පැණි කොමඩු කියන්නේ අපිට නුහුරු නුපුරුදු පලතුරක් නෙවෙයි. ලොකු කුඩා හැමෝම ඉතාම ආසාවෙන් ආහාරයට ගන්නා පැණි කොමඩු අධික රස්නය ඇති කාලයට වැඩි වශයෙන්ම බොහෝදෙනෙක් ආහාරයට ගන්නවා. රුව ලස්සන කර ගන්නට හිතන බොහෝඅය කොමඩු යුෂ පානයටත් පුරුදු වෙලා ඉන්නවා. කොහොමනමුත් පැණි කොමඩු ඉතාම රසවත් වගේම ගුණාත්මක බවින් ඉතා ඉහළ බව ඔබ දන්නවා. සාමාන්‍යයෙන් අපි පැණි කොමඩු ගෙඩියේ තද රතු පැහැ මදය තමයි ආහාරයට ගන්නේ. මේ මදයේ රතු පැහැය එය හොදින්ම ඉදුණු එකක් ද යන්න දැන කියා ගන්නට අපිට උදව් වෙනවා.
නමුත් මේවායින් බොහොමයක් කෘතීම රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ඉදීමමට ලක් කරන බවත් ඔබ දන්නවා. ඒ කොහොමවෙතත් පැණි කොමඩු ගෙඩියක් හොඳින්ම ඉදී ඇති බව කොමඩු ඇටවලින් පවා අපිට හඳුනා ගන්නට පුළුවන්. ඉදුණු පැණි කොමඩු ගෙඩියක ඇට කළු පැහැයක් ගන්නවා. ඉතින් අපි කොමඩු ආහාරයට ගනිද්දි කොමඩු ඇට මහත් කරදරයක් කියලා නේ හිතන්නේ. ඒ නිසා ඇට ඉවත් කරලා කොමඩු මදය පමණක් අපි ආහාරයට ගන්නවා. ඒත් ඔබ දන්නවද පැණි කොමඩු මදයට වඩා වැඩි ගුණයන් බොහොමයක් පැණි කොමඩු ඇට සතු වෙන බව. ඉතින් ඔන්න අපි අද ඔබට කියන්නේ විසි කරන පැණි කොමඩු ඇටවලින් අපේ සෞඛ්‍ය ආරක්ෂා කර ගන්නා ආකාරය පිළිබඳව .
කොමඩු ඇට අපිට විවිධාකාර විදියට ආහාරයට ගන්නට පුළුවන්. පාන් පිටිවලින් සකස් කරන ලද කෙටි කෑම වෙනුවට ස්නැක් එකක් ලෙසට මේ කොමඩු ඇට පරිභෝජනය කරන්නට පුළුවන්. එය බර වැඩීවීම පාලනයටත් සිරුරේ නීරෝගි බවටත් අතිශයින්ම හේතු වෙනවා.
ස්නැක් එකක් ලෙස සෝදාගත් කොමඩු ඇට හොඳින් තෙත මාත්තු කර ගන්න. ඉන්පසුව මෙය රට කජු මෙන් කබලේ බැඳ ගන්න. එයින් කොමඩු ඇටවල ඇති තිත්ත රසය ඉවත් වෙලා යනවා. ඒ වගේම ඕනම කාලයක් තබා ගෙන ආහාරයට ගන්නත් පුළුවන් රසවත් ගුණයෙන් ඉහළ ස්නැක් එක තමයි ඒ.
කොමඩු ඇට පානය සෝදා වියළා ගත් කොමඩු ඇට කුඩු ලෙස සකස් කර තබා ගන්න. දිනකට කොමඩු ඇට කුඩු මේස හැන්දක් උණු වතුරට දමා විනාඩි 5 ක් පමණ හොඳින් තම්බා ගන්න.ඉන්පසුව පෙරා තේ ලෙස පානය කරන්න.මේ පානය රුධිරගත ග්ලූකෝස් මට්ටම පහත හෙළන්නට බෙහෙවින්ම උපකාරී වෙනවා. කොමඩු ඇට කුඩු නටන උණු වතුර ලීටර 2 කට දමා නැවත විනාඩි 15 ක් පමණ නටවා ගෙන තබාගෙන පානය කරන්නටත් පුළුවන්.
කොමඩු ඇට භාවිතයෙන් අපේ සිරුරට ලැබෙන වාසි

- හිසකෙස් ගැළවී යාම වළක්වනවා. අද වෙද්දි කාන්තා පුරුෂ හැමෝටම වගේ තියෙන ප්‍රබල ගැටළුවක් තමයි හිසකෙස් ආශ්‍රිත ගැටළු. හිසකෙස් ගැලවීයාම, දුර්වල වීම ආදී නොයෙක් ගැටළු නිසා පීඩාවට පත්වෙලා සිටින ඔබට කොමඩු ඇට කියන්නේ ඉතාම හොඳ පිළියමක්. පැණි කොමඩු ඇටවල යකඩ, මැග්නීසියම්, කොපර් ඉහළ සාන්ද්‍රණයකින් අඩංගු වෙනවා.යකඩ ශරීරයේ ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ නැංවීම නිසා හිසකෙස් වෙත පෝෂක ගෙනයාම වේගවත් කර හිසකෙස් වර්ධනය වේගවත් කරනවා. කොමඩු ඇට සතු කොපර් අපේ කොණ්ඩයේ තද වර්ණය සහ දීප්තිය පවත්වා ගන්නට උපකාරී වෙන අවශ්‍ය මෙලනින් නිෂ්පාදනයට ඉතාම වැදගත්. කේශ කූපය ශක්තිමත් කර කෙස් ගැලවී යාම වළක්වන්නට මැග්නීසියම් උපකාරී වෙනවා.
- පැහැපත් සමක් ලබා දෙනවා. කොමඩු ඇටවල ඔලිව් තෙල්වල අඩංගු ඔලෙයික් අම්ලය ඇතුළු සංතෘප්ත මේද වර්ග කිහිපයක්ම අඩංගු වෙනවා. සමේ තෙතමනය ස්වභාවිකවම සුරකින මොයිස්චර්රයිසර් එකක් විදියට සලකන මේ මේද වර්ග සම වියළීම නිසා ඇතිවන මලානික ස්වභාවය සහ රැළි වැටීමේ ස්වභාවයත් වළක්වනවා.සමේ දීප්තිමත් බව සහ පැහැපත් බව රැකදෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ප්‍රතිලාබ ලබාදෙන අතරේ සමත් සිනිඳු බවට පත් කරන්නටත් වියපත් බවට පත්වීම පාලනයට කරන්නත් කොමඩු ඇටවල අඩංගු වෙන සංයෝගවලට හැකියාව ලැබී තියෙනවා.
- ලිංගික ශක්තිය වැඩි කරනවා. පැණි කොමඩු ස්වභාවයෙන්ම ලිංගික ශක්තිය වර්ධනය කරන පලතුරක්. නමුත් එහි මදයට වඩා වැඩි ගුණයක් ඇට අනුභවයෙන් ලබා ගන්නට පුළුවන්. පැණි කොමඩු ඇටවල ආගයිනීන් ග්ලුටැමික් අම්ලය, ලයිසීන් කියන සංයෝග නැතිව ගිය ලිංගික ශක්තිය නැවත ලබාදෙන බව පර්යේෂණවලින් තහවුරු කරගෙන තියෙනවා. මෙය කාන්තාවන්ටත් පුරුෂයන්ටත් සිය ලිංගික ජීවිතය සතුටින් විදින්නට මහත් සේ උපකාරී වෙනවා.
- ක්ෂුද්‍ර පෝෂක ලබාගත හැකි හොඳම ප්‍රභවයක්.අද බොහෝදෙනා කතා කරන ජීවන රටාවේ කාර්යබහුලත්වය නිසාම සමබල ආහාරවේලක් ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ එහෙමත් දවසක. ඒ නිසා අපේ ශරීරයට ලැබිය යුතු ක්ෂුද්‍ර පෝෂක නිසි පරිදි අපේ ශරීරයට ලැබෙන්නේ නැහැ.ඉතින් ඒ ගැටළුවට හොඳම විසඳුම තමයි පැණි කොමඩු ඇට ආහාරයට ගැනීම. පැණි කොමඩු ඇටවල යකඩ, පොටෑසියම්, සින්ක්, කොපර්, මැන්ගනීස්, මැග්නීසියම්, සෙලිනියම්, පොස්ෆරස්, කැල්සියම් වගේ අත්‍යවශ්‍ය ඛනිජ ලවණ රාශියක් අඩංගු වෙනවා. ඒ හැරුණාම අත්‍යවශ්‍ය මේද අම්ල වන ලයිසීන්, ට්රිප්ටෝපන් වගේම විටමින් B ප්‍රභේද කිහිපයක් ද අඩංගු වෙනවා. ඒ වගේම ලිනෝලෙයිම් අම්ලය, ඔලෙයික් අම්ලය ආදී අසංතෘප්ත මේද අම්ලයත් කොමඩු ඇටවල අන්තර්ගත වෙනවා.

- දියවැඩියාව පාලනය කරනවා.පැණි කොමඩු ඇටවල ඇති සංයෝග රුධිරයේ සීනි මට්ටම සිරුරට හිතකර අන්දමින් පාලනයට උදව් කරනවා. ඒ සඳහා ඉහත සඳහන් කර ඇති කොමඩු ඇට පානය භාවිතයට ගත හැකියි. ඒ වගේම දියවැඩියා රෝගියෙකුගේ තුවාලයක් ඇත්නම් දිනකට කිහිපවරක් එසේ කොමඩු ඇට පානය පරිභෝජනයෙන් එය සුව නොවීමේ අවදානම අඩුකර ගන්නට පුළුවන්.
- හදවත නීරෝගී කරනවා.කොමඩු ඇටවල අඩංගු මොනසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් යන මේද අම්ල මගින් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරන බැවින් හෘදයේ ක්‍රියාකාරිත්වය හොඳින් පවත්වා ගෙන යන්නට උපකාරී වෙනවා.
- මුත්‍රාශය ආශ්‍රිත රෝග සඳහා ගුණදායක වෙනවා.
- මෙහි අඩංගු ඇමයිනෝ අම්ල මගින් මානසික ආතතිය දුරු කරනවා.
- කැල්සියම් උරා ගැනීමේ හැකියාව පහසු කිරීමෙන් අස්ථි ශක්තිමත් වීමට උපකාරී වෙනවා.
- මාංශ පේශීවල ගෙවී ගිය පටක වර්ධනය කරනවා.
- බඩවැලේ සිටින අහිතකර ක්ෂුද්‍ර ජීවීන් අවම කරනවා .
- මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරමින් මතක ශක්තියද වර්ධනය කරනවා .
- මෙහි අඩංගු විටමින් A මගින් ඇස් පෙනීම වර්ධනය කරනවා.
ඉතින් ඉහත සඳහන් කරන් ලද සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා ගන්නට නම් අද පටන් කොමඩු ඇට විසි නොකර පරිභෝජනයට ගත යුතු වෙනවා. කොමඩු ඉතා ඉහළ පෝෂණ ගුණයකින් සමන්විත පලතුරක් වුණත් එහි සම්පූර්ණ පෝෂණය අපේ සිරුරට ලබා ගන්නට නම් කොමඩු ඇට විසි නොකර ආහාරයට එකතු කරගත යුතු වෙනවා.