එළකිරි වලට වඩා ඖෂධිය ගුණයෙන් අනූන කිරි වර්ගයක් ලෙස එළු කිරි හැඳින්විය හැකිය.එනම් වයස් භේදයකින් තොරව විටමින් ඌනතා පවතින ඕනෑම පුද්ගලයකුට එළු කිරි පානය කළ හැකිය. එනම් එළුකිරි පානය කිරීමෙන් ශරීරයට බොහෝ වාසි අත්කර ගත හැකිය. ඊට හේතුව එළුකිරිවල බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වීමයි. ඒ අතර
විටමින් ඒ, ඩී, බී1, බී2, බී12 ,කැල්සියම්, පොටෑසියම්,කොපර් , ඇන්ටිඔක්‌සිඩන්ට්, සෙලිනියම්,මේදය,ඇමයිනෝ අම්ල අඩංගුවේ. මේ නිසා එළුකිරි පානය කිරීම මගින් බොහෝ රෝග සමනය කර ගත හැකිය. එළුකිරි පානයෙන් ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ

ආහාර ජීර්ණය පහසු කරයි.බොහෝ දෙනෙකුට පවතින ආහාර ජීරණය නොවීම සමනය කරගෙන ආහාර හොඳින් ජීර්ණය කර ගැනීමට දිනපතා එළු කිරි පානය කිරීම ගුණදායකය. එනම් මේ නිසා ආහාර ජීර්ණ ගැටලු පවතින රෝගීන්ට වෛද්‍ය වරුන්ද එළුකිරි නිර්දේශ කරනු ලබයි.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. ශරීර ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කර ගැනීමට එළු කිරි පානය කිරීම ගුණදායකය. එනම් එළු කිරි පානය කිරීමෙන් එහි අඩංගු ප්‍රෝටීන්,සෙලේනියම් වැනි ඛනිජ ලවණ ශරීර ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ශරීර ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමෙන් ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව උණ වැනි රෝග තත්ත්වයන්ගෙන් ද ආරක්ෂාව සපයනු ලබයි. එනම් ලොකු කුඩා සෑම දෙනාටම පාහේ එළු කිරි පානය ගුණදායකය.
හෘද රෝග ඇති වීම වළක්වනු ලබයි.වර්තමානය වන විට බොහෝ දෙනකුට හෘද රෝග ඇතිවීමේ අවදානම ඉහළ ගොස් තිබේ. මේ සඳහා වඩාත් හේතු වන්නේ අප ගනු ලබන වැරදි ආහාර රටාව හා ගත කරන වැරදි ජීවන රටාවයි. එනම් හෘද රෝග ඇතිවීම වලක්වාගැනීමට එළු කිරි පානය කිරීම වඩාත් සුදුසු වේ. එනම් එළු කිරි වල අඩංගු මේද අම්ල කොලෙස්ටරෝල් පාලනය කිරීම සිදුකරන අතර ඉන් හෘද රෝග ඇතිවීම වලක්වා ගත හැකිය.
හිසකෙස් වැඩීම වර්ධනය කරයි.බොහෝ දෙනෙකුට පවතින හිසකෙස් ගැටලු එනම් හිසකෙස් කැඩීයාම ,හිසකෙස් වර්ධනය නොවීම ආදී හිසකෙස් සම්බන්ධ ගැටලු සමනයට පත් කරගෙන හිසකෙස් වර්ධනය කර ගැනීමට එළු කිරි පානය කිරීම ගුණදායකය. එනම් එළු කිරි පානය කිරීමෙන් එහි අඩංගු කැල්සියම්, ප්‍රෝටීන්, පොස්පරස්, විටමින් බී 2 සහ පොටෑසියම් හිසකෙස් ගැටලු සමනය කර හිසකෙස් වර්ධනය කිරීම සිදුකරයි. එනම් එළුකිරි පානය කිරීම මගින් හිසකෙස් වලට දිලිසෙන පෙනුමක් ලබා ගත හැකිය.
ශරීර බර පාලනය කරයි.කාන්තාවන් මෙන්ම පිරිමි පුද්ගලයින් ද ශරීරයේ බර වැඩිවීම හේතුවෙන් මානසිකව පීඩාවට පත්ව තිබේ. එමෙන්ම ශරීර බර වැඩිවීම බොහෝ රෝග ඇති වීමටද හේතු කාරක විය හැකිය. මේ නිසා ශරීරයේ බර පාලනය කර ගැනීම වඩාත් වැදගත් වේ. ශරීර බර පාලනය කර ගැනීම සඳහා එළු කිරි පානය කිරීම ගුණදායකය. එනම් එළුකිරි වල අඩංගු මේද අම්ල මගින් මේදය පාලනය කිරීම සිදු කරන නිසා ශරීරයේ බර පාලනය වීම සිදුවේ. මේ නිසා ශරීර බර පාලනය කර ගැනීමට දිනපතා එළු කිරි වීදුරුවක් පානය කිරීම ගුණදායකය.
පිළිකා ඇති වීම වළක්වනු ලබයි.වර්තමානය වන විට වයස් භේදයකින් තොරව ලොකු කුඩා සෑම දෙනාම පාහේ පිළිකා රෝගයට ගොදුරු වී තිබේ. මෙවැනි රෝග ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම රෝගය මැඩපවත්වා ගැනීමට එළු කිරි පානය කිරීම ගුණදායකය. එනම් එළු කිරි වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය පිළිකා සෛල මර්දනය කර පිළිකා ඇති වීම වළක්වනු ලබයි.

ශරීරගත ඉදිමුම් ප්‍රදාහ තත්ත්වයන් සමනය කරයි.බොහෝ දෙනෙකුට ඇතිවන ශරීරගත ඉදිමුම් සහ ප්‍රදාහ තත්ත්වයන් සුව කිරීම සඳහා එළු කිරි පානය කිරීම ගුණදායකය. එනම් එළු කිරි වල අඩංගු ප්‍රතිබැක්ටීරියා ගුණය ශරීර ප්‍රදාහයන් හා ඒ හේතුවෙන් ඇතිවන ඉදමුම්,වේදනා සමනය කිරීම සිදුකරයි. මේ නිසා ශරීර ප්‍රදාහයන් පවතින පුද්ගලයින්ට දිනපතා එළු කිරි වීදුරුවක් පානය කිරීම ගුණදායකය.
අස්ථි සහ දත් ශක්තිමත් කරයි.වයස්ගත වීමත් සමග හෝ විටමින් ඌනතා මත ඇතිවන අස්ථි දිරායාම වලක්වා අස්ථි ශක්තිමත් කර ගැනීම සඳහා දිනපතා එළුකිරි පානය කිරීම ගුණදායකය. එනම් එළුකිරිවල ශරීරයට හිතකර කැල්සියම් වැඩි ප්‍රමාණයක් අඩංගු වන අතර ඉන් අස්ථි සහ දත් ශක්තිමත් කිරීම සිදුකරයි.
අධි රුධිර පීඩනය පාලනය කරයි.නිහඬ මාරයකු ලෙස හඳුන්වන අධි රුධිර පීඩනය ඇතිවීම පාලනය කර ගැනීම සඳහා එළකිරි පානය කිරීම සුදුසුවේ. එනම් එළු කිරි වල අඩංගු පොටෑසියම් රුධිර නාළ හැකිළීම හා රුධිරය කැටි ගැසීම වළක්වා රුධිරය ක්‍රමවත්ව සංසරණය කිරීම සිදුකරයි. මේ නිසා අධි රුධිර පීඩන තත්වයන් ඇති වීම පාලනයවේ. එනම් අධිරුධිර පීඩනය පවතින රෝගීන් දිනපතා එළු කිරි වීදුරුවක් පමණ පානය කිරීම මේ සඳහා වඩාත් සුදුසුවේ.
ඇස් පෙනීම වැඩි දියුණු කරයි.වයස්ගතවීමත් සමඟ හෝ විටමින් ඌනතා මත ඇතිවන ඇස් පෙනීමේ දුර්වලතා මගහරවාගෙන ඇස් පෙනීම වැඩි දියුණු කරගැනීමට එළු කිරි පානය කිරීම ගුණදායකය. එනම් එළු කිරි වල අඩංගු විටමින් ඒ අක්ෂි රෝග ඇතිවීම වළක්වා ඇස් පෙනීම වැඩි දියුණු කරයි. මීට අමතරව
- හුස්ම ගැනීමේ අපහසුතාවන් සමනය කිරීමට
- අස්ථි,පටක වර්ධනයට
- ශරීර වර්ධනය කිරීමට.
- උණ රෝගීන්ට
- ඇදුම රෝගය පවතින රෝගීන්ට
- රක්තහීනතාවය සමනය කිරීමට
- මව්කිරි වර්ධනය කිරීමට
- ඩෙංගු රෝගීන්ට ආදී වූ රෝගවලට මෙන්ම ඒ හේතුවෙන් ඇතිවන පෝෂණ උණතා සමනය කිරීමටද එළු කිරි පානය කිරීම ගුණදායක වේ.