ජීවිතය පවා නැතිවිය හැකි අපි නිතර ආහාරයට ගන්න විෂ විය හැකි දේවල් 8 ක්

health tips

අපිට ජීවත් වෙන්නට ආහාර  අවශ්‍යමයි. ඒත් පෝෂණ ගුණය නිසාම නෙවෙයි  අපි ඇතැම් ආහාර ලබා ගන්නේ. ඒවායේ ප්‍රණීත රසය සුවඳ වගේම සිත් ඇදගන්නා සුළු පෙනුම නිසාත් අපි නොයෙකුත් ආහාර ගන්නට පෙළඹෙනවා. මේ රසය හෝ සුවඳට ලොල්වීම නිසා අද ලොකු කුඩා බොහොමයක් දෙනා විවිධ ලෙඩරෝග ලඟා කර ගන්නවා. ඉතින් අපි ආහාර ගනිද්දි ඒවායේ රසය ගැන වගේම ගුණය ගැනත් අපේ සෞඛ්‍යයට ඒ ආහාරය ගැනිම අහිතකර ද හිතකර ද යන්න ගැනත් සලකා බැලීම වටිනවා. මොකද  ඇතැම් ආහාර විෂවීම් නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නට වුණු සිදුවීම් ඕනෑ තරම් වාර්තා වෙලා තියෙන නිසා. ඉතින් ඉහළම ගුණයක් ඇති කොතරම් රසවත් ආහාරයක් වුණත් අපේ නොදැනුවත්කම නිසා විෂ වෙන්නට ඉඩකඩ තියෙනවා. මේ ඔබ දැනුවත් කරන්න යන්නේ එසේ විෂ විය  හැකි ආහාර කිහිපයක් ගැන.

අර්තාපල් අර්තාපල් කියන්නේ අපි නිතරම ආහාරය සඳහා ගන්නා අල වර්ගයක්. කිරට, මිරිසට, තෙලට ආදී වශයෙන් විවිධ  රෙසිපිවලට රසවත්ව සකසා ගන්නත් පුළුවන්.එනිසා අපි කුඩා දරුවන්ගේ පටන් වැඩිහිටි උදවියගේ ආහාරවේල් සඳහාත් මේ අර්තාපල් භාවිතයට ගන්නවා. එනිසා දේශීය වෙනත් අල වර්ගවලටත් වඩා වැඩි ඉල්ලුමක් අර්තාපල්වලට  තියෙනවා.

 නමුත් මේ අර්තාපල් කාලයක් පරණ වෙද්දි ඔබ දැකලා ඇති ඒවායෙන් කුඩා කුඩා මොටෙයියන් හටගෙන තියෙනවා. එහෙම නැත්නම් කොළ පැහැයක් ඇතිවෙලා තිබෙනවා. ඒත් අපේ ගෘහණියන් ඒ වගේ අර්තාපල් ගෙඩි විසිකරන්නේ නම් නැහැ. ඒ වෙනුවට ඒ කොළ පැහැ කොටස කපා  ඉවත් කරලා ඉතිරි කොටස ආහාරයට ගනන්වා. නමුත් එයින් අපේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති වෙනවා.

අර්තාපල් ගෙඩියක් මේ විදියට කොළ පැහැ වුණාම හෝ මොටෙයියන් හට ගත්තාම අල ගෙඩියේ සොලනින් කියන රසායන ද්‍රව්‍ය ඇති වෙනවා. මේ සොලනින් අපේ ශරීරයේ එකතු වුණොත්  හිසරදය, වමනය, අතීසාරය, මස් පිඩු පෙරළීම හා ආසාත්මිකතා වගේම ඇතැම් විට මෙය මාරාන්තික තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ වෙනස්කම් සහිත අර්තාපල් ආහාරයට ගැනීමෙන් වැළකී සිටීමයි නුවණට හුරු වෙන්නේ.

මඤ්ඤොක්කා මඤ්ඤොක්කා අල වගේම කොළත් සයනයිට්වලින් පොහොසත්.මෙහි ලිනමරීන් කියන රසායනික සංයෝගයක් ද අඩංගු වෙනවා. මේ සයනයිට් ප්‍රමාණයන් නීරෝගී පුද්ගලයෙකුට විවිධ අපහසුතා ඇති කරන්න නම් ශක්තිමත් නැහැ. නමුත් මඤ්ඤොක්කා සමඟ ඉඟුරු ආහාරයට ගතහොත් මේ ලිනමරීන් එන්සයිමය  ප්‍රතික්‍රියාවට උත්ප්‍රේරකයක් ලෙසට ක්‍රියා කරනවා. මෙයින් සිදු වෙන්නේ සාමාන්‍ය තත්ත්වයට වඩා සයනයිට් මුදාහැරීමයි. මෙය සංවේදී පුද්ගලයන්ට නම් ඉතා අහිතකර ප්‍රතිඵල ඇති කරනවා. ඇතැම්විට එය ජීවිත හානියක් ඇති කරන්නට තරම් ප්‍රබල වන්නත් පුළුවන්. 

එනිසා මඤ්ඤොක්කා ආහාරයට ගැනීමත් සමඟ ඉඟුරු ආහාරයට ගැනීම අහිතකර වෙන්නට පුළුවන්.

ඇපල් කල්තියා ගන්නට රසායන ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැත්නම් ඇපල් කියන්නේ සමස්ත දේහයේම නිරෝගී බවට ඉතාම ගුණදායක පලතුරක්. ඉතින් මේ ඇපල් ගෙඩියේ ඇට විෂ අපිට විෂ වෙන්නට ඉඩකඩ තියෙනවා. මොකද මේ ඇපල් ඇටවල සුළු ප්‍රමාණයක්  සයනයිට් අඩංගු වෙනවා. මේ ඇපල් ඇට කෙටිකාලයක් ඇතුළත එකවර විශාල ප්‍රමාණයක් ශරීරගත වුණොත් නොයෙකුත් අතුරු ආබාධ ඇති වෙන්නට පුළුවන්. 

මී පැණි මී පැණි කියන්නේ ස්වභාදහමෙන් අපිට දායාද කරපු වටිනා ඖෂධයක්. ඒ වගේම ගුණදායක ආහාරයක්. ඈත අතීතයේ සිටම ආහාර කල්තියා ගන්නත්, ඖෂධයක් විදියටත් මේ මී පැණි බහුලවම භාවිතා වුණා. පැස්ටරීකරණය කර නැති මී පැණිවල යම් යම් විෂ ද්‍රව්‍ය අඩංගු වෙන්නට පුළුවන් නිසා එවනි මී පැණි  ශරීරගත වීමෙන්  හිසේ කැක්කුම,  ශරීරය දුර්වලවීම, දහදිය දැමීම, ඔක්කාරය හා වමනය ආදී අපහසුතා ඇති වෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මේ ධූලික අඩංගු  මී පැණි තේ හැන්දක් පරිභෝජනය කිරීමෙන් පවා  මේ තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. මේවා විශාල ප්‍රමාණයක් ශරීරගතවීමෙන් මාරාන්තික තත්ත්වයක් පවා ඇති කරන්නට පුළුවන්.

හතු ප්‍රෝටීන් බහුල ආහාරයක් වෙන හතු බොහෝ අයට ආසාත්මිකතා ඇති කරන ආහාරයක් . බොහෝදෙනෙක්ගේ ප්‍රියතම ආහාරයක් තමයි හතු . නමුත් ලෝකයේ තියෙන හතුවලින් 5% ක් තරම් ප්‍රමාණයක් උග්‍ර විෂ සහිත හතු වර්ග. එවැනි හතු වර්ග ඒවායේ අප්‍රසන්න බව සහ අධික දුර්ගන්ධය ආදිය නිසා හඳුනා ගන්නට පුළුවන්. නමුත් ඇතැම් විෂ හතු පවා අපි ආහාරයට ගන්නා හතුවල ස්වරූපයටම සමානයි. ඒ නිසා හිතුමතේට හතු තෝරා ගැනීම අපිව මරණයට වුණත් පත් කරන්නට සමත් වෙනවා.ඒ නිසා ඒ පිළිබඳව  සැලකිලිමත් වීම අතිශයින්ම වැදගත්.

ෆ්‍රයිඩ් රයිස් සහ අයිස් ක්‍රීම්  තෙල් අධික ආහාර ජීර්ණය වීම සඳහා ශරීරයට දැඩි වෙහෙසක් දරන්නට සිදු වෙන නිසා  ශරීරයේ ඇති ලේ වැඩි ප්‍රමාණයක්  ආමාශය අවට එක්රැස් වෙනවා. එය මොළයට ගමන් කරන රුධිරය ප්‍රමාණය අඩු නිසා ඒ වගේ අවස්ථාවක අයිස් ක්‍රීම් ගත්තොත්  උඩු තල්ල සිසිල් වීම වළක්වා ගන්නට තරම් රුධිර ගමනාගමනයක්  නැති නිසා  ස්නායුවල හිරිවැටීමක්  හට ගන්නවා. එය  අපිට දැනෙන්නේ තද හිසරදයක් ලෙසට. ඒ නිසා මේ පුරුද්දෙන් වැළකීමක් මේ අපහසුතාවයෙන් මිදෙන්නට උපකාරී වෙනවා.

යෝගට් සහ පලතුරු මෙයින් පලතුරුවල ඇති සීනි පැසවීමකට ලක්කරලා ඇල්කොහොල් වර්ග මුදාහරිනු ලබනවා. මේ ඇල්කොහොල් අපි ගන්නා පලතුරුවල පෝෂණීය ගුණයන්  සියල්ල විනාශ කරන්නටත් යෝගට්වල හිතකර බැක්ටීරියා මර්දනයටත් සමත් වෙනවා. 

ඉතින් මේ ආහාර වර්ග ගැනීමේදී අනෙකුත් ආහාර ගැනීමට වඩා සැලකිලිමත් වීම ඔබේ ජීවිත ආරක්ෂාවට බෙහෙවින්ම වැදගත් .