කාලයෙන් කාලයට අපි අතට පත්වෙන විවිධ රසයෙන් යුක්ත ආහාර වර්ග එක්ක අපේ ආහාර රටාව නිරන්තරයෙන් වෙනස් වෙනවා. ගුණයට මුල් තැනක් දෙනවා වෙනුවට බොහෝදෙනා රසයට මුල්තැනක් දෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට අද ගත කරන්නට සිදුවෙලා තියෙන්නෙත් තරමක කාර්යබහුල ජීවන රටාවක්. මේ කරුණු කාරණා නිසාම අපි අද වැඩි වැඩියෙන් විවිධාකාරයේ ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා.
ඉතින් මේ ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන්නට අපේ ශරීරයේ පවතිනවා ප්‍රතිශක්තිකරණ පද්ධතිය. අපිට නීරෝගීව සිටීම සඳහා මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බෙහෙවින්ම උදව් වෙනවා. ඒ නිසා මෙහි මනා ක්‍රියාකාරිත්වය වැඩි කරන නීරෝගි කරන ආහාර පාන වගේම සෞඛ්‍ය පුරුදු ගැනත් අපි අවධානය යොමු කළ යුතු වෙනවා. ප්‍රතිශක්තිකරණය වර්ධනය කරමින් අපේ ශරීරයට බොහෝ ප්‍රතිලාභ ලබාදෙන ආහාර අතර අන්නාසි කියන්නේ මූලික ස්ථානයක් ගන්නා රසවත් පලතුරක්. ඉතින් අපි ඔබ සමඟ කතා කරන්නට සූදානම් වෙන්නේ අන්නාසි ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයට ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ පිළිබඳව.
අන්නාසිවල බීටා කැරොටීන්, පොටෑසියම්, මැංගනීස්, යකඩ, පොස්පරස්, විටමින් C ,විටමින් A සහ K , ප්‍රෝටීන් බහුලවම අඩංගු වෙනවා. ඒ හැරුණාම සින්ක්, සහ කැල්සියම් සුළු ප්‍රමාණවලින් අඩංගු වන අතර විටමින් B 6 , තයමින්, කොපර් සහ ෆෝලේට් කියන පෝෂක වගේම බ්‍රෝමලින් කියන සංයෝගයත් අඩංගු වෙනවා. ෆ්ලෙවනොයිඩ් පීනෝලික් කියන ඇසිඩ්වලින් ද පොහොසත්. මේ බ්‍රෝමලින් කියන සංයෝගය පිළිකා සඳහා ප්‍රතිකාරයක් ලෙසත් භාවිතයට ගනු ලබනවා. ඒ වගේම අන්නාසි කියන්නේ ප්‍රතිඔක්සිකාරක සහ තන්තු බහුල පලතුරක්.
අන්නාසි ප්‍රධාන ආහාරවේලක් ගැනීමෙන් පසුව වගේම ඉදුණු පසු ආහාරවේල් සමඟ ලබා ගන්නටත් බොහෝදෙනෙක් වැඩි රුචියක් දක්වනවා. එය ආහාර ජීර්ණය වැඩි දියුණු කරන්නත් ආහාර රුචිය වැඩි කර ගන්නත් උපකාරී වෙනවා. ඒ හැරුණාම ඉදුණු අන්නාසි ව්‍යංජනයක් ලෙසත්, සලාද සකස් කර ගන්නත් යොදා ගන්නවා.ඒ හැරුණාම අන්නාසි භාවිතයෙන් කෝඩියල්, සෝස්, චට්නි , පුඩින් ආදියත් සකස් කරනු ලබනවා.
අන්නාසිවල ගුණ

- මහා අන්ත්‍රය පිරිසිදු කරනවා.
- වයස්ගතවීම සමඟ ඇතිවන ඇස්වල සුද මතුවීමේ රෝගය වළක්වනවා.
- අධි රුධිර පීඩනය සමනය කරනවා.
- ඇස් පෙනීම වර්ධනය කරනවා.
- ආහාර ජීර්ණ පද්ධතිය නීරෝගී කරනවා.
අන්නාසිවල අඩංගු තන්තු ආහාර ගමන් කිරීම වේගවත් කරනවා වගේම ආහාර මාර්ගය පිරිසිදු කරනවා.ආමාශයික අම්ල ශ්‍රාවය වැඩි කරන නිසා ආහාර ජීර්ණය ක්‍රමවත් කරනවා. අන්නාසිවල අඩංගු බ්‍රෝමලින් ප්‍රෝටීන කුඩා කොටස්වලට කඩමින් ඒවා අවශෝෂණය වැඩි කරනවා. කුඩා බඩවැල්වලට කුඩා කොටස් ජීර්ණය පහසු නිසා සම්පූර්ණ ආහාර දිරවීමේ ක්‍රියාවලිය මේ නිසා පහසු වෙනවා.
- රුධිර වාහිනී පිරිසිදු කර රුධිරයේ ඇති විෂ ඉවත් කරනවා.
- හදවත් රෝග ඇතිවීම අවම කරනවා.
- කාන්තාවන්ගේ සරුභාවය වැඩි කරනවා.
- ආතරයිටීස් ඉදිමුම් ආදී ප්‍රදාහ තත්ත්වයන් සමනය කරනවා.
- සම රැලි වැටීම පාලනය කර සමට වන හානි අවම කරනවා.
ප්‍රතිඔක්සිකාරක මගින් ඔක්සිකාරක ආතතිය හෙවත් වයසට යාමේ ක්‍රියාවලිය ඉක්මන් කරන වායු දූෂණය සහ හිරුඑළිය ආදී දේවල් හේතුවෙන් ශරීරයේ සෛලවලට වන හානිය අවම කරනවා.
- ප්‍රතිශක්තිය වැඩි කරනවා.අන්නාසි ආහාරයට ගැනීමෙන් ශරීරයේ සුදු රුධිරාණු නිපදවීම වැඩි කරනවා. එය විවිධ ලෙඩරෝගවලට එරෙහිව නැගි සිටින්නට උපකාරී වෙනවා.
- මුක්ත ඛණ්ඩක ඉවත් කරමින් පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා.විශේෂයෙන්ම පියයුරු පිළිකා සහ පියයුරු ගැටිති වළක්වන්නට අන්නාසිවලට හැකියාව පවතිනවා. ඒ වගේම මහ අන්ත්‍රයේ සහ සමේ පිළිකා ඇතිවීමත් අවම කරනු ලබනවා.
- ආතරයිටීස් වේදනාව සමනය කරනවා.
- ව්‍යායාම් කිරීමෙන් පසුව සහ ශල්‍ය කර්මයකින් පසුව නැවත යථා තත්ත්වයට පත්වීමට උපකාරී වෙනවා.නිතර ව්‍යායාම්වල නිරත වන අයගේ මාංශපේශී සහ පටක නිතර නිතර හානිවීම නිසා ඇතිවන ඉදිමුම් සහ ප්‍රදාහ තත්ත්වයන් සමනය කරනවා.
- බර අඩු කර ගන්නට උත්සාහ අයට ඉතා සුදුසුයි. නැවුම් අන්නාසි ග්‍රෑම් 100 ක අඩංගු වෙන්නේ කැලරි 50 ක් පමණයි.

- බඩ පිපීම සුව කරනවා .
- මුත්‍රා පිටවීම අපහසු අයට ගුණදායකයි.
- රුධිර කැටි ඇතිවීම වළක්වනවා.
- මුත්‍රා ගල් නැති කරනවා.
- උගුරේ ප්‍රදාහ තත්ත්වයන්, කැස්ස, ආදී තත්ත්වයන්වලදී සහනය සලසනවා.
- ශරීරයේ ඉදිමුම් සුව කරනවා.
- පක්ෂගාත රෝගය ඇතිවීම අවම කරනවා.
- අධික ලෙස ආහාර ගැනීමෙන් ඇතිවන අපහසුතාවලට සුවය ලබාදෙනවා.
අන්නාසිවල අගුණ
සෑම ආහාරයකම හිතකර වන අවස්ථා වගේම සහ අහිතකර වන අවස්ථා පවතිනවා.
- පොතු කබර රෝගීන් සඳහා සුදුසු නොවෙයි.
- අන්නාසි ගැට ගර්භණී මව්වරුන් සඳහා සුදුසු නොවෙයි.
- වාත රක්ත රෝගීන්ට අහිතකරයි.
- මුත්‍රා දැවිල්ල, අත් පා දැවිල්ල සහ බඩ දැවිල්ල ආදී තත්ත්වයන්ගෙන් පෙළෙන අයට නුසුදුසුයි. කුෂ්ට ඇති අයගේ ඒ තත්ත්වය තවත් වැඩි වන්නට පුළුවන්.
අන්නාසි කොතරම් ගුණ පලතුරක් වුණත් එය යම් යම් අවස්ථාවලදී අහිතකර විය හැකි නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් ආහාරයට එකතු කර ගැනීමට ඔබ වග බලා ගන්න.