කෙටි කලකින් ඉක්මණින් බර අඩු කරන පැපොල් ඇට සතු ගුණ 17 ක්

health tips

අපි හැමදෙනාම ආහාරයට ගන්නා අපේ රටේ සුලබම පලතුරක් තමයි පැපොල්  කියන්නේ. පැපොල්  ආහාරයට ගනිද්දි අප නොදැනුවත්වම සිදු කරන ලොකු වැරැද්දක් තමයි පැපොල් ඇට විසි කිරීම. එයට හේතු තමයි අපි ගොඩාක් දෙනා පැපොල්  ඇටවල ඇති පෝෂ්‍ය ගුණය නොදැන සිටීම සහ ඒවා ආහාරයට එකතු කර ගන්නා ආකාරය නොදැන සිටීම. ඉතින් අද  අපි කතා කරන්නේ අපි නොදැනුවත්ව විසි කරන පැපොල්  ඇට අපේ දේහයට කොතරම් වැදගත් ප්‍රතිලාභයන් දායාද කරනවා ද කියලා. ඒ වගේම ඒවා අපි  ආහාරයට ඒවා එකතු කර ගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳවත් අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.

පැපොල් මදයේ වගේම පැපොල් ඇටවලත් ඉතා ඉහළ පෝෂණ ගුණයක් තියෙනවා. විශේෂයෙන්ම පැපොල් ඇටවල අපේ දේහයට අත්‍යවශ්‍ය වෙන ක්ෂුද්‍ර පෝෂක බොහොමයක්ම අඩංගු වෙනවා.  පැපොල් ඇටවල අඩංගු පෝෂක අතරට ප්‍රෝටීන්, මැග්නීසියම්, තන්තු, කැල්සියම් සහ පොස්පරස් අඩංගු වෙනවා.  ඒ වගේම පොලිෆීනෝල් ෆ්ලෙවනොයිඩ් කියන සංයෝගත් අඩංගු වෙනවා. මේවා අපේ දේහයට අත්‍යවශ්‍ය වෙන ප්‍රතිඔක්සිකාරක ලෙසයි ක්‍රියා කරන්නේ. ඒ විතරක් නෙවෙයි මේ පැපොල් ඇටවල  අසංතෘප්ත මේද අම්ලයක් වෙන  ඔලෙයික් අම්ලයත් අඩංගු වෙනවා. එය දේහයේ නීරෝගී බවට විශාල දායකත්වයක් ලබා දෙනවා.

