නින්ද නොයෑම හෘද රෝග ඇතිවීම පාලනය කරන වට්ටක්කා ඇට සතු ගුණ 7 ක්

health tips

පෝෂණ ගුණයෙන් අනුන එළවළුවක් ලෙස වට්ටක්කා හඳුනාගත හැකිය. එනම් ලොව පුරා ප්‍රචලිත වට්ටක්කා ආහාරයට ගැනීමෙන් ශරීරගත බොහෝ ලෙඩ රෝග සුව කර ගත හැකිය. එනම් ඊට හේතුව වට්ටක්කාවල මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වීමයි. වට්ටක්කා කොළ,දලු,මල් ඈත අතීතයේ සිටම ආහාරයට ගනු ලැබුවද මෑත කාලයේ පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ වට්ටක්කා වලට වඩා වට්ටක්කා ඇට හෙවත් බීජ ආහාරයට ගැනීම වඩාත් ගුණදායක බවයි. 

එනම් වට්ටක්කා බීජ වල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. ඒ අතර විටමින් ඒ, විටමින් B1විටමින් B2, විටමින් B3,විටමින් B5,විටමින් B6විටමින් සී,විටමින් ඊ, විටමින් කේ, ජලය, මේදය, තන්තු,කාබෝහයිඩ්රේට

පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, යකඩ, තඹ, සෝඩියයම්, පොස්පරස්, මැංගනීස්, සින්ක් සෙලේනියම් ආදී බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් වට්ටක්කා ඇට වල අඩංගුවේ. මේ නිසා  වට්ටක්කා ඇට ආහාරයට එක්කර ගැනීම ගුණදායකවේ. එමෙන්ම වර්තමානය වන විට වට්ටක්කා ඇට වෙළෙඳපොළ තුළින්ද මිලදී ගැනීමට හැකියාව තිබේ. වට්ටක්කා ඇට ආහාරයට ගැනීමෙන් ශරීරයට බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය. එනම් වට්ටක්කා ඇට ආහාරයට ගැනීමෙන් බොහෝ රෝග ඇතිවීම වළක්වාගත හැකිය. 

වට්ටක්කා ඇටවල ඖෂධීය ගුණ.

කොලෙස්ට්‍රෝල් පාලනය කරයි.වට්ටක්කා ඇට ආහාරයට ගැනීමෙන් දේහ ගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගත හැකිය. එනම් වට්ටක්කා ඇට වල අඩංගු phytosterol රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම සිදුකරයි. 

දියවැඩියාව ඇතිවීම පාලනය කරයි නිදන්ගත රෝග අතර ප්‍රධාන තැනක් ගනු ලබන දියවැඩියාව පාලනය කිරීම සඳහා ආහාරයට ගත යුතු ඖෂධීය බීජ වර්ගයක් ලෙස වට්ටක්කා බීජ හැඳින්විය හැකිය. එනම් වට්ටක්කා බීජ ආහාරයට ගැනීම මගින් ශරීරයේ ඉන්සියුලින් නියාමනය වැඩිදියුණු කර ගත හැකිය.එම නිසා දියවැඩියා රෝගීන්ටද  වට්ටක්කා ඇට ආහාරයට එකතු කර ගැනීම ගුණදායකය. 

අක්ෂි රෝග සමනය කරයි.බොහෝ දෙනෙකුට අක්ෂි රෝග ඇති වනු ලබන්නේ වයස්ගත වීමත් සමග හෝ විටමින් ඌනතාවයක් ඇති වීම හේතුකොටගෙනය.  එසේ ඇතිවන අක්ෂි රෝග සමනය කරගැනීමට වට්ටක්කා ඇට ආහාරයට ගැනීම යෝග්‍ය බව කරන ලද නවතම පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. එනම් දිනපතා වට්ටක්කා ඇට අහුරක් ආහාරයට ගැනීම මගින් එහි අඩංගු විටමින් ඒ, සින්ක්, මැග්නීසියම් වැනි පෝෂ්‍ය පදාර්ථ ඇස් පෙනීම වැඩි දියුණු කර අක්ෂි රෝග සමනය කිරීමට ඉවහල්වේ. 

