පුරස්ථි ග්‍රන්ථිය යනු පුරුෂයින්ගේ සිරුරේ මූත්‍රාශය සහ ශිෂ්ණය අතරමැදින් පිහිටි කුඩා අවයවයකි. මෙම ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන පිළිකා පුරස්ථි ග්‍රන්ථි පිළිකා ලෙස හඳුන්වයි. වයස්ගත වීමත් සමඟ මෙම පිළිකා අවදානම වඩාත් ඉහළ යයි.මෙම රෝගය ඇතිවීමට පවුලේ රෝග ඉතිහාසයද බලපෑ හැකියි. පුරුෂයින් 8 දෙනෙකුගෙන් 1ක් අයෙක් සිය ජීවිත කාලයේදී මෙම රෝගයට ගොදුරුවීමේ අවදානම ඇති බව සඳහන් වෙනවා.වර්තමනයේ ලෝකයේ බහුලව හඳුනාගැනෙන පිළිකා තත්වයක් ලෙස ද මෙය හඳුන්වයි.
පිළිකා යන නම ඇසූ පමණින්ම දැඩි බියක් සිතට නිරායාසයෙන්ම ඇතුල් වන තරමට එය භයානක රෝග තත්වයකි. සාර්ථකව පිළිකා තත්වය පාලනය කිරීමට නම් එහි මුල් අවස්ථාවන් වලදීම රෝග නිර්ණය කරගැනීම ඉතා වැදගත් වේ. ප්‍රමාද වී පසුකාලීනව තත්වය දරුණු අතට හැරුණු පසු රෝගය හඳුනාගැනීමෙන් එය සාර්ථකව නිවාරණය කිරීම ඉතා අසීරුය. බොහෝ විට ප්‍රතිකාර හා ඖෂධ වලට රෝග තත්වය ප්‍රතිචාර දැක්වීම නතර වි තිබෙන්න්ට වුවද ඉඩ තිබේ. ඉතින්, පිළිකා තත්වයක් මුල් කාලීනවම හඳුනාගැනීම ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක දෙයක් බව ඔබට වැටහෙනවා ඇති.
ඔබේ සිරුරේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් වර්ධනය වෙමින් පවතිනවා විය හැකියි පෙන්නුම් කරන පූර්ව සංඥා හා ලක්ෂණ කිහිපයක් ගැනයි අද අපේ අවධානය. මෙවැනි ලක්ෂණ කල් තියා හඳුනාගැනීමට හැකිවන තරමට තත්වය සාර්ථකව මැඩපැවැත්වීමට හැකියාව ලැබෙනු ඇත. මෙවැනි ලක්ෂණ ඔබ කෙරෙන් හඳුනාගැනීමට හැකි නම්, ඔබට ඒ පිළිබඳ යම් සැක පහළ වේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වි ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගැනීමට කටයුතු කිරීම වඩාත් නුවණට හුරුය.

රුධිරය මිශ්‍ර මූත්‍රා පිටවීම මූත්‍රා සමඟ රුධිරය පිටවීම පුරස්ථි පිළිකා වල වඩාත් බහුල රෝග ලක්ෂණයකි.පුරස්ථි පිළිකා වර්ධනයත් සමඟ මූත්‍රාශය වඩාත් විශාල වෙයි(ඉදිමෙයි).එවිට එය මූත්‍රාමාර්ගයට එරෙහිව තෙරපී පවතියි.එමඟින් මූත්‍රාශයට එල්ලවන බලපෑමෙ ප්‍රතිඵලයක් ලෙස ඉන් රුධිරය වහනය වීමට පවා පටන්ගත හැකියි. රුධිරය පිටවීම මෙම පිළිකා තත්වයේ බරපතල අවධියේදී පහළ වන ලක්ෂණයකි.මූත්‍රා සමඟ රුධිරය පිටවීම මූත්‍රාශයේ හෝ වකුගඩු ආසාදනය වීමෙන් ද ඇතිවිය හැකි ලක්ෂණයකි.කෙසේවෙතත් මෙය දිගින් දිගටම සිදුවෙයි නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම වඩාත් සුදුසුයි.
