කොල කැඳ යනු ඈත අතීතයේ සිට ම භාවිතයට ගත් තවත් එක් ඖෂධීය පානයකි. එනම් නොයෙක් කොළ වර්ග උපයෝගී කරගනිමින් සකසා ගන්නා කොළ කැඳ භාවිතා කිරීම මගින් ශරීරයට නොයෙක් සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය. නමුත් වර්තමානය වන විට කොළ කැඳ පානය වෙනුවට බොහෝ දෙනෙකු කිරිපිටි, බීම වර්ග, තේ වර්ග පානය කිරීමට පුරුදු වී සිටිති. එනම් ඉන් වයස් භේදයකින් තොරව බාල මහළු සෑම දෙනාම විවිධ රෝග තත්ත්වයන්ට ගොදුරු වී තිබේ.
මේ නිසා කාර්යබහුල ජීවන රටාවක් ගත කළ ද හැකි සෑම විටකම වෙනත් පාන වර්ගයන් වෙනුවට කොළ කැඳ පානය භාවිතා කිරීම වඩාත් සුදුසු වේ. එනම් ඉන් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය.
කොල කැඳ සකස් කරන විට අප විවිධ වර්ගයට අයත් කොළ කැඳ ඒ සඳහා භාවිතා කරනු ලබයි. එමෙන්ම ඒ ඒ කොළ කැඳ වර්ගයට අනුව අපට ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ ද එකිනෙකට වෙනස් වේ. එනම් ඈත අතීතයේ සිටම බොහෝ පලාවර්ග කොළ කැඳ සකස් කිරීමේදී යොදා ගෙන තිබේ.

- ගොටුකොළ
- හාතවාරිය
- දිවුල් කොළ
- මුගුණුවැන්න කොළ
- කරපිංචා කොළ
- උදුපියලිය
- ඉරමුසු
- කරල් සැබෝ
- එල පිටවක්කා
- රණවරා කොළ
- හීංබෝවිටියා
- පොල්පලා
- කුප්පමේනියා
- වැල් තිබ්බටු කොළ
- වැල්පෙනෙල කොළ
- මුස්සැන්ද කොළ
- එළබටු දළු
- මොණරකුඩුම්බිය
- ගොනිකා කොළ
- යකිනාරං කොළ මේ ආදී වූ එක් එක් කොළ කැඳ වර්ග පානය කිරීම මගින් නොයෙක් සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය.
ගොටුකොළ කැඳ පානය භාවිතා කිරීම මගින්
- පීනනසය සමනය කර ගත හැකිය.
- රුධිරය පිරිසිදු කර ගත හැකිය.
- මතක ශක්තිය වැඩි කර ගත හැකිය.
- ශරීරය සිසිල් කර ගත හැකිය.
- චර්ම රෝග සමනය කර ගත හැකිය.
- පණු රෝග සමනය කර ගත හැකිය.
- ආහාර රුචිය වර්ධනය කර ගත හැකිය.
හාතාවාරිය කොළ කැඳ පානය භාවිතා කිරීම මගින්
- ඇස් දැවිල්ල සමනය කර ගත හැකිය.
- ධාතු ශක්තිය වර්ධනය කර ගත හැකිය.
- ශරීරගත දැවිල්ල සමනය කර ගත හැකිය.
- ශරීරගත විෂ ඉවත් කර ගත හැකිය.
- ශරීරගත දැවිල්ල සමනය කර ගත හැකිය.
- ශරීර ප්‍රතිශක්තිකරණය වැඩි කර ගත හැකිය.
- දිවුල් කොළ කැඳ පානය භාවිතා කිරීම මගින් ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ.
- ශරීරගත විෂ ඉවත් කිරීමට
- බලු විෂ,බළල් විෂ කබර විෂ,මී විෂ,මුගටි විෂ නාශනය කිරීමට
මුගුණුවැන්න කොළ කැඳ පානය කිරීම මගින් ලබා ගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ
- ඇස් පෙනීම වර්ධනය කිරීමට
- ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට
- ශරීර ගත විෂ නැසීමට
- සම පැහැපත් කර ගැනීමට
- මුගුණුවැන්න කොළ කැඳ පානය භාවිතා කිරීම යෝග්‍ය වේ.
කරපිංචා කොළ කැඳ පානය භාවිතා කිරීම මගින් බොහෝ රෝග සමනය කර ගත හැකිය.

- සෙම හා වාතය නාශනයට
- ආහාර අරුචිය දුරු කොට ආහාර රුචිය වැඩි කර ගැනීමට
- කොලෙස්ටරෝල් පාලනය කිරීමට
- අජීර්ණය හා නොයෙකුත් උදරගත රෝග සමනය කිරීමට
- ශරීරගත විෂ ඉවත් කිරීමට
- රුධිරය පිරිසිදු කිරීමට
- මේ ආදී වූ රෝග සමනය කිරීමට කරපිංචා කොළ කැඳ පානය භාවිතා කිරීම ගුණදායකය.
- උදුපියලිය කැඳ පානය භාවිතා කිරීම මගින් ශරීරයට නොයෙක් වාසි අත්කර ගත හැකිය.
- අක්මා රෝග සමනය කිරීමට
- අර්ශස් රෝගය සමනය කිරීමට
- රුධිරය පිරිසිදු කිරීමට
- ශරීරය සිසිල් කර ගැනීමට
- ඇස් පෙනීම වැඩි කර ගැනීමට මේ ආදී වූ රෝග සමනය කිරීමට උඳුපියලිය කැඳ පානය භාවිතා කිරීම ගුණදායකය.
ඉරමුසු කැඳ පානය
- ඉරමුසු කැඳ පානය කිරීමෙන් බොහෝ රෝග සමනය කර ගත හැකිය. එනම්
- චර්ම රෝග සමනය කිරීමට
- මුත්‍රා දැවිල්ල සමනය කිරීමට
- රුධිරය පිරිසිදු කිරීමට
- ශරීර දාහය සමනය කිරීමට
- සම පැහැපත් කර ගැනීමට
- ඉරමුසු පානය භාවිතා කිරීම ගුණදායකය.
කරල් සැබෝ කරල් සෑබෝ කැඳ සකස් කර භාවිතා කිරීම මගින් ශරීර සෞඛ්‍යය ට බොහෝ ප්‍රයෝජන ලබා ගත හැකිය.
- ශරීරය සිසිල් කිරීමට
- දාහය සමනය කිරීමට
- ලේ අර්ශස් රෝගයට සමනය කිරීමට
- රුධිරය පිරිසිදු කර ගැනීමට
- මේ ආදී වූ රෝග ගණනාවකට කරල් සැබෝ කොළ කැඳ පානය භාවිතා කිරීම ගුණදායකය.
මේ ආදී වශයෙන් විවිධ පලා වර්ග වලින් කැඳ පානයන් සකස් කර දිනපතා භාවිතා කරන්නේ නම් ඉන් නීරෝගී දිවියක් ගත කළ හැකිය. නමුත් දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් ඇති පුද්ගලයින් කැඳ පානය කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුවේ.