දියවැඩියාව සුව කරන ආටා පිටි සතු ගුණ 17 ක්

health tips

ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන්නට කවුද අකමැති. ඒත් අපි කන බොන ඇතැම් ආහාරපාන නිසා කුඩා දරුවාගේ පටන් මහලු පුද්ගලයා දක්වාම අසන්නට ලැබෙන්නේ නොයෙකුත් ලෙඩ රෝග. එහෙමයි කියලා ලොකු කුඩා හැමෝම වැඩි රුචිකත්වයකින් ආහාරයට ගන්නා පාන් පිටිවලින් සකස් කළ පාන්, පේස්ට්‍රි  වර්ග ආහාරයට ගැනීම නම් නතර කරන්නේ නැහැ නේ. නමුත් බෝ නොවන රෝග සෑම එකකටම වගේ මුලික හේතුව වෙන්නේත් මේ පාන් පිටි පරිභෝජනය. ඉතින් මේ කාරණාව නිසාම නීරෝගීව සිටින්නට උත්සාහ කරන ජනතාව පාන් පිටි වෙනුවට භාවිතා කළ හැකි ආදේශන වෙතට යොමු වෙනවා. ඒ විදියේ සෞඛ්‍යය සම්පන්න ආදේශක පිටි වර්ගයක් තමයි ආටා පිටි කියන්නේ.

පාන් පිටි වගේම ආටා පිටිත් එකම ඇට වර්ගයකින් තමයි සකස් කර ගන්නේ. ඒ තමයි තිරිඟු ඇට. මේ තිරිඟු ඇටයෙන් ලබා ගන්නා පිටි වර්ග දෙකේ රසය ගුණය වගේම පැහැයත් එකිනෙකට වෙනස් . සාමාන්‍යයෙන් තිරිඟු ඇටය කුරුට්ට අංකුර කොටස වගේම මැද කොටස වශයෙන් වෙන් කළොත් ආටා පිටි කියන්නේ තිරිඟු ඇටය සම්පූර්ණයෙන්ම කොටා පිටිකළ අවස්ථාව. පිටත පොත්ත වගේම ඇලියුරොන් ලේයරය ආටා පිටි සකස් කිරීමේදී ඉවත් වෙන්නේ නැහැ.මේ ඇලියුරොන් ලේයරයේ ප්‍රෝටීන්,විටමින් ඛනිජ ලවණ ඇතුළු පෝෂක බොහොමයක් අඩංගු වෙනවා.

පාන් පිටි සකස් කෙරෙන්නේ  තිරිඟු ඇටයේ කුරුට්ට වගේම අංකුර කොටසත් ඉවත් කර මැද කොටස පමණක් පිටි කිරීම මගින්. අපි ආහාරයට ගන්නා පාන් පිටි 70% ක් නිස්සාරණය කරන පිටි ලෙසයි සැකසෙන්නේ.මේ සකස් කිරීමේ ක්‍රියාවලියේදී විවිධ පෝෂක විනාශ වීම නිසා සහ ඉවත්වීම නිසා පාන් පිටිවලට වඩා ඉහළ ගුණයක් ආටා පිටි සතු වෙනවා. ආටා පිටි ඉන්දියාවේ වැඩි වශයෙන් පරිභෝජනය කළත් අපේ ඒවා  රටේ එතරම් පරිභෝජනය කෙරෙන්නේ නැහැ.

ආටා පිටි තනි සුදු පැහැයක් නොගන්නා අතර අව පැහැයෙන් යුක්තයි. පාන් පිටිවලට සුදු පාට වැඩිකර ගන්නට ක්ලෝරීන් ඔක්සයිඩ භාවිතා කරන නමුත් ඒවා ශරීරයට කිසිසේත්ම හිතකර වන්නේ නැහැ.

ආටා පිටිවල තන්තු, කාබෝහයිඩ්රේට්, මේදය,ජලය, විටමින් A, විටමින් B, ප්‍රෝටීන් සහ ප්‍රතිඔක්සිකාරක  ඇතුළු සෞඛ්‍යට හිතකර තවත් පෝෂක බොහොමයක්ම පවතිනවා. ඒ වගේම කැල්සියම්, පොස්පරස්, පොටෑසියම්, සින්ක් සහ කොපර් ද අවශ්‍ය පමණට අඩංගු වී තියෙනවා. 

පාන් පිටිවල වගේම ආටා පිටිවලත් අඩංගු  වෙන ග්ලූටන් ප්‍රතිශතය සමානයි. මේ ග්ලූටන් ආහාරවල ඇලෙන සුළු බවක් සහ ස්පෝන්ජ් ස්වභාවයක් ඇති කරනවා. කුරුට්ට නිසා ග්ලූටන් 1% පමණ ප්‍රතිශතයක් ආටා පිටිවල සාපේක්ෂව අඩු වෙනවා. නමුත් ආටා පිටිවලත් 13 % ක් පමණ ග්ලූටන් අන්තර්ගත වෙනවා. ග්ලූටන් ධාන්‍ය  කුලයේ අනිකුත් ප්‍රෝටීනවලට සාපේක්ෂව  දිරවීමට අපහසු ප්‍රෝටීනයක්. 

ග්ලූටන් ආහාර මාර්ගයේ ශ්ලේෂ්මල පටලවල ඇලීම නිසා ශ්ලේෂ්මල ශ්‍රාවය වැඩිවෙනවා. මේ නිසා ආහාර මාර්ගයේ අවහිරතා ඇති වෙනවා.මේ නිසා ඒවා ශරීරයේ පෝෂක අවශෝෂණය කර ගන්නට ඇති අංගුලිකා පවා විනාශ කර දමන්නට සමත්. එයින් පෝෂණ ඌණතා පවා ඇති වෙනවා. මේ ග්ලූටන් නම් ප්‍රෝටීනය සිරුරට හිතකර ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වයත් වෙනස් කරනවා. ග්ලූටන් ආහාර මාර්ගයේ PH  අගය අඩුකර ආම්ලිකතාවය වැඩි කරන නිසා ගෑස්ට්‍රයිටීස් ඇති කරන්නට හේතු වෙනවා.ආහාර මාර්ගය හැරුණාම ස්නායු පද්ධතියටත් මේ ග්ලූටන් හානි සිදු කරනු ලබනවා. 

ආටා පිටි  

  • ආටා පිටිවල රසය වැඩිකර ගන්නට ශීතකරණයේ තැබීම සුදුසුයි.
  • ආටා පිටිවල ජලය අවශෝෂෝණය කර ගැනීම වැඩි නිසා සුළං නොවදින වියළි ස්ථානයක තැබීමයි සුදුසු. නැත්නම් මේ ආටා පිටි නරක් වෙන්නට ඉඩ පවතිනවා.
  • මේ ආටා පිටිවලින් පොල් රොටී, තෝසේ, පූරි, චපාති,  පිට්ටු, පාන් ආදී බොහොමයක් ආහාර ඉතා රසවත්ව සකස් කර ගන්නට පුළුවන්.

ආටා පිටි සතු භාවිතයෙන් දේහයට ලැබෙන ප්‍රතිලාභ 

  • රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගවලින් ශරීරයට ආරක්ෂාව සලසා දෙයි. 
  • දියවැඩියා අවදානම අවම කරයි.
  • දේහයේ හිතකර කොලෙස්ටරෝල් මට්ටම පවත්වා ගෙන යාමට උපකාරී වෙයි. 
  • ආහාර ජීර්ණය පහසු කරයි. 
  • මානසික ආතතිය දුරු කරයි. 
  • අලස නැති කරයි. 
  • අස්ථි සහ දත්වල වර්ධනයට උපකාරී වෙයි. 
  • ශරීරයේ ගෙවී ගිය පටක කොටස් නැවත අලුත්වැඩියා  කිරීමට උදව් වෙයි. 
  • අස්ථි දිරායාම වළක්වයි. 
  • ක්ෂය රෝගයට හිතකරයි. 
  • මල බද්ධය සමනය කරයි. 
  • බඩ පුරවා දැමීමට සහනය සලසයි. 
  • හිසකෙස්වල වර්ධනයට උපකාරී වෙයි. 
  • ඇස්වල සෞඛ්‍යයට හිතකරයි. 
  • ශරීරයට ශක්තිය ලබාදෙයි. 
  • පිත්තාශයේ ගල් ඇතිවීම වළකයි. 
  • හදවත් රෝග සුවපත් කරයි. 

ඉතින් පිරිසිදු කළ ධාන්‍යවලට වඩා පූර්ණ ධාන්‍ය සෞඛ්‍යාරක්ෂිත වන නිසාවෙන් පාන් පිටි භාවිතය වෙනුවට  ආටා පිටි ඔබේ ආහාර වේලට එකතු කර ගන්නට හැකි නම් එය ඔබට නීරෝගී ජීවිතයක් ගත කරන්නට  මහඟු අත්වැලක් වෙනවා. ඒ නිසාවෙන් ඔබත් පාන් පිටි වෙනුවට ආටා  පිටි පරිභෝජනයට යොමු වීම හෝ පාන් පිටි භාවිතය අවම කරන්නට උත්සාහ ගන්න.