කහින විට හෝ සිනාසෙන විට මූත්‍රා පිටවීම මූත්‍රාශය අධික පීඩනයකට ලක්වීමෙන් මෙවැනි නොසිතූ අවස්ථා වල පවා ඔබ නොදැනුවත්වම මූත්‍රා කාන්දුවීම සිදුවිය හැකියි.පුරස්ථි ග්‍රන්ථි සැත්කම් වලට ලක්වූවන් අතර ද මෙය පොදු ලක්ෂණයකි. එමෙන්ම පුරස්ථි ග්‍රන්ථි පිළිකාවේ පූර්ව රෝග ලක්ෂණයක් ද වෙයි.කහින විට, සිනාසෙන විට,කිවිසුම් යන විට හෝ වෙනත් වැඩක යෙදී සිටින විට නොදැනුවත්වම මූත්‍රා පිටවෙයි නම් එය කිසිසේත්ම නොසළකා හැර සිටින්න එපා.
වාඩි වූ විට පමණක් මූත්‍රා පිටකළ හැකිවීම පුරස්ථි ග්‍රන්ථි ප්‍රදේශයේ තදබල වේදනාව නිසා සිටගෙන මූත්‍රා කිරීම අසීරු බවක් දැනිය හැකියි.ශ්‍රෝණි ප්‍රදේශයේ පීඩාකාරී වේදනාව නිසා සිටගැනීම පවා ඉතා අමාරු කාර්යක් බව දැනෙයි.මේ නිසා බොහෝ විට මූත්‍රා කිරීමේදී පවා වැසිකිළි අසුනක වාඩිවීමට සිදුවෙයි.මෙම ඉරියව්වේදී මූත්‍රා ප්‍රදේශයේ වේදනාකාරී බව යම් දුරකට සමනය වන බවක් ඔබට දැනිය හැකි වුවත් එය තාවකාලිකය.සිටගත් විට නැවත පෙර පරිදිම වේදනාව ඇතිවෙයි නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.
වෙනදාට වඩා වැඩියෙන් මූත්‍රා පිටකිරීමට අවශ්‍ය වීම පුද්ගලයෙකු දිනකට 6-8වතාවක් පමණ වැසිකිළි යාම සාමාන්‍ය තත්වයකි. නමුත් මීට වඩා වැඩි වාර ගණනක් වැසිකිළි යාමට අවශ්‍ය වීම නොසළකා හැර සිටිය යුතු තත්වයක් නම් නොවෙයි.අධික ලෙස වතුර පානය කිරීම, කැෆේන් වැනි මූත්‍රාවර්ධක ගුණ ඇති තේ, කෝපි වගේ පාන වර්ග ගැනීම නිසා වැඩියෙන් මූත්‍රා පිටවිය හැකියි.කෙසේවෙතත් මින් පෙරට වඩා වැඩිවශයෙන් මූත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව ඇතිවීම පුරස්ථි ග්‍රන්ථි පිළිකා පූර්ව ලක්ෂණයක් වීමට ද බැරි නැත.

ගුදයේ වේදනාව පුරස්ථි පිළිකා ගුද මාර්ගයේ වේදනාව ඇතිකරවයි.සැත්කමට භාජනය වීමෙන් පසු මෙය වඩාත් සුලබය.ගුද ප්‍රදේශයේ දිගින් දිගටම පවතින වේදනාව හඳුනානොගත් පුරස්ථි පිළිකා ලක්ෂණයක් විය හැකියි.ඉදිමුණු පුරස්ථි ග්‍රන්ථිය මූත්‍රාශය සහ ගුදයට එරෙහිව තෙරපීම මීට හේතුවයි.වාඩිවෙන විට මෙම වේදනාව වඩාත් වැඩිවිය හැකියි.අර්ශස්, ගුද මාර්ගයේ ප්‍රදාහය, ආසාදන හා තුවාල අනතුරු වලට ලක්වීම නිසා ද මෙම ප්‍රදේශයේ වේදනාව හටගත හැකියි.වෛද්‍යවරයෙකු වෙත යොමුවී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගැනීම වඩාත් උචිතයි.
මූත්‍රා නවතාගැනීම අපහසුවීම පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් ඇතිවූ විට මූත්‍රා කිරීම වඩාත් අපහසු වෙයි.රුධිර පිටවීම, නිතර මූත්‍රා පිටකිරීමට අවශ්‍ය වීම මෙන්ම මූත්‍රා පිටවීම නතර කරගැනිම ද වඩාත් අසීරු වෙයි.සාමාන්‍යයෙන් මූත්‍රා පිටවීම නතර කරකරගත හැකි නමුත් පුරස්ථි ග්‍රන්ථි ගැටලු ඇති අයෙකුට එය පාලනය කරගැනීමේ හැකියාව නොමැති තරම්ය.මෙය පුරස්ථි ග්‍රන්ථි සැත්කම් වල අතුරුබලපෑමක් ලෙස ද මතුවිය හැකියි.පිළිකා වර්ධනයත් සමඟ මෙන්ම ඊට සිදුකරන ඇතැම් ප්‍රතිකාර වලදී මූත්‍රා පිටවීම පාලනය කරන ස්නායු සහ මාංශ පේශී වලට හානිවෙයි.
