පෙට්‍රෝලියම් ජෙල් සමෙහි ගැටලු සමනය කිරීම සඳහා මෙන්ම හිසකෙස් , ඇහිබැම, නියපොතු සහ තොල්වල වල සුන්දරත්වය වැඩි කර ගැනීම සඳහා යොදා ගත හැකිය. එනම් වෛද්‍ය වරුන් සඳහන් කර ඇත්තේ සම මත ඇතිවන බොහෝ රෝග පෙට්‍රෝලියම් ජෙල් භාවිතා කිරීම මඟින් සුව කර ගත හැකි බවයි. බොහෝ දෙනකු නොදන්නවා වුවද පෙට්‍රෝලියම් ජෙල් භාවිතා කළ හැකි අවස්ථා බොහොමයක් පවතී.එනම් වයස් භේදයකින් තොරව සෑම දෙනාටම පාහේ පහත සඳහන් කටයුතු සිදු කිරීම සඳහා පෙට්‍රෝලියම් ජෙල් භාවිතා කළ හැකිය.
වැස්ලින් හෙවත් පෙට්‍රෝලියම් ජෙල් භාවිතා කළ හැකි ආකාර

ඇස් පිහාටු වර්ධනය කර ගත හැකිය.කෙටි ඇහි පිහාටු වර්ධනය කර ගැනීම සඳහා පෙට්‍රෝලියම් ජෙල් භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. එනම් ඇගිලි තුඩු හෝ කුඩා බ්‍රෂ් එකකට පෙට්‍රෝලියම් ජෙල් ස්වල්පයක් ගෙන ඇහි පිහාටු වල ගල්වා උදෑසන සෝදා හැරිය යුතුය. එමෙන්ම ඇහි පිහාටු ඝනවත්වය වර්ධනය කර ගැනීම සඳහා මස්කාරා ආලේප කිරීමට පෙර වැස්ලීන් ආලේප කරන්නේ නම් ඉන් ඇස් පිහාටු වල පෙනුම වර්ධනය කර ගත හැකිය. එනම් වඩාත් යහපත් ප්‍රතිඵල ලබාගැනීමට නම් මෙය දිනපතා සිදු කළ යුතුය.
යටි පතුල් පැලීම සුව කර ගත හැකිය.දේශගුණික තත්වයන් නිසා හෝ වයස් ගත වීම නිසා හෝ කාන්තා පිරිමි දෙපාර්ශවයේම යටි පතුල් පැලීම ඇති වනු ලැබේ. එනම් විටෙක මෙය පීඩාකාරී රෝග තත්වයකි. එය සමනය කර ගැනීම සඳහා ඖෂධයක් ලෙස පෙට්‍රෝලියම් ජෙල් භාවිතා කළ හැකිය. එනම් රාත්‍රියේදී දෙහි යුෂ ස්වල්පයකට ප්‍රෙට්‍රෝලියම් ජෙලි ස්වල්පයක් මිශ්‍ර කර යටිපතුල් පැලුණු ස්ථානවල ආලේප කර මේස් දෙකක් පැළඳගෙන නිදාගැනීම මගින් මෙම තත්ත්වය සමනය කර ගත හැකිය. වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට නම් මෙම සත්කාරය සතියකට දෙවතාවක් සුව වන තෙක් සිදු කිරීම අත්‍යවශ්‍ය වේ.
තොල් පැහැපත් කර ගත හැකිය.බොහෝ කාන්තාවන්ට මෙන්ම පිරිමි පාර්ශ්වයට පවතින ගැටලුවක් ලෙස තොල් පැලීම,තොල් අඳුරු පැහැ වීම, තොල්වල පවතින වියළි ස්වභාවය හඳුනා ගත හැකිය. එනම් මෙම තත්වයන් සුව කරගෙන තොල්වල පැහැය වර්ධනය කර ගැනීම සඳහා පෙට්ට්‍රෝලියම් ජෙල් භාවිතා කළ හැකිය. එනම් රාත්‍රී කාලයේ තොල් මත වැස්ලීන් ස්වල්පයක් ආලේප කර සම්බාහනය කිරීම සුදුසු වේ. එනම් ඉන් තොල්වල ඇති මැරුණු සෛල ඉවත් වී තොල්වල පැහැය වර්ධනය කර ගත හැකිය. එමෙන්ම දේශගුණික විපර්යාස නිසා තොල්වල තුවාල, පැලීම් ද මින් සුවපත් වේ.
නියපොතුවල තෙතමනය රඳවා ගත හැකිය.නියපොතු වර්ධනය කර ගැනීමට මෙන්ම නියපොතු වල තෙතමනය රඳවා ගැනීමට මෙන්ම නියපොතු වල ඇති කහ පැහැය ඉවත් කර ගැනීමට පෙට්‍රෝලියම් ජෙල් භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් රාත්‍රියේ නින්දට යාමට පෙර වැස්ලින් ස්වල්පයක් ගෙන දෑතෙහි සහ නියපොතුවල ගල්වා හොඳින් සම්බාහනය කර උදෑසන සෝදා හරින්න. දිනපතා මෙම සත්කාරය කළ හැකි නම් ඉන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.
