ආයුර්වේදය තුල නොයෙක් රෝග වලට ප්‍රතිකාර කිරීමේදී බහුලව භාවිතා කරන ඖෂධයක් ලෙස මෙන්ම වියළා ගත් පලතුරක් ලෙස මුද්දරප්පලම් හඳුනාගත හැකිය. එනම් මුද්දරප්පලම් ආහාරයට එක් කර ගැනීම ලොකු කුඩා සෑම දෙනාටම පාහේ ගුණදායකය. ඊට හේතුව වියළි මිදි වල ශරීරයට ගුණදෙන පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගු වීමයි. ප්‍රෝටීන්,විටමින් A, B1, B2, B5, C, H, K, E
පොටෑසියම්, යකඩ, කැල්සියම්,තන්තු, සෝඩියම්,මැන්ගනීස් ආර්සනික්, සින්ක්, සිලිකන්, සල්ෆර්,සෙලේනියම් පොස්පරස්, මැග්නීසියම් බෝරෝන් , ලිතියම්, ෆ්ලෝරීන්, අයඩින්, කොබෝල්ට්…. ආදී පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් මුද්දරප්පලම් වල අඩංගුවේ. මේ නිසාම දිනපතා මුද්දරප්පලම් අහුරක් ඇල් වතුරට දමා තබා පසුව පානය කිරීම ගුණදායකවේ. එනම් ඉන් ශරීරයේ ඇතිවන බොහෝ රෝග සමනය කර ගත හැකිය.

රක්තහීනතාවය සමනය කර ගත හැකිය.ශරීරයට අවශ්‍ය යකඩ ඌන වීම නිසා රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීම හේතුවෙන් රක්තහීනතාවය ඇතිවේ. මෙම රෝග තත්ත්වය ඇතිවීම වලක්වා ගැනීමට මෙන්ම ඇතිවූ රක්තහිනතාවය සමනය කර ගැනීමට මුද්දරප්පලම් ආහාරයට ගැනීම ගුණදායකය. එනම් මුද්දරප්පලම් ආහාරයට ගැනීමෙන් එහි අඩංගු යකඩ රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර රක්තහිනතාවය සමනය කිරීම සිදුකරයි.
අධි රුධිර පීඩනය ඇතිවීම පාලනය කර ගත හැකිය.නිහඬ මාරයකු ලෙස පිළිගැනෙන අධි රුධිර පීඩනය ඇතිවීම පාලනය කර ගැනීමට මුද්දරප්පලම් අහුරක් ආහාරයට ගැනීම ගුණදායකය. එනම් එමගින් මුද්දරප්පලම් වල අඩංගු සෝඩියම්, පොටෑසියම් රුධිරය කැටි ගැසීම රුධිර නාල හැකිලීම වළක්වා ක්‍රමවත්ව රුධිරය සංසරණය කිරීම සිදුකරනු ලබයි. මේ නිසා අධි රුධිර පීඩන තත්වයන් ඇති වීම පාලනයවේ.
අස්ථි රෝග සමනය කරගෙන අස්ථි ශක්තිමත් කර ගත හැකිය. බොහෝ දෙනෙක්ට පවතින අස්ථි රෝග අස්ථි දුර්වලතා සමනය කරගෙන අස්ථි ශක්තිමත් කර ගැනීමට මුද්දරප්පලම් ආහාරයට ගැනීම ගුණදායකය. එනම් මුද්දරප්පලම් වල අඩංගු කැල්සියම්, යකඩ , බෝරෝන් වැනි පෝෂ්‍ය පදාර්ථ දුර්වල අස්ථි ශක්තිමත් කර ගෙවී ගිය පටක වර්ධනය කර ආතරයිටීස්, ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්වයන් ඇතිවීම ද වලක්වනු ලැබේ.
රුධිරය පිරිසිදු කරගත හැකිය.ශරීරයේ රුධිරය පිරිසිදු කර ගැනීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට බෙහෙවින් ඉවහල් වේ එනම් ශරීරගත රුධිරය පිරිසිදු කරගැනීමට මුද්දරප්පලම් අහුරක් ආහාරයට ගැනීම වඩාත් ගුණදායක වේ.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගත හැකිය.මුද්දරප්පලම් මිටක් පමණ ආහාරයට එක් කර ගැනීම මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගත හැකිය. එනම් මුද්දරප්පලම් වල අඩංගු විටමින් ඒ, බී, සී… ආදී ප්‍රතිඔක්සිකාරක ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ඒ ආශ්‍රිතව ඇතිවන රෝග තත්වයන්ගෙන් ද ආරක්ෂාව සලසනු ලැබේ.
