ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වද වේදනා විදින පිත්තාශයේ  ගල් දියකර හැරීමට පිලියම් කීපයක් 

health tips

 පිත්තාශය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් අතුරින් පිත්තාශයේ ගල් කාන්තා පුරුෂ දෙපාර්ශවයටම ඇතිවෙන්නට පුළුවන් රෝගී තත්ත්වයක්. නමුත් කාන්තා පාර්ශවය මේ රෝග තත්ත්වයට ගොදුරු වීමේ වැඩි  අවදානමක් පවතිනවා.  මේ සඳහා තරබාරුව,  හෝමෝනවල වෙනස් වීම, ක්ෂණික ආහාර ගැනීම ,නිරන්තරයෙන් රතු මස්  ආහාරයට ගැනීම ආදී බොහොමයක් හේතූන් බලපානවා.නමුත් මේ පිත්තාශයේ ඇතිවන ගල් සාමාන්‍යයෙන් එහි පතුලේ ඇතිවන නිසා බොහෝවිට රෝගය හඳුනා ගන්නට හැකියාව ලැබෙන්නේ කාලයක් ගත වූ පසුව. ඒ නිසා රෝග ලක්ෂණයක් හෝ පිටතට දකින්නට ලැබෙන්නේ නැහැ. 

මේ පිත්තාශයේ ගල් ඉවත් කරගන්නට උපකාරී වන ස්වභාවික පිළියම්  කිහිපයක්ම තියෙනවා.ඒ වගේම පිත්තාශයේ ගල් ඇති වීමේ අවදානම අඩු කරගන්නත්  මේ පිළියම් අපට උදව් වෙනවා. නමුත් පර්යේෂණ මගින් ඔබේ පිත්තාශයේ  ගල් ඇති බව හඳුනා ගත්තොත්  අනිවාර්යෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නට කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ පිළියම්  වෛද්‍ය  උපදෙස්වලින් තොරව භාවිතා නොකරන්නටත් ඔබ වගබලා ගත. යුතුයි .

පොල් තෙල්   සහ ඇපල් යුෂ 

අවශ්‍ය  ද්‍රව්‍ය

 ‍ ඇපල් යුෂ ¼ 

 පොල් තෙල් මේස හැඳි 3 ක්

 ඉඟුරු කුඩා කෑල්ලක් 

 සුදුලූනු බිකක්

 පොල් තෙල් රත් කර එයට සියලුම අමුද්‍රව්‍ය එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. ඉන් පසුව මේ මිශ්‍රණය පානයට ගන්න.

පොල්තෙල්වල අක්මාවට පහසුවෙන් ජීර්ණයට ලක් කරන්නට හැකි අත්‍යවශ්‍ය මේද අඩංගු වෙනවා. ඒ නිසා මේ පිළියම භාවිතා කිරීමෙන් පිත්තාශයේ සෞඛ්‍යයට අහිතකර මේද කොලෙස්ටරෝල් සහ පිත්තාශ ලවණ එකතු වීම වළක්වා ගන්නට පුළුවන්.

රාබු  

අවශ්‍ය ද්‍රව්‍ය

 රාබු අල 

 ජලය

 මුලින්ම රාබුවල පොතු ඉවත් කර ගෙන කුඩා කැබලිවලට කපා ගෙන එයට ජලය එකතු කර බ්ලෙන්ඩර් කරන්න. ඒ රාබු යුෂවලින් හැඳි දෙකක් පානයට ගන්න.

 මේ පානය ප්‍රමාණය ඉක්මවා ගැනීමෙන් වළකින්න.

ලෙමන් සහ ගම්මිරිස්

 අවශ්‍ය ද්‍රව්‍ය

 ලෙමන්  යුෂ 

  ගම්මිරිස්

 ඔලිව් තෙල්

 ලෙමන් යුෂ සහ ගම්මිරිස් කුඩු සම ප්‍රමාණවලින් ගෙන හොඳින් කලවම් කරගන්න. එයටම ඒ  ප්‍රමාණයට වඩා තුන් ගුණයකින් පිරිසිදු ඔලිව් තෙල් එකතු කර හොඳින් කලවම් කරගෙන  පානයක් ලෙස සකසා භාවිතයට ගන්න.

හරිත තේ

 අවශ්‍ය ද්‍රව්‍ය

 හරිත තේ කොල තේ හැඳි දෙකක්

 උණු වතුර කෝප්ප එකක්

 දෙහි

 මී පැණි

 හරිත තේ කොල තේ හැඳි දෙකක් ගෙන විනාඩි පහක් ජලයේ පොඟවා ගන්න. එයට මී පැනි සහ දෙහි එකතු කර පානය කරන්න. මෙය  පිත්තාශයේ ගල් ඇතිවීම වළක්වා ගන්නට ඉතා වැදගත්.

කහ

 අවශ්‍ය ද්‍රව්‍ය

 කහ තේ හැදි බාගයයි

 මී පැණි තේ හැදි බාගයයි

 පිත්තාශ ගල් ඇතිවීම වළක්වා ගැනීම සඳහා උණු ජලයට කහ සහ මී පැණි එකතු කර පානයට ගන්නට පුළුවන්. නිතර ආහාර පිසීමේදී මේවා එකතු කර ගැනීමෙන් පිත්තාශයේ ගල් ඇතිවීමේ අවදානමත්  අඩු කරගන්නට කරන්නට හැකියාව ලැබෙනවා. 

පිත්තාශයේ ගල් දියකරන අත් බෙහෙතක්  

  1. අනෝදා පානය

 නොමේරූ හෝ මෝරන ලද  යන දෙවර්ගයටම අයත් නොවන මධ්‍යම වර්ගයේ කුඩා අනෝදා කොළ හතරක් අරගන්න. ඉන්පසු ඒවා  කැබලිවලට කපා වතුර කෝප්ප නමයකට දමා කෝප්ප භාගයක් දක්වා සිඳගනිමින් මද ගින්නේ තම්බා ගන්න. කෝප්ප භාගය බැගින් දවස් හතක් මේ පානය ලබා ගන්න.

ඒ වගේම මෙය හිස්බඩ පානය කළ යුතුයි.මේ ඖෂධීය පානය ගැනීමෙන් පැයක් තුළ වතුර ලීටර් භාගයක් ද පානය  කළ යුතුයි.

 විශේෂම කාරණය තමයි මෙවැනි පිළියම් සුදුසු වෙන්නේ මිලිමීටර් හතරට අඩු පිත්තාශ  ගල් ඇති අයට පමණයි. ඊටත් වඩා විශාල ගල් සහිත රෝගියෙක් නම් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න