තොල් ආලේපන වලින් ඇතිවන හානිය වලක්වා ගත හැකිය.තොල් ආලේපන වැඩි වශයෙන් භාවිතා කරන විට ඉන් තොල් අඳුරු පැහැති වනු ලැබේ. නමුත් තොල් ආලේපන ගැල්වීමට පෙර වැස්ලීන් ස්වල්පයක් ආලේපකර තොල් ආලේපන භාවිතා කිරීම මගින් තොල්වලට වන හානිය වලක්වා ගත හැකිය.
සම මත ඇතිවන තුවාල සීරීම් සුව කර ගත හැකිය. සම පිළිස්සුනු විට,කැපුන විට , තුවාල වූ විට ඉක්මන් සුවය ළඟා කර ගැනීම සඳහා පෙට්‍රෝලියම් ජෙල් භාවිතා කළ හැකිය. එනම් එම තුවාල මත පෙට්‍රෝලියම් ජෙල් ස්වල්පයක් ගෙන ආලේප කිරීම වඩාත් සුදුසුවේ.
සම මත ඇතිවන රතු පැහැති පැල්ලම් ඉවත් කර ගත හැකිය.නොයෙක් ඇඳුම් විලාසිතා භාවිතා කිරීමේදී ඇතිවන රතු පැහැති පැල්ලම් මෙන්ම සම එකට ඇතිල්ලීමෙන් සමෙහි ඇතිවන රතු පැහැති පැල්ලම් ඉවත් කර ගැනීමට පෙට්‍රෝලියම් ජෙලි ආලේප කිරීම ගුණදායකය. එනම් ඉන් එම පැල්ලම් පහසුවෙන් සුව කර ගත හැකිය.

හෙයා ඩයි වලින් සම ආරක්ෂා කර ගත හැකිය.වර්තමානය වන විට බොහෝ දෙනෙකු හෙයා ඩයි භාවිතා කිරීමට පෙළඹී තිබේ. එනම් හෙයා ඩයි හිසකෙස් මත ආලේප කරන විට නලල මත හා සම මතද ගැල්වේ. එනම් එය සමට එතරම් හිතකර නොවේ. මේ නිසා හෙයා ඩයි හිසකෙස් මත ආලේප කිරීමට ප්‍රථමව නලල මත හා මුහුණෙහි හිසකෙස් පවතින ස්ථානවල පෙට්ට්‍රෝලියම් ජෙල් ආලේප කර තැබීම වඩාත් යෝග්‍ය වේ.
දෑත් සහ දෙපා පැහැපත් කර ගත හැකිය.දේශගුණික තත්වයක් නිසා හෝ හිරු එළියට නිරාවරණය වීම නිසා හෝ ඇතිවන අවපැහැ ගැන්වීම් සමනය කර දෑත් සහ දෙපා පැහැපත් කර ගැනීමට පෙට්‍රෝලියම් ජෙල් සමඟ විටමින් ඊ ස්වල්පයක් මිශ්‍ර කර දෑත් සහ දෙපා වල ආලේප කර හොඳින් සම්බාහනය කර උදෑසන සෝදා හැරීම මගින් දෑත් සහ දෙපා පැහැපත් කර ගත හැකිය.
ඇස්වටා ඇති අඳුරු පැහැය සමනය කර ගත හැකිය.බොහෝ දෙනෙකු පීඩාවට පත් කරන ඇස් වටා ඇති වූ අඳුරු පැහැය සමනය කර ගැනීමට ඖෂධයක් ලෙස පෙට්‍රෝලියම් ජෙල් භාවිතා කළ හැකිය. එනම් ප්‍රෙට්‍රෝලියම් ජෙලි සහ විටමින් ඊ ස්වල්පයක් මිශ්‍ර කර රාත්‍රියේ නින්දට පෙර ඇස් වටා ආලේප කර පසුදා උදෑසන සිසිල් වතුරින් සෝදා හැරීම මගින් ඇස්වල අඳුරු පැහැය ඉවත් කර ගත හැකිය.
මේ ආදී වූ බාහිර සත්කාර සිදු කිරීම සඳහා වැස්ලින් හෙවත් පෙට්‍රෝලියම් ජෙල් භාවිතා කළ හැකිය. එසේම වෙළෙඳපොළ තුළින් පෙට්‍රෝලියම් ජෙල් හෙවත් වැස්ලින් මිලදී ගන්නා විට වැස්ලින් ඔරිජිනල් දැයි විමසා බලා මිලදී ගැනීමට කටයුතු කළ යුතුය. එමෙන්ම කුරුලෑ වැනි රෝග තත්ත්වයන් සදහා මෙය භාවිතා කිරීමෙන් වැලකිය යුතුය.