කාන්තා පිරිමි දෙපාර්ශවයම සුදු වෙන්නට හරිම කැමතියි නේ. සුදු වෙන උන්මාදය නිසා බොහෝ දෙනෙක් අධික මිල ගණන් වියදම් කරලා සමට අහිතකර නිෂ්පාදන පවා භාවිතා කර සමේ තිබුණු පැහැපත් බවත් නැති කර ගන්නා අවස්ථා ඕනෑ තරම්. මොකද බ්ලීචින් අඩංගු නිෂ්පාදන අපේ සමට ඇති කරන බලපෑම් ඉතාම හානිදායකයි. සමේ පිළිකා ඇතිවීම වගේම ලේ වලට විෂ ඇතුළු වීම ආදි බරපතළ ගැටලු මෙවැනි නිෂ්පාදන හේතුකරගෙන ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි අවදානමක් නොගෙන නිවසේ තියෙන ස්වභාවික දේවල් වලින් අපේ සම සුදු කරගන්න පුළුවන් බව ඔබ දන්නවා ද? ඉතින් ඒ නිසාවෙන් අපි අද ඔබට කියන්නට යන්නේ අර්තාපල් භාවිතා කර සුදු වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව.

සම සුදු කරගැනීම සඳහා
- අවශ්‍ය ද්‍රව්‍ය
අර්තාපල් යුෂ තේ හැඳි තුනක්
මී පැණි හැඳි දෙකක්
මේ ද්‍රව්‍ය දෙකම හොඳින් මිශ්‍රකර පිරිසිදු කරගත් මුහුණේ විනාඩි විස්සක පමණ කාලයක් ආලේප කර තබා සෝදා හරින්න. මේ සත්කාරය දිනපතා භාවිතා කිරීම මගින් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.
2.අවශ්‍ය ද්‍රව්‍ය
සිහින්ව ගා ගත් අර්තාපල්
කහ
අවශ්‍ය ප්‍රමාණයන්වලින් මේ දේවල් එකතු කර මිශ්‍රණයක් සකසා ගෙන මුහුණේ ආලේප කරන්න. මෙමගින් මුහුණේ ඇති අඳුරු පෙනුම දුරුකර පැහැපත් කරගන්නට පුළුවන්. දිනපතාම මෙය ආලේප කිරීම වැදගත්.
3.අවශ්‍ය ද්‍රව්‍ය
අර්තාපල් ගෙඩි භාගයක යුෂ
බිත්තර සුදු මදය
මේ ද්‍රව්‍යයන් දෙක ඉතා හොඳින් මිශ්‍රකර මුහුණේ ආලේප කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. මෙය සතියකට දෙවතාවක් සිදු කිරීම සුදුසුයි.

- අවශ්‍ය ද්‍රව්‍ය
ආමන්ඩ් තෙල්
ගාගත් අර්තාපල්
මී පැණි
මේ සියල්ල හොඳින් මිශ්‍රකර ආලේපයක් මෙන් සාදාගෙන එය මුහුණේ ආලේප කර විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර ඇල් ජලයෙන් සෝදා හරින්න.
5.අවශ්‍ය ද්‍රව්‍ය
තම්බාගත් අල භාගයක්
කස්තුරි කහ මේස හැඳි එකක්
සුදු හඳුන් මේස හැඳි එකක්
රෝස වතුර
මුලින්ම රෝස වතුර එකතු කර තම්බා ගත් අල ටික බ්ලෙන්ඩර් කරගන්න. ඉන්පසු ඉතිරි සියල්ල එකතු කර හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි තිහක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.
6.අවශ්‍ය ද්‍රව්‍ය
තම්බා ගත් අර්තාපල් ගෙඩියක්
දෙහි යුෂ
මී කිරි හෝ යෝගට්
මී පැණි
මේ සියල්ල එකට මිශ්‍රකර සාදාගත් ආලේපය මුහුණේ ආලේප කර විනාඩි තිහක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. මෙය සතියකට දින තුනක් පමණ කිරීමෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.
7.අවශ්‍ය ද්‍රව්‍ය
අර්තාපල් යුෂ මේස හැඳි දෙකක්
හාල් පිටි මේස හැඳි 2
දෙහි යුෂ ස්වල්පයක්
මී පැණි හැන්දක්
මේ සියල්ල හොඳින් මිශ්‍රකරකර පේස්ට් එකක් ආකාරයට සාදා ගන්න. ඉන් පසුව පිරිසුදු කරගත් මුහුණේ මෙය ආලේප කර විනාඩි පහළොවක් විස්සක් පමණ කාලයක් තියෙන්නට හැර හොඳින් වියළුණු පසුව වතුර භාවිතා කරමින් රවුම් අතට පිරිමදිමින් සෝදා ඉවත් කර ගන්න. මේ සත්කාරය සතියකට දෙවරක් සිදු කිරීම ප්‍රමාණවත්.
සමේ දිදුලන පෙනුමක් ඇති කර ගැනීමට
සමේ වර්ණය වගේම එහි දිලිසෙන ස්වභාවය ඔබේ රූප ස්වභාව වැඩි කරන්න විශාල බලපෑමක් ඇති කරනවා. ඒ නිසාවෙන් සමේ දිදුලන බවක් ලබා ගන්නත් අපිට මේ අර්තාපල් භාවිතා කරන්නට පුළුවන්.
1.අවශ්‍ය ද්‍රව්‍ය
අර්ධ අප ලෙස තේ හැඳි දෙකක්
එකක් පිපිඤ්ඤා යුෂ තේ හැඳි දෙකක්
පන්අණුක තන්ුක කරන ලද ලද් දෙහි යුෂ තේ හැන්දක්
මේ ද්‍රව්‍යයන් සියල්ල හොඳින් මිශ්‍රකර සම මත ඒකාකාරීව ආලේප කර විනාඩි 15 ක් පමණ තිබෙන්නට හැර සීතල වතුරෙන් සෝදා ගන්න. මෙය සතියකට වරක් භාවිතා කරන්නට පුළුවන්.
2.අවශ්‍ය ද්‍රව්‍ය
මී පැණි තේ හැන්දක්
අර්තාපල් යුෂ තේ හැඳි දෙකක්
ලෙමන් යුෂ තේ හැඳි දෙකක්
මේ ද්‍රව්‍යයන් සියල්ලම හොඳින් මිශ්‍රකර සාදාගත් ආලේපනය පිරිසිදු කරගත් මුහුණේ සහ බෙල්ලේ හොඳින් ආලේප කරන්න. විනාඩි 15 ක් පමණ තියෙන්නට හැර ඇල් ජලයෙන් සෝදා හරින්න. මේ සත්කාරය දවසක් හැර දවසක් සිදුකිරීම මගින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
කුරුලෑ ලප කැළැල් ආදියෙන් මිදෙන්නට
- අවශ්‍ය ද්‍රව්‍ය
අර්තාපල් යුෂ
තක්කාලි යුෂ
මී පැණි මේස හැඳි දෙකක්
මේ ද්‍රව්‍යයන් අවශ්‍ය ප්‍රමාණවලින් ගෙන එයට මී පැණි මේස හැඳි දෙකක් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. .මේ ආලේපනය කුරුලෑ ඇති ස්ථානවල ආලේප කිරීමෙන් මේ කුරුලෑ වදයෙන් ඔබට මිදෙන්නට පුළුවන්.
මුහුණේ කිසිදු ආලේපනයක් ගැල්විය නොහැකි තෙල් සහිත සම සඳහා
1. අවශ්‍ය ද්‍රව්‍ය
තම්බාගත් අර්තාපල් ගෙඩියක්
ඕට්ස්
දෙහි යුෂ කිහිපයක්
මේ ද්‍රව්‍යයන් සියල්ල එකතු කර තලපයක් මෙන් මිශ්‍රණයක් සාදා ගන්න. පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර ඇල් ජලයෙන් සෝදා හරින්න. මේ සත්කාරය සතියකට දෙවරක් සිදු කරන්න.
මුහුණේ රැලි ඉවත් කිරීම සඳහා
සිහින්ව ගාගත් අර්තාපල්
නැවුම් එළකිරි
ග්ලිසරින් බින්දු 3 ක්
මේවා සියල්ල හොඳින් මිශ්‍රකර ආලේපයක් සාදාගෙන සතියකට දෙවතාවක් මුහුණේ හොඳින් ආලේප කර විනාඩි පහළොවක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. එමගින් මුහුණේ රැළි ස්වභාවය නැතිකරගන්න පුළුවන්. මෙය සතියකට දෙවතාවක් පමණ සිදු කිරීම ප්‍රමාණවත්.
ඇස් යට කළු වීම සඳහා
අර්තාපල් පෙති දෙකක් ගෙන ඇස් මත විනාඩි පහළොවක් විස්සක් තියෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. දිනපතා මේ සඳහා කාලය වෙන් කරගෙන මෙය සිදු කරන්න.
මේ සත්කාරවලින් ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා ගන්නට නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ සම ගැඹුරින් පිරිසුදු කර ගැනීම පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම සමේ ඇති මැරුණු සෛල ඉවත් කිරීම සඳහා සතියකට වරක් දෙවරක් scrub කිරීමත්, ටෝනර් කිරීමත් අනිවාර්යෙන්ම ඔබ සිදුකල යුතුයි.
ඔබ හිරු එලියට නිරාවරණය වෙනවා නම් ඒ සඳහා සුදුසු හිරු ආවරණ ආලේපනයක් ගැල්වීමටත් අමතක කරන්න එපා. ඒ විතරක්ම නෙමෙයි සීනි,තෙල්,පිටි අධික කෘතීම ආහාරපාන වලින් වැළකී ස්වභාවික එළවළු පලතුරු නිරන්තරයෙන් ආහාර වේලට එකතු කර ගැනීමත්, සුවදායී නින්දක් ලබා ගැනීමත්, මානසික සැහැල්ලුවෙන් ජීවත් වීමත් වගේම දිනකට වතුර වීදුරු අටක් පමණ පානය කිරීමත් ඔබේ රුව රැකගන්න නම් අනිවාර්යයෙන්ම ඔබ පිළිපැදිය යුතු කරුණු අතර වෙනවා.
මේ කරුණු කාරණා පිළිබඳව සැලකිලිමත් වෙමින් ඉහත සඳහන් කළ සත්කාර භාවිත කළොත් ඔබට අදහාගත නොහැකි ප්‍රතිඵල ලබා ගන්නට හැකි වෙනවා නොඅනුමානයි