නූතන සමාජයේ භාවිතයෙන් ක්‍රමයෙන් ඈත්ව යමින් පැවැති එහෙත් කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග ජනයා බහුල වශයෙන් භාවිත කිරීමට යොමු වූ ඉතා වටිනා ඖෂධයක් ලෙස පෙරුම්කායම් හදුනා ගත හැකිය. මෙම ඖෂධය පිළිබඳව නූතන සමාජයේ පුද්ගලයන් දන්නේ ඉතාම අල්ප වශයෙනි. එහෙත් අපේ පැරැණ්නන් බෝහෝ අවස්ථාවන්හි භාවිත කරන ලද ඉතාමත් වටිනා ඖෂධයක් ලෙස පෙරුම්කායම් හදුනා ගත හැකිය. මීටර් 1.5 – 2 ක්පමණ උසට වැඩෙන මෙම ශාකය බහුවාර්ෂික පැළෑටියක් වේ. මෙහි හටගන්නා මල් ලා කොළ පැහැයක් ගන්නා අතර ශාකයේ සෑම කොටසක්ම ඉතා සැර ගන්ධයකින් යුක්ත වේ. පෙරුම්කායම් ශාකයේ භූගත කදෙන් වැගිරෙන ශ්‍රාවය විජලනය කිරීමෙන් පෙරුම්කායම් ලබා ගැනීම සිදු කරනු ලැබේ. මෙම ශාකය ඉන්දියාවේ වගා කරන අතර ඇෆ්ගනිස්තානයේ කදුකර ප්‍රදේශවලට ආවේණික ශාකයක් ලෙස හදුනා ගත හැකිය. මෙම ශාකය ඖෂධයක් ලෙස භාවිතයට අමතරව ,ගුප්ත විද්‍යාවන් සදහා මෙන්ම යක්ෂ බලවේග බන්ධනය සදහා ද යොදා ගන්නා බව කියවේ. එමෙන්ම බොහෝ ඖෂධීය ගුණ පිරි ශාකයක් ලෙස අපට පෙරුම්කායම් හදුනා ගත හැකිය.
පෙරුම්කායම් ශාකයේ ඖෂධීය ගුණ

• ශාරීරික යහපැවැත්ම වර්ධනය කරනු ලබයි.හෘද සෞඛ්‍යය යහපත් ආකාරයෙන් පවත්වා ගැනීමට සහ කැස්ස සහ හුස්ම ගැනීමේ ගැටලුවලට එරෙහි ශ්වසන ඔසුවක් ද වේ. වෙහෙසට පත් පටක අලුත් වැඩියා කර ශාරීරික වෙහෙස අවම කරයි. ශරීරයේ සියලු පටක සහ සෛල සදහා රුධිර සැපයීම වර්ධනය කීරීම ද මෙම ඖෂධය මගින් සිදු වේ. එසේම සියලු ම සෛල සදහා අවශ්‍ය ආකාරයට ඔක්සිජන් ලබා දීම ද සිදු කරයි.
• අපස්මාරය සදහා. මෙම ඖෂධය ප්‍රබල අපස්මාර නාශකයක් වේ. යුනානී වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයට අනුව බොහෝ දුරට ස්වාභාවික ලෙස රෝගය වැළැක්වීමේ ක්‍රමයක් ලෙස පෙරුම්කායම් භාවිත කිරීම හදුනා ගත හැකිය.
• ඔසප් වේදනා සදහා.ඉන සහ පහළ උදර ප්‍රදේශය ආශ්‍රිතව සංවේදනය අඩු කරමින් ඔසප් වේදනාව සමනය කිරීමට පෙරුම්කායම් සමත් වේ. අධික ඔසප් කැක්කුම් වලදී පෙරුම්කායම් භාවිතයෙන් මහත් සහනයක් ලබා ගත හැකිය. මේ සදහා ,එළකිරි තේ කෝප්පයකට දෙහි බිංදු කිහිපයක් දමා එයට පෙරුම්කායම් ස්වල්පයක් සහ උළුහාල් කුඩු සහ ලුණු කුඩු ස්වල්පයක් බැගින් මිශ්‍ර කර පානය කිරීම මගින් ඔසප් වේදනාවට සහනය සලසා ගත හැකිය.
• වෛරස් ප්‍රතිරෝධී බලය. කුඩා දරුවන් දරුවන් වෛරස් රෝග ආදියෙන් ආරක්ෂා කර ගැනීම සදහා කුඩා පෙරුම්කායම් කැබැල්ලක් රෙදි කැබැල්ලට ගෙන අතේ ගැට ගැසීම සිදු කරනු ලබයි. එමෙන්ම H1N1 වැනි මිනිසාට අහිතකර වෛරස් වර්ධනයට බාධා ඇති කරයි. එනම් පෙරුම්කායම් වෛරස් හා ගැටුණු විට ඒවා අඩපණ කිරීමේ හැකියාවෙන් යුක්ත වේ.
• උග්‍ර ශ්වසන රෝග සදහා.බ්‍රොන්කයිටීස් හා ඇදුම යනු මිනිසාට වැළදෙන් උග්‍ර ශ්වසන රෝග වේ.පෙරුම්කායම් ඖෂධය භාවිතයෙන් බොහෝ දුරට මෙම රෝග සින්ඩ්‍රෝම් වලට ප්‍රතිවිරුද්ධව නැගී සිටී. එසේම සෙම්ප්‍රතිශ්‍යාව වැළදුණු විට ශරීරය මගින් ස්වාභාවිකව ප්‍රතිදේහ නිපදවීමට පටන් ගනී. මෙවැනි අවස්ථාවක පෙරුම්කායම් භාවිතා කිරීම මගින් ශ්වසන ක්‍රියාවලිය වඩාත් පහසු කර ගත හැකිය.

• ආහාර ජීරණය සදහා. කාර්‍යබහුල ජීවිතයත් සමග මිනිසාට තම සෞඛ්‍යය ගැන සිතන්නට වේලාවක් නොමැති තරම් ය. එහිදී ආහාර ජීරණය නොවීම නිසා ද බොහෝ ගැටලු වලට බෝහෝ දෙනෙකුට මුහුණ පෑමට සිදු වේ. පෙරුම්කායම් ඖෂධය මගින් ආහාර ජීරණය ක්‍රමවත් කරයි. එනම් ආමාශයේ සාමාන්‍ය ph මට්ටම යථා තත්වයට පත් කර ආහාර දිරවීම ක්‍රමවත් කර ආහාර දිරවීමේ ක්‍රියාවලිය මන්දගාමී කිරීමට හේතුවන විෂ ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කිරීමද සිදුකරනු ලබයි.
•තුවාල සුවපත් කරයි.තුවාල සුවපත් කිරීමට ඉවහල් වන ඖෂධීය ගුණ පෙරුම්කායම් සතුවේ. පෙරුම්කායම් තලපයක් සේ සකසා පිළිස්සුම් තුවාල සහ අනෙක් තුවාල ආදියෙහි ආලේප කිරීමෙන් තුවාල සදහා ක්ෂණික සුවපත්භාවයක් ලබා ගත හැකිය. එමෙන්ම පුරාණයේ සිටම තුවාල සමනය කිරීම සදහා පිළියමක් ලෙස පෙරුම්කායම් භාවිත කර තිබේ.
• ආම්ලිකතාවය සදහා ප්‍රතිකර්මයකි.ආමාශයේ ඇතිවන අධික අම්ල තනුක බවට පත් කරන ස්වාභාවික ඖෂධයක් ලෙස පෙරුම්කායම් හඳුනාගත හැකිය. එනම් ඉන් බඩවැල්වල හා ආමාශගත රෝග සමනය කිරීම සිදු කරයි. මේ අනූව පෙරුම්කායම් ආමාශයික ආම්ලිකතාවය නසන විස්මිත ඔසුවක් ලෙස භාවිතා කළ හැකිය.
• මනෝභාවය ඉහළ නංවා ගත හැකිය.මෙය මානසික ගැටලු සදහා ඖෂධයක් නොවේ. නමුත් මනෝභාවය ඉහළ නැංවීම සදහා භාවිතා කළ හැකිය. සතුට සඳහා ඉවහල් වන හෝමෝනය නිපදවීමට මෙම ඖෂධය උපකාරී වන අතර ආතතිය ඇති වීමට බාධා කරන ඖෂධයක් වේ.
• හිසරදය සදහා.හිසේ රුධිර නාලවල දැවිල්ල අඩු කරමින් හිසරදය සමනය කිරීමට පෙරුම්කායම් උපකාරී වේ. මේ සදහා පෙරුම්කායම් ස්වල්පයක් ගෙන උණුසුම් වතුරට දමා දිය කර පානය කිරීම ඉතා ගුණදායක වේ.
• කෘමි දෂ්ඨ කීරීම් සුවපත් කරයි.පෙරුම්කායම් කෘමි දෂ්ඨ කිරීම් සුවපත් කිරීම සදහා ස්වාභාවික ඖෂධයක් ලෙස භාවිත වේ.
• පණු රෝග සදහා.පෙරුම්කායම් ස්වල්පයක් උණුසුම් ජලය සමග රාත්‍රි කාලයේ නින්දට පෙර පානය කිරීමෙන් සිරුරේ අනවශ්‍ය පණුවන් බැහැර කර ගත හැකිය.
• උපත් පාලන ප්‍රතිලාභ සදහා.අතීතයේ පෙරුම්කායම් අනවශ්‍ය ගැබ් ගැනීම් වැළැක්වීම සදහා භාවිත කර තිබේ. එනම් පෙරුම්කායම් ගබ්සා පෙති ලෙස ද භාවිත කර ඇත. මේ නිසා ගර්භණී කාන්තාවන් පෙරුම්කායම් භාවිතයෙන් වැළකී සිටිය යුතුය. මීට අමතරව
- මලබද්ධය සදහා.
- ස්නායුගත රෝග සදහා.
- වා පිත් සමනය කිරීමට භාවිතා කළ හැකිය.
එනම් දෙවියන්ගේ ආහාරය ලෙසින් අන්වර්ථ නාමයෙන් හදුන්වන පෙරුම්කායම් කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වාම භාවිතයට ගන්නා ඔසුවක් වේ. එමෙන්ම ආහාර රසගන්වන වටිනා කුළුබඩුවකි. නමුත් ගැබිණි මව්වරුන් පෙරුම්කායම් භාවිතා නොකිරීමට කටයුතු කළ යුතුය.