අද ලොකු කුඩා බොහෝදෙනෙක් ආමාශය ආශ්‍රිත රෝගවලින් පීඩා විදිනවා.ඒ අතරින් ආමාශයේ ඇතිවන තුවාල නැත්නම් Peptic Ulcer කියන තත්ත්වය ගැන නිතර අසන්නට ලැබෙනවා. අපේ ආහාර ජීර්ණ පද්ධතියේ තවත් එක් වැදගත් අවයවයක් වෙන ආමාශය ආශ්‍රිතව ඇතිවන තුවාල ගෑස්ට්‍රයිටීස් රෝගයටත් වඩා ඉතාම දරුණුයි. නමුත් ගෑස්ට්‍රයිටීස් තත්ත්වය දරුණු බවට පත්වීමෙන් ආමාශයේ තුවාල ඇති වන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඇතැම් විටෙක ඇතැම් පිළිකාවන් පවා ආමාශයික තුවාල ලෙස මතු වෙන්ටත් පුළුවන්.ඉතින් අපි අද කතා කරමු මේ රෝග තත්ත්වය අපේ දේහයේ පැවැත්මට බලපාන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව.
අපි ගන්නා ආහාර මුලින්ම ගමන් කරන්නේ ආමාශය වෙතට.ආමාශයෙන් ඒ ආහාර ආම්ලික කරන්නට හයිඩ්රොක්ලෝරික් ඇසිඩ් ශ්‍රාවය වීම සිදු වෙනවා. මේ ආම්ලික බව ඉතා වැඩි නිසා ආමාශ බිත්තිවලට හානි නොවී ඒවා ආරක්ෂා කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා ශ්ලේෂ්මල ස්ථරයක් බිත්ති ඇතුල් පැත්තට වන්නට පිහිටා තියෙනවා. මේ ශ්ලේෂ්මල ස්ථරය ශ්‍රාවය වෙන්නේ ආමාශයේ ඇති සෛලවලින්. යම් අවස්ථාවක මේ ස්ථරය ඇතුළු ආරක්ෂාකාරී සාධක අඩපණ වුණොත් මේ ආම්ලිකතාවයට හැකියාව තියෙනවා ආමාශයට හානි ඇති කරන්නට. මේ වගේ අවස්ථාවක ආමාශයේ තුවාල ඇතිවීම සිදු වෙනවා. මේ ආකාරයේ තුවාල ඇති විය හැකි පොදු ස්ථාන වෙන්නේ ග්‍රහනියේ මුල් කොටසේ, ආමාශයේ කුඩා වක්‍රය දිගේ සහ අන්නශ්‍රෝතයේ. ඉතින් මේ ආකාරයට ආමාශයේ තුවාල ඇති වීම සඳහා බලපාන විවිධ හේතු පවතිනවා.

- Helicobacter pylori බැක්ටීරියාව මගින් ආමාශය ආසාදනය වීම මේ හෙලොකොබැක්ටර් පයිලෝරි කියන බැක්ටීරියාවෙන් විවිධ වර්ගයේ එන්සයිම නිපදවීම සිදු වෙනවා. ඒ එන්සයිම මගින් බිත්තියේ සෛලවලට හානි කිරීම සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ බැක්ටීරියාවට හැකියාව තියෙනවා විෂ සහිත ඇමෝනියා ආදී දේවල් නිෂ්පාදනය කරන්නටත්. ඒවායින් පවා මේ සෛලවලට ඍජුවම හානි ගෙනදෙන්නට හේතු වෙනවා.
- NSAIDs කාණ්ඩයට අයත් ඖෂධ භාවිතය මේ NSAIDs කාණ්ඩයට අයත් ඖෂධ ලෙස ඇස්පිරින් , අයිබිප්රොෆෙන් , සෙලිකොක්සිබ්, ඩික්ලොෆිනැක් ඖෂධ නිසා ආමාශයට හානි ඇතිවෙනවා.
- දුම්පානය
- මත්පැන් භාවිතය
රෝග ලක්ෂණ
- උදරයේ ඉහළ කොටසේ වේදනාව හෝ දැවිල්ල මේ වේදනාව හෝ දැවිල්ල ආහාර ගත් පසුව බොහෝවිට සමනය වී යන්නත් පුළුවන්.
- ඇතැම්විට උදරයේ වේදනාව සමඟ පිට ප්‍රදේශයේ ඇතිවන වේදනාව මේ වේදනාව වරින් වර ඇතිවන්නට පුළුවන්.ඇතැම්විට සති මාස ගණන් නොමැතිව තිබී නැවත මතු වෙන්නත් පුළුවන්.
