බොහෝ විට අප නිදන්නේ සිරුරට වැඩි සුවපහසුවක් ගෙනදෙන නිදන ඉරියව්වකටයි.කාලයක් තිස්සේ එම ඉරියව්වෙන්ම නින්දට යාමෙන් අපේ සිරුර ඊට හුරුවෙනවා.කොහොමවුණත් ඇතැම් අය අනුගමනය කරන සමහර නිදන ඉරියව් නිසා සිරුරේ නොයෙකුත් කැක්කුම් වේදනා ඇතුලු සෞඛ්‍ය බලපෑම් මතුවීමට ඉඩ ඇති බව පෙන්වාදෙනවා.
විද්‍යානූකූලව හඳුනාගෙන ඇති මිනිස් සිරුරට වඩාත් හිතකරම නිදන ඉරියව් කිහිපයක් වගේම ඔබ විසින් වැළකී සිටිය යුතු නිදන ඉරියව් කිහිපයක් ගැනයි අද අප ඔබව දැනුවත් කරන්නේ.
- උඩු බැලි අතට නිදාගැනීම

උඩු අතට නිදාගැනීම ඔබේ මුහුණ දිගු කාලයක් රැළි වැටීමෙන් ආරක්ෂා කරගැනීමට හොඳ ඉරියව්වක් වුණත් ඔබ තුනටිය ප්‍රදේශයේ වේදනා කැක්කුම් වලින් පෙළෙන කෙනෙක් නම් මෙය ඔබට කිසිසේත්ම හිතකර ඉරියව්වක් නොවේ. ඉන් එම රෝග ලක්ෂණ නරක අතට හැරෙන්නට පුලුවන්.මෙම ඉරියව්වෙන් නිදන විට ඔබ නින්දෙන් ගෙරවීමට ඇති ඉඩකඩ ද වැඩියි.ඔබ නිද්‍රා ඇප්නියා (නින්දේදී තාවකාලිකව ශ්වසනයට බාධාවී නින්දෙන් ගෙරවීමට පටන්ගැනීම) තත්වයෙන් පෙළෙනවා නම් මෙම ඉරියව්වෙන් නිදාගැනීම හිතකර නොවේ.
කොහොමවුණත් නින්දෙන් අවදි වූ පසු නිතර බෙල්ලේ වේදනාව දැනෙයි නම් මෙම ඉරියව්වෙන් නිදාගැනීම ඔබට යම් සහනයක් සලසාවි. මෙම ඉරියව්වේදී හිසට, බෙල්ලට සහ කොඳු ඇට පෙළ සාමාන්‍ය ඉරියව්වෙන් පැවතීමට හොඳ සහයක් ලැබෙයි.කලලය වෙත ඔක්සිජන් හා රුධිර ප්රවාහයට බාධා ඇතිවිය හැකි නිසා ගැබිනි මවුවරුන්ට ද මෙම නිදන ඉරියව්ව නිර්දේශ නොකරයි.
- වම් අත පැත්තට හැරී නිදාගැනීම

වම් පැත්තට හැරී නිදාගැනීම ජීර්ණ ක්‍රියාවලියේ ක්‍රමවත් නියාමනයට සහය දෙන බව සඳහන් වෙනවා.මෙම ඉරියව්වේදී ගුරුත්ව බලය මඟින් බඩවැල් වල සාමාන්‍ය ක්‍රියාකාරීත්වය සිදුවීමට වැඩි රුකුලක් ලබාදෙනවා.මෙම නිසා පසුදා උදෑසන අවදි වූ පසු නිසි ලෙස මලපහ බැහැර වී යයි.මලබද්ධය ඇතිවීම අවම කිරීමට අමතරව වම් පැත්තට හැරී නිදාගැනීම සිරුරේ නීරෝගි බව වැඩිවීමට වගේම කොන්දේ වේදනා සමනය වීමට ද ප්රතිලාභ දෙන බව සොයාගෙන තිබෙනවා.
- දකුණු පැත්තට හැරී නිදාගැනීම

හෘද ස්පන්දනය වැඩිවෙන බව නිතර නිතර දැනෙයි නම් ඔබේ දෛනික කැෆේන් පරිභෝජනය අවම කිරීම, ආතතින් දුරුකරගැනීමට භාවනා,යෝගා වැනි උපක්‍රම අනුගමනය කිරීම වැනි සෞඛ්යාරක්ෂිත පුරුදු අනුගමනය කිරීමට පටන්ගැනීම වඩාත් සුදුසුයි.මේ වගේ හිතකර පුරුදු වලට අමතරව නිදාගැනීමේදී දකුණු පැත්තට හැරී නිදාගැනීම ද ඔබේ හෘද සෞඛ්‍යයට ප්රතිලාභ දෙයි.හෘද අකරණිය (අක්‍රීයවීම) සහ වෙනත් හෘදය ආශ්රිත රෝග ගැටලු මතුවීම් වලට එරෙහිව ආරක්ෂා කිරීමට මෙම ඉරියව්ව බොහෝදුරට සමත්වේ.
- උදරය මත වැතිරී නිදාගැනීම

මුණින් අතට වැතිරී නිදාගැනීමේදී නින්දෙන් ගෙරවීම අඩුවෙයි.කෙසේවෙතත් අනෙක් ඉරියව් වලට සාපේක්ෂව මෙම ඉරියව්ව වඩාත් ගැටලුකාරීය.මෙම ඉරියව්වේදී කොඳු ඇට පෙළේ ස්වභාවික ඉරියව්වට බාධාවෙයි.මුණින් අතට නිදාගෙන සිටින විට කොන්ද, බෙල්ල සහ උරහිස් වල වේදනාවන් මතුවිය හැකියි.එමෙන්ම ඉක්මනින් සම වියපත් වී යාමේ ප්‍රවණතාවක් ද ඇතිවිය හැකියි.