුතුයි.එසේ රෝහල්ගත කිරීම තුළින් රෝගියාට දිගුකාලීනව ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් හෝ රෝගී තත්ත්වයන්ගෙන් වළක්වා ගන්නට පුළුවන්.
අංශභාගය වළක්වා ගත හැකි ආකාරය

සෑම රෝගයක්ම ඇතිවූ විට ප්‍රතිකාර කරනවාට වඩා එයින් ආරක්ෂාවීමයි වැදගත් වෙන්නේ. බොහෝ රෝගවලට අපේ අයහපත් ආහාර රටා හා චර්යා රටා වැඩි වශයෙන් බලපානවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කිරීමෙන් මේ රෝගය ඇතුළු බොහෝ රෝගවලින් ආරක්ෂා වී සිටින්නට හැකියාව ලැබෙනවා.
- දුම්කොළ භාවිතය හා දුම්පානයෙන් වැළකීම.
- පමණට වඩා ලුණු භාවිතා නොකිරීම.
සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුට දිනකට අවශ්‍ය වන ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5යි. එනම් ලුණු කපාපු තේ හැදි එකක් .මේ ප්‍රමාණය ඉක්මවා ලුණු ආහාරයට ගැනීම මේ අංශභාගය ඇතුළු බොහෝ රෝගයන්ට අත වැනීමක්.
- මත්පැන් පානයෙන් වැළකීම.
- ශරීරයේ නිසි බර පවත්වාගෙන යාම.
- තෙල් අධිකව ආහාරයට ගැනීමෙන් වැළකීම.
- අලුත් එලවලු පලතුරු හා පලා වර්ග නිතර ආහාරයට එකතු කර ගැනීම.
- ක්‍රියාශීලි දිවි පෙවෙතක් ගත කිරීම.
- දිනපතා ප්‍රමාණවත් පරිදි ශාරීරික ව්‍යායාම්වල නිරත වීම.
- අංශභාගය රෝගය ඇතිවීමට හේතුවිය හැකි අවදානම් රෝගී තත්ත්වයන් සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම.
ශ්‍රී ලංකාවේ වසරකට සිදුවෙන මරණ අතුරින් තෙවන තැන ගන්නේ අංශභාග රෝගී මරණ. සෑම පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙක්ට යම් දිනෙක අංශභාගය වැළදීමේ අවදානමක් පවතින බවයි සඳහන් වෙන්නේ. ඒ නිසාම මේ රෝගයට ප්‍රතිකාර කරනු වෙනුවට එයින් වැළකීම සඳහා වූ යහපත් පුරුදු අනුගමනය කරන්න. ඔබ සැමට නීරෝගී දිවියක් ගත කරන්නට එය මහත් උපකාරයක් වේවි.