ඇස් පෙනීම වර්ධනය කර ගත හැකිය.වර්ථමානය වන විට බොහෝ දෙනකු ඇස් පෙනීමේ දුර්වලතාවයෙන් පීඩා විඳි. මෙම තත්ත්වය ඇති වීමට වයස හා විටමින් ඌනතා, කාර්යබහුල ජීවන රටාව දුරකථන , පරිගණක භාවිතය ආදිය බෙහෙවින් බලපානු ලබයි. මෙම තත්ත්වය සමනය කර ගැනීම සඳහා දිනකට මුද්දරප්පලම් මිටක් ආහාරයට ගන්නේ නම් ඉන් බොහෝ දුරට ඇතිවන අක්ෂි දුර්වලතාවයන් සමනය කර ගත හැකිය. එනම් මුද්දරප්පලම් වල අඩංගු බීටා කැරොටින්,කැරට්නොයිඩ, විටමින් ඒ…ආදී වූ පෝෂ්‍ය පදාර්ථ ඇස් ආශ්‍රිතව ඇතිවන දුර්වලතා සමනය කර ඇස් පෙනීම වර්ධනය කිරීම සිදුකරයි. මේ නිසා බාල මහලු සැම දෙනාම ඇස් පෙනීම වැඩි දියුණු කරගැනීමට දිනකට එක් වරක් මුද්දරප්පලම් අහුරක් ආහාරයට එක්කර ගැනීම යෝග්‍යය.
දත් ශක්තිමත් කර ගත හැකිය.බාල මහළු සෑම දෙනාගේම දත් ශක්තිමත් කර ගැනීමට මුද්දරප්පලම් ආහාරයට එක්කර ගැනීම ගුණදායකය එනම් මුද්දරප්පලම් ආහාරයට එක්කර ගැනීමෙන් එහි අඩංගු කැල්සියම් දත් ශක්තිමත් කර දන්ත රෝග ඇතිවීම ද වලක්වනු ලබයි.

මලබද්දය සමනය කර ගත හැකිය.වයස් භේදයකින් තොරව ලොකු කුඩා සෑම දෙනාටම පාහේ ඇතිවන මලබද්ධය හෙවත් බඩ වේලීමේ රෝග තත්ත්වය සමනය කර ගැනීම සඳහා මුද්දරප්පලම් ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් මුද්දරප්පලම් වල අඩංගු වන තන්තු මල බද්ධය සමනය කර මලපහ හොඳින් පිට කිරීම සිදු කරනු ලැබේ. එනම් මේ සඳහා වතුරට දමා පෙඟවූ මුද්දරප්පලම් ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ.
ගැස්ට්‍රයිටිස් ඇතිවීම වළක්වා ගත හැකිය.උදරගත ආම්ලිකතාවය හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගය ඇතිවීම වලක්වාගැනීමට මුද්දරප්පලම් ආහාරයට එක්කර ගැනීම ගුණදායකය. එනම් මුද්දරප්පලම් ආහාරයට ගැනීමෙන් එහි අඩංගු මැග්නීසියම්, පොටෑසියම් උදරගත ආම්ලික තාවය ඇතිවීම වළක්වා ඒ හේතුවෙන් ඇතිවන රෝග සංකූලතාවයන්ද සමනය කිරීම සිදු කරයි.
- සම පැහැපත් කර ගැනීමට කොලෙස්ට්‍රොල් පාලනය කිරීමට
- බඩවැල් ආශ්‍රිත රෝග ඇතිවීම වැළැක්වීමට
- හෘද රෝග ඇතිවීම වැළැක්වීමට
- හිසකෙස් වර්ධනය කිරීමට
- ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීමට
මේ ආදී වූ රෝග ගණනාවක් ඇතිවීම පාලනය කර ගැනීමට ඖෂධයක් ලෙස මුද්දරප්පලම් ආහාරයට ගැනීම ගුණදායකය. නමුදු ප්‍රමාණය ඉක්මවා මුද්දරප්පලම් ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුය.