සතියකට එක් වරක් හෝ පතෝල සලාදයක්, ව්‍යංජනයක් හෝ යුෂ පානයක් ලෙස සකස් කර ආහාරයට ගන්නේ නම් ඉන් බොහෝ රෝග සමනය කරගත හැකිය. එනම් බොහෝ දෙනකු නොදන්නවා වුවද පතෝල යනු ආහාරමය ඖෂධයකි.
පතෝල ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකක් හඳුනාගත හැකිය.
1.තින්න වේලි පතෝල
2.කොට්ට පතෝල
යනුවෙන් එම පතෝල වර්ග හඳුනාගත හැකිය.
පතෝල ආධාරකයක් උපයෝගී කරගෙන වැඩෙන වැල් ශාකයක් වන අතර එම වැලෙහි සිහින් බූවා දැකගත හැකිය. පත්‍ර දන්තාකාර පත්‍ර වන අතර ඒකාන්තරව පිහිටා තිබේ. ඵලය දිගු කරලකි. එහි සුදු පැහැති පුල්ලි දැකගත හැකිය. එනම් එහි අඩංගු බීජ මගින් ශාක ව්‍යාප්තිය සිදුවේ.

ලොකු කුඩා සෑම දෙනාටම හිතකර පතෝල ආහාරයට ගැනීමෙන් ශරීරයට බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් එක් කර ගත හැකිය.
විටමින් A,B6,C,E,
යකඩ
කැල්සියම්
අයඩීන්
පොටෑසියම්
කාබෝහයිඩ්‍රේටි
පොස්පරස්
මැග්නීසියම්
මේදය
ජලය
ආදීය ඒ අතර ප්‍රධාන වේ.
පතෝල ආහාරයට එක්කර ගැනීමෙන් අත්කරගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ.
මේදය දහනය කරයි.
පතෝල ව්‍යංජනයක් ,සලාදයක් ලෙස හෝ යුෂ පානයක් ලෙස දිනපතා භාවිතා කිරීමෙන් ශරීර පරිවෘත්තිය ක්‍රියාවලිය හොඳින් ක්‍රියාත්මක කර ගත හැකිය. එනම් පතෝල වල අඩංගු තන්තු පරිවෘත්තිය ක්‍රියාවලිය ක්‍රමවත්ව කරන අතර ඉන් මේදය දහනය වේ.

වකුගඩුවල ගල් දියකර හරියි.
වකුගඩු වල ගල් දිය කර හැරීම සඳහා මෙන්ම වකුගඩු වල ගල් ඇතිවීම වළක්වා ගැනීමට පතෝල ආහාරයට ගැනීම යෝග්‍ය වේ. මේ සඳහා පතෝල යුෂ පානය, පතෝල ව්‍යංජනය, සලාද වශයෙන් ආහාරයට එක්කර ගත හැකිය.
සමෙහි විජලනය දුරලයි.
සමෙහි විජලනය දුරු කර ගැනීම සඳහා ආහාරයට ගැනීමට සුදුසු එළවළුවක් ලෙස පතෝල හැඳින්විය හැකිය. පතෝලවල අඩංගු ජලය විටමින් E,C සම විජලනය වීම වලක්වා සමෙහි තෙතමනය රඳවා තබයි.
දියවැඩියාව පාලනය කරයි.
පතෝල ව්‍යාංජනයක්, සලාදයක් ලෙස සකස් කර ආහාරයට ගැනීමෙන් රුධිර ගත සීනි මට්ටම පාලනය කළ හැකිය. එනම් පතෝල වල අඩංගු තන්තු රුධිරයට සීනි උරාගැනීම ප්‍රමාද කරයි. මේ නිසා දියවැඩියාව ඇති වීම පාලනය වේ.
චර්ම රෝග සමනය කරයි.
පතෝල වලින් ලබාගන්නා ජෙල් සාරය භාවිතා කිරීමෙන් සම මත ඇතිවන දද, කුෂ්ඨ, බිබිළි , පිළිස්සුම් සුවකර ගත හැකිය. පතෝල ජෙල්වල අඩංගු විටමින් E මෙම රෝග සමනය කිරීම සිදුකරයි.
ප්‍රතිශක්තිකරණය ඉහළ නංවයි.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවා ගැනීම සඳහා පතෝල ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
පතෝල ව්‍යංජනයක් ලෙස සලාදයක් හෝ යුෂ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම මගින් පතෝල වල අඩංගු විටමින් C පෝෂ්‍ය පදාර්ථය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවනු ලබයි.
උණ සුව කරයි.
පතෝල කොළ තම්බා පානය කිරීම හෝ පතෝල ව්‍යාංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීමෙන් උණ සුව කර ගත හැකිය.
ආර්තව වේදනාව සමනය කරයි.
ව්‍යංජනයක්, සලාදයක් ලෙස පතෝල ආහාරයට ගැනීමෙන් ආර්තව වේදනාව සමනය කර ගත හැකිය. එනම් පතෝල වල අඩංගු වන යකඩ පෝෂ්‍ය පදාර්ථය ආර්තව වේදනා සමනය කර ආර්තවය පහසු කරවයි.
මලබද්ධය සමනය කරයි.
පතෝල සලාදයක් ව්‍යාංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීමෙන් පතෝල වල අඩංගු ජලය, තන්තු ආහාර හොඳින් ජීර්ණය කර මලපහ පිට කිරීම පහසු කරයි. එනම් අර්ශස් රෝගීන්ට ද පතෝල ආහාරයට ගැනීම ගුණදායකවේ.
හෘද රෝග සඳහා
පතෝල සම්බෝලයක් , ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීමෙන් හෘද රෝග ඇති වීම වළක්වා ගත හැකිය. පතෝල වල අඩංගු පොටෑසියම් අධිරුධිර පීඩන තත්වයන් ඇතිවීම වළක්වා හෘදයට රුධිරය ක්‍රමවත්ව සැපයීම සිදුකරයි. මේ නිසා හෘද රෝග ඇති නොවේ.
එමෙන්ම
ඇදුම රෝගය සඳහා
හිසකෙස් වැඩීම සඳහා
මානසික ආතතිය සඳහා
වකුගඩුවල හා අක්මාවේ විෂ ඉවත් කිරීම සඳහා
බර අඩු කර ගැනීම සඳහා
මස්පිඩු පෙරළීම සඳහා
මෙවැනි රෝග රැසකට ආහාරමය ඖෂධයක් ලෙස පතෝල හැඳින්විය හැකිය