අපේ ශරීරයේ නීරෝගී පැවැත්මට බොහෝ පෝෂක අත්‍යවශ්‍ය වෙනවා. ඒ අතුරින් ප්‍රෝටීන්වලට හිමි වන්නේ විශේෂ ස්ථානයක්. විශේෂයෙන්ම ප්‍රෝටීන් කාබෝහයිඩ්රේට් සහ මේදය මෙන් අවශ්‍යතාවයකදී ශරීරය තුළින්ම ලබාගත හැකි පරිදි ශරීරයේ ගබඩා වෙන්නේ නැහැ. අපේ ශරීරයේ වර්ධනයට, ගෙවී යන පටක අලුත්වැඩියා කිරීමට, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට, බැක්ටීරියා,වෛරස ආදී රෝගකාරක විනාශ කිරීමට, ආහාර ජීර්ණය සඳහා වැදගත් එන්සයිම සහ හෝර්මෝන නිෂ්පාදනයට, ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදීම ආදී කාර්යයන් රාශියකට ප්‍රෝටීන් අපේ ශරීරට අත්‍යවශ්‍ය වෙනවා.අපේ ශරීරයට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් මාළු, කරවල, බිත්තර, කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන, පරිප්පු, කඩල, කව්පි ආදී පියලි සහිත ඇට වර්ග,බෝංචි, මෑ, දඹල, සෝයා ආදී රනිල භෝග, මගිනුත් ලබා ගන්නට පුළුවන්. ඉතින් අපේ ශරීරයට යම් ආකාරයකට ප්‍රෝටීන් අඩුවුණොත් අපේ සිරුරේ සමස්ත ක්‍රියාවලියම අඩපණ වෙනවා. එවැනි අවස්ථාවක ඒ බව අපිට දැන ගන්නට හැකි ලක්ෂණ කිහිපයක්ම පෙන්නුම් කරන්නට පටන් ගන්නවා. අද ඔබට කියන්නට සූදානම් වන්නේ මේ අපේ ශරීරයේ ප්‍රෝටීන් ඌණතාවයක් ඇති බව කියන ලක්ෂණ පිළිබඳවයි.

තෙල්, සීනි හා පිටි ආහාර සඳහා ඇති දැඩි ආසාව හා නිතර ඇතිවන කුසගින්න ශරීරයට ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන් නොමැති වූ විට සිරුරේ මේදය යොදාගෙන සංස්ලේෂණය කරගන්නට හැකි ප්‍රෝටීන් නිපදවා ගන්නට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් විදියට සීනි, පිටි තෙල් ආහාර කෑමට දැඩි ආසාවක් ඇති වෙනවා.මොකද ප්‍රෝටීන්වලට සාපේක්ෂව මේදය හා කාබෝහයිඩ්රේට ඉක්මනින් ජීර්ණය කරන්නත් හැකි නිසා ඒ සමඟම බඩගිනි ඇතිවීමත් ඉහළ යනවා.
කොතරම් ආහාර ගත්තත් බඩ පිරෙන්නේ නැතිව බඩගිනි ඇතිවෙනවා නම් එය ප්‍රෝටීන් ඌණතාවයේ ප්‍රතිඵලයක් විදියට ඇති වෙන්නක්. ඒ නිසා වැඩි ආහාර ප්‍රමාණයක් ශරීරය ඉල්ලනවා වගේම ගන්නා ආහාරත් ඉතා ඉක්මනින් ජීර්ණය කර නැවත ආමාශය අලුත් ආහාරයක් සඳහා හිස් කරන්නටත් ශරීරය ස්වභාවිකවම කටයුතු කරනවා.
කෙතරම් ව්‍යායාම කළත් අඩු නොවන උදරය අපේ ශරීරයට අවශ්‍යය කරන ප්‍රෝටීන් ප්‍රමාණය අපි ආහාර මගින් ලබාගත යුතු වෙනවා.නමුත් අපි ගන්නා ආහාරවල අවශ්‍ය තරම් ප්‍රෝටීන් අන්තර්ගත නොවුණොත් ඒ අවශ්‍ය ප්‍රෝටීන් සපයා ගන්නට සිරුර උත්සාහ කරනවා.එහි ප්‍රතිඵලයක් විදියට සිරුර කෙට්ටු වී උදරය විශාල වීම සිදුවෙනවා. අත් ආදියේ මාංශපේශී වැයවෙමින් ශක්තිය ලබාදීමත් ප්‍රමාණයටත් වඩා ලැබෙන කාබෝහයිඩ්රේට මේද විදියට උදරයේ තැන්පත්වීමත් එයට හේතු වෙනවා.
සම වියළී පොතු ගැලවෙන ස්වභාවයක් ගැනීම හා සමේ දැඩි වියළි බව වෙනදා නැති ආකාරයේ සමේ වියළි බවක් හා පොතු ගැලවී යාම ඇතිවීම ප්‍රෝටීන් ඌණතාවයක් ඇති බව හඟවන ලක්ෂණයක් වීමට ඇති ඉඩකඩ බොහොමයි. ශරීරයේ සියලුම කොටස් දිනපතා වර්ධනය වන්නට අවශ්‍ය ගොඩනැගීමේ ද්‍රව්‍ය වන්නේ මේ ප්‍රෝටීන්.මේ නිසා ප්‍රෝටීන් අවම වීම සමඟ සමේ සෛල ප්‍රතිස්ථාපනය වීම අඩුවෙනවා. ඒ සමඟම සමේ බාහිර ස්ථරයේ මැරුණු සෛල එක්රැස්වී පොතු විදියට ගැලවෙනවා.
වෙනදාට වඩා දැනෙන වෙහෙස අපේ ශරිරයේ කටයුතු සඳහා අවශ්‍ය කරන ඔකිජන් ගෙනයාමට අවශ්‍ය හිමොග්ලොබින් සංස්ලේෂණයට යකඩ ලවණ අත්‍යවශ්‍ය වෙනවා.ප්‍රෝටීන් ප්‍රමාණය ඉහළ මස්, මාළු, කිරි බිත්තර, ධාන්‍ය ආදී ආහාරවල ස්වභාවිකවම යකඩ ඉහළ ප්‍රමාණයකින් අඩංගු වෙනවා. ඒ නිසාම ප්‍රෝටීන් සහිත ආහාර නොගැනීම ප්‍රෝටීන් ඌණතාවයක් ඇතිවීමට වගේම යකඩ ඌණතාවයක් ඇතිවීමටත් හේතු වෙනවා.ඒ නිසා ශරීරයට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබීම නිසා වෙහෙස ගතිය ඉහළයාමත් ඒ සමඟම සිදු වෙනවා. මෙය ප්‍රෝටීන අඩුවීමේ වක්ර ප්‍රතිඵලයක් ලෙසයි සැලකිය හැකි වන්නේ.

හිසකෙස් තුනීවීම සම සහ හිසකෙස් නීරෝගීව පවත්වාගෙන යාමට අලුතෙන් සෛල ප්‍රතිජනනය නිරන්තරව සිදුවීමට අවශ්‍යයි. ඒ සඳහා සැලකිය යුතු ප්‍රෝටීන ප්‍රමාණයක් වැය කරන්නට සිරුරට සිදු වෙනවා. ශරීරයට ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන් නැතිවූ විට වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් වැය වන ජීවත්වීමට වැඩි අවශ්‍යතාවයක් නැති සෛල මුලින්ම අත්හැර දමනවා. එහි ප්‍රතිඵලයක් විදියට කෙස් වර්ධනය අඩු වෙලා කෙස් තුනී වෙනවා.
බර අඩුවුණත් සිරුරේ ප්‍රමාණය වෙනස් නොවීම ප්‍රෝටීන් ඌණතාවය ඇති අයෙකුගේ බර අඩුවීමේදී වැය වන්නේ මාංශපේශී නිසාවෙන් උදරය මුහුණ ආදී ස්ථානවල ප්‍රමාණයේ වෙනසක් සිදු වෙන්නේ නැහැ.ඒ වෙනුවට අත්වල හා කලවාවල කුඩාවීමක් දකින්නට පුළුවන්.
නිතරම අසතුටින් කාලය ගත කිරීම අපිට සතුට දැනවීමට ඕන කරන සේරටෝනින් සහ ඩෝපමින් නියුරොන සම්ප්‍රේශක දෙකම සකස් වීමට ආහාරවලින් ඍජුවම ලබා ගන්නා ඇමයිනෝ අම්ල අත්‍යවශ්‍ය වෙනවා. ප්‍රමාණවත් ලෙස ශරීරයට ප්‍රෝටීන් නොලැබීමෙන් එම ඇමයිනෝ අම්ල ඌණතාවයක් ඇතිවෙලා සේරටෝනින් සහ ඩෝපමින් සම්ප්‍රේශණය අඩපණ වෙනවා. ඒ නිසා දවස පුරාම කේන්තියාම වගේම අසතුටින් තමයි කාලය ගත කරන්නට සිද්ධ වෙන්නේ.

නිතර බඩ පිපීම සහ සිරුර පිම්බුණ ස්වභාවයක් ගැනීම ශරීරයට ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන් නොලැබීයාමෙන් කාබෝහයිඩ්රේට සහ මේදය බිද හෙළීමේ ප්‍රතික්‍රියා නිවැරදිව සිදු කරගන්නට සිරුරේ ගබඩා කර ගන්නා ජලය ප්‍රමාණයත් ඉහළ යනවා. ඒ නිසා උදරය පිපීම සහ බෙල්ල වළලුකර මුහුණ ආදී ස්ථානවල පිම්බුණු ස්වභාවයක් ද දැක ගන්නට ලැබෙනවා.
නිතර සනීප වීම සිරුරේ ලෙඩ රෝගවලට එරෙහිව යමින් සිරුර විවිධ ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, විෂබීජ සමඟ සටන් කරන්නට සුදු රුධිරාණු නිෂ්පාදනයට ප්‍රෝටීන් අවශ්‍ය වෙනවා. නමුත් සිරුරේ ප්‍රෝටීන් අඩුවීම මේ සියලුම කටයුතු මන්දගාමී කරන නිසා නිතර නිතර ලෙඩරෝගවලට ගොදුරුවීම සිදු වෙනවා.
ඉතින් මේ ලක්ෂණ කිහිපයකින් ඔබ මෑතකාලීනව පෙළෙනවා නම් ඔබේ ආහාරවේල පිළිබඳව සැලකිලිමත් වන්න. එය සිරුරේ ප්‍රෝටීන් අඩු බව හඟවන ලක්ෂණ විය හැකි නිසාවෙන්.