පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු රසයෙන් මෙන්ම ගුණයෙන් අනූන පලතුරක් ලෙස පේර හදුනාගත හැකිය. එනම් පේර ආහාරයට ගැනීමේදී සැලකිලිමත් විය යුතුය. බොහෝ විට ගසෙන් කඩා දින කීපයක් ගත වූ පේර ආහාරයට ගත නොහැකිය. එමෙන්ම මිහිරි රසයෙන් යුතු පේර උෂ්නාධික නොවන අතර ඇඹුල් රසයෙන් යුතු පේර උෂ්ණ ගුණයෙන් යුතු වේ. දකුණු ඇමෙරිකාවේ මෙක්සිකෝව නිජ බිම කර ගත් පේර අද වන විට බොහෝ රටවල වගා කරනු ලැබේ.
පේර වලින් සකස් කළ ජූස් වර්ග, කෝඩියල්, ජෑම් හා ටොෆි වැනි ආහාර වර්ථමානය වන විට ප්‍රචලිත වේ.. පලතුරක් ලෙස පේර ආහාරයට ගන්නේ නම් ඉන් බොහෝ සෞඛ්ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය.

ඇස් පෙනීම වැඩි කරයි.
ඇස් පෙනීමේ දුර්වලතා සමනය කරගැනීමට මෙන්ම දීප්තිමත්භාවය වැඩිකරගැනීමට රාත්‍රී අන්ධතාවය සමනය කිරීමට පෙර ආහාරයට ගැනීම යෝග්‍ය වේ පේර ආහාරයට ගැනීමෙන් පේර වල අඩංගු විටමින් A වැනි පෝෂ්‍ය පදාර්ථ අක්ෂි රෝග ඇති වීම වළක්වනු ලබයි.
ආහාර ජීර්ණය පහසු කරයි.
ආහාර ජීර්ණය ක්‍රමවත් කර ගැනීම සඳහා පේර ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ. පේරවල අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කර මලබද්ධය ඇති වීමද වලක්වනු ලැබේ.
ශරීර බර පාලනය කරයි.
ශරීර බර පාලනය කර ගැනීම සඳහා පේර ආහාරයට ගැනීම යෝග්‍ය වේ. පේර වල ආහාරමය තන්තු කොටස් බහුලව අන්තර්ගත වන අතර පේර ආහාරයට ගැනීමෙන් කුස හොදින් පිරේ. එමගින් නැවත නැවත ආහාර ගැනීම පාලනය වන අතර ශරීරයේ බර අඩු වීම සිදුවේ.
මුඛය ආශ්‍රිත රෝග සමනය කරයි.
මුඛය ආශ්‍රිතව ඇතිවන බොහෝ රෝග විදුරුමස් රෝග, දත් කැක්කුම, ඌෂ්ණ බිබිලි වැනි රෝග ඇති වීම වළක්වා ගැනීමට පේර කොළ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. ඒ සදහා පේර කොළ කොටා එම යුෂ භාවිතය හා පේර ගෙඩි ආහාරයට ගැනීම ගුණදායකය.
සෙම් රෝග සුව කරයි.
සෙම් රෝග විශේෂ කොට පෙණහලු ආශ්‍රිතව හා උගුර ආශ්‍රිතව ඇතිවන ආසාදන තත්ත්වයන්
සඳහා පේර ආහාරයට ගැනීම ගුණදායකය. ආයුර්වේදය තුල කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව ඇති වූ විට පේර කොළ කෂාය කර පානය කිරීම සිදුකරයි.
අධි රුධිර පීඩනය ,කොලෙස්ටරෝල් පාලනය කරයි
අදි රුධිර පීඩනය, කොලොස්ටරෝල් යනු තවත් බොහෝ රෝග වලට අත වනන රෝගයන්ය. මෙම රෝග ඇතිවීම වලක්වා ගැනීමට
පේර ආහාරයට ගැනීම යෝග්‍යවේ. එනම් පේර වල අඩංගු තන්තු, පොටෑසියම් මෙම රෝග ඇති වීම වළක්වනු ලබයි. එමෙන්ම හෘදයාබාධ ඇති වීම ද මෙමගින් අවම කර ගත හැකිය.
පිළිකා සෛල විනාශ කරයි.
මුඛ පිළිකා ,පියයුරු පිළිකා, පුරස්ථි ග්‍රන්ථි පිළිකා වැනි පිළිකා වර්ග ඇතිවීම් වළක්වා ගැනීමට පේර ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ. එනම් පෙර පේරවල අඩංගු ප්‍රතිඔක්සිකාරක පිළිකා සෛල විනාශකර පිළිකා ඇති වීම වළක්වනු ලබයි.

සමේ රෝග සුව කරයි.
සමෙහි නිරෝගී බව පවත්වා ගැනීමට මෙන්ම සමෙහි අඳුරු ලප කැළැල් ඉවත්කර ගැනීමට පේර ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් පේර වල අඩංගු විටමින් සී වැනි පෝෂ්‍ය පදාර්ථ සමෙහි කොලජන් නිෂ්පාදනය කර සමේ රෝග සුව කරයි.
දියවැඩියාව පාලනය කරයි.
නිදන්ගත රෝග අතර බොහෝ දෙනෙකුට පවතින තවත් එක් රෝග තත්ත්වයක් ලෙස දියවැඩියාව හඳුනාගත හැකිය. දියවැඩියා රෝගීන්ට දියවැඩියාව පාලනය කර ගැනීම සඳහා පේර ආහාරයට ගැනීම ගුණදායකය. එනම් පේර වල අඩංගු තන්තු සහ අඩු ග්ලයිසමික් දර්ශකය දියවැඩියාව පාලනය කරන අතර එමගින් සිරුරේ සීනි මට්ටම ප්‍රශස්තව පවත්වා ගත හැකිය.
ගර්භණී කාන්තාවන් යෝග්‍ය වේ.
දරුවාගේ මෙන්ම මවගේ නීරෝගී භාවය පවත්වා ගැනීමට පේර ආහාරයට ගැනීම යෝග්‍ය වේ. පේර වල විටමින් B9, හා ෆෝලික් අම්ලය අඩංගු වන අතර එය දරුවාගේ ස්නායු පද්ධතිය නීරෝගී කර ස්නායු ආබාධවලින් දරුවා ආරක්ෂා කරයි.
මීට අමතරව
මානසික ආතතිය සමනය කිරීමට
තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන රෝග සමනය කිරීමට
ආදී වූ බොහෝ රෝග සමනය කර ගැනීමට පේර ආහාරයට ගැනීම යෝග්‍ය වේ.