ඔලිව් තෙල් කියන්නේ අපේ සෞඛ්‍යයට ඉතා විශාල බලපෑමක් කරන්නට සමත් වෙන රූපලාවන්‍ය කටයුතුවලටත් නැතුවම බැරි අපූරු තෙල් වර්ගයක්. සූපවේදීන් ආහාර සකස් කිරීමේ කටයුතුවලදීත් නිතර භාවිතා කරන මේ ඔලිව් තෙල් නිෂ්පාදනය කරන්නේ ඔලිව් ගෙඩි මගින්. මේ ඔලිව් ගෙඩි ඉදුණු පසුව කළු පැහැයක් ගන්නවා. ඒ ඉදුණු ඔලිව් ගෙඩි යන්ත්‍රානුසාරයෙන් පොඩි කර සකස් කර ගන්නා ඔලිව් තෙල්වල ජලය ඉවත් කිරීමෙන් පසුව රන්වන් පැහැයකින් දකින්නට පුළුවන්. මේ ඔලිව් තෙල්වල 80% ක්ම ඔලික් කියන අම්ලය තමයි අන්තර්ගත වෙන්නේ. ඒ නිසාම අපේ ශරීරය විවිධ ලෙඩ රෝගවලින් ආරක්ෂා කරගන්නට මේ ඔලිව් තෙල් අතිශයින්ම වැදගත් වෙනවා. ඒ හැරුණාම විටමින් E, විටමින් A ,D,K ආදීය සමට ඉතා හිතකර ලෙස ක්‍රියා කරනු ලබනවා.ඉතින් අද අපි කතා කරන්නේ අපේ සම ලස්සන කරගන්නට මේ ඔලිව් තෙල් භාවිතා කරන්න පුළුවන් ආකාර කිහිපයක් පිළිබඳව.
ඔලිව් තෙල් ආලේපනය මගින් ලැබෙන ප්‍රතිලාභ

- සම මෘදු කර සමට අවශ්‍ය පෝෂණය ලබාදෙයි.
- සම පිරිසුදු කරයි.සමේ තෙතමනය ආරක්ෂා කරයි
- මුහුණේ ආලේප කිරීමෙන් කුරුලෑ ඇක්නි, බ්ලැක් හෙඩ් සහ වයිට් හෙඩ්ස් ඉවත් කරයි.
අත්‍යවශ්‍ය මේද අම්ල සහ ප්‍රතිඔක්සිකාරක අන්තර්ගතම ඒ ඔලිව් තෙල් සමේ ආලේපනය කර සම්බාහනය කිරීමෙන් රුධිර සංසරණය වැඩි දියුණු කර ගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඉතාමත් හොඳ මොයිස්චර්යිසර් එකක් ලෙස ක්‍රියා කරනු ලබනවා. සම්බාහනයේදී සිදුරු තුළට විනිවිද ගමන් කිරීම මගින් නිසා සමපිරිසිදු කිරීමේ හැකියාවත් ඔලිව් තෙල් සතු වෙනවා. ඒ නිසා සමේ ගල්වන ලද මේකප් ඉවත් කිරීමේ හැකියාවත් ඔලිව් තෙල් සතු වෙනවා.සම්බාහනයෙන් පසුව සම පිරිසිදු ජලයෙන් සේදීමටත් අමතක නොකළ යුතුයි.
සම් පැහැපත් කරයි සම පැහැපත් කිරීමේ අරමුණින් ඔලිව් තෙල් ආලේපනය කිරීමේදී ජාන විකෘති නොකරන ලද එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් තෙල් තෝරාගැනීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. මේ සඳහා එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් තෙල් මේස හැන්දක් පමණ ගෙන අත්ලට දමා අත්ලේ මදක් එය උණුසුම් කරන්න. උණුසුම් කරගත් ඔලිව් තෙල් මුහුණේ සහ බෙල්ලේ ආලේප කර රවුම් චලිතයකින් ඉහළට විනාඩි 10 ක් පමණ සම්බාහනය කරන්න. ඉන් පසුව උණු වතුරෙන් පොගවා ගත් පිරිසිදු තුවායක් මිරිකා මුහුණේ තෙල් ඉවත් වන ලෙස පිසදමන්න. මේ සත්කාරය සෑම දිනකම නින්දට පෙර කිරීම මගින් වඩාත් පැහැපත් කුරුලෑ ලප කැලැල්වලින් තොර සමක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා.
ඔලිව් තෙල් ස්නානය ස්නානය කරන දිය බදුනට ඔලිව් තෙල් ස්වල්පයක් එකතු කිරීම මගින් වඩාත් විස්මිත ප්‍රයෝජන රැසක් අපේ සමට ලබා ගන්නට හැකියාව පවතිනවා.

- සම පෝෂණය කරයි.
- සම වියපත්වීම වළක්වයි.
- සම පැහැපත් කර දිදුලන පෙනුමක් ලබාදෙයි.
- දේශගුණික විපර්යාස නිසා ඉරි තැලුණු හා වියළි සමට ඉතාම හිතකරයි.
විශේෂයෙන් දෙපා පැලුණු අයෙකුට උණු වතුර භාජනයකට දෙහි යුෂ ස්වල්පයක් හා ඔලිව් තෙල් මේස හැන්දක් එකතු කර මිශ්‍ර කර එයට දෙපා දමා හොඳින් පිරිමැදීම සහ පසුව ඔලිව් තෙල් ස්වල්පයකින් දෙපා සම්බාහනය කිරීම වැදගත්.
- සම ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂා කරයි.
- හිරු කිරණින් සම අවපැහැ වීම් වළක්වයි
නිරන්තරයෙන් හිරු එළියට නිරාවරණය වන අයෙකුගේ සම අවපැහැ ගැන්වීම වළක්වා ගන්නට ඔලිව් තෙල් සාර්ථකව භාවිතා කරන්නට පුළුවන්.ඒ සඳහා එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් තෙල් ,ඕට්ස් කිරි ,කෝමාරිකා ජෙල් හා රෝස වතුර තේ හැදි භාගය බැගින් ගෙන හොඳින්ම මිශ්‍ර කර මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 15-20 ක් තිබෙන්නට හැර සීතල ජලයෙන් සෝදා හැරිය යුතුයි.ඒ වගේම එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් තෙල් තේ හැන්දක් රෝස වතුර බිංදු 3-4 ක් සහ යෝගට් තේ හැන්දක් සමඟ මිශ්‍ර කර මුහුණේ බෙල්ලේ ආලේප කර විනාඩි 20 ක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.
සමේ මැරුණු සෛල ඉවත් කිරීමට හා විශබීජ ඉවත් කිරීමට ක්ලෙන්සර් එකක් ලෙස භාවිතා කළ හැකියි.මේ සඳහා මුලින්ම මුහුණ මද උණුසුම් ජලයෙන් සෝදාගෙන පුළුන් කැබැල්ලක් ගෙන එය ඔලිව් තෙල්වලින් පොගවා මුහුණ පුරාම ආලේප කරන්න. පසුව විනාඩි 5 කින් පමණ උණු වතුරෙන් පොගවන ලද රෙදි කැබැල්ලක් හෝ තුවායක් භාවිතයෙන් පිසදා ගන්න. එය මුදල් වැය කර භාවිතා කරන ක්ලෙන්සර් එකකට වඩා ඉතාම ඵලදායි සාර්ථකම සත්කාරයක්.

සිරුරේ අඳුරු පැහැ ස්ථානවල අඳුරු පැහැය ඉවත් කරයි දහදිය දැමීම,නිතර වාත්‍රාශ්‍රය නොලැබීම ආදිය නිසා අත් යට කිහිලි ප්‍රදේශයේ අඳුරු පැහැයක් ඇතිවෙනවා. ලේසර් ක්‍රමයකට වඩා මේ අවපැහැය ඔබට ස්වාභාවිකවම ඔලිව් තෙල් භාවිතයෙන් දුරු කරගන්නට පුළුවන්.දිනපතාම ඇදුම් ඉවත් කර නෑමට පෙර ඔලිව් තෙල් ඒ අඳුරු ප්‍රදේශවල ගල්වා සම්බාහනය කර උණු වතුරෙන් පෙගවූ රෙදි කැබැල්ලකින් පිසදැමීම පුරුද්දක් ලෙසට කිරීමෙන් සාර්ථක ලෙස මේ ගැටළුවට විසඳුමක් ලබා පුළුවන්.
ඔලිව් තෙල් මිලදී ගැනීමේදී හා භාවිතයේදී මේ කරුණු පිළිබඳවත් සැලකිලිමත් වන්න.
- ඔලිව් තෙල්වල නියමිත ගුණත්වය රැඳී පවතින්නේ අවුරුදු එක් හමාරක් වැනි කාලයක් තුළ නිසා ඔලිව් තෙල් මිලට ගැනීමේදී කල් ඉකුත්වීමේ දිනය පමණක් නොවෙයි නිෂ්පාදිත දිනය පිළිබඳවත් සැලකිලිමත් වන්න.
- ඔලිව් තෙල් ගබඩා කිරීමට වඩා සුදුසු වන්නේ අඳුරු සහ සිසිල් ස්ථානයකයි.
- හිරු එළියට නිරාවරණය වීමෙන් ඔලිව් තෙල් සතු ගුණයන් විනාශ වී යනවා. ඒ නිසා වෙළදපොලේ මේ ඔලිව් තෙල් ගබඩා කර ඇති ස්ථානයට හිරු රශ්මිය වැටෙන්නේ ඒවා ගැනීමෙන් වළකින්න. භාවිතයට ගන්නා විටත් අඳුරු හා සිසිල් ස්ථානයක ඔලිව් තෙල් බෝතලය තබා ගන්න.
- සෑමවිටම එක්ට්‍රා වර්ජින් ඔලිව් තෙල් මිලට ගන්නට සැලකිලිමත් වන්න.
- තෙල් සහිත සමක් ඇති අයෙක් නම් ඔලිව් තෙල් සමට ගැල්වීම ආසාත්මිකතා ඇති කළ හැකි බැවින් ඔලිව් තෙල් භාවිතයෙන් වැළකීම වඩා සුදුසුයි.
- ඔලිව් තෙල් භාවිතයේදී යම් අසාත්මිකතාවයක් ඇති වුවොත් භාවිතය නවතා වෛද්‍ය උපදෙස් ලබා ගන්න.