නෙල්ලි ශාකයට බෙහෙවින් සමාන වන හෙයින් “බිං නෙල්ලි” යන නමින් හදුන්වන පිටවක්කා යනු බොහෝ ගෙවතුවල ඉබේ වැඩෙන සෙන්ටි මීටර් 60 ක් පමණ උසින් යුක්ත වන ශාකයකි. එහි ප්‍රභේද කිහිපයක් හඳුනාගත හැකි අතර වාර්ෂිකව දැකගතහැකිය මෙහි පත්‍ර පක්ෂවත් සංයුක්ත පත්‍ර වේ එනම් එම පත්‍ර වල යටි පෘෂ්ඨයෙහි කුඩා පුෂ්ප සහ ඵල දැක ගත හැකිය. එම බීජ මගින් ශාක ව්‍යාප්තිය සිදු වනු ලැබේ.
Euphorbiaceae උද්භිද කුලයට අයත් පිටවක්කා ඖෂධයක් ,පළා මැල්ලුමක් ලෙස මෙන්ම කැඳ පානයක් , තේ පානයක් ලෙස ද සකස් කර භාවිතා කළ හැකිය.
එනම් පිටවක්කා ඖෂධය භාවිතා කිරීමෙන් බොහෝ රෝග සුව කර ගත හැකිය.
සෙංගමාලය සඳහා
කෂ්ය රෝගය සඳහා
රුධිරය පිරිසිදු කිරීම සඳහා
පිළිකා මර්දනය කිරීම සඳහා
මළබද්ධය සමනය කිරීම සඳහා
ස්වසන රෝග සඳහා
අධි රුධිර පීඩනය සඳහා
වකුගඩු ආශ්‍රිත ගල් ඉවත් කිරීම සඳහා
මුත්‍රා ගල් ඉවත් කිරීම සඳහා
පණු රෝග සමනය කිරීම සඳහා
වෛරස් ආසාදන සඳහා
අම්ලපිත්තය සඳහා
දියවැඩියාව පාලනය කිරීම සඳහා
අක්මා රෝග සඳහා
ශරීරය මහත් කර ගැනීම සඳහා
මේ ආදී රෝග රැසක් සමනය කිරීමට පිටවක්කා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.
පිටවක්කා ඖෂධීය ගුණ භාවිතය.
පීනස සමනය කරයි.
පීනස සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස ආයුර්වේදය තුළ බහුලව පිටවක්කා ශාකය භාවිතයට ගනු ලැබේ. මේ සඳහා පිටවක්කා කොල කැඳ පානය මෙන්ම පිටවක්කා මුල් ගෙන තම්බා මී පැණි මිශ්‍ර කර පානය කිරීම, පිටවක්කා කොල තේ පානය සකස් කර භාවිතා කිරීම යෝග්‍ය වේ. පිටවක්කා තේ පානය සකස් කිරීමේ දී පිටවක්කා කොළ මද පවනේ වේළා හොඳින් කුඩු කර ඉන් හැන්දක් පමණ උණුවතුර වීදුරුවකට දමා ඊට කහ කුඩු ස්වල්පයක් හා නිවුණු පසු මී පැණි ස්වල්පයක් දමා මිශ්‍රකර පානය කිරීම යෝග්‍ය වේ.
අධි රුධිර පීඩනය පාලනය කරයි.
අධි රුධිර පීඩනය පාලනය කිරීම සඳහා පිටවක්කා කැඳ පානය කිරීම ගුණදායකය. මෙමගින් කොලෙස්ටරෝල් පාලනය කිරීම හොඳින් සිදුවන අතර මේ නිසා රුධිරය ක්‍රමවත්ව සංසරණය වී අධිරුධිර පීඩනය ඇතිවීම පාලනයවේ.
වකුගඩු ගල් සහ මුත්‍ර ගල් දියකර හරියි.
වර්තමානය වන විට බොහෝ දෙනකු පීඩාවට පත් කර ඇති මෙම රෝගය සමනය කිරීම සදහා සුදුසු ඖෂධයක් ලෙස පිට වක්කා හැඳින්විය හැකිය. එනම් පිටවක්කා කැඳ පානයක් කලවම් පළා මැල්ලුමක් ලෙස සකස් කර ආහාරයට ගැනීමෙන් මෙම ගල් දිය කර හැරිය හැකිය.
ගැස්ට්‍රයිටිස් සමනය කරයි.
වර්තමානය වන විට බොහෝ දෙනෙකුට පවතින අම්ල පිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගය සමනය කර ගැනීම සඳහා වීම වලක්වා කර ගැනීම සඳහා පිටවක්කා කැඳ සකස් කර හෝ පිටවක්කා තම්බා පානය කිරීම යෝග්‍ය වේ.
දියවැඩියාව පාලනය කරයි.
රුධිරගත සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීම සඳහා ඖෂධයක් ලෙස පිටවක්කා භාවිතා කළ හැකිය. මේ සඳහා පිටවක්කා කොළ වියළා කුඩුකර උණු වතුරට දමා පානයක් ලෙස සකස් කර භාවිතා කිරීමෙන් දියවැඩියාව ඇති වීම වළක්වා ගත හැකිය. විශේෂයෙන්ම පැණි රස කෑම ආහාරයට ගන්නා විට පිටවක්කා තේ පානය භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ.
අක්මාගත රෝග සමනය කරයි.
අක්මාවේ විෂ ඉවත් කර ගැනීම සඳහා මෙන්ම අක්මාවේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් සුව කර ගැනීම සඳහා පිටවක්කා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. මේ සඳහා පිටවක්කා කැඳ සකස් කර පානය කිරීම හෝ පිටවක්කා තේ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම යෝග්‍ය වේ.
චර්ම රෝග සමනය කරයි.
සම මත ඇතිවන නොයෙකුත් ගෙඩි සහ විසප්පු වැනි පීඩාකාරී රෝග තත්වයන්ට ඖෂධයක් ලෙස පිටවක්කා කොළ ,කැකුළු සහල් සමඟ ඇල්දියෙන් අඹරා එම විසප්පු, ගෙඩි වල තබා බැඳ තැබීමෙන් සුවය සලසා ගත හැකිය.
ශරීරය පෘෂ්ටිමත් කරයි.
බොහෝ දෙනෙකු පෘෂ්ටිමත් වීම සඳහා නොයෙකුත් කෘතිම ඖෂධ වර්ගයන් භාවිතා කරන අතර ස්භාවික ඖෂධයක් ලෙස පිටවක්කා භාවිතා කළ හැකිය. පිටවක්කා කැඳ සකස් කර භාවිතා කිරීම මගින් පිටවක්කා වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ ශරීරය පෘෂ්ටිමත් කරනු ලැබේ.
මේ ආදී රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස පිටවක්කා ශාකය භාවිතා කළ හැකිය. එනමුත් නිදන්ගත රෝග සඳහා ඖෂධයක් ලෙස භාවිතා කරන විට වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුවේ.