සාමාන්‍යයෙන් වයස වුරුදු 60 ඉක්මවූ වැඩිහිටි පිරිමි පුද්ගලයන්ට පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝග බහුලව අසන්නට දකින්නට ලැබෙනවා. ඒ තත්ත්වයන් බොහෝවිට වයස්ගතවීමත් සමඟ පුරස්ථි ග්‍රන්ථියේ අධි වර්ධනය හේතුවෙන් හට ගන්නා අපහසුතාවයන්. මේ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් ඒ ආශ්‍රිතව පිළිකා තත්ත්වයන් වර්ධනයවීමේ හැකියාව 80% කින් වැඩි කරන බව බටහිර වෛද්‍ය විද්‍යාවේ සඳහන් වෙනවා. එබැවින් මේ තත්ත්වය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම අනිවාර්යයි.
පුරුෂයන්ගේ මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතව මුත්‍රාශයට යටින් මුත්‍රා නාලය ආරම්භවන ස්ථානයේ ගුද මාර්ගයට ඉදිරියෙන් පිහිටා තියෙන වැදගත් ඉන්ද්‍රියක් තමයි මේ පුරස්ථි ග්‍රන්ථිය . දරුවන් බිහි කරන්නට තරුණ වයසේදී පිරිමි පාර්ශවයට අත්‍යවශ්‍ය මේ ඉන්ද්‍රිය ශරීර අභ්‍යන්තරයේ පිහිටා තියෙන වැදගත් ලිංගික අවයවයක්.පුවක් ගෙඩියක ප්‍රමාණයෙන් සහ හැඩයෙන් සමන්විත එය ශුක්‍රාණුවලට පෝෂණය සපයන ශුක්‍ර තරලය නිපදවීමේ කාර්යය මූලිකව සිදු කරනු ලබන ඉන්ද්‍රියක්. ඒ හැරුණාම මුත්‍රා මාර්ගයේ මුත්‍රා පාලනය කිරීමට අදාලව ක්‍රියා කරන පේශීවලින් කොටසක් ද මේ ග්‍රන්ථිය ආශ්‍රිතව පිහිටා තියෙනවා.
මේ ග්‍රන්ථිය පිරිමි දරුවෙකු කුඩා කාලයේදී කුඩාවට පිහිටා තිබී වැඩිවියට පත්වීමත් සමඟ මේ ග්‍රන්ථියත් ක්‍රමයෙන් විශාල වීමට පටන් ගන්නවා.යම් කාලසීමාවකදී මේ ග්‍රන්ථිය විශාලවීම නතරව සාමාන්‍ය ප්‍රමාණයකට පත්වෙනවා. නමුත් ඇතැම් පුරුෂයන්ගේ වයස අවුරුදු 45 – 50 හෝ 60 පමණ වෙද්දි මේ ග්‍රන්ථිය නැවත විශාල වෙන්නට පටන් ගන්නවා. අක්‍රමවත්ව මෙසේ වර්ධනයවීම නිසා රෝගයක් දක්වාම එය ගමන් කරනු ලබනවා.
මේ ග්‍රන්ථිය අධි වර්ධනයකට ලක්වෙන්නේ වයස්ගතවීමත් සමඟ හෝර්මෝනවල අඩුවැඩිවීම හෝ ඒ ආශ්‍රිතව යම් පිළිකා තත්ත්වයන් වර්ධනයවීම හේතු කරගෙනයි. මෙහිදී පුරස්ථි ග්‍රන්ථියේ මධ්‍යම කොටස විශාල වෙන්නට පටන් ගන්නවා.මේ නිසා මේ හරහා ගමන් කරන මුත්‍රා මාර්ගය අවහිර වෙනවා. එයින් පුද්ගලයාට යම් යම් අපහසුතා ඇති වනවා. විශේෂයෙන්ම මුත්‍රා පිටකිරීම ආශ්‍රිත ගැටළු බොහොමයක් රෝග ලක්ෂණ ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන්.
