සමේ රෝග බොහොමයක් අතුරින් තරමක් පීඩාකාරී මනසට වධදෙන ගැටළුවක් තමයි පොතු කබර රෝගය නැත්නම් සොරයිසස් රෝගය. අපේ සමාජයේ මේ රෝගයෙන් පීඩා විදින බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම ඒ රෝග තත්ත්වය නිට්ටාවට, සුවකර ගන්නත් ඉතාම අපහසු චර්ම රෝගයක් නිසාත් බොහෝදෙනා ඉතාමත් පීඩාවට පත්වෙලා ඉන්නවා. ඉතින් අපි කතා කරමු මේ පොතු කබර රෝගය ඇති වෙන ආකාරය සහ ඒ සඳහා අපිට අනුගමනය කළ හැකි පිළියම් පිළිබඳව.
මේ සොරයිසිස් කියන්නේ දීර්ඝකාලයක් පවතින නිදන්ගත චර්ම රෝගයක්.සාමාන්‍යයෙන් අපේ සම අලුත්වැඩියා වෙන්නේ දින 18 කට පමණ කාලයකට පසුව. නමුත් මේ පොතු කබර රෝගයේදී සම දිනපතා අලුත්වීම සිදුවෙනවා. දේහයේ ඇතිවන ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේ අසාමාන්‍යතා නිසා සමේ සෛල වේගයෙන් වර්ධනය වීමක් සිදු වෙනවා. එහිදී ඇතිවන අසාත්මිකතා අනුව අලුත් සම ඇතිවෙද්දි පරණ සම මැරී ඉවත්ව යනවා. පොතු රෝගයේ දී පොතු වශයෙන් මේ මැරුණු සෛල ගැලවී යනවා. සම මත ඒවා කුඩු වශයෙන් ඉවත් වෙනවා. ඒ වගේම කැසීම නිසා සම රතුවී තුවාලවීමත් සිදු වෙනවා.
මේ තත්ත්වය හිස් කබලේ, අත්වල, පාවල, බෙල්ලේ, මුහුණේ යෝනිය අවට ප්‍රදේශවල, කන්පෙති, තුනටිය අවට ආදි ප්‍රදේශවලත් දකින්නට පුළුවන්. මේ තත්ත්වයේ දී අභ්‍යන්තර ඉන්ද්‍රියන්ටත් හානි සිදු වෙනවා. මේ රෝගය කුඩා දරුවන්ටත් මහලු වයසේ පුද්ගලයන්ටත් වැළදීමේ ඉඩකඩ පවතිනවා. නමුත් මේ පොතු කබර රෝගය වැඩි වශයෙන් අවුරුදු 20- 50 ත් අතර පුද්ගලයන් අතරේ දැක ගන්නට පුළුවන්. මෙය කාන්තා පුරුෂ භේදයකින් තොරව දකින්නට හැකි තත්ත්වයක් .
පොතු කබර රෝගය ඇති වෙන්නට බලපාන හේතු

- ජානමය සාධක
- අක්මාවේ තෙල් අධික වීම
- අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතය හා දුම්පානය
- මානසික ආතතිය
- ජලය ප්‍රමාණවත් පරිදි පානය නොකිරීම
- දේහ උෂ්ණත්වය අධික වීම
- ව්‍යායාම් නොකිරීම
- වියළි සමක් පැවතීම
සම වියළි බවට පත්වීමට දේහයට ලැබෙන ජලය ප්‍රමාණවත් නොවීමත්, ඔමේගා 3 මේද අම්ල ප්‍රමාණවත් නොවීම හා විටමින් D ඌණතාවය ආදියත් බලපානු ලබනවා.
පොතු කබර රෝගය සාර්ථකව පාලනය කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු උපදෙස්
- අක්මාව පිරිසිදු කර ගැනීම මේ සඳහා ස්වාභාවික පානයන් වගේම ආහාර තියෙනවා. කෘසිපරස් පවුලට අයිති එළවලු වර්ග භාවිතා කිරීම තුළින් අපේ අක්මාවේ ක්‍රියාකාරිත්වය මනා ලෙස පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. මේ කෘසිපරස් එළවලුවල අන්තර්ගත ශාකමය රසායනිකයන් අක්මාවේ විෂහරණය සඳහා අත්‍යවශ්‍ය වන එන්සයිම ශ්‍රාවය වැඩි දියුණු කරනවා. ඒවායින් අක්මාවට හානි ඇතිවීමත් වළක්වා ගන්නට හැකියාව පවතිනවා.මේ කෘසිෆරස් පවුලට එළවලු ලෙස බ්‍රොකොලි, ගෝවා, නෝකෝල්, රතු ගෝවා අයත් වෙනවා. ඒ හැරුණාම බීට් යුෂ, ඔමේගා 3 මේද අම්ල අඩංගු මාළු වර්ග, නට්ස් වර්ග, ධාන්‍ය වර්ග ආහාරවේලට් එකතු කර ගන්න. ඒ වගේම අධික තෙල් සහිත ආහාරවලින් වැළකීමත්, (චීස්, බටර්, ඌරු මස් ආදී මස් වර්ග ,ක්ෂනික ආහාර, පැණි රස ආහාර ) ඉතා වැදගත්. මේ නිවැරදි පුරුදු මගින් අක්මාව පිරිසිදු වෙලා අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියත් ශක්තිමත් වෙනවා. එය මේ සොරයිසිස් තත්ත්වය ඉතා හොඳින් පාලනයට උදව් වෙනවා.
- උෂ්ණාධික ආහාර ගැනීම නතර කිරීම සහ දේහය සිසිල් කරන ආහාර වර්ග අනුභව කරන්න.
පොතු කබර රෝගය සඳහා සිදුකළ හැකි පිළියම්

1. අවශ්‍ය ද්‍රව්‍ය
- ඔලිව් තෙල් තෙල් හෝ පොල් තෙල් තේ හැදි 2 ක්
- විටමින් E කරල්වල තෙල් තේ හැදි 2 ක්
- කෝමාරිකා ජෙල් තේ හැදි 6 ක්
- ටී 3 තෙල් තේ හැදි 1
- එඩරු තෙල් තේ හැදි 2 ක්
මේ සියල්ලම හොඳින් මිශ්‍රකරගෙන පේස්ට් එකක් ලෙස සකසා ගෙන පිරිසිදු කර වියළාගත් හිසේ ආලේප කරන්න. ආලේප කිරීමෙන් පසුව නැවත සෝදා දැමීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙය වයස අවුරුදු 5 න් ඉහළ ඕනෑම අයෙකුට භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම මෙය කාමර උෂ්ණත්වයේ හෝ ශීතකරණයේ තබාගෙන භාවිතයට ගන්නටත් පුළුවන්.
2. ඉරමුසු හෝ දෑ සමන් මිශ්‍ර ජලය ස්නානය කිරීම
3. කොහොඹ කොළ, අමු කහ, වෙනිවැල් ගැට, අමු කහ , නිදිකුම්බා ආදිය සිහින්ව කපාගෙන ඒවා තම්බාගත් ජලය ස්නානය කිරීම.
මේ රෝගය බොහෝදෙනෙක්ගේ නොසැලකිලිමත්කම සහ ප්‍රතිකාර ප්‍රමාද කිරීම නිසා බරපතල වන්නට හැකියාව පවතින රෝගයක්. විශේෂයෙන්ම මේ රෝගය නිසා අපේ ශරීරයේ කැල්සියම් ඌණතාවයක් පවා ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා නියපොතු දුර්වර්ණ වීම ගැලවී යාම, අස්ථි දිරායාම, ආතරයිටීස් රෝගය සහ සන්ධි ආශ්‍රිත රෝග ආදී අතුරු ආබාධ ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ රෝගයට මුල්කාලීනව ප්‍රතිකාර කරන්නට කටයුතු කරන්න. ඒ වගේම මේ රෝගය නිට්ටාවටම සුවකර හැකි ප්‍රතිකර්ම හෙළ වෙදකමේ වගේම ආයුර්වේදය තුළත් පවතින බවත් මතක තබා ගන්න.