ඖෂධීය ගුණයන්ගෙන් පොහොසත් ශාක විශේෂයක් ලෙස පාවට්ටා ශාකය පෙන්වා දිය හැකිය. මෙම පාවට්ටා ශාකයට අවශේෂ නම් කිහිපයක්ම පවතී. වං ඇපල, ආඩ තෝඩ, අඟල් ආධාර සහ වාසක ආදී නම් ඒ අතර ප්‍රධානවේ.
පොහොර ගුණයෙන් අධික මෙම ශාකය එළුවළු ලෙස ආහාර පිණිස නොගන්නා එකම ශාක විශේෂයවේ. දේශීය බහුවාර්ෂික ශාක විශේෂයක් වන මෙම පාවට්ටා ශාකය පඳුරු ආකාරයට වැඩේන අඟල් 4ක් හෝ 5ක් පමණ උසට යුතු ශාකයකි. මෙම ශාකයේ සරල පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. එම පත්‍ර සෙන්ටිමීටර 11 සිට 35 පමණ වන තෙක් දිගකින් දැකගත හැකි අතර පත්‍ර මූලයන්ගේ පවතින ගැටිති තුළ නව පත්‍ර මෙන්ම පුෂ්ප මංජරී හටගනී.
නටුවක් රහිත සුදු පැහැති මල් හට ගන්නා පාවට්ටා ශාකයේ පලය තුළ බීජ හතරක් හටගන්නා ස්ඵෝටිකාවකින් යුක්තවේ. සුදු පැහැති මල් වලට අමතරව රතු පැහැයෙන් යුක්ත මල් හටගන්නා පාවට්ටා විශේෂයක් ද පවතී.
ශරීර සෞඛ්‍යයට ඉතා හිතකර ඖෂධයක් වශයෙන් පාවට්ටා ශාකය වැදගත් වේ. ඒ අනුව ශරීරයේ හටගන්නා මුත්‍රා රෝග, අතීසාරය, පිත ආශිත රෝග, හදවත් රෝග, ප්‍රදර රෝග, අර්ශස් රෝගය, ස්වසන රෝග, චර්ම රෝග, පනු රෝග, ස්වසන රෝග ආදී රෝග තත්ත්වයන් වලට ප්‍රතිකාර කිරීමේදී පාවට්ටා ශාකය වඩාත් යෝග්‍ය වේ.
ඖෂධ ලෙස භාවිතා කිරීමේදී පාවට්ටා ශාකයේ කොල, පොතු, මුල්, මල්, නැටි ආදී කොටස් භාවිතයට ගනී. ඒ අනුව පාවට්ටා ශාකය සතුව විසබීජ නාශක ගුණය, කුෂ්ට නාශක ගුණය, රුධිරය පිරිසිදු කිරීමේ ගුණය, හෘදයට හිතකර ගුණය, සෙම පහ කරන හා ශ්වසනය පහසු කරවන ගුණය ආදී ගුණයන්ගෙන් පාවට්ටා සමන්විත වේ.
ඖෂධීය ගුණයෙන් අනූන පාවට්ටා ශාකයේ පවතින ඖෂධීය භාවිතය

පෙණහලු ආශ්‍රිත රෝග සඳහා ගුණදායක වේ.පෙනහලු රෝග සදහා පාවට්ටා ශාකයේ කොටස් භාවිතා කරමින් ඖෂධ සකස් කර ගනී. ඒ අනුව පාවට්ටා ශාකයේ මල් පොහොට්ටු මඳක් වියළා උණු වතුරට මිශ්‍රකර පානය කිරීම මඟින් පෙනහලු රෝග සඳහා සෑම අතින්ම ගුණදායකවේ.
ඇදුම රෝගය සඳහා ගුණදායකවේ.ඇදුම රෝගීන් සඳහා පාවට්ටා කොළ යුෂ ගෙන සූදුරු, ඉඟුරු හා රතු ලූනු යුෂ ඊට එක් කර ළිපේ තබා කකාරා පැණි පදමට ආ පසු ලිපෙන් ඉවත් කර නිවෙන්නට තැබිය යුතුය. අනතුරුව එම පැණිය බෝතලයකට දමා දිනකට දෙවරක් උදේ සවස තේ හැඳි 2 බැගින් පානය කිරීම ඇදුම රෝගය සඳහා ගුණදායක වේ.
ඒ අනුව කැස්ස, පීනස, සෙම්ප්‍රතික්ෂාව, උගුරේ වේදනාව, සෙම ආදී වශයෙන් ඇතිවන්නා වූ ස්වසන රෝග රැසකට පාවට්ටා මිශ්‍රිත පැණිය වඩාත් යෝග්‍ය වේ. මෙම පැණිය වාසක පැණිය ලෙස හඳුන්වන අතර නිවෙසේ සිට වුවද සකස් කරගත හැකිය. එනම් පාවට්ටා පංචාංගය සමව ගෙන ඊට වතුර පත හතරක් එක්කර ලිපේ තැබිය යුතුය. එම වතුර පත හතර පත එකට සිඳුණු පසු අවශ්‍ය පමණට සීනි එක්කර පැණියක් වන ආකාරයට සකසා ගත යුතුය. අනතුරුව වාතය ගමන් නොකරන බෝතලයක අසුරා අවශ්‍ය වූ විට භාවිතයට ගත යුතුය.
පෙණහලු ආශ්‍රිතව හටගන්නා සෑම රෝගී තත්ත්වයකට ගුණදායක වන ආකාරයේ කසායක් නිපදවා ගැනීමේ හැකියාව ද පාවට්ටා සතුව පවතී. ඒ අනුව පාවට්ටා කොල ස්වල්පයක් ගෙන සිහින්ව කපා ඊට අරළු සහ මුද්‍රප්පලම් ග්‍රෑම් 20 බැගින් එක් කර එයට වතුර පත අටක් එක්ක ලිපෙහි තබා පත එකට සිඳුවා සීනි, මී පැනි සහ සූකිරි ස්වල්පය බැගින් එක් කොට දිනපතා උදේ සවස පත භාගය බැගින් පානය කිරීම සෑම ආකාරයේ පෙනහළු රෝගයක් සඳහාම ගුණදායක වේ.
ආතරයිටිස් රෝගය සදහා ගුණදායක වේ.ආමවාතය නොහොත් ආතරයිටිස් රෝගය සදහා පාවට්ටා කදිම ඖෂධයකි. මෙහිදී පාවට්ටා කොල ගෙන ඉදිමුම් ඇති ස්ථානවල තැවීම මගින් ආමවාතය සඳහා සුවයක් ලබාගත හැකිය.
මුත්‍රා රෝග සුව කරයි.මුත්‍රා දැවිල්ල, මුත්‍රා අඩස්සිය වැනි රෝගී තත්ත්වයන් සඳහා පාවට්ටා මල් චූර්ණය හෝ ක්වාතය, පාවට්ටා පංචාංග ක්වාතය පානය කිරීම මගින් සුවයක් ලබාගත හැකිය.
කුෂ්ඨ සුව කරයි.මේ සඳහා අමු කහ සහ පාවට්ටා කොළ සිහින් වන සේ අඹරා කුෂ්ඨ පවතින ස්ථානයේ ආලේප කර තැබීමෙන් සුවපත් භාවයක් ලබාගත හැකිය.

ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා ගුණදායක වේ.අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා පාවට්ටා භාවිත කරයි. ඒ කෙසේද යත් පාවට්ටා පංචාංග කෂාය හෝ ස්වරසය සීනි සමග හෝ මී පැණි සමග පානය කිරීමට ලබා දීමෙන් ගැස්ට්‍රයිටිස් රෝගය සුවපත් කරගත හැකිය.
කැස්ස සුවපත් කරයි.මෙහිදී සාමාන්‍ය කැස්ස හෝ කල් ගතවූ කැස්ස සඳහා පාවට්ටා ඖෂධය වඩාත් යෝග්‍ය වේ. මේ සඳහා පාවට්ටා කොළ යුෂ වලට මී පැණි සහ ඉඟුරු යුෂ මිශ්‍රකර දිනකට තේ හැඳි 2 බැගින් දෙවරක් සතියක් පමණ පානය කිරීමෙන් කැස්ස සුවපත් කරගත හැකිය.
ඉදිමුම් වේදනා සමනය කරයි.විශේෂයෙන් මෙහිදී කොන්දෙ අමාරුව, තුනටිය වේදනාව, සන්ධි ඉදිමුම, හන්දිපත් වේදනාව ආදී වශයෙන් ඇතිවන ඉදිමුම් වේදනා සඳහා ආඩතෝඩා කොළ සියුම්ව අඹරා ආලේප කළ යුතුය. ඊට අමතරව ආඩතෝඩ කොළ කොටා පොට්ටෙනි බැද තම්බා මද රස්නයක් සහිතව ඉදිමුම් වේදනා සහිත ස්ථාන තැවීම මගින් ද සුවයක් ලබාගත හැකිය.
අංශභාග රෝගීන් සඳහා ගුණදායක වේ.මෙම රෝගීන් හට පාවට්ටා දළු පමණක් ලබා නොදෙන අතර මොවුනට ලබාදෙන මහා දලු අනුපානය නම් ඖෂධයට පාවට්ටා දළු ද එක්කර ලබාදීම සිදුවේ.
පණු රෝග සුව කරයි.ඉංග්‍රීසි ක් පණු බෙහෙත් පානය කරනවා වෙනුවට පාවට්ටා පංචාංගය පත අට එකට සිදුවා පානය කිරීම මගින් පණු රෝග සුවපත් කරගත හැකිය.
පාවට්ටා වල පවතින ඖෂධීය වටිනාකමට අමතරව තවත් ප්‍රයෝජන රැසක් පවතී. නමුදු යම් රෝගයකට ප්‍රතිකාර කිරීම සඳහා පාවට්ටා භාවිතා කරන්නේ නම් ඊට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.