පුරස්ථි ග්‍රන්ථියේ අධි වර්ධන සමඟ ඇතිවන රෝග ලක්ෂණ

- පුරස්ථි ග්‍රන්ථිය විශාලවීම නිසා මුත්‍ර නාල තෙරපී මුත්‍රා කිරීම අපහසුවීම
- නිතර නිතර මුත්‍රා කුඩා ප්‍රමාණයකින් පිටවීම
- මුත්‍රා පිටවීමට බොහෝවේලාවක් ගතවීම
- මුත්‍රා කරන වේගය අඩුවීම
- රාත්‍රියේදී මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වීම
- මුත්‍රා කඩින් කඩ පිටවීම
- මුත්‍රා පිටකිරීමට දැඩි ආයාසයක් දැරීමට සිදුවීම
- මුත්‍රා පිට කළ පසුවත් මුත්‍රා කිරීම අවශ්‍ය බව දැනීම
- මුත්‍රා සමඟ රුධිරය පිටවීම
- මුත්‍රා දැවිල්ල
- මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය දැණුනු වහාම මුත්‍රා පිට කිරීමට හදිසි ගතියක් දැනීම .ඒ මොහොතේ මුත්‍ර පිට කිරීමට නොගියොත් ඒ සිටින ස්ථානයේම මුත්‍රා පහවීම
ඉහත සඳහන් කළ රෝග තත්ත්වය හැරුණාම වයස අවුරුදු 45 ට ඩු පිරිමි අයට මේ පුරස්ථී ග්‍රන්ථිය සහිතව තවත් රෝග තත්ත්වයක් පවතිනවා. එයට හේතුව වන්නේ පුරස්ථි ග්‍රන්ථියට විෂබීජයක් ඇතුල්වීමෙන් පුරස්ථි ග්‍රන්ථිය ආසාදනයට ලක්වීම. විට එහි තුවාල වී කැලැල් ඇතිවීම ආදිය සිදු වෙනවා.මේ තත්ත්වයේදී ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ ඇතිවුණත් ග්‍රන්ථිය ඉදිමීමකට ලක්වෙන්නේ නැහැ. ඒ වගේම මේ ආසාදන තත්ත්වය සුව කරන්නට මාස ගණන් ගතවෙනවා. ඇතැම්විට ඒ සඳහා වසර ගණනාවක් ගත වෙන්නටත් පුළුවන්.
පුරස්ථි ග්‍රන්ථියේ අධි වර්ධනය නිසා ඇතිවන රෝග ලක්ෂණ නොසලකා හැරීමෙන් ඇතිවිය හැකි බලපෑම්

- මුත්‍රා පිටකිරීමට නොහැකිවීම මේ පුරස්ති ග්‍රන්ථිය විශාල වීම වඩාත් වර්ධනයවීමෙන් මුත්‍රා පිටකිරීම සිදු නොවීම නිසා මුත්‍රා පිට කිරීමට මුත්‍රා බට දැමීමට සිදුවෙනවා.මේ නිසා මුත්‍ර ආසාදනයන් ඇතිවෙනවා.
- මුත්‍ර ආසාදන ඇතිවීම මේ තත්ත්වය ශරීරයේ වෙනත් ඉන්ද්‍රියන්වලටත් හානිදායක තත්ත්වයන් ඇති කරන්නට හේතුවක් වෙනවා.
- මුත්‍රා ගල් ඇතිවීම
- වකුගඩු සහ වකුගඩු ආශ්‍රිත නාල ඉදිමීමට ලක්වීම
- වකුගඩු අකර්මණ්‍ය වීම
- පිළිකා තත්ත්වයන් වර්ධනය වීම එබැවින් මේ රෝග තත්ත්වය සම්බන්ධ රෝග ලක්ෂණ මතු වූ සැණින් ඒ සඳහා නිසිපරිදි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්.
පරීක්ශාවන් -මේ පුරස්ථි ග්‍රන්ථියේ අධි වර්ධනය හඳුනා ගන්නට පරීක්ෂණ කිහිපයක්ම සිදු කරනු ලබනවා.මුත්‍ර පරීක්ෂණ,Urine Full Report ,Urine Creation ,Ultra Sound Scan,Flow test (මුත්‍රා වේගය මැනීම ) ,Endoscopy ,PSA, රුධිර පරීක්ෂණ ආදී පරීක්ෂාවන් වෛද්‍යවරුන් සිදු කරනු ලබනවා. ඒ පරීක්ෂාවන්වලින් අනතුරුව මේ තත්ත්වය පාලනයට ඖෂධ නියම කිරීම හෝ ශල්‍ය කර්මයක් මගින් පුරස්ථි ග්‍රන්ථිය ඉවත් කිරීම සිදු කරනු ලබනවා.
විශේෂයෙන්ම මේ රෝග තත්ත්වය සඳහා බටහිර වෛද්‍ය ක්‍රමය තුළ සිදු කරන ප්‍රතිකාරවලින් සාර්ථව මේ රෝගය සුව කිරීම අපහසුයි. ඒ නිසා බොහෝවිට සිදු කරනු ලබන්නේ ශල්‍ය කර්මයක් කිරීම. මුත්‍ර මාර්ගය තුළට උපකරණයක් යවා ඒ විශාල වූ කොටස් සීරීමක් කර එයින් මුත්‍ර පිටවිමේ මාර්ගය විශාල කරනු ලබනවා. නමුත් කාලයක් ගතවෙද්දි නැවත රෝගය ඇතිවෙන්නට පුළුවන්. පිළිකාමය තත්ත්වයක් මේ පුරස්ථි ග්‍රන්ථියේ ඇතිවුණොත් මේ ඉන්ද්‍රියම සැත්කමක් මගින් ඉවත් කරන්නට සිදු වෙනවා.
ඉතින් මේ පුරස්ථි ග්‍රන්ථිය විශාල වීමේ තත්ත්වයෙන් පීඩා විදින පුද්ගලයෙකු නම් ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වගේම ශරීරයට උෂ්ණ සැර ආහාරපාන ආදිය ගැනීමෙන්, සිගරැට් හා මත්පැන් භාවිතයෙන් පවා වැළකීම ඉතාම වැදගත් කාරණාවන් වෙනවා.