සිරුරේ නීරෝගී බව ලෝකයේ ඇති වටිනාම සම්පතයි. ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම හා හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඔබේ නීරෝගි බව වඩවයි.කෙසේවෙතත් කලින් කලට මිනිස් සිරුර විවිධ වෙනස්වීම් හා ලෙඩ රෝග වලට නතුවෙයි.
ඔබේ ශරීරයේ නිරීක්ෂණය කල හැකි අමුතු වෙනස්වීම් මඟින් ඔබේ සිරුරේ ගැටලු ගැන ඉඟි කරනවා විය හැකියි. එම නිසා පහත සඳහන් ආකාරයේ සංඥා ලක්ෂණ නොසලකා හරින්න එපා! දිගින් දිගටම එම ලක්ෂණ පෙන්නුම් කරයි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැලකිලිමත්වන්න.
රෝස යටිපතුල් (pinky feet)-යටි පතුල් බොහෝ විට සිරුරේ සමට සමාන පැහැයක් ගනියි.යටි පතුල් වල සම අධික රතු හෝ රෝස පැහැ වී, සම තුනී වී හා අධිකව රැළි වැටී ඝනකම් (දෘඪ) වී, වේදනා දෙමින් ඇත්නම් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.ඔබේ රුධිර සීනි මට්ටම් පරික්ෂා කරගැනීමට රුධිර පරික්ෂාවක් කරගන්න.අවපැහැ වූ හා පීඩාවට පත් දෙපා දියවැඩියාව වැනි පරිවෘත්තිය ආබාධයක ලක්ෂණ පෙන්නුම් කිරීමක් ද විය හැකි බව පෙන්වාදෙයි.
ඇහිබැමි තුනීවීම-ඇතැම් අය සිහින් ඇහිබැමි වලට ප්‍රිය කරද්දී ඇතැම් අය හොඳින් වැඩුණු ඇහිබැමි වලට ප්‍රියකරනවා.ඇහිබැමි pluck කිරීම හා thread කිරීම වැනි ක්‍රම නිසා ඇහිබැමි සිහින් විය හැකියි. කෙසේවෙතත් කිසිවක් නොකරම ඔබේ ඇහිබැමි එන්න එන්නම තුනී වී යන බවක් දැකිය හැකි නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.ඇතැම් විට මෙය මන්දතයිරොයිඩතාවේ (hypothyroidism) රෝග ලක්ෂණයක් විය හැකියි.මේ සමඟ අධික තෙහෙට්‍ටුව, මලබද්ධය, මානසික පීඩනය, හිසකෙස් හැලීයාම,බර වැඩිවීම, අධිකව දහඩිය දැමීම වැනි ලක්ෂණ මතුකරයි නම් වඩාත් සැලකිලිමත් විය යුතුයි.

කකුල් වල ඇඟිලි ඉදිමීම-කකුල් වල ඇඟිලි අසාමාන්‍ය ලෙස මහත් වී හෝ ඉදිමී ඇත්නම් හෝ සොසේජස් මෙන් මොළොක් වී ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.ඇතැම් විට මෙය ආතරයිටිස් (psoriatic arthritis) රෝග ලක්ෂණයක් විය හැකියි.මේ තත්වය සමට හානිකරන අතර වේදනාව මතුකරයි.
ආහාර අරුචිය-ආහාර වලට ඇති ආශාව හෙවත් රුචිකත්වය නැතිවීම රෝග ලක්ෂණයක් ලෙස හඳුනාගනියි. උණ හා සෙම්ප්‍රතිශාව ඇතිවිට ආහාර අරුචියක් ඇතිවීම තාවකාලික සාමාන්‍ය තත්වයකි.හදිසියේම ඇතිවන ආහාර අරුචිය හා ශරීර බර කැපීපෙනෙන ලෙස අඩුවීම යම් පරිවෘත්තිය ආබාධයක පූර්ව ලක්ෂණ විය හැකියි.ජාන හෝ කලක පටන් හොඳින් ආහාර පාන නොගැනීම හේතුවෙන් නිසි පෝෂණයක් සිරුරට නොලැබීම නිසා මෙවැනි තත්වයන් ඇතිවීමට ඉඩ තිබිය හැකියි.අම්ල ප්‍රතිවාහ තත්වයේ ද ලක්ෂණයකි. උගුරට දැනෙන පිළිකුල් අම්ල රසය හා උගුරේ වේදනාව ආහාර රුචිය අඩුවීමට බලපෑ හැකියි.ආහාර අරුචිය තයිරොයිඩ්,ජීර්ණ ගැටලු, ආතතිය වැනි සෞඛ්‍ය ගැටලු වල බලපෑමින් ද මතුවිය හැකියි. මේ තත්වය දිගු කලක් පවතින්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්න.
සමේ කසනසුලු බව-සම කසන විට හොඳ සනීපයක් දැනෙයි. එහෙත් නිතර නිතර එකදිගටම සම කසයි නම් එය සාමාන්‍ය තත්වයක් ද නොවිය හැකියි.සමේ කසනසුලු ගතිය දියවැඩියාවේ පූර්ව ලක්ෂණයක් ලෙස ද සලකයි.කෘමි දෂ්ට කිරීම්, ආසාත්මිකතා, රෑෂ්,චර්මදාහය වැනි චර්ම ගැටලු නිසා ද සම කසනසුලු ගතියකට පත්විය හැකියි.මෙවැනි පැහැදිලි හේතුවකින් තොරව ඇතිවන සමේ කසනසුලු තත්වය වෛද්‍යවරයෙකු වෙත යොමු වී පරික්ෂා කරගන්න.
ඇතුළක සිටින විට හුස්ම හිරවන ගතියක් දැනීම-වට වූ ස්ථානයක, ගොඩනැගිල්ලක, වාහනයක් ඇතුළත සිටින විට හුස්ම ගැනීමට අපහසු බවක්, හුස්ම හිරවන බවක් දැනෙනවාද? ජනේලයක් හෝ දොරක් විවෘතව නැතිවිට ඔබ අපහසුතාවට පත්වෙනවාද? මින් ඔබ අසාමාන්‍ය ලෙස භීතියට පත්වෙනවා නම් වෛද්‍යවරයෙකු හමු වීමට යාම වඩාත් සුදුසුයි. ඇහැම් විට මීට හේතුව ඔබේ හෘදයේ හෝ පෙනහළු වල දුර්වලතාවක් විය හැකියි.ඇතැම් විට තයිරොයිඩ් රෝග අවදානමක් තිබීම ද ඊට හේතුවක් විය හැකියි.මන්දතයිරොයිඩතා හෙවත් තයිරොයිඩ් හෝර්මෝන නිසි ප්‍රමාණයෙන් නිපදනොවීමෙන් ඇතිවන තත්වය මෙවැනි පීඩාකාරී රෝග ලක්ෂණ මතුවීමට හේතුවක් ලෙස සලකයි.
තාපය දරාගැනීමට සිරුරට නොහැකිකම (heat intolerance) ද හුස්ම හිරවෙන ගතියක් දැනීමට හේතුවක් විය හැකියි.මෙසේ වන්නේ පුද්ගලයාගේ සිරුරට තාපය හොඳින් නියාමනය කිරීමට නොහැකිවීම නිසයි.අධික ඖෂධ පෙති භාවිතය, අධික කැෆේන් භාවිතය, තයිරොයිඩ් ගැටලු, හෝර්මෝන ගැටලු වැනි තත්වයන්ගේ බලපෑමින් සිරුරේ එම හැකියාව දුර්වල වීමට ඉඩ තිබෙයි.
අධික සීතලක් දැනීම-ජනෙල් විවෘත කර ඇති සැමවිටම සිරුරට සීතලක් දැනී ඒවා වැසීමට සිතෙනවාද? අධික උණුසුම් කාලයක පවා සිරුරට සීතල දැනෙයි නම් ඔබ යම් තයිරොයිඩ් ගැටලුවකින් පෙළෙනවා විය හැකියි.බොහෝ විට ඊට හේතුව ඔබේ සිරුරේ ඇති අයඩින් ඌනතාව විය හැකියි.සීතල දරාගැනීමට නොහැකිකම නිරක්තිය හෙවත් ඇනිමියා (ලේ අඩුකම) නිසා ද ඇතිවිය හැකි තත්වයකි.මීට හේතුව සිරුරේ ප්‍රමාණවත් තරම් යකඩ නොමැතිකමයි.

මතකය අඩුවීම-වැඩිහිටි පුද්ගලයින් තුළ මතකය ආශ්‍රිත ගැටලු මතුවීම ඩිමෙන්ෂියා, ඇල්සයිමර්ස් වැනි රෝග තත්වයන්ගේ සංඥා පෙන්නුම් කිරීමක් විය හැකියි. මෙම රෝග වලදී පුද්ගලයාගේ තර්කණය, සිතීමේ හැකියා දුර්වල වෙයි.නිවැරදි හා වැරදි දේවල් අතර වෙනස පැහැදිලි නොවෙයි.හැසිරීම් වල වෙනස්කම් දැකිය හැකිවෙයි. මෙවැනි තත්වයකදී පුද්ගලයාට නිසි චිකිත්සක ඕ මනෝවෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර වැදගත්ය.
නියපොතු වල වෙනස්කම්-අත් වල නියපොතු ඝනකම් හා වඩාත් පළල් වී වැඩෙමින් ඇති බවක් දැකිය හැකිද? බොහෝ විට මෙසේ නියපොතු වල හැඩය වෙනස්වන්නේ පෙනහළු හෝ හෘදය ආශ්‍රිත ගැටලුවක් පවතින බව පෙන්නුම් කිරීමක් ලෙස විය හැකියි.ඊට අමතරව බඩවැල්, අක්මාවේ හෝ තයිරොයිඩ් ආශ්‍රිත ගැටලුවක් නිසා ද නියපොතු වල මෙවැනි වෙනස්කම් වර්ධනය වීමට ඉඩ තිබෙයි. මෙම ශරීර වෙනස්කම nail clubbing ලෙස හඳුන්වයි.හෘදරෝග විශේෂඥයෙකු වෙත යොමුවීම වඩාත් සුදුසු බව පෙන්වාදේ.