දිනකට නිවැරදි ප්‍රමාණයට ගත යුතු ආහාර 10 ක්

health tips

දිනපතාම වගේ අපි පාන්, බිත්තර,කෙසෙල් ,එළකිරි වගේ දේවල් පරිභෝජනය කරනවා.ඒත් ඒවා ලබාගත යුතු නිර්දේශිත ප්‍රමාණයන් ගැන බොහෝ විට අප සැලකිලිමත්වන්නේ නැහැ.සිරුරට වැඩිපුර විටමින් හා ඛනිජ ලවණ පෝෂණයක් ලබාගැනීමට සිතා පමණ ඉක්මවා එවැනි ආහාර පරිභෝජනය කිරීම අපේ සෞඛ්‍යයට බොහෝ සෙයින් හානිකර විය හැකි බව පෙන්වාදෙනවා.

එදිනෙදා ජීවිතයේදි අප ආහාරයට ගන්නා ආහාර පාන වල සෞඛ්‍ය සම්පන්න නිවැරදි ප්‍රමාණයන් ගැන ඇතැම් පර්යේෂණ ඇසුරෙන් ලබාදෙන උපදෙස් කිහිපයක් ගැනයි අද අප ඔබට කියන්නේ.

  1. දිනකට කෙසෙල් ගෙඩි 2ක් ආහාරයට ගත හැකියි

කෙසෙල් ආහාරයට ගැනීම මඟින් සිරුරට අත්‍යවශ්‍ය පෝෂක ‍රැසක් මෙන්ම තන්තු ලැබෙනවා.අතුරු ආහාරයක් ලෙස දිනකට කෙසෙල් ගෙඩි 2ක් පමණ ආහාරයට එක්කරගත හැකියි.බඩ පිපුම අඩුකිරීම, ආහාර රුචිය පාලනය කිරීම හා පැසුරුම් කළ සීනි ආදේශකයක් වීම වගේ ප්‍රතිලාභ කෙසෙල් ආහාරයට ගැනීමෙන් ලැබෙනවා.උදෑසන ආහාරය සඳහා කෙසෙල් පමණක් ආහාරයට ගැනීම ප්‍රමාණවත් නැති බව විශේෂඥයෝ උපදෙස් දෙනවා.ඉක්මනින්ම සිරුරට ශක්ති ප්‍රබෝධයක් ලබාදුන්නට් ටික වෙලාවකින් ඔබට මහන්සිය හා බඩගින්න දැනෙන්නට ඇති ඉඩ වැඩියි.

  1. සතියකට බිත්තර 7ක් ආහාරයට ගත හැකියි

හෘද රෝග වලින් පෙළෙන අය අධිකව බිත්තර ආහාරයට ගැනීම නොකළ යුතුයි. අධි රුධිර කොලෙස්ටරෝල් මට්ටමක් ඇති අයට බිත්තර ආහාරයට ගැනීම අඩුම කරන්නට කියා නිර්දේශ කරනවා.දිනකට එක් බිත්තරයක් ආහාරයට ගැනීම සෞඛ්‍යාරක්ෂිතය.නීරෝගි පුද්ගලයෙකු නම් සතියකට බිත්තර 7ක් පමණ ආහාරයට ගැනීම ගැටලුවක් නොවනු ඇත.

  1. දිනකට ලුණු තේ හැඳි 1ක් ආහාරයට ගත හැකියි

වැඩිහිටි පුද්ගලයින් දිනකට ග්‍රෑම් 6කට (ආසන්න වශයෙන් තේ හැඳි 1ක් පමණ) වඩා ලුණු ආහාරයට නොගත යුතුයි.මෙම ප්‍රමාණයට චීස්, චිප්ස්, කෑන් කළ ආහාර ඇතුළු ඔබ එදිනෙදා පරිභෝජනය කරන ලුණු අඩංගු ආහාර ද අදාළයි.කුඩා ළමුන්ට ලුණු ආහාරයට දීමේදී වඩාත් සැළකිලිමත්වන්න.

  • වයස අවුරුදු 1-3 අතර- දිනකට ලුණු ග්‍රෑම් 2ක්
  • වයස අවුරුදු 4-6අතර- දිනකට ලුණු ග්‍රෑම් 3ක්
  • වයස අවුරුදු 7-10 අතර- දිනකට ලුණු ග්‍රෑම් 5ක්
  • වයස අවුරුදු 11 සහ ඊට වැඩි- දිනකට ලුණු ග්‍රෑම් 6ක්

 වශයෙන් පරිභෝජනයට ලබාදීම සුදුසුයි.

  1. දිනකට ඔලිව් තෙල් මේස හැඳි 1 1/2ක් ආහාරයට එක්කරගත හැකියි

ඔලිව් තෙල් මේස හැඳි 1 1/2ක් පමණ දිනකට පරිභෝජනය කිරීම ඔබේ සෞඛ්‍යයට හිතකර ප්‍රතිලාභ ලබාදේ.කෙසේවෙතත් පරිභෝජනය කිරීමේදි වඩාත් ප්‍රවේසම් වන්න.ඉහළ උෂ්ණත්වයක පිසින විට ඔලිව් තෙල් වල ප්‍රයෝජනවත් ගුණ ‍රැසක් නැසී යයි.

  1. දිනකට සීනි තේ හැඳි 6ක් ආහාරයට ගත හැකියි

බොහෝ කාන්තාවන්ට දිනකට සීනි මේස හැඳි 6කට වඩා ආහාරයට ගැනීම නුසුදුසු බව පර්යේෂකයින් පෙන්වාදෙනවා.පිරිමි අයට තේ හැඳි 9ක් දක්වා ආහාරයට ගත හැකියි.වෙනත්  ආකාරයකින් කැලරි කපා නොහැරම, දිනකට සීනි යොදා රස කළ බීම කෑන් එකක් බැගින් පානය කිරීමට පුරුදුව සිටින කෙනෙකුගේ බර වසර 3 කදී රාත්තල් 15ක් පමණ වැඩිවේ.

  1. දිනකට එළකිරි කෝප්ප 3ක් පානය කළ හැකියි

කිරි නිෂ්පාදන පරිභෝජනය හා සම්බන්ධ උපදෙස් වල සඳහන් වන ආකාරයට සිරුරට හිතකර ප්‍රතිලාභ ලබාගැනීමට හා ගැටලු වළක්වාගැනීමට , වැඩිහිටි පුද්ගලයින් විසින් දිනකට එළකිරි කෝප්ප 3ක් (මිලිලීටර් 732ක් පමණ) පානයට ගත යුතු බවයි.කෙසේවෙතත් ඔබ එළකිරි වලට ප්‍රතිරෝධය දක්වන (intolerant) අයෙක් නම් ඒවා පරිභෝජනයේදි වඩාත් සැළකිලිමත් වීම වැදගත්.

  1. දිනකට කලු තේ කෝප්ප 3ක් පානය කළ හැකියි

මේ සම්බන්ධයෙන් සිදුකළ විවිධ අධ්‍යයන 9ක් මඟින්ම පෙන්වා දෙන්නේ දිනකට කලු තේ කෝප්ප 3ක් බැගින් පානය කිරීම ආඝාතය (අංශබාගය) ඇතිවීමේ අවදානම අඩු කරවන බවයි.නමුත්, තේ පානය කිරීමේදි ප්‍රවේසම් විය යුතුයි.ඊට හේතුව තේ වල කැෆේන් අඩංගු වීමයි. ඔබ ඉන්සොම්නියා  (නින්ද නොයාම) තත්වයෙන් පෙළෙන්නේ නම් හෝ වෙනත් පෞද්ගලික සංකූලතාවකින් පෙළෙන්නේ නම් මෙය අවධානයට ගන්න.

  1. දිනකට කලු කෝපි කෝප්ප 4ක් පානය කළ හැකියි

නිරෝගි වැඩිහිටි පුද්ගලයෙකුට දිනකට කෝපි කෝප්ප 4ක් (මිලිලීටර් 945 ක් ) පමණ පානය කිරීම සෞඛ්‍යාරක්ෂිත බව අධ්‍යයන ගණනාවකින්ම පෙන්වාදේ.දිනපතා කෝපි කෝප්ප 4ක් පානය කරන පුද්ගලයින් හට ඕනෑම ආකාරයක අක්මා රෝගයක් වර්ධනය වීමේ ඉඩකඩ අවම වීමට මෙය හේතුවන බව සඳහන්.ඔබේ ආමාශය කෝපි නොඉවසයි නම් හෝ වෙනත් සෞඛ්‍ය ගැටලුවකින් ඔබ පෙළෙනවා නම් හෝ මේ පුරුද්ද අනුගමනය කිරීම එතරම් සුදුසු නැත.

  1. දිනකට දොඩක් ගෙඩි 1ක් ආහාරයට ගත හැකියි

එක් දොඩම් ගෙඩියකින් දිනකට අවශ්‍ය විටමින් C අවශ්‍යතාව සපුරාගැනීමට පුළුවන්.ඒවා අධික ප්‍රමාණ වලින් ආහාරයට ගැනීමෙන් ආමාශයික ආන්ත්‍රික මාර්ගයේ ගැටලු ලක්ෂණ මතුවීමට ඉඩ තිබේ.රාත්‍රියේදි දොඩම් ආහාරයට ගැනීමෙන් වළකින්න.

  1. දිනකට පාන් පෙති 6ක් ආහාරයට ගත හැකියි

ආහාර පාලනය කිරීම සඳහා ලබාදෙන උපදෙස් යටතේ කැලරි අගය 1800-2000ත් අතර වන ‘සෞඛ්‍ය සම්පන්න’  ආහාර වේලකට පාන් පෙති 6ක් පමණ ඇතුළත් කරගත හැකියි.මෙය ප්‍රසාදිත තිරිඟු පිටි වලින් සකසන සුදු පාන් වලින් නම් පෙති 3ක තරම් ප්‍රමාණයකි.