අපේ සිරුරේ යටිබඩ හා කකුල් අතර මැද පිහිටි ප්‍රදේශය ශ්‍රෝණිය ලෙස හඳුන්වයි.මලබද්ධය හෝ මූත්‍රා මාර්ගයේ ආසාදන වැනි හේතු නිසා මෙම ප්‍රදේශය ආශ්‍රිතව වේදනාව හටගත හැකියි.ඇතැම් විට මූත්‍රාශය පිරී තිබීම හෝ දුරාර්තවය (dysmennorrhea) වැනි තත්වයන් නිසා ද විය හැකියි.කාන්තාවන් හයදෙනෙකුගෙන් අවම එක් අයෙක් හෝ මෙම වේදනාවට ගොදුරුවන බව සොයාගෙන තිබෙනවා.මෙය එක්වරම අනපේක්ෂිතව ඇතිවන හෝ දිගු කලක් තිස්සේ පවතින වේදනාකාරි තත්වයක් විය හැකියි.අඛණ්ඩව මාසය 6කට වඩා කාලයක් දිගින් දිගටම පවතින ශ්‍රෝණි වේදනාව නිදන්ගත තත්වයක් ලෙස හඳුනාගනියි.ආයුර්වේදයේදි මෙම කායික ගැටලුවට විවිධ ක්‍රම හරහා ප්‍රතිකාර සිදුකරයි.
ආයුර්වේදයේ මෙම තත්වය හඳුන්වන්නේ ‘කුක්ෂි ශුල’ යනුවෙනි.ශ්‍රෝණි වේදනාවට බලපෑ හැකි වෙනත් පොදු හේතු සාධක: ආර්තවයේ ගැටලු,ශ්‍රෝණි ප්‍රදාහක රෝගය (pelvic inflammatory disease),මූත්‍රා මාර්ග ආසාදන, මලබද්ධය,එන්ඩෙමෙට්‍රියෝසිස්,ඩිම්භාධාර කෝෂ්ඨ (ovarian systs),ඇපෙන්ඩිසයිටීස්,IBS වැනි ප්‍රදාහක බඩවැල් රෝග. පුරුෂයින් තුළ පුර:ස්ථිති ග්‍රන්ථිය ප්‍රදාහයට ලක්වීම (prostatitis) හේතුවෙන් ද ශ්‍රෝණි වේදනාව හටගත හැකිය. ඔසප් සමයේ මුල් කාලයේදි ඇතැම් කාන්තාවන් තම ශ්‍රෝණි ප්‍රදේශයේ, තදගතියක් හා දැඩි වේදනාකාරි බවක් අත්දකිති.වාත දොස් කිපෙන අක්‍රමවත් ආහාර හා ජීවන පුරුදු මෙම ගැටලුවට බලපායි.
ආයුර්වේදයේ ශ්‍රෝණි වේදනාවට සිදුකෙරෙන ප්‍රතිකාර

‘භස්ති’- කසාය, මිශ්‍රණ හෝ තෙල් මහා අන්ත්‍රය තුළට ඇතුල් කිරීමෙන් ප්‍රතිකාර කරයි.බොහෝ විට ප්‍රතිකාරය සිදුකරන්නේ රෝගියා හිස්බඩ සිටින සවස් කාලයකදීය.ඩිම්භාධාර කෝෂ්ඨ, මූත්‍රා ආසාදන, දුරාර්තවය, පොලිසිස්ටික් ඕවර් ඩිසීස් වැනි ඩිම්භ රෝග වලට මේ යටතේ ඇතැම් ප්‍රතිකාර කෙරේ.
‘ස්වේදන’-සිරුරේ බර ගතිය හා දරදඬු බව දුරුකිරීම සඳහා සිරුරට දහඩිය වැටීමට සැලැස්වීමයි.වාත දෝෂ දුරුකරන ඵලදායි ප්‍රතිකාර ක්‍රමයකි.සිරුරේ විෂ දිය වී බැහැර වීම සඳහා කසාය හා බාහිරව හෝ අභ්‍යන්තර ප්‍රතිකාරයක් ලෙස තෙල් වර්ග ලබාදෙයි.දුරාර්තවයට ප්‍රතිකාර කිරීමේදි මේ ක්‍රමය යොදාගැනේ.
‘අභ්‍යංග’ (තෙල් සම්බාහනය)-ඖෂධීය තෙල් ගල්වා බලපෑමට ලක්ව ඇති ප්‍රදේශය විශේෂිත දිශාවන් වලට පිරිමදිමින් සම්බාහනය කිරීමයි.මෙමඟින් රුධිරයේ ප්‍රතිදේහ හා සුදු රුධිර සෛල මට්ටම් ඉහළ දමමින් ප්‍රතිශක්තිය ප්‍රවර්ධනය කරයි.දරදඬු ගතිය දුරුකර සිරුර සැහැල්ලු කරයි.’නාරායන තෛලය, සර්සප තෛල හෝ තිලා තෛල’ වැනි ඖෂධීය තෙල් වර්ගයකින් මිනිත්තු 15ක් පමණ ශ්‍රෝණි පෙදෙස සම්බාහනය කිරීම සිදුකරයි. මෙය මලබද්ධයට ප්‍රතිකාර කිරීමේදී ද ප්‍රයෝජනවත්ය.
‘යෝනි පිචු’-කපු පෑඩ් එකක් ඖෂධීය තෙල් බෙහෙත් වල පොඟවා වේදනාදෙන ප්‍රදේශය මත තිබෙන්නට හැරීමයි.කොන්ද, පිට හා හිස්කබල මත මේ ආකාරයේ ප්‍රතිකාර සිදුකෙරේ.
‘විරේචන’- ශරීරයේ කිපී ඇති දෝෂ (විශේෂයෙන් පිත හා විෂ ද්‍රව්‍ය) ගුද මාර්ගය හරහා දුරුවීමට ඖෂධ ලබාගැනීමයි.ඇදුම, ආමාශයික ආන්ත්‍රික මාර්ගයේ ගැටලු, චර්ම රෝග, අපස්මාරය, ජෝන්ඩිස් (ඇස් හා සම කහවීම), පාචනය වැනි ගැටලු වලට මෙම ක්‍රමය හරහා ප්‍රතිකාර කරයි.IBS , මලබද්ධය වැනි අපහසුතා සමනය කරයි.
ශ්‍රෝණි වේදනාව දුරුකරවන ආයුර්වේදීය ඖෂධ වර්ග

නික (සුදුනික)- අතීසාරය,මූත්‍රාශයේ අපහසුතා,රූමැටිසියාව (රක්තවාතය), චර්ම ගැටලු, මලපහ සමඟ රුධිර පිටවීම, ප්‍රදාහක සන්ධි ඉදිමුම්, මැලේරියා, හිසරදය හා අර්ශස් වැනි සෞඛ්‍ය ගැටලු වලට ප්‍රතිකාර කිරීමේදී මේවා යොදාගනියි.වේදනානාශක, මූත්‍රාවර්ධක,සගන්ධක චිකිත්සක, පරපෝෂි නාශක හා නාඩි ශක්තිමත් කරන ගුණ අඩංගුය.එන්ඩොමෙට්‍රියෝසිස් රෝග ලක්ෂණ පාලනයට ගුණ දෙයි.සීනි, වතුර හෝ මී පැණි සමඟ, කුඩු, කසාය,තැම්බූ වතුර හෝ ආලේපයක් ලෙස සකසා භාවිතයට ගත හැකිය.
නෙල්ලි-රුධිර සංසරණ, ආහාර ජීර්ණ හා බහිස්‍රාවී පද්ධති නීරෝගි කරවයි.වාකරණ, නාඩි ශක්තිමත් කරන,විරේචක හා ආමාශය සමනය කරන ගුණ අඩංගුය.රුධිර සීනි මට්ටම් පහත හෙළමින් රතු රුධිර සෛල වැඩිකරවයි.හෙපටයිටිස්, ඔස්ටියොපොරෝසිස්,අර්ශස්,මානසික ආබාධ, ප්ලීහාවේ දුර්වලතා හා දියවැඩියාවට ප්‍රතිකාර කිරීමේදි යොදාගැනේ.මූත්‍රා ආසාදන සමනය කරයි.ගෙඩි,කුඩු හෝ කසාය ලෙස සකසා පරිභෝජනය කළ හැකියි.
එඬරු-ස්නායු, බහිස්‍රාවී හා මූත්‍රා පද්ධති ක්‍රියාකාරීත්වයන් වැඩිදියුණු කරයි.අක්මාව ඉදිමීම,මලබද්ධය, රූමැටිසියාව,සයටිකා රෝගය, ස්නායු රෝග, උණ හා සන්ධි වේදනාවන්ට ප්‍රතිකාර කිරීමේදි යොදාගැනේ. එඬරු තෙල් වාත රෝග ප්‍රතිකාර වලට ගුණදායිය.බඩවැල් වල ප්‍රදාහය දුරුකරයි.එඬරු මිශ්‍රණයක්, උණුසුම් හෝ සීත කසායක් හෝ කුඩු ලෙස ලබාගත හැකිය.
අතිවිඩය (අටිවිෂ)- ජීර්ණ මාර්ගයේ හා ආමාශයේ අපහසුතා සමනය කරන ගුණ ඇත.ශ්වසන හා ප්‍රතිශක්තිකරණ පද්ධති වල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි.ඉදිමුම, අර්ශස්, අජීර්ණය, ප්‍රදාහය, සිරුරේ අප්‍රාණිකබව,අක්මාවේ ගැටලු, නිදන්ගත උණ රෝග හා පාචනයට හොඳ ඖෂධයකි.පුර:ස්ථි ග්‍රන්ථි ප්‍රදාහයට ද ගුණදායිය. කුඩු, තැම්බූ බෙහෙත් වතුර හෝ කසායක් ලෙස සකසා පරිභෝජනය කළ හැකියි.
කලාඳුරු- කැන්ඩිඩා හා යීස්ට් ආසාදන වලට ප්‍රතිකාර කිරීමේදි බහුලව යොදාගැනේ.උත්තේජක,රක්තවාතය හරණය කරන ගුණ, දිලීරනාශක ගුණ මෙන්ම ආමාශයට හිතකර ගුණ ඇත.ගැස්ට්‍රයිටිස්, බඩ දැඟලීම, මල සමඟ රුධිරය පිටවීම,දුරාර්තවය,අධි රුධිර පීඩනය හා පියයුරු ගැටිති වලට ප්‍රතිකාර කිරීමට යොදාගැනේ. නිතිපතා භාවිතය මෙම ගැටලු ලක්ෂණ සමනය කිරීමට උපකාරී වන බව සඳහන් වේ.පාචනය හා බඩවැල් වල ප්‍රදාහය දුරුකරයි.කුඩු, කසාය වශයෙන් ලබාගත හැකියි.
‘ශිව ගුටික’– තිප්පිලි,ගම්මිරිස්, තල තෙල්,කුරුඳු,කටුකරෝසන,වියළි ඉඟුරු,ඇස්පැල්ට්, කරදමුංගු,නාගකේසර හා සීනි සහ අනෙකුත් අමුද්‍රව්‍ය මුසු කොට සකසන ඖෂධයකි. යෝනි රෝග වලට හා ගැටිති වලට ප්‍රතිකාර කරයි.ශ්‍රෝණි ප්‍රදාහක රෝගය නිසා ඇතිවන වේදනා අපහසුතා වලට ගුණයක් ලබාදෙයි.
මෙම ඖෂධ වර්ග භාවිතයට පෙර නිසි ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබාගන්න.
ශ්‍රෝණි වේදනාව දුරුකරගැනීමට ප්‍රතිකාර ලැබීමේදි අනුගමනය කළ යුතු උපදෙස් කිහිපයක්

- උණුසුම් වතුරෙන් ස්නානය කරන්න/ඇඟ සෝදන්න.
- උණුසුම් රෙදි කැබැල්ලකින් හෝ උණුසුම් වතුරෙන් තවන්න.
- ‘භද්‍රාසන’,’ෂලභාසන’,’ප්‍රනායම’ හා ‘භුජංගාසන’ වැනි යෝගා ඉරියව් නිතිපතා අනුගමනය කරන්න.
- ගිතෙල් වලින් සැකසූ බත්,බටර්කිරි හා සුප් පරිභෝජනය කරන්න.
- පැපොල්, මිදි, ඉඟුරු, කිරි, අබ තෙල්, මින්ට්,උක් ගස්,කොත්තමල්ලි, අබ ඇට,රාබු,තල තෙල්,පෙරුම්කායම්,මුරුංගා, රටකජු තෙල්, කුරුඳු, කුකුළු මස් සුප්, කලු ගම්මිරිස්, දුරු වර්ග,කරාබු නැටි වැනි ආහාර හා ඖෂධිය කුළුබඩු පරිභෝජනයට එක්කරගන්න.
- උණුසුම් පිට ආහාර ලබාගන්න.
- සීතල හා බර ආහාර නොගන්න.
- මලබද්ධය හා උදර අපහසුතා ඇතිකරවන ආහාර වලින් වළකින්න.
- සීතල සුලඟට සිරුර නිරාවරණය කිරීමෙන් වළකින්න.
- සීතල වතුරෙන් ස්නානය නොකරන්න.
- අධිකව ඇවිදීම හෝ ව්‍යායාම නොකරන්න.
- මල මූත්‍රා පිටකිරිම වැනි ස්වභාවික අවශ්‍යතා ආයාසයෙන් සිරකරගෙන සිටීමෙන් වළකින්න.
- වේදනා අපහසුතා දිගින් දිගටම පවතියි නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැලකිලිමත්වන්න.