- වමනය
- ආහාර අරුචිය
- පපුවේ වේදනාව
- බර අඩුවීම
- රක්තහීනතාවය මේ තත්වය බොහෝවිට ඇති වෙන්නේ ආමාශයේ ඇති තුවාල වඩාත් දරුණු අවස්ථාවකදී. මොකද ඒ වගේ තත්වයකදී ඒවායින් රුධිරය වහනය වීමක් සිදුවීමෙන් රක්තහීනතාවයට අදාල ලක්ෂණ පෙන්නුම් කරන්නට පුළුවන්.
ප්‍රතිකාර මේ සඳහා බහුලවම ඖෂධ මගින් ප්‍රතිකාර සිදු කරනවා. මෙහිදී ආමාශයේ අම්ල ශ්‍රාවය කිරීම නතර කරන්නට ඖෂධ ලබා දෙන අතර එමගින් තුවාල සුවවීමට කාලය ලබාදීම සිදු කරනවා. ඒ වගේම ආමාශයේ එක්ස්පයිලෝරා ආසාදනයක් ඇත්නම් ප්‍රතිජීවක ලබා ගැනීමත් සිදු කරන්නට අවශ්‍යයයි. තවද ආමාශයේ ආරක්ෂාව සඳහාත් යම් යම් ඖෂධ සති දෙකක පමණ කාලයක් ලබා ගන්නා ලෙස වෛද්‍යවරයා උපදෙස් ලබා දෙනවා.ඇතැම් විට තුවාල වඩාත් දරුණු තත්ත්වයේ පවතින විට සහ ඖෂධ මගින් සුවයක් නැත්නම් ඒ සඳහා ශල්‍ය කර්මයකට යාමට සිදු වෙනවා.
ආමාශයේ තුවාල ඇතිවීම නිසා ඇතිවන සංකූලතා
- ආමාශය සිදුරු වීමආමාශය සිදුරු වුණු අවස්ථාවකදී ක්ෂණිකව අධික උදර වේදනාවක් ඇති වෙන්නට පුළුවන්. මෙවැනි අවස්ථාවකදී හදිසි ශල්‍ය කර්මයක් සිදු කිරීම අනිවාර්ය වෙනවා.
- රුධිරය වහනය තුවාල නිසා අභ්‍යන්තරව රුධිරය වහනය වීම සිදුවී ඒ රුධිරය මලපහ සමඟ පිටවී රක්තහීනතාවය ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. ඇතැම් විට එසේ අභ්‍යන්තරව විශාල රුධිර වහනයක් සිදු වුණොත් එය මරණය කරා ඒ පුද්ගලයාව ගෙනයාමට පවා හේතුවක් වන්නට පුළුවන්.
- පිළිකා ඇතිවීමේ අවදානම
- ආහාර මාර්ගයේ අවහිරතා ඇතිවීම ආමාශයේ ඇතිවන කැළැල් නිසා ආමාශයේ ඇති ආහාර ඉදිරියට ගමන් කිරීමට බාධා සිදු විය හැකියි.
ආමාශයික තුවාල ඉක්මනින් සුවකර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ජීවන රටාවේ වෙනස්කම්
- සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් ලබා ගන්න.
- වේදනානාශක ගැනීම නතර කිරීම හෝ මාරු කරන්න.
- ආතතියෙන් මිදෙන්න.
- දුම්පානය හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙන්න
- ආසාදනවලින් ආරක්ෂා වෙන්න
- කැෆේන් භාවිතය අවම කරන්න.
- ඇසිඩ් ශ්‍රාවය කිරීම ප්‍රවර්ධනය කරන නිසාවෙන් කිරි සහ කිරි නිෂ්පාදනවලින් වළකින්න.
- විශාල ආහාරවේලට වඩා කුඩා ආහාර වේලක් ගන්න.
- ආහාර ගැනීමෙන් පසු කෝමාරිකා යුෂ තේ හැන්දක් ලබා ගන්න.
- කෙඳි සහිත ආහාර ලබා ගන්න.
මේ තත්ත්වය මුල්කාලීනව හඳුනා ගෙන නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමත් ආහාර හා චර්යා පුරුදු යහපත් ලෙස වෙනස් කර ගැනීමත් එය ඉතා ඉක්මනින් සුවකර ගැනීම සඳහා වැදගත් වෙනවා. එවිට ඉහත සඳහන් කළ දරුණු සංකූලතාවලින් වැළකී සිටින්නට ඔබට හැකියාව ලැබෙනවා.