රතුළූණු කියන්නේ මුළුතැන්ගෙට නැතුවම බැරි රසකාරකයක්. ඒ වගේම ලෝකයේ තියෙන රසයෙන් වගේම ගුණයෙන් ඉතාම ඉහළ ඖෂධයක්. ඉතින් අද බොහෝදෙනා රට ළූණු භාවිතයට වැඩි වශයෙන් පෙළබීමත් රතු ළූණු ආහාරයට එකතු කිරීමේ දී භාවිතා කරන පුරුදු හා දෝෂ නිසාත් අපේ ශරීරයට එයින් ලබාගත හැකි ඉතා ඉහළ පෝෂණ ගුණයන් නොලැබී යනවා.තවත් අය මේ රතු ළූණුවල ගන්ධය නිසා ආහාරයට ගැනීමට මැලිකමක් දක්වනවා.නමුත් සැබැවින්ම රතු ළූණු සතු ඇතැම් විශේෂ ගුණ වෙනත් කිසිම ආහාරයකින් අපට ලබා ගන්නට බැහැ.ඉතින් ඒ නිසාමයි අද ඔබට රතු ළූණු සතු අපූරු ගුණ පිළිබඳව මතක් කරන්නට කල්පනා කළේ.
මේ රතුළූණුවලට ආවේණික ගන්ධය නිසා බොහෝ අය රතුළූණු අමුවෙන් ආහාරයට ගන්නට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ.එයට හේතුව වෙන්නේ එහි අඩංගු වන සල්ෆර් නම් රසායනිකය. මේ රතු ළූණු සතුව විටමින් A විටමින් B, විටමින් C, ප්‍රෝටීන්, මේද, කැල්සියම්, යකඩ,මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, සින්ක් වගේම සෙලීනියම්, මැංගනීස් ආදී අති දුර්ලභ අංශු මූලද්‍රව්‍යයත් අඩංගු වෙනවා.
රතු ළූණු වගේම රට ළූණුත් ආහාරයට එකතු කර ගන්නට වඩාත් සුදුසුම ක්‍රමය වෙන්නේ අමුවෙන් ආහාරයට ගැනීමයි. සලාදවලට, මැල්ලුම්වලට ආදී අමුවෙන් ආහාරයට ගන්නා හෝ බාගෙට තම්බා ගන්නා ආහරවලට එකතු කිරීමයි පෝෂණ ගුණය රැකෙන පරිදි රතු ළූණු අපිට ආහාරයට ගත හැකි සුදුසුම ආකාරය වෙන්නේ. පිසීමේදී රතු ළූණුවල අඩංගු සල්ෆර් සහ ෆ්ලේමනොයිඩ් ආදී පෝෂක විනාශ වී යාම එයට හේතුවයි.
රතු ළූණු සතු ගුණ

සීනි පාලනය කිරීමේ හැකියාව ඇලයි ප්‍රොපයිල් ඩයිසල්ෆයිට් කියන විශේෂිත රසායනික සංයෝගය මේ ළූණූවල අන්තර්ගත වෙනවා. ඒ රසායනිකය ඉතා කෙටි කාලයක් තුළ රුධිරයේ සීනි මට්ටම පහළට ගෙන එන්නටත්, ඉන්සියුලින් ශ්‍රාවය වර්ධනය කරන්නටත් හේතුවෙනවා. ඒ වගේම ක්‍රෝමියම් කියන අංශු මාත්‍ර මූලද්‍රව්‍ය පවා ශරීරයේ සීනි යම් ප්‍රමාණයකට යාමනය කරන්නට උපකාරී වෙනවා.
පිළිකා ඇතිවීම අවම කිරීමේ හැකියාව රතු ළූණුවල අන්තර්ගත ෆොලිෆීනෝල්, ෆ්ලෙමනොයිඩ්, ක්වෙසිටෝන් ආදී ඉතා ඉහළ ගණයේ සංඝටක පිළිකා ඇතිවීමේ අවදානම පාලනයට උදව් වෙනවා.
- අසාත්මිකතාවයන් පාලනය කිරීමේ හැකියාව
- හදවත ආරක්ෂා කිරීමේ හැකියාව
සිරුරේ අහිතකර කොලෙස්ටරෝල් පාලනය කර හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීමේ හැකියාව රතු ළූණු සතුයි.
පණු රෝග නැසීමේ හැකියාව රතු ළූණු කපා වතුර භාජනයකට දමා රැයක් තබා පසුදින උදෑසන මී පැණි ස්වල්පයක් එකතු කර පානය කිරීම පණු රෝග සඳහා ප්‍රත්‍යක්ෂ බෙහෙතක්.
ආහාර රුචිය වර්ධනය කිරීමේ හැකියාව ක්ෂය රෝගය, ගලපටලය රෝගයට හා බඩ පිපුම උදරයට දැනෙන අපහසුතා සඳහා සුවය සැලසීමේ හැකියාව.
මුඛ සෞඛ්‍ය රැක ගැනීමේ හැකියාව ආහාර ගන්නා වේලාවට හෝ නැති අවස්ථාවක රතු ළූණු ගෙඩියක් දෙකක් ආහාරයට ගැනීම මුඛයේ දුර්ගන්ධය ඇතුළු මුඛ රෝගවලින් ආරක්ෂා වෙන්නට බෙහෙවින් ඉවහල් වෙනවා.රතු ළූණු කෑල්ලක් දිනකට විනාඩි 3-4 ක කාලයක් සැපීමෙන් මුඛ කුහරයේ ශ්ලේෂ්මලය සම්පූර්ණයෙන්ම විෂබීජවලින් තොරකර ගන්නට පුළුවන්.
ලිංගික අප්‍රාණිකත්වය පාලනය කිරීමේ හැකියාව රතු ළූණු මී පැණි සමඟ කොටා ඒ යුෂ පානය කිරීම හෝ නැත්නම් රතු ළූණු හා මී පැණි එකට දිනකට දෙවරක් ආහාරයට එකතු කර ගැනීමෙන් මේ තත්ත්වය පාලනය කරගන්නට පුළුවන්.
- දරු ඵල පමාවීම හා වඳභාවයට රතු ළූණු දිව ඔසුවක්
- වියළන ලද රතු ලූණු උණු වතුරට දමා පානය දියවැඩියාවට ගුණදායකයි
- රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාව
- ආමාශයික තුවාල සුව කිරීමේ හැකියාව
රතු ළූණු, මී පැණි සමඟ හෝ ඉඟුරු සමඟ ආහාරයට ගැනීමෙන් මේ වධකාරී රෝගී තත්ත්වයෙන් මිදෙන්නට හැකියාව ලැබෙනවා.
අස්ථි හා සන්ධි ආරක්ෂා කිරීමේ හැකියාව රතු ළූණු මගින් ශරීරයේ ජලය හා විෂ ද්‍රව්‍ය බැහැර කිරීම කාර්යක්ෂම කරන අතර එමගින් සන්ධි ඉදිමීම දණහිස් අමාරුව ආදී රෝගවලට ගොදුරුවීමේ හැකියාව අවම කරයි.

ස්වසන ආබාධවලින් ආරක්ෂාව සැලසීමේ හැකියාව කැස්ස, සෙම්ගෙඩි, සෙම්ප්‍රතිෂ්‍යාව, බ්රොන්කයිටීස්, නියුමෝනියාව ආදි රෝග සඳහා සහනය සලසයි.
- ස්නායු ආරක්ෂා කිරීමේ හැකියාව
- ත්‍රයිරොයිඩ් ග්‍රන්ථියෙන් හා අග්න්‍යාශයෙන් හෝර්මෝන ශ්‍රාවය වීම උත්තේජනය කිරීමේ හැකියාව එමගින් සිරුරේ සමස්තිථිය ක්‍රමවත්ව පවත්වා ගෙන යාමට මහත් උපකාරයක් ගෙන දෙනු ලබනවා.
- ආහාර ජීර්ණය වේගවත් කර මල බද්ධය මගහැරවීමේ හැකියාව
- වකුගඩුවල බහිශ්‍රාවීය කටයුතු කාර්යක්ෂම කිරීමට හා මුත්‍ර දැවිල්ල සමනය කිරීමේ හැකියාව
- අක්මා රෝග වැළක්වීමේ හැකියාව
- ගුද මාර්ගයේ බැක්ටීරියා වර්ධනය හා පිළිකා ඇතිවීම වැළක්වීමේ හැකියාව
- ප්‍රතිශක්තිය ඉහළ නැංවීමේ හැකියාව
- අකලට හිසකෙස් ගැලවී යාම පාලනය කිරීමේ හැකියාව
රතුළූණු යුෂ, මී පැණි සමඟ හෝ පොල් තෙල් සමඟ මිශ්‍රකර හිසේ ආලේප කර මසාජ් කර පැයකින් පමණ සෝදා හැරීම මේ සඳහා ඉතා සුදුසු සාර්ථකම පිළියමක්.
- සම පැහැපත් කිරීමේ හැකියාව
- මී පැණි සමඟ රතු ළූණු එකතු කර සාදාගත් පේස්ට් එකක් භාවිතා කිරීමෙන් සමේ අඳුරු පැහැය වගේම ලප කැලැල් අඩු කර ගන්නට හැකියාව පවතිනවා.
- වෛර්ස උණ රෝගවලදී රතු ළූණු කපා වතුර වීදුරුවකට දමා නිදා ගන්නා ඇද අසල තැබීමෙන් මේ රෝගය ඉතා ඉක්මනින් සුවකර ගන්නට හැකියාව ලැබෙනවා.එහිදී වාතයේ ඇති විෂබීජ රතු ළූණු විසින් උරා ගනු ලබනවා.
නිරන්තරයෙන් අපේ ආහාර රසවත් කරන ප්‍රතිකාර සඳහා නිතර භාවිතා කරන රතු ළූණු සතු විශිෂ්ට ගුණ සිහියේ තබා ගැනීම වගේම ඒවායේ ගුණ නොනැසෙන පරිදි ආහාරයට ගැනීමත් අතිශයින්ම වැදගත්.