ඈත අතීතයේ සිටම ලොකු කුඩා සැම දෙනාම පාහේ පොල්සම්බෝල ආහාරයට එක් කර ගෙන තිබේ. එනම් අද වනතුරුම බොහෝ නිවෙස් වල පොල් සම්බෝලය යනු දිනපතා සකස් කරනු ලබන ආහාරයකි. පොල්, ලුනු, රතු ලූනු, මිරිස්, දෙහි, කලවම් කර අඹරා හෝ කොටා පොල් සම්බෝලය ඕනෑම ආකාරයකට සකස් කර ගත හැකිය. ප්‍රධාන ආහාර වේලට බත් පිසින විට මෙන්ම පාන්, බනිස් ,පිට්ටු, ආප්ප ,ඉඳියාප්ප බිස්කට් ආහාරයට ගන්නා විට පොල් සම්බෝල සමඟ ආහාරයට ගත හැකිය.
මේ ආකාරයෙන් ආහාර රුචිය වැඩි කර ගැනීමට මෙන්ම පොල් සම්බෝලයේ ඇති රසය නිසාම පොල් සම්බෝල ආහාරයට එකතු කර ගත්ත ද ඉන් ලබා ගත හැකි පෝෂණ ගුණය පිළිබඳව බොහෝ දෙනෙකු හඳුනන්නේ නැත. එනම් පොල් සම්බෝල ආහාරයට ගැනීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අත්කර ගත හැකිය. පොල්සම්බෝල සකස් කර ගන්නා විට යොදා ගන්නා අමුද්‍රව්‍ය වලින් එහි රසය ගුණය තව තවත් වැඩි කර ගත හැකිය. ඒ අතරින්

පොල් පොල් සම්බෝලය සකස් කිරීම සඳහා යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය පොල් වේ. එනම් පොල් වල මිනිස් සිරුරට හිතකර පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වේ. එනම් සෝඩියම්, පොටෑසියම්, සංතෘප්ත මේද අම්ල, මේද කොටස් ,තන්තු ඒ අතර ප්‍රධානවේ. එනම් පොල් ආහාරයට ගැනීමෙන්
- කොලෙස්ටරෝල් පාලනයවේ.
- මල බද්ධය සමනය වේ.
- ආහාර ජීර්ණය ක්‍රමවත් වේ.
රතුලූනු රතු ලූනු එක්කර ගැනීමෙන් පොල් සම්බෝලය ඉතා රසවත් මෙන්ම ශරීරයේ අඩංගු බැක්ටීරියා විනාශ කිරීමට උපකාරි වෙයි. එමෙන්ම එහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ ශරීර අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මැනවින් පවත්වා ගැනීමට මනා දායකත්වයක් සපයනු ලැබේ.
මිරිස් මිරිස්වලින් ආහාර වල රසය වැඩි වන්නා සේම ගුණය ද වැඩිවේ. එනම් මිරිස් වල මිනිස් සිරුරට හිතකර පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වේ. විටමින් A B,C පෝෂ්‍ය පදාර්ථ ඒ අතර ප්‍රධාන වේ. මේ නිසා මිරිස් ආහාරයට ගැනීමෙන් නොයෙක් සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය. එනම්
- කොලොස්ට්‍රෝල් පාලනයවේ.
- ආහාර ජීර්ණය ක්‍රමවත් වේ.
- අක්ෂි සෞඛ්‍ය වර්ධනයවේ.මේ ආදී වශයෙන් නොයෙක් සෞඛ්‍ය ප්‍රතිලාභ අත් කර දීමට මිරිස් උපකාරී වේ.
මීට අමතරව සම්බෝල සකස් කරන විට එකතු කර ගන්නා ගම්මිරිස් වලින් පාචනය, මලබද්ධය,ඉදමුම්, වේදනාව, වකුගඩු හා පෙනහළු රෝග ඇති වීම වළක්වා ගත හැකිය.
ලුණු සම්බෝලයට අනෙක් සියල්ල මිශ්‍ර කළ ද ලුණු මිශ්‍ර කර නොමැති නම් එහි නියම රසය දැනෙන්නේ නැත. එනම් ලුනු එකතු කිරීමෙන් ඕනෑම ආහාරයක රසය වැඩිකර ගත හැකිය. එනම් ලුනු එකතු කිරීමෙන් ආහාර වල රසය වැඩි වනවා මෙන්ම රුධිරගත සීනි මට්ටම පාලනය වේ. එමෙන්ම රුධිර පීඩනය ක්‍රමවත් වීමට ද ලුණු භාවිතය වැදගත් වේ.

දෙහි, ඇඹුල් දොඩම් දෙහි හෝ ඇබුල් දොඩම් සම්බෝලයට එකතු කිරීමෙන් එයට ඇඹුල් රසයක් එකතු වේ. එනම් ඒවායෙහිද ශරීරයට හිතකර පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වේ. විටමින් සී, යකඩ ,කැල්සියම් ඒ අතර ප්‍රධානවේ. එනම් ඇඹුල් දොඩම්
- ඇසට සමට හිතකර වේ.
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනු ලැබේ.
- මල බද්ධය සමනය කරනු ලැබේ.
- ශරීර බර පාලනය කරනු ලැබේ.
මේ ආදි වශයෙන් සම්බෝල සකස් කරන විට යොදා ගන්නා අමුද්‍රව්‍ය වලින් ශරීරයට නොයෙක් ප්‍රතිලාභ අත්කර ගත හැකිය.
පොල් සම්බෝල සකස් කරන විට එකතු කරගත යුතු අමුද්‍රව්‍ය පොල් සම්බෝලය සකස් කරන විට වියලුනු පොල් භාවිතා භාවිතා නොකළ යුතුය. එනම් එම පොල් රසයෙන් අඩුවේ.එමෙන්ම එහි මේදය වැඩි වශයෙන් අඩංගුවේ. මේ නිසා පොල් සම්බෝලයට නැවුම් පොල් භාවිතා කිරීම යෝග්‍ය වේ. වියලුනු පොල් භාවිතා කරන්නේ නම් එයට සීනි හැන්දක් මිශ්‍ර කිරීමෙන් එහි රසය වැඩිකර ගත හැකිය.
පොල් සම්බෝලයට අවශ්‍ය ද්‍රව්‍ය
- ගාගත් පොල්
- සිහින්ව ලියා ගත් රතු ලූණු සහ සුදුලූනු
- කෑලි මිරිස් හෝ මිරිස් කරල්
- ලුණු
- උම්බලකඩ
- ගම්මිරිස්
- දෙහි යුෂ
පොල් සම්බෝල සකස්කර ගන්නා විට ගලෙන් අඹරා හෝ වංගෙඩියෙන් කොටා සකස් කර ගත හැකිය. ඉන්පසු එහි රසය වැඩිකර ගැනීමට දෙහි යුෂ ,තක්කාලි, නාරන් ,සියඹලා වැනි දෑ එකතු කරගත හැකිය. එමෙන්ම උම්බලකඩ වෙනුවට බැදගත් හාල්මැස්සන්, පුලුස්සා ගත් කරවල ,බැදගත් කරවල , කූනිස්සන් එකතු කර ගත හැකිය.
එමෙන්ම මිරිස් වෙනුවට නයිමිරිස් ,කොච්චි, අමු මිරිස් ,ගම්මිරිස් යොදාගත හැකිය. මේ ආදී වශයෙන් අමුද්‍රව්‍ය රිසිසේ එක් කොට සකස් කරන පොල්සම්බෝල ඉතා රසවත් ගුණවත් ආහාරයක් ලෙස සැලකිය හැකිය.