හිසකෙස් රෝග සුව කරන මී පැණි සතු ගුණ 6 ක්

health tips

මී පැණි වල ඖෂමය වටිනාකම් බොහෝ ඉහළය .මී මැස්සන් විසින් මල් පැණි වල රොන් වලින් නිෂ්පාදනය මී පැණි වල පෝෂක අති විශාල ප්‍රමාණයක් අන්තර්ගත වේ. ලෝකයේ ඇති ගුණදායීම ආහාර අතරින් එකක් ලෙස සැලකෙන මී පැණි පැණිරස ආදේශකයක් ලෙසත් භාවිත කරයි. බොහෝ ශිෂ්ටාචාර යුග වල මී පැණි පිලිබඳ ඉතිහාසගත තොරතුරු හඳුනාගන්නට ලැබෙයි. මී පැණි අප්‍රිකාව තුළ බිහිවූවා යැයි පිළිගැනීමක් ඇතත් වසර මිලියන 100 කට අධික කාලයක් තිස්සේ මේවා ලෝකයේ තිබි ඇති බව ද සඳහන්.දෙවියන්ගේ ආහාරය යන අන්වර්ථ නාමය ලත් මී පැණි ආයුර්වේදයේ නැතිවම බැරි වටිනා ඖෂධයකි.

ස්වභාවික මී පැණි එහි පැහැය අනුව ශ්‍රේණිගත කරයි.පැහැදිලි රන්වන් පැහැති ඒවා තද අඳුරු පැහැති මී පැණි වලට වඩා වැඩි මුදලකට වෙළඳපොලේ අලෙවි වේ.ලා පැහැති ඒවායේ මෘදු හා පැණි රස ගතිය වැඩිය.අඳුරු ඒවායේ රසය තරමක් ප්‍රබලය.මී පැණි අමු හා සකස් කළ හෝ පිරිපහදු කළ (processed) ලෙස දෙයාකාරයි.අමු මි පැණි වල එන්සයිම, පරාග කොටස් හා වෙනත් ක්ෂුද්‍රපෝෂක අඩංගුයි.නමුත් මී පැණි පිරිපහදු කිරීමේදී තාපය නිසා මේ පෝෂක විශාල ප්‍රමාණයක් විනාශ වී යනවා.අමු මී පැණි ඉක්මනින් කැට ගැසෙන අතර පෙරාපු ඒවා දිගු කාලයක් දියර ස්වරූපයෙන් ම පවතියි.රසය,වයනය, හා මී පැණි වල ගුණාංග විවිධ ප්‍රභේද වල මල් වලින් ලබාගන්නා මල් පැණි අනුව වෙනස්වේ. මී පැණි වල රසය,වයනය හා ගුණාංග ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන්නේ ද ඒ නිසයි.මී පැණි හුලං නොවදින බඳුනක අසුරාතැබීම වඩාත් සුදුසුයි. සාමාන්‍යයෙන් මේවා නරක් නොවේ. ඒ නිසා ඉතාමත් දීර්ඝ කාලයක් කල් ඉකුත් නොවි හොඳ තත්වයේ පවතියි.

මී පැණි වල අන්තර්ගත පෝෂණය සරල කාබෝහයිඩ්‍රේට හා ස්වභාවික සීනි- බහුලව ග්ලූකෝස් හා ෆෘක්ටෝස් අඩංගුය.සීනි වලට වඩා මී පැණි පැණිරස වන්නේ ෆෘක්ටෝස් අඩංගුවීම නිසයි.මේද හා කොලෙස්ටරෝල් රහිතය.අඩු ග්ලයිසමික් දර්ශක අගයක් ඇති ආහාරයකි.එනම් කාබෝහයිඩ්‍රේට ඛණ්ඩනය වන්නේ ඉතා මන්දගාමීව නිසා රුධිර ග්ලූකෝස් හෙවත් සීනි මට්ටම් වලට බලපෑමක් එල්ල නොවේ.ඊට අමතරව මී පැණි වල කැල්සියම්,යකඩ, මැග්නීසියම්,පොස්ෆරස්,පොටෑසියම්, සෝඩියම්,සින්ක් හා විටමින් බී2,බී3,බී6,බී9 හා විටමින් සී ද අන්තර්ගතයි.

ඖෂධීය ප්‍රතිලාභ ස්වභාවිකව තුවාල සුවපත් කරයි.තුවාල ආසාදනය වීම වළකයි.මී පැණි ස්වල්පයක් තුවාල මත ගැල්වීමෙන් වේදනාව හා ඉදිමුම අඩුකරගත හැකියි. පිලිස්සුම් හා විවෘත තුවාල වලට මෙය හොඳ පිළියමකි. බැක්ටීරියානාශක හා ප්‍රතිප්‍රදාහක ගුණ ඇති නිසා සමේ ෆයිබ්‍රින් තන්තු ජනනය වැඩිදියුණු කර සම අලුත්වැඩියා වීම වේගවත් කරයි.රළු කැලැල් ඇතිවීම වළකයි.සම මෘදු සුමුදු කරයි. මී පැණි උගුරේ තුවාල වේදනා අපහසුතා සමනය කරන පිළියමක් ද වේ.

ඇදුම රෝග ලක්ෂණ දුරුකරයි.මි පැණි ආග්‍රහණය කිරීමෙන් සෙම්සො‍ටු අධිකව ස්‍රාවය වීම අඩු වී කැස්සට සහනයක් ලැබේ.වායු මාර්ගයේ ප්‍රදාහය අඩුවේ.ඇදුම රෝගයේදි ශ්වසන මාර්ගය ප‍ටු වී හුස්ම ගැනීමට අසීරු වී යයි. එම නිසා බොහෝ විට ඇදුම රෝගින් තුළ කැස්ස ලක්ෂණය නිතරම ඇතිවේ.රාත්‍රි කාලයේදි එය වඩාත් උත්සන්න විය හැකියි.මී පැණි කැස්සට මෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව හා උගුරේ අපහසුතාවන්ට ද හොඳ ඖෂධයකි.

අඩු ග්ලයිසමික් දර්ශකයක් හා මී පැණි වල දියවැඩියා විරෝධි ගුණ ඇති නිසා ඇති නිසා මී පැණි පරිභෝජනයෙන් රුධිර සීනි මට්ටම් එක්වරම ඉහළ නොයයි. දියවැඩියා රෝගීන්ට සුදුසු සීනි ආදේශකයක් ලෙස සැලකිය හැකියි.මී පැණි රුධිරයේ ඉන්සියුලින් මට්ටම් වැඩිකර රුධිර සීනි අඩුකරවන බව සොයාගෙන ඇත.

ආමාශයේ බිත්ති ආරක්ෂා කරයි; ප්‍රදාහය අඩු කර ආමාශයේ ශ්ලේෂ්මල ආශ්‍රිත බැක්ටීරියා බන්ධන ඇතිවීම් වළකයි.ඒ හරහා ආමාශයේ වණ ඇතිවීමේ ඉඩකඩ අවම කරයි. මී පැණි ආහාර ජීර්ණය වැඩිදියුණු කරයි.ජඨර අන්ත්‍රදාහය (gastroenteritis/stomach flu) මෙන්ම පාචනය ඇතිවීම ද වළක්වයි.බැක්ටීරියානාශක ගුණ ඇති නිසා බඩවැල් බිත්ති වල අහිතකර බැක්ටීරියා වර්ධනය වීම් වළක්වමින් ආමාශයේ ආසාදන ඇතිවීම් බොහෝදුරට පාලනය කරයි.

මී පැණි හිසකෙස් හා හිස්කබල පෝෂණය කරයි;තෙතමනය ලබාදී වියළි ,අවුල් ස්වභාවය දුරලයි.දිදුලන හා දිගැති කෙස්කලඹක් ලබාදෙයි. මී පැණි වලින් හිස සම්බාහනය කිරීමෙන් ඉස් හොරි අඩුවී යන බව සායනික අධ්‍යයන පෙන්වාදේ.

මත්ගතිය දුරලයි. මත්පැන් අධිකව ගැනීමෙන් ඇතිවන වෙරිමත හා හිසරදය, ඔක්කාරය,ඉසකරකැවිල්ල හා විජලන ස්වභාවය පැය 24ක් පමණ ගත වන තුරු තිබිය හැකියි. මී පැණි පරිභෝජනය මේ ලක්ෂණ බලපෑම් අවම කිරීමට ගුණදායි බව සඳහන් වේ.මී පැණි වල ඇති ෆෘක්ටෝස් ආමාශයික ආන්ත්‍රික මාර්ගයේ බිත්ති තුළට මධ්‍යසාර අවශෝෂණය කරගැනීම වළක්වමින් ඒවා සිරුරෙන් බැහැර වීමට ආධාර කරයි.

ප්‍රතිඔක්සිකාරක බහුල නිසා හානිකර මුක්තකණ්ඩ බලපෑමින් හිසකෙස් වලට හානිවීම වළකයි.හිසකෙස් වඩාත් මෘදුකරයි.ඉස් හොරි, හිස්කබලේ පොතු ගතිය හා රතුවීම අවම කරයි.හිසකෙස් හැලීයාම හා කැසිල්ල ඇතිවීම අවම කරයි.මාස කිහිපයක් පමණ මී පැණි ගැල්වීමෙන් හිස්කබලේ ගැටලු ලක්ෂණ අඩුකරගත  හැකිය.

දුම්බීම, මත්පැන් පරිභෝජනය, නිදන්ගත රෝග,ප්‍රදාහය හෝ ජානමය තත්වයන් ආදි සාධක සිරුරේ පිළිකා සෛල වර්ධනය වීමේ අවදානම ඉහළ දමයි.මී පැණි වල පිළිකානාශක ගුණ ඇති බව අධ්‍යයන පෙන්වාදේ.මී පැණි වල අඩංගු කැටෂින්, ෆ්ලැවනොයිඩ,ක්වර්සටීන් හා කැම්ප්ෆෙරොල් වැනි සංඝටක වල පිළිකානාශක ගුණාංග ඇත.මී පැණි වල ප්‍රතිදේහජනක ගුණ ඇති නිසා නිදන්ගත ආසාදන වල සිට බරපතල ගැටිති හෝ පිළිකා මතුවීම් පවා වළක්වයි.ප්‍රතිප්‍රදාහක ගුණ ඇති නිසා ප්‍රදාහය තත්වයන් පිළිකා ලෙස උඩුදිවීමට ඇති ඉඩකඩ බොහෝදුරට වළක්වනු ලබයි.

අධික කොලෙස්ටරෝල් මට්ටම ස්ථූලතාව,හෘදයාබාධ හා රුධිර නාළ සිහින්වීම හෙවත් atherosclerosis වැනි සෞඛ්‍ය ගැටලු අවදානම් ඉහළ දමයි.කොලෙස්ටරෝල් රහිත ආහාරයක් නිසා අධි කොලෙස්ටරෝල් මට්ටමක් ඇති රෝගීන්ට මී පැණි ආරක්ෂිත ආහාරයකි.සිරුරේ අධික කොලෙස්ටරෝල් මට්ටම් අඩුවීමට ද මී පැණි උපකාර කරයි.දිනකට ග්‍රෑම් 70 බැගින් සති 4ක් මී පැණි පරිභෝජනය කිරීමෙන් අහිතකර කොලෙස්ටරෝල් හා සමස්ත කොලෙස්ටරෝල් මට්ටම් අඩුකරගැනීමට හැකි වූ බව පිරිමි පුද්ගලයින් 70දෙනෙකු ඇසුරෙන් කරන ලද අධ්‍යයනකදී තහවුරු වී ඇත.

අධි රුධිර පීඩනය,අධික කොලෙස්ටරෝල් මට්ටම හා ස්ථූලතාව හෘද සෞඛ්‍ය පිරිහිමට බලපාන අවදානම් සාධකයි.මී පැණි වල අඩංගු පොලිෆෙනෝල් හෘද රෝග වලට ප්‍රතිකාර කිරීමට ගුණදායි බව සඳහන් වේ.රුධිර නාළ තුළ රුධිරය කැටිගැසීම හෙවත් ත්‍රොම්බෝසිස් තත්වය හා හෘදයේ රුධිර නාළ වලට හානිවීම් වැළැක්වීමට පොලිෆෙනෝල් ගුණදෙයි.රුධිර නාළ ප්‍රසාරණය කරමින් රුධිර පීඩනය අඩුකරවයි.විටමින් සී,මොනොෆෙනෝල් හා ෆ්ලැවනොයිඩ ද අන්තර්ගත නිසා හෘද රෝග හා ආඝාතය (අංශබාගය) වැනි අවදානම් ඇතිවීම වැළැක්වීමට සහය දෙයි.

අතුරුආබාධ ෆෘක්ටෝස් අන්තර්ගතය අධික නිසා බඩවැල් තුළ අවශෝෂණ ක්‍රියාවලියට ප්‍රතිරෝධය දක්වයි.මෙය නීරෝගි පුද්ගලයින් තුළ ගැටලු ඇතිකළ හැකියි.ආමාශයික ආන්ත්‍රික මාර්ගයේ ගැටලු ලක්ෂණ උත්සන්න වීමට ද ඉඩ ඇත.නිසි මාත්‍රාවන් නොදැන හා වෛද්‍ය උපදෙස් නොමැතිව මී පැණි පරිභෝජනය කිරීම ආරක්ෂිත නැත.

Ericaceae කුලයට අයත් ශාක වල grayanotoxins නම් ස්නායුහානිකාරක අඩංගුයි. මෙවැනි ශාක වලින් ලබාගත් රොන් වලින් සැකසූ මී පැණි වල මෙම විෂ ද්‍රව්‍ය අඩංගු විය හැකියි.ඒවා ‘mad honey’ යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වයි. ආධ්‍යාතතිය,හෘදයේ රිද්මයට බාධා ඇතිකිරීම, ඔක්කාරය, දහඩිය දැමීම හා ඉස කරකැවිල්ල ඇතිකළ හැකිය.

බොතුලීනියාව නම් රෝග ආවදානම ඇති නිසා අවුරුද්දට වඩා අඩු වයස් වල ළමුන්ට මී පැණි පරිභෝජනය නිර්දේශ නොකෙරේ.