මොළය කියන්නේ අපේ ශරීරයේ තියෙන වැදගත්ම ඉන්ද්‍රියක් බව මා අමුතුවෙන් ඔබට කියන්නට අවශ්‍ය නැහැ. ඒ නිසා මොළයේ ක්‍රියාකාරිත්වයට ඉතා කුඩා හෝ හානියක් සිදු වුණත් එය මුළු ශරීරයටම හානිදායක විදියට බලපෑම් කරන්නට පුළුවන්.ඒ නිසා මොළයට ඇතිවන ලෙඩ රෝග ගැන අපිට අනික් රෝග ගැන වගේම අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි. ඒ වගේම ඒවා ඇති කරන්නට බලපෑ හැකි හේතු පිළිබඳව, එයින් වැළකීමට හැකි ක්‍රමවේද පිළිබඳව වගේම එය කල්තියා හඳුනා ගන්නත් හොඳ අවබෝධයක් අප තුළ තිබිය යුතුයි.
ඉතින් හැම රෝගයක්ම අපිට වළක්වා ගන්නට හැකියාවක් නැතත් අපිට පුළුවන් ඒ ඒ රෝග සඳහා හේතුවෙන අවදානම් සාධවලින් ඈත්ව සිටින්න. එමගින් අපිට මාරාන්තික රෝගවලින් බොහෝදුරට ආරක්ෂා වෙන්නට වගේම එවැනි රෝගවලින් ඇතිවිය හැකි බරපතල සංකූලතාවලින් ආරක්ෂා වී සිටින්නත් හැකියාව ලැබෙනවා. මොළය ආශ්‍රිතව ඇතිවන ගෙඩි කියන්නේ ඉතා භයානක ගැටළුවක් බව ඔබ දන්නවා. එය සාමාන්‍ය ගෙඩියක් නොවී පිළිකාමය ගෙඩියක් වුණොත් තත්ත්වය තවදුරටත් භයානක වෙනවා. රෝගය වැළදුණාම එය සුවකර ගන්නට අපහසු බව දැන සිටීම වගේම ඒවා ඇති නොවෙන ආකාරයට ජීවිතය හැඩගස්වා ගැනීමත් ඉතාම වැදගත්. ඒ සඳහා මොළයේ ගෙඩියක් ඇති වෙන්නට හේතුවිය හැකි කරුණු ගැන අපිට හොඳ අවබෝධයක් තිබිය යුතු වෙනවා. එහෙනම් අපි බලමු මොළයේ ගෙඩියක් ඇති වෙන්නට බලපාන හේතු මොනවද කියලා.

හානිකර කිරණවලට නිරාවරණය වීම අපි හැමෝම දන්නා විකිරණය තමයි X කිරණ. වෛද්‍යවරුන් සහ ඒ ආශ්‍රිතව රැකියාවල නිරත වෙන අය මේ X කිරණවලට නිරන්තරයෙන් නිරාවරණය වෙනවා. විකිරණවේදී විශේෂඥ වෛද්‍යවරුන් යම් යම් රෝග හඳුනා ගන්නට ඒවායේ අධි මාත්‍රාවන් භාවිතා කරනු ලබනවා. එවැනි අවස්ථාවලදී වෛද්‍යවරුන්ටත් මෙය බලපෑමක් වෙනවා.
ඒ හැරුණාම න්‍යෂ්ටික අත්හදා බැලීම් ආදී කටයුතු සම්බන්ධ රැකියාවල නිරත වෙන අයෙකුට මොළයේ ගෙඩි විතරක් නෙවෙයි විවිධ සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දෙන්නට සිදු වෙනවා .මොකද නිතර විකිරණවලට නිරාවරණය වීම සිදුවීම නිසා. මේවා සමඟ වැඩ කටයුතු කිරීමේදී ඒවායින් ආරක්ෂා වෙන්නට ඇඳුම් පැළදුම් තිබුණත් එයින් සම්පූර්ණ ආරක්ෂාවක් අපේ දේහයට නොලැබෙන්නට පුළුවන්.
රසායන ද්‍රව්‍යයට නිරාවරණය වීම PVC නල නිෂ්පාදන කාර්යන්වල නිරතවෙද්දි ඒවා නිෂ්පාදනය සඳහා ගන්නා ප්ලාස්ටික් වගේම වෙනත් බොහෝ රසායන ද්‍රව්‍ය මොලයේ ගෙඩි ඇති කරන්නට හේතු වෙනවා. ඇතැම් වාශ්පශීලී අහිතකර රසායන සංයෝග නිතරම ආඝ්‍රානය වීමෙන් පවා මේ මොළයේ ගෙඩි ඇති වෙන්නට පුළුවන්.
ජානමය හේතු ප්‍රවෙණිගතව වෙනත් රෝගාබාධ ඇතිවෙනවා වගේම මේ මොළයේ ගෙඩි වුණත් ඇති වෙන්නට හැකියාව තියෙනවා.
සෙලියුලර් දුරකථන මේ දුරකථන භාවිතය මොළයේ ගෙඩි ඇති කරන්නට හේතු වෙන බවට තහවුරු කර ගන්නට අවශ්‍ය පර්යේෂණ බොහොමයක් සිදුකර තියෙනවා. ඒ වගේම තවදුරටත් එවැනි මේ සම්බන්ධව පර්යේෂණ සිදු කෙරෙමින් පවතිනවා. නමුත් තවමත් මොළයේ ගෙඩි ඇති කරන්නට එය 100% ක්ම හේතුවෙන බවක් තහවුරු කරගෙන නැහැ. නමුත් යම් විශ්වාසයක් පවතිනවා එය හානිකර බවට.
වෙනත් පිළිකා සාමාන්‍යයෙන් මොළයේ ඇතිවන ගෙඩි පිළිකාමය හෝ පිළිකාමය නොවන වශයෙන් වර්ග කරන්නට පුළුවන්. බොහෝවෙලාවට පිළිකාමය නොවන ගෙඩි තත්ත්වයන් ඇති වෙන්නේ මොළය තුළින්මයි. පිළිකාමය ගෙඩි මොළය තුළින්ම වගේම රෝගියාගේ ශරීරයේ වෙනත් ස්ථානයක පවතින පිළිකාවක් නිසාවෙන් වුණත් මොළයේ පිළිකා ගෙඩියක් ඇති වෙන්නට පුළුවන්.
දේහයේ වෙනත් ස්ථානයක තියෙන පිළිකාවක් කොටස් ගැලවී ගොස් රුධිරවාහිනී හරහා මොළයේ තැන්පත් වී මොළයේ සෛල අවහිරවීමෙන් ද්විතීයිකව පිළිකාමය තත්ත්වයක් මොළයේ ඇති වෙන්නට පුළුවන්.
මොළය තුළ රුධිර වාහිනී පිපිරීම මොළයේ රුධිර වාහිනී පිපිරීමකින් මොළයට රුධිර ගැලීමක් ඇතිවෙලා ඒ ස්ථානයේ රුධිරය පිරීමක් හේතුකරගෙන ගෙඩියක් ඇති වෙන්නට පුළුවන්. මෙය මොළයේ ඇති පටලවලට පිටතින් හෝ හිස් කබල සහ පටල අතරේ වෙන්නට පුළුවන් .එහෙමත් නැත්නම් මොළයේ මෙනින්ජි පටල හෝ මොළයේ ඇති පටල අතර මේ ගෙඩි හට ගැනීමක් හෝ මොළයේ තුළ වෙන්නත් පුළුවන්. මෙවැනි අවස්ථාවක ඉක්මනින් පීඩනය වැඩිවීමක් සිදු වෙනවා.

පරීක්ෂණ මොළය අභ්‍ය න්තරයේ දේවල් හඳුනා ගැනීම තමයි ඉතා වැදගත් වෙන්නේ. මෙවැනි ගැටළු සඳහා ගන්නට නවීන තාක්ෂණික ක්‍රම බොහොමයක් පවතිනවා. ඒ අතුරින් ප්‍රධානම පරීක්ෂණයක් වන්නේ CT scan .මෙමගින් මොළයේ ඇති ගැටළු ක්ෂණිකවම හඳුනා ගන්නට හැකියාව ලැබෙනවා. එයින් රුධිර ගැලීමක් ද, ගෙඩියක්ද යන සියල්ල ඉක්මනින් දැන ගන්නට පුළුවන්කම තියෙනවා. සාමාන්‍යය CT scan එකකට වඩා ඩයි වර්ග ලබාදීමෙන් මේ පරීක්ෂාව කිරීම මගින් වඩාත් පැහැදිලිව ඒ පරීක්ෂා කිරීම කර ගන්නට හැකියාව තියෙනවා.
ඒ හැරුණාම මොළය ආශ්‍රිත ගැටළු හඳුනාගත හැකි අනෙක් පරීක්ෂණය වෙන්නේ MRI scan එක. මෙහි භාවිතා වෙන්නේ කාන්දම් සිස්ටම් එකක්. එහිදී විකිරණ භාවිතයක් නැති වුණත් මොළයේ නහරවල ඉතා පැහැදිලි පින්තූර මෙමගින් ලබාගෙන රෝගය පැහැදිලිව හඳුනා ගන්නට හැකියාව ලැබෙනවා. මේ පරීක්ෂණ දෙක නැත්නම් පිටින් අනුමාන කරනවා විනා පැහැදිලිව මොළයේ ගැටළු හඳුනා ගන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ.
ප්‍රතිකාර මොළයේ රුධිර ගැලීමකදී හිස් කබල සිදුරු කර ඒ ලේ ඉවත් කිරීම සිදු කරනවා. මොළය තුළ පිළිකාවක් නොවන තත්ත්වයකදී ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් හිස් කබලේ කොටසක් කපා ඉවත් කර මොළය විවර කර ශල්‍ය කර්මයක් සිදු කරනවා. මොළය තුළ කුහරවල ගෙඩි පවතින විට විශේෂ වූ ශල්‍ය කර්මවලට රෝගීයාව ලක් කෙරෙනවා. මේ ශල්‍ය කර්මවලින් පසුව බොහෝදුරට පසු සංකූලතා ඇති වෙන්නට පුළුවන්. රෝගියාගේ පැත්තක් පණ නැතිවීම, බිහිරි බව හෝ අන්ධ බව ඇතිවෙන්නට පුළුවන්. මොකද මොළය අභ්‍යන්තරයේ ශල්‍ය කර්මවලදී ජීවිත හානියක් වුණත් වන්නට පුළුවන්. ඒ වගේම මෙවැනි අවස්ථාවක දී සම්පූර්ණ සුවයක් අපේක්ෂා කරන්නත් හැකියාවක් නැහැ.
පිළිකාමය ගෙඩියක් සඳහා ප්‍රතිකාර කිරීම ඉතා අපහසුයි. මොළයේ පිළිකාවකදී මොළයෙන් කොටසක් ඉවත් කිරීම ප්‍රායෝගිකව කළ නොහැකියි. එවිට රෝගීයා ජීවිත කාලය පුරාම සිහි විසඥව සිටින්නට පුළුවන්.ඒ නිසා රෝගීන්ට මෙවැනි අවස්ථාවකදී ප්‍රතිකාර කරන්නට වෛද්‍යවරුන් උත්සාහ කරන්නේ එන්නත් මගින් හෝ විකිරණ මගින් හෝ ලේසර් ප්‍රතිකාර ලබාදීමෙන්.
ඉතින් මොළය ආශ්‍රිතව ඇතිවන පිළිකාමය නොවන ගෙඩි පිළිකාමය ගෙඩි කියන දෙවර්ගයම අපේ ජීවිතයට පවා හානි කරන්නට සමත් වෙන බරපතල ගැටළු. ඒ නිසා පුන්චි රෝග ලක්ෂණයක් වුණත්නොසලකා හරින්නේ නැතුව පරීක්ෂා කරවා ගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර පමා නොකර ලබා ගැනීමෙන් සංකූලතා සහිතව හෝ ජීවිතය හෝ ආරක්ෂා කර ගන්නට පුළුවන්.