පිළිකා ඇතිවීම වළක්වනු ලබයි.වයස් භේදයකින් තොරව වර්තමානය වන විට පැතිර යන මාරාන්තික රෝගයක් වන පිළිකාව පාලනය කර ගැනීමටද වට්ටක්කා ඇට ආහාරයට ගැනීම ගුණදායකය. එනම්

ස්පාඤ්ඤයේ සිදු කරන ලද නවතම පරීක්ෂණවලින්  ඒ බව තහවුරු වී තිබේ. එනම් වට්ටක්කා ඇට වල අඩංගු ප්‍රතිඔක්සිකාරක පිළිකා සෛල විනාශ කර පිළිකා ඇති වීම වළක්වනු ලබයි. එනම් විශේෂයෙන්ම පියයුරු පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවය 23% න් අවම කරගත හැකි බව එහිදී අනාවරණය කරගෙන තිබේ. 

හෘද රෝග ඇතිවීම පාලනය කරයි.හෘද රෝග ඇතිවී පීඩා විඳින රෝගීන් ට නැවත හෘද රෝග ඇතිවීම වළක්වා ගැනීමට ආහාරයට ගත යුතු බීජ වර්ගයක් ලෙස වට්ටක්කා බීජ හැඳින්විය හැකිය. එනම් වට්ටක්කා ඇට යොදාගෙන කරන ලද පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ වට්ටක්කා ඇට ආහාරයට ගැනීමෙන් හෘද රෝග ඇති වීම වළක්වා ගත හැකි බවයි. එනම් වට්ටක්කා ඇටවල වල අඩංගු පොටෑසියම් අධි රුධිර පීඩනය පාලනය කර ක්‍රමවත්ව හෘදයට රුධිරය සැපයීම සිදු කර හෘද රෝග ඇතිවීම වලක්වනු ලබයි. 

ආතරයිටීස් නිසා ඇතිවන රෝග සංකූලතා සමනය කරයි. බොහෝ දෙනකුට වයස්ගත වීමත් සමඟ ඇතිවන ආතරයිටිස් රෝග සංකූලතා සමනය කරගැනීමට වට්ටක්කා ඇට ආහාරයට ගැනීම ගුණදායකය. එනම් ආතරයිටිස් හේතුවෙන් ඇතිවන සන්ධි වේදනා, ඉදිමුම් සමනය කිරීමට වට්ටක්කා ඇට වල අඩංගු ප්‍රතිඔක්සිකාරක බෙහෙවින් උපකාරීවේ. මේ නිසා ආතරයිටිස් පවතින රෝගීන් වට්ටක්කා ඇට නිතර ආහාරයට එක් කර ගැනීම ගුණදායකය. 

නින්ද නොයෑම සමනය කර සුවබර නින්දක් ලබාදෙයි.බොහෝ දෙනෙකුට පවතින නින්ද නොයාමේ තත්ත්වය සමනය කර සුව නින්දක් ලබා ගැනීමට වට්ටක්කා ඇට ආහාරයට ගැනීම වඩාත් යෝග්‍යවේ. එනම් වටක්කා ඇටවල අඩංගු tryptophan ඇමයිනෝ අම්ලය නිදිමත ඇති කිරීමට හේතුවේ.  එනම් මේ සඳහා රාත්‍රියේ නින්දට යාමට පෙර වට්ටක්කා ඇට අහුරක් ආහාරයට ගැනීමෙන් සුවබර නින්දක් ළගා කර ගත හැකිය. 

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීම සඳහා අප ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර වැඩි වශයෙන් භාවිතා කළ යුතුය. එනම් වට්ටක්කා ඇට ආහාරයට ගැනීමෙන් ද ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගත හැකිය. එනම් වට්ටක්කා ඇට වල  අඩංගු ප්‍රතිඔක්සිකාරක හා ෆයිටොකෙමිකල් මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමෙන් ඇතිවන රෝගවලින්ද ආරක්ෂාව සලසනු ලබයි. 

  • මීට අමතරව 
  • මානසික ආතතිය සමනය කිරීමට 
  • ශරීරයේ බර අවම කිරීමට. 
  • වකුගඩු වල ගල් ඇතිවීම වැළැක්වීමට මේ ආදී වූ රෝග සුවකර ගැනීමට වට්ටක්කා ඇට ස්වාභාවික ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.