පැපොල්  ඇට ආහාරයට ගැනීමෙන් දේහයට ලැබෙන ප්‍රතිලාභ 

  • දෙවන වර්ගයේ දියවැඩියා තත්ත්වය පාලනය කරනවා.
  • රුධිරයේ ඇති  අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය 22% කින් අඩු  කරනවා.
  • ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වඩාත් කාර්යක්ශම කරනවා. පහසු කරනවා.
  • අධි රුධිර පීඩනය අඩු කරනවා.
  • අන්ත්‍රවල සිටින ඇමීබා ආදී හානිදායක පරපෝෂිතයන් ඉවත් කරනවා. 
  • සිරුරේ විෂ නසනවා.
  • මලබද්ධය ආදී තත්ත්වයන් ඇතිවීම  අවම කරනවා.
  • අර්ශස්  ඇතුළු ආහාර මාර්ගය ආශ්‍රිත රෝගවලින් ආරක්ෂාව සලසනවා.
  • දේහ බර අඩු කර ගන්නට උපකාරී වෙනවා.
  • ඩෙගු රෝගය සඳහා ( විදේශ  රටවල)  මේ  ගස්ලබු ඇට භාවිතා කෙරෙනවා.
  • පෙනහළු නීරෝගී කරනවා.
  • වකුගඩුවල ක්‍රියාකාරිත්වය ආරක්ෂා කරනවා.
  • පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන අතර පිළිකා වර්ධනයත් මන්දගාමී කරනවා විශේෂයෙන්ම පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිතව ඇතිවන පිළිකා තත්ත්ව  වළක්වා ගන්නට පැපොල් ඇටවලට හැකියාව තිබෙන බවයි පර්යෙෂණවලින් සොයාගෙන ඇත්තේ.
  • විවිධ ආසාදනවලට එරෙහිව ක්‍රියා කරනවා.
  • ශරීරයේ  ඇතිවන විවිධ දිලීර ආසාදන සහ  අනෙකුත් පරපෝෂිතයන්ගෙන් ඇතිවන අසාදන  නැති කිරීමේ හැකියාව  මේ පැපොල් ඇට සතු වෙනවා.
  • ආහාර ජීර්ණ පද්ධතියේ සිටින අහිතකර බැක්ටීරීයාවල ක්‍රියාකාරිත්වය නතර කරනවා.එය නිතර ඇතිවන උදරාබාධවලින් වැළකී සිටින්නට උපකාරී වෙනවා.
  • පැපොල් ඇට අධිකව භාවිතයෙන් ඇතිවන  අහිතකර තත්ත්වයන් පැපොල් ඇට ආහාරයට ගැනීමෙන් හිතකර තත්ත්වයන් වගේම අහිතකර තත්ත්වයන් පවා ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම පැපොල් ඇට අධිකව ආහාරයට ගැනීම වගේම දිනපතා පැපොල් ඇට ආහාරයට ගැනීමත්  ඉතාම අහිතකරයි. එවැනි අහිතකර බලපෑම් ගැනත් දැනුවත්ව සිටීම අපි හැමෝටම වැදගත් වෙනවා.
  • ශුක්‍රාණු ප්‍රමාණය සහ සරු බව අඩු කරනවා .මීයන් යොදාගෙන සිදු කරන පර්යේෂණයකට අනුව මෙසේ ශුක්‍රාණු ප්‍රමාණය සහ ඒවායේ සරු බව අඩුවන බව සොයාගෙන තියෙනවා.
  • ශරීරයට හානි ඇති කරනවා.මේ පැපොල් ඇටවල වගේම ගෝවා, මල් ගෝවා, බ්‍රොකලි  ආදියේ අඩංගු වෙන බෙන්සයිල් අයිසොතයසයිනේට් කියන සංයෝගය මේ හානිදායක තත්ත්වය ඇති කරන්නට හේතු වෙනවා. නමුත් පර්යේෂණවලට  අනුව මේ සංයෝගය පිලිකා ඇතිවීම වළක්වාලන රසායනිකයක්. නමුත් මෙය පමණට වඩා  ශරීරයට ඇතුල් වුණොත්  එය අපේ  ශරීරයට විෂ සහිත වෙන්නට පුළුවන්. එය දේහයේ DNA වලට හානි  ගෙන දෙනවා. ඒ නිසා අපි  නොසිතනා ආකාරයේ හානිදායක තත්ත්වයන් මෙමගින් සිදුවෙන නිසා පමණට වඩා පැපොල් ඇට ආහාරයට ගැනීමෙන් වැලකිය යුතුයි.
  • සැලකිය යුතුයි දරුවන් අපේක්ශාවෙන් සිටින පුරුශ පාර්ශවය සහ ගැබිණි මව්වරුන් පැපොල් ඇට භාවිතයෙන් වළකින්න.අතීතයේදී පැපේන් එන්සයිමය අඩංගු පැපොල් ඇට පුරුෂයන්ගේ උපත් පාලන කටයුත්ත සඳහාත් භාවිතා කර තිබීම එයට හේතුවයි.අපේ රටේ පැපොල් ඇට භාවිතය ප්‍රචලිත නොවුණත් ජපානය ආදී රටවල මේ පැපොල් ඇට සතියකට වරක් ඔවුන් භාවිතයට ගන්නවා. ඒ ගස්ලබු ඇට 4ක් හෝ 5 ක් ගෙන කුඩු කර  තේ එකකට දමා පානය කිරීම මගින්. නමුත් පැපොල් ඇට 5 ට වඩා ගැනීම අහිතකරයි.