ධමනි ලෙස හඳුන්වන්නේ හදවතේ සිට ශරීරය පුරා ඔක්සිජන් බහුල රුධිරය විවිධ පටක වලට ලබා දෙන රුධිර නාල වලටයි. නීරෝගී ධමනි වල අභ්‍යන්තර ආස්තර වඩාත් මෘදු ලෙස පිහිටා ඇති නිසා මොළයේ සිට පාදයේ ඇඟිලි දක්වාම පහසුවෙන් රුධිරය ඒවා හරහා ප්‍රවාහය වෙයි. ධමනි මාර්ග පිරිසිදුව පවතින තාක් හෘදයාබාධ,ආඝාතය වැනි හෘද ගැටලු ඇතිවීමේ අවදානම ඉතා අවමයි.කෙසේවෙතත් විවිධ හේතුසාධක බලපෑමින් ධමනි බිත්ති තුළ මේදමය ද්‍රව්‍ය තැන්පත්වීමෙන් ධමනි අවහිර වී රුධිර ප්‍රවාහයට බාධා ඇතිවීමට පටන්ගනියි. මෙම මේදමය ද්‍රව්‍ය සෑදී තිබෙන්නේ මේද, කොලෙස්ටරෝල්, කැල්සියම්, සෛලීය අපද්‍රව්‍ය සහ ෆයිබ්‍රින් වැනි රුධිරයේ සංසරණය වන විවිධ ද්‍රව්‍ය වලින්ය. මෙසේ ධමනි අවහිර වීම හෝ සිහින් වීයාම atherosclerosis නම් තත්වයයි.ධමනි අවහිර වී ඇති බව බොහෝ විට හඳුනාගැනීමට ලැබෙන්නේ එම පුද්ගලයා තුළ ඇන්ජිනා තත්වය හෙවත් අධික වෙහෙස නිසා පපුවේ රිදුම් ඇතිවීමකදී ,ඇතැම් විට ආඝාතය හෝ හෘදයාබාධයකට ලක්වීමේදී වැනි අත්දැකීමක් මුල් වරට ඇතිවුණු විටදීය.
ඔබේ ධමනි සෞඛ්‍ය සම්පන්නව හා අවහිරයකින් තොරව තබා ගැනීම ඉතා වැදගත් වේ. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීමෙන් සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමෙන් ඔබට මෙය කළ හැකිය. ධමනි පිරිසිදුව තබා ගැනීමට සහ හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට විශේෂයෙන් ප්‍රයෝජනවත් වන ආහාර ලැයිස්තුවක් පහත දැක්වේ.

මාලු මාලු වර්ග වල සෞඛ්‍යයට හිතකර ඔමේගා-3 මේද අම්ල බහුලයි.ධමනි අවහිර වීමට බලපෑ හැකි රුධිරයේ ඇති කොලෙස්ටරෝල් මට්ටම් කෙරෙහි හිතකර බලපෑමක් ඇතිකිරීමට මෙම මේද අම්ල වලට හැකියි.හුරුල්ලෝ,ටූනා,මැකරල්,සැමන් වගේ මාලු වර්ග ඔබේ හෘද සෞඛ්‍යයට ඉතා ගුණදායකයි.
පැඟිරි පලතුරු පැඟිරි කුලයේ පලතුරු පරිභෝජනය සංන්‍යස්ත පීඩනය (හෘද ස්පන්දනය වීමේදී රුධිර නාළ තුළ ඇතිවන පීඩනය) අඩු වීම සඳහා ප්‍රතිලාභ දෙන බව අධ්‍යයන වල දැක්වෙනවා. ස්ටෙනෝසිස් හෙවත් සිරුරේ අස්ථි හෝ ස්නායු පටුවීම අවම කරයි. ස්කර්වි හෙවත් ශීතාද රෝගයට ( විටමින් C ඌනතාවයෙන් සෑදෙන රෝගයකි) ප්‍රතිකාර කිරීමට ද අතීත වෛද්‍ය ක්‍රම වල මෙම පලතුරු භාවිත කර තිබෙනවා.ඝන තන්තු බහුල ආහාර සිරුරේ ධමනි අවහිර වීම වළක්වන බව බොහෝ වෛද්‍ය අධ්‍යයන මඟින් පෙන්වාදෙනවා. දොඩම්, දෙහි,ලෙමන්,ග්‍රේප්ෆෘට් වගේ පැඟිරි පලතුරු ඉතා ගුණදායිය
හණ ඇට (ෆ්ලැක්ස්සීඩ්ස්) ධමනි වල නීරෝගීබව සඳහා ඉතා ගුණදායි ආහාරයක් තමයි හණ ඇට.ප්‍රාථමික හා ද්විතියික හෘද්වාහිනි රෝග (cardiovascular disease) අවදානම අවම කරගැනීමට හණ ඇට වල අඩංගු සෞඛ්‍ය ප්‍රතිලාභ හේතුවෙනවා.හණ ඇට වල ඔමේගා- 3 මේද අම්ල , තන්තු සහ ෆයිටෝඊස්ට්‍රජන් (ශාක රසායනයක්) වැනි හෘද සෞඛ්‍ය වැඩිදියුණු කරවන පෝෂණ ගුණ බහුලයි.

කහ කහ වල අඩංගු කර්කියුම් නම් සක්‍රීය සංඝටක ඔබේ හෘද සෞඛ්‍ය ආරක්ෂා කිරීමට ප්‍රතිලාභ දෙනවා.එමෙන්ම හෘද රෝග අවදානම් ඉහළ යාමට තුඬු දිය හැකි සිරුරේ ජීර්ණ හා පරිවෘත්තිය ගැටලු තත්වයන් දුරුකරවයි.
ග්‍රීන් ටී දිනකට ග්‍රීන් ටී කෝප්ප 5ක් පමණ පානය කරන පුද්ගලයෙකු තුළ හෘදයාබාධ හෝ ආඝාතය ඇතිවීමට හැකි අවදානම 26%ක් තරම් අවම අගයක් බවයි. මෙම අධ්‍යයනය සිදුකර තිබුණේ ජපන් ජාතිකයින් 40,530කු ආශ්‍රිතවයි. දිනපතා ග්‍රීන් ටී පානය කිරීමෙන් ඔබේ සිරුරට බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ උදාකරගත හැකියි.
කුරුඳු ස්වභාවික කුරුඳු වල ප්‍රතිඔක්සිකාරක,ප්‍රතිප්‍රදාහක ගුණ මෙන්ම හෘද රෝග වැලඳීමේ අවදානම අවම කරවන ඖෂධීය ගුණ ද අඩංගුයි.දෙවන කාණ්ඩයේ දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින් තුළ ග්ලූකෝස් සහ ලිපිඩ මට්ටම් කෙරෙහි හිතකර බලපෑමක් ඇතිකිරීමට කුරුඳු වලට හැකියාව ඇති බව වෛද්‍ය අධ්‍යයන වල සඳහන් වෙනවා.කුරුඳු මඟින් සිරුරේ ඇති කොලෙස්ටරෝල් මට්ටම්, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් (LCL ) හෙවත් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම් සහ ට්‍රයිග්ලිසරයිඩ (රුධිරයේ පවතින ලිපිඩ) අඩුකරවයි.
දෙළුම් දෙළුම් කියන්නේ ගොඩක් දෙනා ප්‍රිය කරන ඉතා රසවත් වගේම ගුණදායි පලතුරක්.දෙළුම් වල අඩංගු ඖෂධීය ගුණ මඟින් හෘද්වාහිනි රෝග කෙරෙහි බලපෑ හැකි බොහෝ සෞඛ්‍ය අවදානම් ගණනාවක්ම මැඩලනු ලබන බව වෛද්‍ය අධ්‍යයන වල දැක්වෙනවා.දෙළුම් මඟින් ඔක්සිකාරක ආතතිය අවම කිරීම සහ නයිට්‍රික් ඔක්සයිඩ සංලේෂණය හා ක්‍රියාකාරීත්වය සඳහා ආධාර කිරීම හරහා හෘද්වාහිනි රෝග අවදානම අවම කරනු ලබනවා.