සිරුරේ වැදගත්ම අවයව අතරින් එකක් ලෙස සැලකෙන වකුගඩු මඟින් සිරුරේ අපද්‍රව්‍ය හා අතිරික්ත තරල බැහැර කිරීම පහසු කිරීම,සිරුරේ තරල සමබරතාව රැකගැනීම,රුධිරයේ ඛනිජ ලවණ හා විෂ ද්‍රව්‍ය පෙරා පිරිසිදු කිරීම වැනි කාර්යන් රැසක් වකුගඩු මඟින් ඉටුකරයි.
වකුගඩු තුළ වස විස ද්‍රව්‍ය පිරීමෙන් එය අක්‍රීය වීමට පටන්ගත හැකියි. මින් සමස්ත සිරුරටම විශාල බලපෑමක් ඇතිවෙයි.සමස්ත සිරුරේම නීරෝගී බව ආරක්ෂා කරගැනීමට නම් ඔබේ වකුගඩු හා මූත්‍රා පද්ධතියේ නිසි ක්‍රියාකාරීබව හොඳින් පවත්වාගැනීම වැදගත්.වකුගඩු ලෙඩ නොවී රැකගැනීමට එදිනෙදා ජීවන රටාව තුළ හොඳ සෞඛ්‍ය පුරුදු ඇතිකරගන්න.
ඔබේ වකුගඩු ස්වභාවිකව පිරිසිදු කරන එමෙන්ම ඒවායේ නීරෝගී බව ආරක්ෂා කරගැනීමට උපකාරී වන එවැනි ක්‍රම කිහිපයක් ගැනයි මේ.

හොඳින් වතුර බොන්න – දිනපතා හොඳින් වතුර පානය කිරීම මඟින් සිරුරේ වස විස අපද්‍රව්‍ය මූත්‍රා ලෙස පෙරා සිරුරෙන් බැහැර වීමට සැලැස්වීම වැනි වකුගඩු ක්‍රියාකාරීත්වයන් වඩාත් පහසුවෙයි.සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙකු කෝප්ප 6ක තරම් මූත්‍රා ප්‍රමාණයක් පිටකරයි.හොඳින් මූත්‍රා පිටවන්නේ නැතිනම් ඉන් අදහස් වන්නේ ඔබ හොඳින් වතුර පානය නොකරන බව විය හැකියි. ඇතැම් විට ඔබේ සිරුර විජලනයට පත්වී තිබෙන නිසා ද විය හැකියි.ඔබේ මූත්‍රා පැහැදිලි ස්වභාවයක් ගත යුතුයි.සියුම් කහ පැහැයක් ගැනීම සාමාන්‍යයයි. තද කහ පැහැති සාන්ද්‍රිත මූත්‍රා ඔබ හොඳින් වතුර පානය නොකරන බවට සංඥාවකි. දිනකට වතුර ලීටර් 2-3ක් පමණ පානය කිරීම හොඳ සෞඛ්‍ය පුරුද්දකි.
සෝඩියම් පරිභෝජනය අවම කරන්න – පරිභෝජනය කිරීම ආරක්ෂිත වන දෛනික සෝඩියම් මාත්‍රාව මිලිග්‍රෑම් 1000ක් බව සඳහන් වේ.සෝඩියම් අධික ආහාර පාන වකුගඩු වලට හානිකරයි.සෝඩියම් අධික ආහාර පාන මූත්‍රා වල කැල්සියම් මට්ටම් වැඩිවීමට බලපායි.එය වකුගඩු තුළ ගල් වර්ධනය වීමේ අවදානම ද ඉහළ නංවයි.සෝඩියම් අධික වීම රුධිර පීඩනය ඉහළ යාමට ද බලපායි.මින් වකුගඩු වෙත රුධිරය ගෙන යන ධමනි වලට හානි ඇතිකළ හැකි අතර කලක් ගත වන විට වකුගඩු අක්‍රීය වීමේ තත්වයක් පවා ඇතිවිය හැකියි.සැකසුම් ක්‍රියාවලියට ලක්කළ මාංශ හා ටින් කළ ආහාර (processed food) පරිභෝජනය හැකිතාක් අවම කිරීමෙන් සෝඩියම් ශරීරගත වීම පාලනය කරගත හැකියි.
වකුගඩු නීරෝගී කරවන ආහාර පාන පරිභෝජනයට එක්කරගන්න – පෝෂක වලින් අනූන නැවුම් සහ කාබනික එළවළු, පලතුරු, පලා වර්ග, ධාන්‍ය වර්ග ඔබේ ආහාර වේලට එක්කරගන්න. කැකිරි,කරවිල,මුරුංගා,පිපිඤ්ඤා,කොමඩු,පුහුල්,වට්ටක්කා වැනි ආහාර වකුගඩු වලට හිතකරයි.පැඟිරි පලතුරු ඇතුළු විටමින් C බහුල පලතුරු වර්ග පරිභෝජනය කරන්න.ප්‍රතිඔක්සිකාරක හා තන්තු බහුල ආහාර ද ආහාරයට ඇතුළත් කරගන්න.කොළ ගෝවා, නිවිති,බතල වැනි ආහාර වකුගඩු වලට හිතකරයි.ඔමේගා-3 මේද අම්ල බහුල සැමන්, හුරුල්ලන්, සාඩින් වැනි මාලු වර්ග ආහාරයට ගන්න.
හර්බල් සප්ලිමන්ට් වර්ග භාවිතයේදි සැලකිලිමත්වන්න-වෙළඳ දැන්වීම් හරහා ඔබ දකින මෙවැනි නිෂ්පාදන වර්ග වලින් ඔබට කියන තරම්ම ප්‍රතිඵල ලැබේද යන්න සැකසහිතයි.ක්ෂණික ප්‍රතිඵල අපේක්ෂාවෙන් බොහෝ අය මෙවැනි අතිරේක පෝෂක භාවිතයට නැඹුරු වෙමින් සිටිනවා.මෙවැනි නිෂ්පාදන වල ප්‍රතිඵල සහගත බව පිළිබඳ ප්‍රමාණවත් පර්යේෂණ සිදුකර නොමැති නිසා ඒවා ගැන ප්‍රබල විශ්වාසයක් තැබිය නොහැකියි.කරල්, පෙති වශයෙන් සකසා ඇති ඒවා දිගින් දිගටම ගැනීම ඔබේ වකුගඩු වලට හානිකර විය හැකියි.ඔබ වකුගඩු රෝගයකින් පෙළෙන්නේ නම් එවැනි පුරුදු ඔබේ සෞඛ්‍ය තත්වය තවදුරටත් පිරිහීමට බලපෑ හැකියි. එම නිසා පීඩාකාරී රෝග ලක්ෂණ වලින් පෙළෙන්නේ නම් නිසි වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර වෙත යොමුවීම වඩාත් උචිතය. ගොකටු,නීරමුල්ලිය,අක්කපාන,ගොටුකොළ,හාතාවාරිය,පොල්පලා වැනි පලා වර්ග කැඳ හා තැම්බුම් සාරය ලෙස සකසා පානය කිරීම ද වකුගඩු වලට ගුණදායකයි. ග්‍රීන් ටී, කහ කිරි හෝ කහ තේ ද තවත් එවැනිම හිතකර පාන වේ.
කෘතිම රසකාරක ද්‍රව්‍ය අඩංගු ආහාර පාන පරිභෝජනයෙන් වළකින්න-කෘතිම සීනි වර්ග ඇතුළු රසකාරක මිනිස් දිවේ පිහිටා ඇති රසාංකුර අනවශ්‍ය ලෙස අධිකව උත්තේජනය කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම ආහාර වලට ගිජුවීම වැඩිවෙයි,ඒවා කෙරෙහි ඇතිවන අධික ආශාව නිසා ඒවා අධිකව ආහාරයට ගැනීමට පෙලඹෙයි.මේ බලපෑමින් සිරුරේ බර වැඩිවී ස්ථූලතාව,ආඝාතය, අධි රුධිර පීඩනය හා හෘද රෝග අවදානම් මෙන්ම දෙවන කාණ්ඩයේ දියවැඩියාව හා වකුගඩු රෝග අවදානම් පවා ඉහළ යා හැකියි. sucralose,sccharin,aspartame එවැනි රසකාරක වලට උදාහරණ කිහිපයකි. මී පැණි, මේපල් සිරල් වැනි ස්වභාවික පැණිරසකාරක වර්ග ඔබට විකල්ප වශයෙන් භාවිත කළ හැකියි. කෙසේවෙතත් මේවා ද අධිකව පරිභෝජනය නොකළ යුතු බව මතක තබාගන්න.

දින දෙකකට වරක් වකුගඩු පවිත්‍ර කරවන දේවල් ගැන වැඩි අවධානයක් දෙන්න-වස විස අපද්‍රව්‍ය බැහැර කරවා සිරුරේ පෙරහන්කඩයක් ලෙස ක්‍රියාකරන්නේ වකුගඩුයි.දින දෙකකට වරක් එලඹෙන මෙම කෙටි කාලයේදී වකුගඩු වලට හිතකර ආහාර පාන වර්ග හා පෝෂක ගැනීම එහි ක්‍රියාකාරීත්වය ප්‍රශස්ත වීමට ආධාරක විය හැකි බව අධ්‍යයන මඟින් පෙන්වාදෙයි. ඉහත සඳහන් කළ වකුගඩු වලට ගුණදායි එළවළු, පලතුරු වර්ග,සීනි රහිත යුෂ වර්ග, කැඳ වර්ග, ඖෂධීය තේ වර්ග පරිභෝජනය කරන්න.