අක්මාවේ විෂ තැන්පත්වීම වළකන ගෙඳපළා ශාකය

health tips

අතු බෙදී වැඩෙන ගෙඳ පලා ශාකය රතු පැහැති සිහින් කඳක් සහිත වාර්ෂික ශාකයකි. එනම් Portulacaceae උද්භිද කුලයට අයත් ගෙඳ පලා ශාකයේ පත්‍ර ඒකාන්තරව පිහිටි මාංසල පත්‍ර වන අතර මල් පෙති පහකින් යුතු කහ පැහැති මල් වේ. ඵලය කරලක් ලෙස හටගනී. ගෙඳපලා ඖෂධයක් ලෙස මෙන්ම සුප් පානයන් සකස් කිරීමේදී ද භාවිතා කරනු ලැබේ. එනම් ගෙඳපලා ආහාරයට ගැනීමෙන් නොයෙක් සෞඛ්‍ය ප්‍රතිලාභ අත් කර ගත හැකිය. ඊට හේතුව ගෙඳපලාවල මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවීමයි. ඒ අතර විටමින් ඒ, බී, සී, ඊ

  • ප්‍රතිඔක්සිකාරක
  • පොටෑසියම්
  • යකඩ 
  • මැග්නීසියම්
  • කැල්සියම්
  • ඔමේගා ත්‍රී මේද අම්ලය
  • තන්තු
  • බීටා කැරොටීන් මේ ආදී වූ පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් ගෙඳපලා වල අඩංගුවේ. 

කැරටිවල අඩංගු බීටා කැරොටීන් ප්‍රමාණය මෙන් හත්ගුණයක් බීටා කැරොටීන් ගෙඳපලා වල අඩංගුවේ. මෙන්ම නිවිති වල අඩංගු විටමින් ඊ ප්‍රමාණය මෙන් තුන් ගුණයක් ගෙඳපලාවල විටමින් ඊ අඩංගුවන බවයි. මේ ආදී වූ පෝෂ්‍ය ගුණයෙන් අනූන ගෙඳපලා ආයුර්වේදය තුළ නොයෙක් රෝග සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස යොදා ගනු ලැබේ. 

ගෙඳපළා ව්‍යංජනයක් සකස් කර ගන්නා

  • ගෙඳපළා කොළ දෙමිටක්කරපිංචා
  • පරිප්පු
  • පොල් කිරි කෝප්ප එකක්
  • සුදුලූනු
  • මිරිස්කුඩු,
  • තුනනපහ කුඩු
  • කහ ස්වල්පයක්
  • ලුණුස්වල්පයක්
  • තෙල්ස්වල්පයක්

ගෙඳ පලා කොළ ගෙන පිරිසිදු කර හොඳින් සෝදා සිහින්ව ලියලා ගන්න. පරිප්පු අනෙකුත් කුළු බඩු සමඟ මිශ්‍ර කර සාමන්‍ය පරිදි පිසගන්න. පසු ඊට ගෙඳපලා කොළ මිශ්‍ර කර හොඳින් කලවම් කර පොල් කිරි එකතුකර උතරනවිට ලිපෙන් බා ගන්න. 

ගෙඳපලා ශාකයේ ඖෂධීය භාවිතය 

අධි රුධිර පීඩනය ඇති වීම වළක්වනු ලබයි. ගෙඳ පලා ආහාරයට ගැනීම මගින් බොහෝ දෙනෙකුට පවතින අධි රුධිර පීඩනය ඇතිවීම පාලනය කරගත හැකිය. එනම් ගෙඳ පලා වල අඩංගු පොටෑසියම් රුධිර නාල කැටි ගැසීම වළක්වා රුධිර නාල විස්තාරණය කර ශරීරය පුරා රුධිරය ගමන් කිරීම ක්‍රමවත් කරයි. මේ නිසාම හෘද රෝගයෙන් පීඩා විඳින රෝගීන්ටද  ගෙඳපලා ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් ඉන් හෘද රෝග ඇති වීම ද පාලනය කරගත හැකිය. 

ඇස් ඉදිමුම සමනය කිරීමට,ඇස් ඉදමුම් සමනය කිරීම සදහා ගෙඳ කොළ ,අරළු ,සියඹලා දළු, එලකිරෙන් තම්බා අඹරා ඇස් වටා ආලේප කිරීම ගුණදායකය. 

මල බද්ධය, අර්ශස් සමනය කරයි. වර්තමානය වන විට බොහෝ දෙනෙකු මලබද්ධය හෙවත් බඩ වේලීම මලපහ පිට කිරීමට අපහසු වීමේ රෝගයෙන් පීඩා විඳිනු ලබයි. එනම මෙම රෝගය සමනය කිරීම සඳහා ගෙඳ පලා ආහාරයට එකතු කරගත හැකිය. එනම් ගෙඳ පලා ආහාරයට එකතු කර ගැනීමෙන් එහි අඩංගු තන්තු මල බද්ධය සමනය කිරීම සිදුකරයි. එමෙන්ම මලබද්ධය  උත්සන්න වීමෙන් ඇතිවූ අර්ශස් රෝගීන්ට ද ගෙඳපලා ආහාරයට ගැනීම වඩාත් ගුණදායක වේ. 

අක්මා රෝග වලට සුවය සලසයි.බොහෝ දෙනකු පීඩා විඳින  අක්මාවේ විෂ තැන්පත් වීමේ රෝග තත්ත්වයන් සමනය කිරීම සඳහා එනම් අක්මාවේ විෂ ඉවත් කිරීම සඳහා ගෙඳ පලා ආහාරයට එකතු කර ගැනීම යෝග්‍ය වේ. 

පිලිස්සුණුතුවාල සමනය කරයි.එනම් මේ සඳහා ගෙඳ කොළ එළ මෝරු වලින් අඹරා ආලේ ප කිරීම යෝග්‍ය වේ.

ආමාශගත රෝග වලට සුවය සලසයි.නිතර ඇති වන උදර වේදනාව ,බඩ පිපුම ආදී උදරගත රෝග සමනය කිරීම සඳහා ගෙඳ පලා ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම යෝග්‍ය වේ. 

ආහාර රුචිය වර්ධනය කරයි.ගෙඳ පලා ව්‍යංජනයක් ලෙස හෝ ගෙඳපලා සුප් පානය කිරීම මගින් ආහාර රුචිය වර්ධනය කරගත හැකිය එනම් ගෙඳ පලා වල අඩංගු තන්තු ආහාර ජීර්ණය ක්‍රමවත් කර ආහාර රුචිය වර්ධනය කිරීම සිදු කරයි. මෙම රෝගවලට අමතරව 

  • අභ්‍යන්තර රුධිර වහනයට 
  • පාචනය සමනය කිරීමට 
  • මුත්‍රා අඩස්සිය සමනය කිරීමට 
  • මුත්‍රා සමග ලේ පිටවීම සමනය කිරීමට 
  • ශරීරගත නොයෙක් ඉදමුම් සමනයට 
  • චර්ම රෝග සමනය කිරීමට 
  • කෘමි විෂට 
  • හිසරදය සුව කිරීමට 
  • වකුගඩු රෝග සමනය කිරීමට
  • අතීසාරය සමනය කිරීමට 
  • පණු රෝග සමනයට 
  • රක්තවාතය සමනය කිරීමට ආදී රෝග සමනය කිරීමට ගෙඳපලා ව්‍යාංජනයක් ලෙස සුප් පානයක් ලෙස ඖෂධයක් ලෙස භාවිතා කිරීම ගුණදායකය.