කැරට් වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් වළක්වා ගත හැකි රෝග 22 ක්

health tips

කැරට් කියන්නේ ඔබත් මමත් නිතරම ආහාරයට එකතු කරගන්නා එළවලුවක්. රුව වඩවන පෝෂණීය ආහාරයක් විදියට අපි හැමෝම දන්නා කියන කැරට් සතුව ගුණ රාශියක්ම පවතිනවා. මේ කැරට් එළවලුවක් වශයෙන්, අමුවෙන් සලාදයක් වශයෙන් වගේම යුෂ විදියටත්, සුප් විදියටත්, අච්චාරුවක් විදියටත් සකසා ආහාරයට එකතු කරගන්නට පුළුවන්. ඒ හැරුණාම කුඩා දරුවන්ට කැරට් තම්බා ආහාරයට ලබා දෙනවා. ඒ වගේම මේ කැරට්වලින් සෝස් පවා නිෂ්පාදනය කරගන්නට පුළුවන්.ඉතින් කැරට් කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටකයන් රාශියක් ලබාදෙන ආහාරයක්. නමුත් බොහෝදෙනා නොදන්නා කැරට් සතු අගුණ ගැනත් අද අපි කතා කරමු.

මුලින්ම කැරට් සතු පෝෂක සමුදාය පිළිබඳව කතා කිරීම වඩා වැදගත් වෙනවා.විශේෂයෙන්ම කැරට්වල විටමින් K,A, ඛනිජ ලවණ, කාබෝහයිඩ්රේට් ප්‍රෝටීන්, සීනි ,ජලය, තන්තු, කැලරි, සංතෘප්ත හා සංතෘප්ත නොවන මේදය අන්තර්ගත වෙනවා. ඒ වගේම බැක්ටීරීයා නාශක හා විශබීජනාශක ගුණයකින් මේ එළවලුව සමන්විත වෙනවා. ඇතැම් අවස්ථාවල විවිධ රෝග සඳහා  ප්‍රතිකාර විදියටත් කැරට් භාවිතා කරනවා.

ශරීරයට හිතකර කැරට් සතු ගුණ 

සිරුරේ බර අඩු කරයි මේ සඳහා ඔබට කැරට් යුශ පානය කරන්නට පුළුවන්. එමගින් කුසගින්න ඇතිවීම පාලනය කරන නිසා අධික ලෙස ආහාර ගැනීම මගහැරී යනවා.එය සිරුරේ බර අඩු කර ගන්නට ඉතා වැදගත් වෙනවා.

ඇස්වල නීරෝගී බව ඇති කරයි කැරට්වල අඩංගු විටමින් A සහ කැරටිනොයිඩ් අක්ෂි සෞඛ්‍ය වර්ධනය කරනවා. වයසට යත්ම ඇසේ ඇතිවන මාංශ පේශී ලිහිල් වීම වැළකීමේ හැකියාවත් කැරට් සතු වෙනවා. ඒ වගේම රාත්‍රී  අන්ධභාවය ඇතිවීම වැළක්වීම, ඇසේ සුද ඇතිවීම ආදී තත්ත්වයන්ගෙන් ඇසට ආරක්ෂාවක් ලබාදෙයි.

පිළිකා සෛල මර්දනය කරයි කැරට්වල අඩංගු පොලිඇසිටලීන් නම් ප්‍රතිඔක්සිකාරකය පිළිකා සෛල විනාශ කරමින් පිළිකා ඇතිවීම වළක්වනු ලබනවා. පිසින ලද කැරට්වල අමු එළවලුවලට වඩා ප්‍රතිඔක්සිකාරක 34% ක් වැඩියෙන් අඩංගු වන නිසා පිළිකා වැළැක්වීම සඳහා වඩාත් සුදුසු වන්නේ තම්බා ගත් කැරට් භාවිතා කිරීමයි. කැරට් දිනපතා පරිභෝජනයෙන් පිළිකා ඇතිවීමේ හැකියාව 40% කින් අඩු වන බව විද්‍යාඥයන් පවසනවා.ඒ අනුව පියයුරු පිළිකා, පුරස්ති ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා, බඩවැල් ආශ්‍රිත පිළිකා, ඇතිවීමේ අවදානම කැරට් ආහාරයට ගැනීම මගින් පාලනය කරනු ලබනවා.

දන්ත සෞඛ්‍යට ඉතා හිතකරයි දත්වල නීරෝගීභාවයට, මැලියම් ඉවත් කරන්නට, බැක්ටීරීයා වර්ධනය පාලනයට මේ කැරට් අමුවෙන් ආහාරයට ගැනීම ඉතා වැදගත්. එමගින් විදුරුමස් උත්තේජනය කරන අතර ඛේඨ ලවණ නිපදවීම සිදු කරනු ලබනවා.

  • ප්‍රතිශක්තිකරණය පද්ධතියේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි 
  • සිරුරේ ඇති කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි 
  • පණු රෝගවලට සුදුසුයි 
  • නීරක්තියට ගුණදෙයි 
  • බඩ පිපුම දුරු කර සන්ධි රෝගවලට ගුණදෙයි 
  • ආහාර රුචිය වඩවයි 
  • වකුගඩු පිරිසිදු කරයි 

කැරට්වල ඩයුරටික් සහ කොලරෙටික් බලපෑම් හේතුවෙන් වකුගඩු සහ මුත්‍රාශයේ වැලි සහ ගල් ඉවත් කරන්නටත් පිත්තාශයේ ගල් සෑදීම වැළක්වා ගන්නටත් කැරට් කදිම එළවලුවක්.

ආහාර ජීර්ණය පහසු කරයි කැරට් සතු තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණය ඉතා හොඳින්ම සිදු කරන්නට උපකාරී වෙනවා. ඒ තන්තුමය ස්වභාවය නිසා මල බද්ධය ආදී අපහසුතා පවා මගහරවා ගන්නට පුළුවන්.

  • අක්මාවේ අනවශ්‍ය මේදය හා පිත එකතුවීම පාලනය කරයි 
  • සිරුරේ විෂ ඉවත් කරයි.
  • ස්නායු පද්ධතිය ශක්තිමත් කරයි 
  • ගර්භනී සමයේදී කැරට් ආහාරයට ගැනීමෙන් කුස තුළ සිටින දරුවාගේ අස්ථි සම හා ඇස්වල වර්ධනයට උපකාරී වෙයි 
  • හෘදය ආශ්‍රිත ගැටළු සමනය කරයි
  • ස්වසන රෝග සඳහා ප්‍රතිකාර සඳහා උපකාරී වෙයි  
  • කාන්තාවන්ගේ ඔසප් සම්බන්ධ ගැටළු සමනය කරයි 

අක්‍රමවත් ඔසප් චක්‍රය, අධික රුධිර වහනය ආදී ගැටළු සඳහා කදිම ආහාරයක් වන්නේ මේ කැරට්. ඒ නිසා එළවලුවක් සලාදයක් ලෙස හෝ යුෂ ලෙස නිතර ආහාරයට එකතු කර ගැනීම වැදගත්.

අධි රුධිර පීඩනය දුරු කරයි කැරට්වල පොටෑසියම් අධිකව අන්තර්ගත වන නිසා කැරට් ආහාරයට ගැනීමෙන් රුධිර නාල හා ධමනි ලිහිල් කරමින් රුධිර සංසරණය වැඩි දියුණු කරනවා.එය සිරුරේ රුධිර පීඩනය යහපත මට්ටමකින් පවත්වාගෙන යාමට උපකාරී වෙනවා.

දියවැඩියාව ඇතිවීමේ අවදානම අවම කරයි කැරට් රුධිරයේ සීනි මට්ටම් පාලනය කරන නිසා දියවැඩියාව ඇතිවීමේ අවදාම් අවම කරන්නට සමත් වෙනවා.

හිසකෙස් ආශ්‍රිත ගැටළු සමනය කරයි කැරට්වල අඩංගු විටමින්  A සහ E මගින් හිස්  කබලේ රුධිර ගමනාගමනය ක්‍රමවත් කර හිසකෙස් වර්ධනය කරන අතර හිසකෙස් ගැලවීයාම පාලනය කරනවා.

සම ආශ්‍රිත ගැටළු සමනයට උපකාරී වෙයි උෂ්ණය නිසා ඇතිවන දද, කුශ්ට ඇතිවීම වළකා සමට අවශ්‍ය තෙතමනය ලබාදී සම පැහැපත් කරනු ලබනවා.කැරට්වල අන්තර්ගතව පවතින බීටා කැරොටීන් හිරු එළියෙන් හානි වුණු සම යථා තත්ත්වයට පත් කරමින් සම වියපත්වීම වළක්වනවා. ඒ වගේම සමේ ලප කැලැල් දුරු කර සමට දීප්තිමත් පෙනුමක් ලබාදෙනවා.

කැරට් ආහාරයට ගැනීමෙන් සිරුරට ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන් 

  • කැරට් දිනපතා ආහාරයට ගැනීම සමේ වර්ණය යම් ප්‍රමාණයකින් වෙනස් වීමට ඉඩකඩ පවතියි.
  • Psoriasis ආදී යම් යම් චර්ම රෝග තත්ත්වයන් සඳහා බලපෑම් ඇතිවිය හැකියි.  
  • ආමාශයේ ආම්ලිකතාවය වැඩි කරන නිසා ගැස්ට්‍රයිටීස් රෝගීන්ට කැරට් නිතරම ගැනීම අහිතකරයි.
  • අධික ලෙස කැරට් ආහාරයට ගැනීම නිදිබර ගතිය, ඔක්කාරය වමනය, හිසරදය ආදී රෝග ලක්ෂණ ඇති කරයි.
  • වකුගඩු ආබාධ ඇති  පුද්ගලයන්ට සුදුසු  නොවෙයි. කැරට්වල පොටෑසියම් බහුල වශයෙන් අන්තර්ගතව ඇති නිසා යම් විටෙක වකුගඩු ක්‍රියාවිරහිත වුණොත් එහි අතිරික්තය සිරුරේ තැන්පත්වීම සිදුවෙයි.

සැබැවින්ම කැරට් ගුණයන් රාශියකින් සමන්විත ලෙඩරෝග බොහොමයකට ගුණදායක එළවලුවක්. නමුත් අනෙක් යම් ආහාරයක් වගේම පමණ ඉක්මවා ඒවා ආහාරයට ගැනීමෙන් වැළකී පාලනයකින් යුක්තව ලබා ගැනීමෙන් නීරෝගී ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබෙනවා.