බණ්ඩක්කා ආහාරයට ගැනීමෙන් පාලනය කරගත හැකි රෝග 12 ක්

health tips

බොහෝ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි එළවළුවක් ලෙස බණ්ඩක්කා හැඳින්විය හැකිය. එනම් බණ්ඩක්කා වල මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. ඒ අතර කැල්සියම් වැඩි ප්‍රමාණයක් මෙන්ම විටමින් ඒ, සී ,බී,ඊ,ෆෝලික් අම්ලය, පොටෑසියම්, සෝඩියම්, මැග්නීසියම්, තන්තු…. ඒ අතර ප්‍රධානවේ. 

මේ නිසා වයස් භේදයකින් තොරව ලොකු කුඩා සෑම දෙනාම පාහේ බණ්ඩක්කා ආහාරයට එක්කර ගැනීම වඩාත් සුදුසුවේ. එනම් හාල්මැස්සන් උම්බලකඩ කොට සකස් කරන බණ්ඩක්කා බැදුම මෙන්ම පොල් කිරි දමා සකස් කරන බණ්ඩක්කා ව්‍යංජනය රසයෙන් මෙන්ම ගුණයෙන් ද අනූන වේ. එනම් බණ්ඩක්කා ආහාරයට එක්කර ගැනීමෙන් ශරීරයේ නොයෙකුත් රෝග තත්ත්වයන් සමනය කර ගත හැකිවා මෙන්ම නොයෙකුත් රෝග තත්ත්වයන් ඇතිවීම වලක්වා ගත හැකිය. 

බණ්ඩක්කා ආහාරයට ගැනීමෙන් ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ 

දියවැඩියාව ඇතිවීම පාලනය කරයි. නිදන්ගත රෝග අතර බොහෝ දෙනෙකුට පවතින රෝග තත්ත්වයක් ලෙස දියවැඩියාව හැඳින්විය හැකිය දියවැඩියා රෝගීන්ට ආහාරයට සුදුසු එළවළුවක් ලෙස බණ්ඩක්කා හැරි මෙහි කියැවෙන බණ්ඩක්කා ආහාරයට ගැනීමෙන් රුධිර ගත සීනි මට්ටම පාලනය කරගත හැකිය එනම් බණ්ඩක්කාවල අඩංගු තන්තු,ග්ලයිස්මික්  ඉන්සියුලින් සංවේදීතාවය මැනවින් පවත්වාගෙන යාම සිදු කර දියවැඩියාව ඇති වීම පාලනය කරනු ලැබේ. 

රක්ත හීනතාවය සමනය කරයි.රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වූ විට රක්තහීනතාවය ඇතිවේ. එනම් මෙය ශරීර ඔක්සිජන් පරිවහනයට බාධාවක් වන අතර එය ශරීර සෞඛ්‍යයට අහිතකර තත්ත්වයන් උදාකරදේ. මේ නිසා රක්තහීනතාවය සමනය කර ගැනීමට යකඩ අඩංගු ආහාර භාවිතා කළ යුතුය. එනම් කොළ පැහැති එළවළු අතර බණ්ඩක්කා ආහාරයට ගැනීමෙන් එහි අඩංගු යකඩ රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර රක්තහීනතාවය සමනය කිරීම සිදුකරයි. මේ නිසා දිනපතා බණ්ඩක්කා ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. 

අස්ථි දුර්වල වීම වළක්වා අස්ථි ශක්තිමත් කර ගත හැකිය. වර්තමානය වන විට වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකු අස්ථි දුර්වල වීම හේතුවෙන් පීඩාවට පත්ව තිබේ එනම් එම රෝග තත්ත්වයන් සමනය කරගෙන අස්ථි ශක්තිමත් කර ගැනීමට බණ්ඩක්කා ආහාරයට එක්කර ගැනීම ගුණදායකය එනම් බන්ඩක්කා වල අඩංගු වැඩි කැල්සියම් අස්ථි දුර්වලතා ඇතිවීම වළක්වා අස්ථි ශක්තිමත් කිරීම සිදුකරනු ලබයි. බොහෝ දෙනෙකුට පවතින ආතරයිටීස් වැනි රෝග තත්ත්වයන් හේතුවෙන් ඇතිවන ඉදිමුම් වේදනා වැනි රෝග තත්ත්වයන් සමනය කර ගැනීමට ද බණ්ඩක්කා ආහාරයට ගැනීම ගුණදායකය. එනම් බොහෝ දෙනෙකු මේ සඳහා බණ්ඩක්කා  කරල් කිහිපයක් ගෙන කෙරවල කපා ඉවත් කර දිගු අතට කපා වතුර ලීටර් භාගයක් පමණ දමා රැයක් එළිවන තුරු තම්බා පසුදා උදෑසන එම වතුර පෙරා පානය කිරීම සිදුකරයි. එනම් ඉන් අස්ථි සම්බන්ධ රෝග බොහෝමයක් සමනය කරගත හැකිය. 

ඇස් පෙනීමේ දුර්වලතා සමනය කර ඇස් පෙනීම වැඩි දියුණු කරයි. වර්තමානය වන විට ලොකු කුඩා සෑම දෙනාම පාහේ ඇස් පෙනිමේ දුර්වලතා වලින් පෙලේ. එම තත්වයන් මඟහරවාගෙන ඇස් පෙනීම වර්ධනය කරගැනීමට එළඹුමක් ලෙස බණ්ඩක්කා නිතර ආහාරයට ගැනීම ගුණදායක ය එනම් බණ්ඩක්කාවල අඩංගු විටමින් ඒ මගින් ඇස් පෙනීම වැඩි දියුණු කර ගත හැකිය. 

චර්ම රෝග සඳහා සුවය සලසයි.බණ්ඩක්කාවල සමට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමානයක් අඩංගුවේ. එනම් ඒ අතර විටමින් ඊ ,ඒ, සී, බී ප්‍රධානවේ. මේ නිසා බණ්ඩක්කා ආහාරයට ගැනීම සමලි ගැටලු සමනය කිරීමට උපකාරී වේ එනම් බණ්ඩක්කා ආහාරයට ගැනීමෙන් සමලි පවතින විෂ ඉවත් කර සමෙහි අඳුරු පැහැය සමනය කර සම පැහැපත් කර කොලජන් වර්ධනය කර සම පෝෂණය කිරීම සිදුකරයි. 

ආහාර ජීරණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.ආහාර ජීර්ණය නොවීමේ ගැටලු සමනය කර ගැනීම සඳහා බණ්ඩක්කා ආහාරවලට එකතුකර ගැනීම ගුණදායකය. එනම් බණ්ඩක්කාවල අඩංගු තන්තු මෙන්ම සෙවල ගතිය ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීම සදහා බඩවැල්වල චලනය වැඩි කර ආහාර ජීර්ණය පහසු කරවයි. මේ නිසා ආහාර ජීර්ණය ක්‍රමවත් කර ගැනීමට බණ්ඩක්කා ආහාරයට ගැනීම ගුණදායකය. 

ශ්වසන පද්ධතියේ රෝග ඇතිවීම වලක්වනු ලබයි. ඇදුම, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ආදී ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග වැළැක්වීම සඳහා බණ්ඩක්කා ආහාරයට ගැනීම ගුණදායකය. එනම් බණ්ඩක්කා වල අඩංගු විටමින් සී වැනි ප්‍රතිඔක්සිකාරක ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග වලින් ආරක්ෂාව සලසා දෙනු ලැබේ. 

මල බද්ධය අර්ශස් සමනය කරයි.බඩවෙලීම නොහොත් මල පහ පිට කිරීමට අපහසු වීමේ රෝග තත්ත්වය ඉතා පීඩාකාරී රෝග තත්ත්වයකි. මෙම රෝග තත්ත්වය උත්සන්න වීමෙන් අර්ශස් රෝගය ඇති වනු ලැබේ. එනම් මෙය ඉක්මනින් සුව කර ගැනීම සඳහා බණ්ඩක්කා ආහාරයට එක්කර ගැනීම ගුණදායකය. එනම් ඉන් එහි පවතින තන්තු හා සෙවල ගතිය මලපහ පිට කිරීම පහසු කර මලබද්ධය , අර්ශස් සමනය කිරීම සිදුකරයි. මීට අමතරව 

  • ගැබිනි මව්වරුන්ට 
  • හිස කෙස් වර්ධනය කිරීමට 
  • කොලෙස්ට්‍රොල් පාලනය කිරීමට 
  • මහ බඩවැල ආශ්‍රිත ව ඇති වන පිළිකා ඇතිවීම වැළැක්වීමට ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස බණ්ඩක්කා ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ.