බැක්ටීරියා විනාශ කිරීමේ ගුණයෙන් අනූන පෙරුම්කායම් යනු ඈත අතීතයේ සිටම වසංගත රෝග වන උණ,සෙම්ප්‍රතිශ්‍යාව, වෛරස් වැනි රෝග වලින් ආරක්ෂා වීම සඳහා භාවිතා කළ ඖෂධයකි. එනම් මෙය බොහෝ ගෘහණියන් කුළුබඩුවක් ලෙස ද ආහාර සුවඳ ගැන්වීමේ රසකාරක් ලෙස ද භාවිතා කරයි. මීටර් දෙකක් පමණ උසට වැඩෙන බහුවාර්ෂික ශාකයක් වන පෙරුම්කායම් ශාකයෙ භූගත කඩෙන් වැගිරෙන ශ්‍රාවය වියළා ගැනීමෙන් පෙරුම්කායම් නිශ්පාදනය කරනු ලැබේ.

එනම් පෙරුම්කායම් ශාකයම සැර සුගන්ධයකින් යුක්ත වේ. ඉන්දියාවේ මෙම ශාකය බහුලව වගා කරන අතර ශ්‍රී ලංකාවේ ඕනෑම ආයුර්වේද වෙළඳසැලකින් පෙරුම්කායම් මිලදී ගත හැකිය.
ඈත අතීතයේ සිටම වෛරස් ,උණ ,බැක්ටීරියා, වසංගත රෝග වලින් ආරක්ෂා වීම සඳහා ඖෂධයක් ලෙස පෙරුම්කායම් භාවිතා කර තිබේ. එනම් පෙරුම්කායම් වල බැක්ටීරියා විනාශ කිරීමේ ගුණය බොහෝ රෝග ඇතිවීම වැළැක්වීමට හේතු වේ. එනම් මීටර් 2 ක් පමණ උසට වැඩෙන මෙම ශාකය බහුවාර්ෂික පැළෑටියකි. මල් කොළ පැහැති වන අතර භූගත කඳෙන් වැගිරෙන ශ්‍රාවය වියලා ගැනීමෙන් පෙරුම්කායම් නිශ්පාදනය කරයි. එනම් පෙරුම්කායම් මුළු ශාකයම සැර සුගන්ධයකින් යුක්තවේ.

ඉන්දියාවේ බහුලව මෙම ශාකය වගා කරන අතර ශ්‍රී ලංකාවේ ඕනෑම ආයුර්වේද අලෙවි සැලකින් පෙරුම්කායම් මිලදී ගත හැකිය.
පෙරුම්කායම් භාවිතා කිරීමේ දී මඳක් රත් කර කැබලි වලට කඩා ගත යුතුය එමෙන්ම ගබඩා කරන විට අනෙකුත් තුන පහ වලින් වෙන් කර ගබඩා කළ යුතුය. එනම් පෙරුම්කායම් වලින් සැර සුවඳක් වහනය වේ.
පෙරුම්කායම් ආහාර පිසින විට එකතු කර ගැනීමෙන් හෝ ඖෂධ ලෙස භාවිතා කිරීමෙන් බොහෝ රෝග සමනය කර ගත හැකිය.
ආම්ලිකතාවයට
ආමාශයේ ඇතිවන ආම්ලිකතාවය සමනය කර ගැනීමට පෙරුම්කායම් ආහාරයට ගැනීම යෝග්‍යය වේ. එනම් අමාශයේ පවතින අධික අම්ල තනුක බවට පත් කරන ගුණයන් පෙරුම්කායම් වල අඩංගු වේ. එනම් එම ගුණයන් ආම්ලිකතාවය පාලනය කර බඩවැල් ආශ්‍රිතව ඇතිවන රෝග සමනය කිරීමට ද උපකාරීවේ.
පණු රෝගයන්ට
ඈත අතීතයේ සිටම පණු රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස පෙරුම්කායම් යොදාගෙන තිබේ. පණු රෝග ඇති අවස්ථාවක උණුසුම් වතුර වීදුරුවකට පෙරුම්කායම් කැබැල්ලක් දමා එය හොඳින් දිය කර රාත්‍රියේ පානය කිරීම මගින් පණු රෝග සුව කර ගත හැකිය. එනම් පෙරුම්කායම් වල පවතින සැර සුඟන්ධය පණු රෝග සුව කිරීමට උපකාරී වේ.
ආර්තව වේදනාවන්ට
ආර්තවය හේතුවෙන් ඇතිවන වේදනාවන් මෙන්ම හිසරදය,ඔක්කාරය ආහාර අරුචිය වැනි රෝග සංකූලතා සමනය කර ගැනීමට
පෙරුම්කායම් ස්වල්පයක් ,උළුහාල් ස්වල්පයක්, ලුණු ස්වල්පයක් දෙහි ස්වල්පයක්,එළකිරි කෝප්පයකට එක් කර පානය කිරීම යෝග්‍ය වේ.
සෙම්ප්‍රතිශ්‍යාවට
පීඩාකාරී රෝගයක් වන සෙම්ප්‍රතිශ්‍යාව සමනය කර ගැනීමට පෙරුම්කායම් අඩංගු කුඩා උරයක් රෝගියාගේ ගෙල වටා එල්ලීම බොහෝ දෙනෙකු සිදුකරයි. එනම් මෙමගින් සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාවන්ද සුව කර ගත හැකිය.
හිසරදයට
පෙරුම්කායම් රුධිර නාලගත දැවිල්ල අඩු කර හිසරදය සුව කිරීමට උපකාරී වේ. එනම් මේ සඳහා උණුවතුර වීදුරුවකට පෙරුම්කායම් ස්වල්පයක් මිශ්‍ර කර මද රස්නයෙන් පානය කිරීම යෝග්‍ය වේ.
පිලිස්සුණු විට
පිලිස්සුන විටෙක එම පිළිස්සුම් ඉක්මනින් සුවකර ගැනීමට පෙරුම්කායම් ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය එනම් පෙරුම්කායම් ස්වල්පයක් ගෙන හොඳින් දියකර පිරිස්ම ස්ථානවල ආලේප කිරීම මගින් සුවය සලසා ගත හැකිය.
කෘමි විෂට
විවිධ කෘමි සතුන් දෂ්ට කළ විට එම විෂ ඉවත් කරගැනීමට හා ඇතිවන නොයෙකුත් අසාත්මිකතා සමනය කිරීමට පෙරුම්කායම් ස්වල්පයක් සහ සුදු ළූණු ගෙඩියක් අඹරා එම ස්ථානවල ආලේප කිරීම යෝග්‍යය වේ.
එමෙන්ම
ශ්වසන රෝගයන්ට
අහාර රුචිය වැඩි කිරීමට
ආමාශගත රෝගවලට
පැපොල සරම්ප රෝග තත්වයන් බෝවීම වළක්වා ගැනීමට
වෛරස් රෝග වලට
උපත් පාලනයට
ආහාර ජීර්ණයට
මේ ආදී වූ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස පෙරුම්කායම් භාවිතා කළ හැකිය. එමෙන්ම අච්චාරු වර්ග ,අඹ, පිපිඤ්ඤා වැනි සලාද ව්‍යංජන සකසන විට ද පෙරුම්කායම් යොදා ගැනීම මගින් එහි රසය වැඩි කර ගත හැකිය.