එතරම් මූත්‍රා පිටනොවීම පුරස්ථි ග්‍රන්ථි පිළිකා තත්වයකදී මූත්‍රා පිටවීම වැඩිවීම වගේම එහි ප්‍රතිවිරුද්ධ තත්වය ද ඇතිවිය හැකියි.පුරස්ථි ගැටලු නිසා මූත්‍රා පිටවීමම පවා නතර වීමට ඉඩ තිබෙයි.මෙය මූත්‍රා අඩස්සිය ලෙස හඳුන්වයි.මූත්‍රා පිටකළ හැකි වුවත් පිටවන්නේ ඉතා කුඩා බිඳිති වශයෙන් විය හැකියි.මූත්‍රාමාර්ගයට එරෙහිව පුර්සථි ග්‍රන්ථිය තද වී ඇති නිසා මූත්‍රා පහළට ගලා ඒම අවහිර වී යයි.මේ නිසා මූත්‍රා පිටවීම වඩාත් අසීරු වෙයි.කුඩා ප්‍රමාණවලින් කාන්දුවෙයි. නිතර මූත්‍රා කිරීමට අවශ්‍යවීමට මෙය තවත් හේතුවකි.මූත්‍රා පිටකිරීමට අවශ්‍ය වුවද හොඳින් මූත්‍රා පිටනොවන නිසා යළි යළි එම අවශ්‍යතාව දැනෙයි. මෙය දිගින් දිගටම පවතියි නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.

තුනටිය,උකුල,ශ්‍රෝණිය හෝ කලවා ආශ්‍රිත වේදනාව පුරස්ථි ග්‍රන්ථි තත්වයේදී අස්ථි ආශ්‍රිතව තදබල වේදනා හටගනියි.තුනටිය,උකුල, ඉහළ කලවා ප්‍රදේශ වල බහුලව වේදනාව මතුකරයි.මෙය පිළිකාව අසාධ්‍ය මට්ටමේදී මතුවන ලක්ෂණයකි.තුනටිය ප්‍රදේශයේ වේදනාව මතුකිරීම පිළිකාව පැතිරී ඇති බවට ලක්ෂණයක් විය හැකියි.මෙම තත්වයේදි පිළිකාව වඩාත් මාරාන්තිකය.වහාම ප්‍රතිකාර ලැබිය යුත්තේ ඒ නිසයි.
යට ඇඳුම් වල මූත්‍රා දුගඳ හැමීම පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙළෙන විට යට ඇඳුම් වල තදබල මූත්‍රා දුගඳක් හැමිය හැකියි.මූත්‍රා කාන්දුවීම මීට ප්‍රධානම හේතුවකි.
ඉහළ PSA මට්ටමක් තිබීම සෑම පුරුෂයෙකුගේම සිරුරේ ඇති රුධිරයේ කුඩා කුඩා මට්ටම් වලින් විශේෂිත ප්‍රතිදේහජනක (ඇන්ටිජන්) අඩංගුවෙයි.මේවා Prostate Specific Antigens (PSA) ලෙස හඳුන්වයි.මේවා කුඩා මට්ටම් වලින් තිබීම සාමාන්‍ය තත්වයක් වුවත් අධික ප්‍රමාණයකින් රුධිරයේ අන්තර්ගත වීම පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවදානම පෙන්නුම් කරන ලක්ෂණයක් විය හැකියි.PSA දෙවර්ගයකි. ඒවා free සහ regular වශයෙන් හඳුන්වයි.free PSA අධික මට්ටමක් තිබීම පුරස්ථි ග්‍රන්ථි පිළිකා තත්වය නොවෙයි.regular PSA මට්ටම ඉහළ යාම එවැනි තත්වයක් ලෙස හඳුනාගනියි. regular PSA නිපදවන්නේ මාරක පිළිකා සෛල විසිනි. මේවා හඳුනාගත හැක්කේ නිසි රුධිර පරික්ෂාවකින්ය. වයස අවුරුදු 50 ඉක්මවූ අය සඳහා සිදුකෙරෙන වෛද්‍ය පරික්ෂණ වලදි (body checkups) මෙම මට්ටම් පරික්ෂා කෙරේ.