සංසර්ගයට පෙර හෝ අතරතුර ඉතා අඩු කාලයකින් ශුක්‍රාණු පිටවීමේ තත්වය (premature ejaculation) දිගින් දිගටම පැවතීම සබඳතා වල ගැටලු ඇතිවීමට හේතු වේ.මෙය පුරුෂ ලිංගික ගැටලු අතරින් වඩාත් බහුලව හඳුනාගැනෙන ගැටලුවකි.තක්සේරු වලට අනුව ලෝක ජනගහනයෙන් වයස අවුරුදු 18-59 අතර පුරුෂයින් අතරින් තුන් දෙනෙකුගෙන් එක් අයෙක් මේ ගැටලුවෙන් පීඩාවිඳියි. ක්ෂණික මෝචනය ගැටලුවෙන් පෙළෙන පුරුෂයින් තුළ කාංසාව, ආතතිය, ලැජ්ජාවෙන් අපහසුතාවට පත්ව සිටින හෝ විශාදයිය ලක්ෂන හඳුනාගත හැකිය.මේ තත්වයට නිසි වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබාගැනීම වැදගත්ය.
ආයුර්වේදයට අනුව මේ ගැටලුවට බලපාන ප්‍රධාන බලපෑම් සාධයක් වන්නේ වාත දොස් (ශුක්‍රගත වාත) කිපීමයි.සිරුරේ වාත දොස් උග්‍ර වීමෙන් මනස අධිඋත්තේජනය වී ශුක්‍රාණු මෝචනය කෙරෙහි පුද්ගලයා තුළ ඇති පාලනය ගිලිහී යයි.එහි ප්‍රතිඵලයක් ලෙස කෙටි කාලයක් තුළ ශුක්‍රාණු පිටවීම හෙවත් ක්ෂණික මෝචනය සිදුවෙයි.මනස දුර්වල මට්ටමක පැවතීම ශුක්‍රාණු පිටවීම ප්‍රමාද කිරීමේ හැකියාව නැතිකර ලිංගික තෘප්තිය (සුරතාන්තය) ලැබීමට බාධා ඇතිකරන බව විශ්වාස කරයි.මානසික සතුට (‘සුප්‍රසන්න මන’) හා සූදානම යහපත් ලිංගික සබඳතාවකට ඉතා වැදගත් බව පෙන්වාදේ.
ශුක්‍රගත වාත ගැටලුවලින් පෙළෙන පුද්ගලයින් ගැබ්ගැන්වීමේ නොහැකියාව,ක්ෂණික මෝචනය හා ශුක්‍ර මෝචනය ප්‍රමාද වීම යනාදී ලිංගික ගැටලු වලට ලක්විය හැකියි.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ක්ෂණික මෝචනය ගැටලුවට ප්‍රතිකාර කෙරෙන ක්‍රම හා ඖෂධ පිළියම් ඇත. ආයුර්වේදයේ මෙම ගැටලුවට ප්‍රතිකාර කිරීමේදි වාජිකරණ (රතිප්රබෝධක) හා වාතහර චිකිත්සක මෙන්ම ශුක්රස්ථම්භක (ක්ෂණික මෝචහනය හෝ ශුක්‍ර මෝචනය ප්‍රමාදවීම යන ගැටලු දුරුකරන) ඖෂධ භාවිත කරයි.
ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම

- විරේචන (පිත ගැටලු වලදී යොදාගන්නා ප්‍රධාන ප්‍රතිකර්මයක් වන මෙමඟින් සිරුරේ කිපී ඇති දෝෂ හා විෂ අපද්‍රව්‍ය ගුද මාර්ගයෙන් බැහැර වීමට සලස්වයි)
- භස්ති (වස්ති කිරීම හෙවත් ඖෂධ තෙල්, කසාය හා මිශ්‍රණ ගුද මාර්ගයෙන් ඇතුල් කර ප්‍රතිකාර කිරීමයි.දශමූල,කුර්චි හා රස්න වැනි ඖෂධ භාවිත කරයි.මෙය කිරීමට පෙර හිස්බඩ සියුම් සම්බාහනයක් හා මෘදු තැවීමක් කළ යුතුය.ක්ෂණික මෝචනය ගැටලුවෙන් පෙළෙන අයට ‘උත්තර භස්ති’ හා ‘නිරූහ භස්ති’ යන ක්‍රම දෙකෙන් ප්‍රතිකාර කරයි)
- තෙල් සම්බාහනය සමඟින් ලබාදෙන තාප ප්‍රතිකාරය (සිරුර සැහැල්ලු හා ප්‍රාණවත් කරයි.අභ්‍යන්තර සමතුලිතතාව හා පේශී ශක්තිය මෙන්ම ස්නායු පද්ධතිය ප්‍රවර්ධනය කරයි.පේශී වේදනා,විශාදය හා ඔස්ටියෝආතරයිටිස් වැනි ගැටලු වලට ප්‍රතිකාර කරයි).
- ‘ස්නේහපන’-ගිතෙල් මිශ්‍ර ඖෂධ පැළෑටි හෝ බෙහෙත් ලබාදීමයි.එළකිරි වලින් සාදන ගිතෙල් ආයුර්වේද කසාය හා ඖෂධ සමඟ මිශ්‍ර කර උණු කරයි.පුද්ගලයාගේ ජීර්ණ ධාරිතාව,සිරුරේ දෝෂ,වයස හා සෞඛ්‍ය තත්වය අනුව මාත්‍රාව වෙනස්වේ.මෙය හිස්බඩ සිදුකරන ප්‍රතිකාරයකි.
- ‘ශිරෝධර’ (ඖෂධීය දියර හිස මතට එක්තරා රටාවකින් වැක්කිරීමයි.තෙල්, කසාය, වතුර, එළකිරි, පොල්වතුර හෝ බටර්මිල්ක් වැනි දියර ද භාවිත වේ.ආතති මට්ටම් අඩුකිරීම,නින්ද හා මනසේ සන්සුන්බව වැඩිවීම මින් ලැබෙන ප්රතිලාබයි.මතකය අඩුවීම, ඉන්සොම්නියාම් චර්ම ගැටලු හා ස්නායු ආබාධ වලට ප්‍රතිකාර කිරීමට ද යොදාගනියි)
ආයුර්වේද ඖෂධ වර්ග

- අමුක්කරා-ප්‍රතිශක්තිය වඩවයි.සිරුරේ අප්‍රාණිකබව අඩුකිරීම,වියපත්වීම පාලනය කිරීම, චර්ම රෝග සුවකිරිම හා රූමැටික් ඉදිමීම් රෝග ලක්ෂණ සමනය කිරීම වැනි ප්රතිලාභ දෙයි.ශුක්‍රාණු ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි. හෝර්මෝන ප්‍රතිජනනය කරයි.අමුක්කරා හෙවත් අශ්වගන්ධ කුඩු ගිතෙල් සමඟ මිශ්‍ර කර, ඖෂධීය වයින්, කසාය ආකාරයෙන් ලබාගත හැකිය.
- සාදික්කා-කටුක රසයෙන් යුත් ප්‍රබල සුවඳක් ඇති ,සිරුරට ගුණදායි සගන්ධ තෙල් අඩංගු ඖෂධයකි. දුර්ගන්ධය දුරුකරයි.සෙම් දොස් සමනය කරයි.උද්දීපන හා කසට ගුණ අඩංගුය.චූර්ණයක් ආකාරයෙන් සකසා වමනය,පාචනය,බඩවැල් ඉදිමුම් රෝග, ශුක්‍රගත වාත හා මුඛ රෝග වලට ප්‍රතිකාර කරයි.
- එඬරු- ස්නායු, ආහාර ජීර්ණ, මූත්‍රා හා ප්‍රජනන පද්ධති නීරෝගි කරයි.වාත මූලික රෝග වලට හොඳ ඖෂධයකි.රක්තපාතය,සයටිකා,මූත්‍රා ගල්,ක්ෂණික මෝචනය, මලබද්ධය හා ජෝන්ඩිස් තත්වයට ප්‍රතිකාර කිරීමේදි යොදාගැනේ.පේස්ට්,ආලේපනයක්, කසාය, තැම්බුම්සාරය වශයෙන් ලබාගත හැකියි.

- හාතාවාරිය- රුධිර සංසරණ, ශ්වසන හා ප්‍රජනන පද්ධති නීරෝගිකරයි.කාමෝද්ධීපක හා පුෂ්ටිකර ගුණාංග අඩංගු නිසා ප්‍රජනන පද්ධති ආශ්‍රි ගැටලු සමනය කිරීමට උපකාර කරයි.ලිංගික බෙලහීනතාව,හර්පීස්,අප්‍රාණිකබව,විජලනය,නිසරුබව,ලියුකෝරියා හා අතීසාරය වැනි රෝග වල ලක්ෂණ පාලනය කරයි.ලිංගික ක්රියාකාරීත්වයන් වැඩිදියුණු කරයි. ශුක්‍ර තරල නිෂ්පාදනය ඉහළ දමන අතර රුධිරය පිරිසිදු කරයි.
- ලුණුවිල- ආයුර්වේදයේ සඳහන් වන පරිදි සිරුර ප්‍රාණවත් කරවන හොඳම ඖෂධ වලින් එකකි.රුධිර සංසරණ, ආහාර ජීර්ණ හා ප්‍රජනන පද්ධති නීරෝගිකරයි.ස්නායු ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි.ස්නායු රෝග, ක්ෂණික මෝචනය,අක්මා ගැටලු, රක්තපාතය, බඩවැල් රෝග හා චර්ම රෝග වලට ගුණදායිය.ප්‍රතිශක්තිය හා ආයුෂ වඩවයි.තැම්බුම්සාරය,තෙල් මිශ්‍ර චූර්ණ, කසාය ලෙස සකසා භාවිතයට ගත හැකියි.
- ‘නර්සිම්හා චූර්ණය’ (ගොකටු,වියලි ඉඟුරු,රසකිඳ,සීනි,තල,මී පැණි,තිප්පිලි,රත්නිතුල් හා හාතාවාරිය අඩංගු ඖෂධයකි), ‘වනාරි කල්ප’ (එළකිරි,වඳුරු මෑ,සීනි හා ගිතෙල් මිශ්‍ර ශක්තිවර්ධක හා කාමෝද්දීපක හා මනෝචිකිත්සක ගුණ ඇති ඖෂධයකි.) ආයුර්වේදයේ ක්ෂණික මෝචනය නම් ලිංගික ගැටලුවට ප්‍රතිකාර කිරීමේදී භාවිත කෙරේ.
- මෙම ඖෂධ භාවිතයට පෙර නිසි ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබාගන්න.
උපදෙස්
- නැවුම් එළවළු (ලූනු, සැල්දිරි ඇතුළු),පලතුරු, ඉඟුරු, මී පැණි, නට් වර්ග, මාලු, ධාන්‍ය,මහදුරු පරිභෝජනයට ගන්න.
- තේ හා කෝපි පානය කිරීම සීමාකරන්න.
- දුම් බීමෙන් හා මත්පැන් බීමෙන් වළකින්න.
- ‘සර්වාංගසන’ (උරහිසින් නැගීසිටීම), ‘මත්ස්‍යාසන’ (මාලු ඉරියව්ව) හා ‘හලාසන’ (නගුල් ඉරියව්ව) වැනි යෝගාසාන පුහුණුවන්න.
- සැකසුම් ක්‍රියාවලියට ලක්කළ ආහාර වලින් වළකින්න.