සමස්ත ජීවිත කාලය පුරාවටම එකම ආකාරයේ නිරෝගී පෙනුමක් පත්වාගෙන යාමට අප හැමෝම කැමති කාරණයකි. ඒ අනුව තරුණ බව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම සඳහා කෘතිමව සිදු කළ හැකි ප්‍රතිකර්ම මෙන්ම ස්වභාවික ව කළ හැකි ප්‍රතිකර්ම බොහොමයක් පවතී. එවැනි ස්භාවික ප්‍රතිකර්ම අතර නොයෙක් ඖෂධීය ආහාර වර්ග ප්‍රමුඛ තැනක් ගනී. එනම් ඒ අතර
බෙලි යනු ඖෂධීය ගුණයෙන් මෙන්ම පෝෂණීය ගුණයෙන් ද අනූන පලතුරකි. ඒ අනුව බෙලි ශාකයේ ගෙඩි, මල්, මුල්, කොළ හා පොතු යන පස්පංගුව ශරීරයට ඉතා ගුණදායක කසායකි. බෙලි ආහාරයට එක්කර ගැනීමෙන් දීර්ඝායුෂ ලබා ගත හැකි අතර ශරීරයේ සිසිලනය කරන පලතුරු විශේෂයකි. විශේෂයෙන් වියපත් වීම පාලනය කරමින් සුපුරුදු තරුණ පෙනුම පවත්වාගෙන යාම සඳහා ද බෙලි ඉතා යෝග්‍ය වන අතර බෙලි යොදාගනිමින් සකසන යුෂ පානය කිරීම වඩාත් සුදුසු වේ. එනම් මේ සඳහා හොඳින් ඉදුණු බෙලි ගෙඩියක මැද පවතින මැලියම් කොටස ඉවත් කර අවශ්‍ය පමණට සීනි ලුණු සහ දෙහි එක්කොට පානයක් සකසා උදෑසනට හිස්බඩ පානය කිරීම වඩාත් යෝග්‍ය වේ.

වියපත්වීම පාලනය කරමින් තරුණ බව රැක ගැනීමට උපකාරී වන තවත් ඖෂධයක් ලෙස ඉරමුසු පෙන්වාදිය හැකිය. හිසකෙස් වල නිරෝගිභාවය සඳහා, ශරීරයෙහි දැවිල්ල අවම කරමින් සිසිලසක් ලබා දීම සඳහා, මුත්‍රා රෝග සඳහා මෙන්ම නිරෝගී පෙනුමක් ලබාගැනීම සඳහා ද ඉරමුසු වඩාත් යෝග්‍ය වේ. ඉරමුසු සිසිල් පානයක් ලෙස මෙන්ම උණුසුම් පානයක් ලෙස ද සකසා ගත හැකිය. ඉරමුසු වැල් ගෙන කුඩා කැබලි වනසේ කපා හොඳින් සෝදා වියළා ගෙන එයට උණු වතුර එක්කර මද වේලාවක් තිබෙන්නට හැර පානය කිරීම මගින් හා සිසිල් ජලය, කස කසා ඇට සහ සීනි එක් කරමින් සිසිල් පානයක් ලෙස සකසා ද පානය කළ හැකිය.
රසකිඳ ඖෂධය මගින් ද තරුණ පෙනුම රැකගත හැකියි. රක්තවාතය, හන්දිපත්-රුදාව, ලේවල දෝෂ, සමේ රෝග, අර්ශස්, හෘදය වස්තුවේ දුර්වලතා, ශරීරයේ දැවිල්ල ගතිය ආදී වශයෙන් ලෙඩ රෝග රැසකට ද රසකිඳ යෝග්‍ය වේ. මෙය ඉතා පහසුවෙන් වගා කරගත හැකි ඖෂධයක් වන අතර ඒවා කපා පිරිසිදු කර හොඳින් වියළා කල් තබා ගත හැකි ය. අවශ්‍ය වූ විට තම්බා එම ජලය පානය කිරීම වඩාත් සුදුසු වේ. මෙමගින් වියපත් වීම පාලනය කරමින් නිරෝගීමත් සිරුරක් ලබාගැනීමට හැකියාව ලැබේ.
සියඹලා මගින් ද සිරුරේ තරුණබව ආරක්ෂා කර ගත හැකිය. මීට අමතරව ශරීරයේ ඇතිවන ආහාර අරුචිය, මල බද්ධය,අධි රුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝගී තත්වයන්ට ද ගුණදායක වේ. සිරුරේ සැහැල්ලු බව ඇති කරවන අතරම විටමින් සී ඌනතාවයෙන් පෙළෙන පුද්ගලයින් හට දෙහි ඇඹුල් සියඹලා බොර සමඟ මිශ්‍රකර පානය කිරීමට ලබා දෙයි. ඊට අමතරව ඉදුණු සියඹලා කරල් වල ඇට ඉවත් කර හොඳින් පොඩිකර ඊට සීනි, ලුණු, කුරුදු පොතු, එනසාල් කුඩු ස්වල්පයක් එකතු කර පානයක් සේ සකසා පරිභෝජනය කිරීම තරුණ බව රැක ගැනීම සඳහා වඩාත් යෝග්‍ය වේ.

පොකුරු වදමල් යනු ශරීරයේ තරුණ බව රැක ගැනීමට මෙන්ම රුධිරය පිරිසිදු කරන, රුධිරයේ හිමොග්ලොබින් ප්‍රතිශතය වර්ධනය කරන සහ කාන්තාවන්ට සුවිශේෂී දායකත්වයක් දක්වන ඔසුවකි. විශේෂයෙන් මෙම පොකුරු වද මල් නටන උණු වතුරට එක්කර මද වේලාවක් වසා තබා මල් ටික ඉවත් කර අවශ්‍ය පමණට සීනි ලුණු සහ දෙහි එක්කර පානයක් සකසා පරිභෝජනය කිරීම මගින් ශරීරයට ඉමහත් ඵල ප්‍රයෝජන ලැබේ.
අලිගැට පේර මගින්ද ශරීරයේ තරුණ බව රැකගත හැකිය. මෙහි පවතින විටමින් ඊ, මේද අම්ල ඇතුළු සෙසු සංඝටක මගින් සම නිරෝගිමත් කරන අතර සමේ වියළි බව නැති කරමින් තෙතමනේ සහිත සිනිඳු සමක් ලබාදීමටද උපකාරී වේ. අලිපේර පානයක් ලෙස සකසා පරිභෝජනය කිරීම මගින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.
විටමින් සී බහුලව අඩංගු වන එළවළුවක් මෙන්ම පලතුරක් සේ සැලකෙන තක්කාලි මගින් සිරුරේ කොලැජන් ශ්‍රාවය වීම උත්තේජනය කරනු ලබයි. එමගින් සමේ ත්‍රීව්‍ර භාවය ඇති කරන අතරම අහිතකර හිරු රශ්මියෙන් සමට සිදුවන හානි දායක තත්වයන් ද වළකාලනු ඇත. මේ නිසා තරුණ බව රැක ගැනීමට තක්කාලි ආහාරයට එක් කර ගැනීම ද ගුණදායකය.
ඉහත දක්වා ඇති ආහාර පාන පරිභෝජනය කිරීම මගින් වියපත් වීම පාලනය කරමින් තරුණ පෙනුම වැඩි කාලයක් රඳා පවත්වා ගැනීමට හැකියාව ලැබේ.