දියවැඩියාවට ගුණදායක අමිලපිත්ත රෝගය  නිට්ටාවට සුව කරන වට්ටක්කා පානය 

health tips

අද  අපි හැමෝම අපේ ශරීරයට ලබා ගන්නේ හිතකර දේවල්වලට වඩා අහිතකර දෙවල්. විශේෂයෙන් ආහාර පානවල වැරදි නිසා බොහෝ දෙනෙක් විවිධ රෝගාබාධවලට ගොදුරු වෙලා වයස් භේදයක් නැතිවම. ඉතා පහසුවෙන් අඩු මිලකට ලබාගන්නට හැකි ගුණයෙන් ඉහළ එළවළු පලතුරු ආදිය කොතෙක් තිබුණත් අපේ ඇස් ගැටෙන්නේම විවිධ වූ කෘතිම රසකාරක එකතු කරපු ආහාර කෙරෙහි. එහි ප්‍රතිඵල නූතන පරම්පරාවෙන් බහුතරයික් රෝගීන් වීම.  ඒ වගේ අවස්ථාවක අද කියලා දෙන්නේ ලෙඩ රෝග බොහොමයකට ගුණදායක දිව්‍යමය ඔසුවක් ගැන.

 අපි හැමෝම දන්නා එළවළුවක් තමයි වට්ටක්කා . ඇතැම් අය කැමැත්තක් නොදක්වන තවත් අය ආසාවෙන් කන එළවලුවක්  විදියටත් වට්ටක්කා හඳුන්වන්නට  පුළුවන්. ඒ හැරුණාම ඉතා විශේෂම කාරණය වෙන්නේ අද එතරම් දකින්නට නොලැබුනත් මලබතට එකතු කරන අනිවාර්ය එළවළුව වට්ටක්කා වීමයි. 

අතීතයේ දී අවමගුලකදී මරණය මිහිදන් කරන දවසේ රාත්‍රියට චාරිත්‍රානුකූලව සැකසෙන මේ මලබත එතෙක් ශෝකයෙන්, අඩමින් වැලපෙමින්, නිදි මරමින්, සිටී නිවැසියන්ට අසල්වාසීන්ට ඒ  අපහසුතා සියල්ලක්ම මගහරවා ගන්නට මේ වට්ටක්කා සුවිශේෂී ආහාරයක් වුණා. මේ සඳහා වට්ටක්කා යොදා ගැනීමෙන් නැතිවෙලා ගිය ශක්තිය නැවත ලැබෙනවා. හෘදය වස්තුව නැවත යහපත් තත්ත්වයට පත්වෙනවා. මේ ක්‍රියාවලිය ඉතා ක්ෂණිකව සිදු කරන්නට වට්ටක්කාවලට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි චාරිත්‍රානුකූලව මලබතට එදා වට්ටක්කා අනිවාර්ය එළවළුවක් ලෙස භාවිතා කළේ. 

අද අපිට මේ චාරිත්‍රය දකින්නට නැති වුණාට අපි අපේ ආහාරයට වට්ටක්කා එකතු කරගන්නවා. වට්ටක්කා ව්‍යංජනය, වට්ටක්කා තම්බා පොල් සමඟ ආහාරයට ගැනීම වගේම වට්ටක්කා ඇට සහ දළුත් ආහාරයට සුදු වෙනවා. නමුත් වට්ටක්කා දළු ආහරයට ගන්නේ එහි ගුණ දන්නා ඇතැමෙක් විතරයි. තවත් අය පිසින විට වට්ටක්කා ඇට ඉවත් කරනවා. නමුත් ඒවායේ ඉතා ඉහළ පෝෂණයක් අන්තරගත වෙන බව අපි  දැන ගත යුතුයි. කොහොම නමුත් ලෙඩ රෝග  බොහෝමයකින් ආරක්ෂා වෙන්න උදව් වෙන වට්ටක්කා පානය ගැන තමයි අද අපි ඔබත් එක්ක කතා කරන්නට සූදානම් වෙන්නේ . 

මුලින්ම වට්ටක්කාවල අඩංගු වෙන පෝෂණය ගැන සලකා බලමු. වට්ටක්කාවල ප්‍රෝ‍රෝටීන, මේදය, කාබෝහයිඩ්‍රේට්, කැල්සියම්, පොස්පරස්, යකඩ, නියසින් ආදී විවිධ පෝෂක රාශියක්ම අන්තර්ගත වෙනවා. ඉතින් මේ පෝෂක නොඅඩුව  ශරීරයට ලබා ගන්නට නම් අපි  ආහාරයට ගත යුත්තේ කාබනිකව වගා කරන ලද වට්ටක්කා. වට්ටක්කාවල කැලරි ප්‍රමාණයය අඩු වුණත් විටමින් සහ ඛනිජවලින් පොහොසත් නිසා බෝ නොවන රෝග බොහොමයකින් ආරක්ෂා වෙන්නට පුළුවන්. වට්ටක්කා පානය විවිධ ලෙඩරෝග සුවපත් කරගන්නට විවිධ ආකාරවලට  සකසා ගන්නට පුළුවන්. 

කොලෙස්ටරෝල්වලින් සදහටම මිදීම ස ඳහා හැකි වට්ටක්කා පානය

කොලෙස්ටරෝල් කියන්නේ කොතරම් භයානක බලපෑම් ඇති කරන්නට හැකියාව තියෙන රෝගයක් ද කියන වග  ඔබ මේ වන විටත් දන්නවා ඇති. අපේ දේහයේ  කොලෙස්ටරෝල් අධික වීමෙන් ධමනි  තුළ තෙල් ස්භාවයක් ඇතිකර ධමනි සිරකර හදවත කරා රුධිරය ගමන් කිරීමට බාධා ඇති කරනවා. ඒ නිසා හදවතේ මාංශ පේශිවලට හානි වෙලා  හෘදයාබාධ වගේ භයානක තත්ත්වයන් පවා ඇති කරන්නට අවදානමක් නිර්මාණය කරනවා. ඒ නිසා කොලෙස්ටරෝල්වලින් පීඩා විඳින ඔබට බඩටහිර ඖෂධවලින් තොරව එය සදහටම සුවපත් කරගන්නට මේ වට්ටක්කා පානය ඉතාම. වැදගත්.

 අවශ්‍ය ද්‍රව්‍ය

  •  වස විසෙන් වට්ටක්කා පළුවක්
  •  පිරිසිදු ජලය ස්වල්පයක්
  •  සාදාගන්නා ආකාරය

 වට්ටකාවල පොතු ඉවත් කර එය කුඩා කැබලි වලට කපාගන්න පසුව වට්ටක්කා කැබලි ජලය එකතු කර බ්ලෙන්ඩර් කරගෙන මිශ්‍රණයක් වනතුරු හොඳින් අඹරා ගෙන පානය කරන්න.

 මේ පානය උදෑසන ආහාර වේලට විනාඩි 20  පෙර පානය කරන්න. මාසයක කාලයක් පුරාවට දිනපතාම උදෑසන මේ පානය නොකඩවා ගැනීමෙන් ඔබේ ශරීරයේ ඇති කොලෙස්ටරෝල් මට්ටම යහපත් අතට පත් කරගන්නට හැකියාව ලැබෙනවා

දේහ බර අඩු කර ගැනීම සඳහා වට්ටක්කා පානය

 අද ලොකු කුඩා බොහෝ දෙනෙක් පීඩා විඳින රෝග බොහොමයකටම හේතුවන තත්ත්වයක් තමයි ස්ථුලතාවය . ඉතින් වැඩි වෙහෙසක් දරන්නේ නැතුව ඔබේ ශරීරයේ  බර අඩු කරගන්නට ඔබට මේ වට්ටක්කා පානය භාවිතා කරන්නට පුළුවන්.

 අවශ්‍ය ද්‍රව්‍ය

  •  වස විසෙන් තොර වට්ටක්කා  පළුවක්
  •   සාමාන්‍ය ප්‍රමාණයේ අන්නාසි ගෙඩියක්
  •  ලුනු  ස්වල්පයක් සහ ගම්මිරිස් ස්වල්පයක් 

මුලින්ම වට්ටක්කා පළුවේ  පොතු ඉවත් කර කුඩා කැබලිවලට කපා ජලය ස්වල්පයක් එකතු කර බ්ලෙන්ඩර් කර ගෙන එහි යුෂ පෙරා ඉවත් කරගන්න. ඒ  ආකාරයෙන්ම අන්නාසි ගෙඩියක කැබලිවලට කපා බ්ලෙන්ඩර් කරගෙන යුෂ ලබාගන්න. මේ වට්ටක්කා යුෂ සහ අන්නාසි යුෂ මිශ්‍ර කර එයට අවශ්‍ය පමණට ලුණු සහ ගම්මිරිස් එකතු කර පානය කරන්න

 ගැස්ට්‍රයිටිස් රෝගය සුවකර ගැනීම සඳහා වට්ටක්කා පානය 

ගෑස්ට්‍රයිටීස් එහෙමත් නැත්නම් අමිලපිත්ත රෝගය කියන්නේ බොහෝ පීඩාවන් ගෙන දෙන නිසි ලෙස පාලනය  නොකිරීම නිසා වඩාත් බරපතළ සංකූලතා ඇතිවිය හැකි රෝගී තත්ත්වයක්,. වට්ටක්කා  පානයක් දිනපතාම ලබා ගැනීම තුළින් ඔබට මේ අමිලපිත්ත රෝගය සදහටම සුව කරගන්නට හැකියාව තියෙනවා.

 අවශ්‍ය ද්‍රව්‍ය

  •   150 g ක පමණ වට්ටක්කා ප්‍රමාණයක්
  •   පිරිසිදු ජලය
  •  මී පැණි තේ හැඳි දෙකක්
  •  ලුණු ස්වල්පයක්

 පොතු ඉවත් කර පිරිසුදු කරගත් වට්ටක්කා කැබලිවලට කපා ජලය ස්වල්පයක් එකතු කර බ්ලෙන්ඩර් කරගන්න එහි යුෂ ලබා ගෙන එයට මී පැණි සහ ලුණු අවශ්‍ය පමණට මිශ්‍ර කර පානය කරන්න. මේ පානය  දිනපතාම හෝ සතියකට කිහිප වරක් උදෑසන ආහාරයට පෙර පානය කරන්නට හැකි නම් එය අමිලපිත්ත රෝගය ඉතා ඉක්මනින් සුවපත් කරගන්නට උදව් වෙනවා.

 රුධිරයේ සීනි මට්ටම අඩු කර ගැනීම සඳහා වට්ටක්කා පානය

 දියවැඩියාව කියන්නේ හැදුනොත් සුව කරන්නට ඉතා අපහසු ජීවිත  කාලයම පුරාවට විදවන්නට සිද්ධ වෙන රෝගී තත්ත්වයක්. නමුත් අවාසනාවට  ලොකු කුඩා බොහෝ දෙනෙකුට අද මේ දියවැඩියා රෝගය තියෙනවා. ඒ නිසා අපි අද ඔබට කියන මේ වට්ටක්කා පානය ඉතා ඉක්මනින් ඔබේ රුධිරයේ සීනි මට්ටම අඩු කර ගන්නට උපකාරී වෙන සාර්ථක පානයක් .

  අවශ්‍ය ද්‍රව්‍ය

  •   වට්ටක්කා ග්‍රෑම් 100 ක පමණ කොටසක්
  •  පිරිසිදු ජලය

වට්ටක්කා සෝදා පිරිසිදු කරගෙන තරමක කැබලිවලට කපා ජලය එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කරගෙන එහි යුෂ ලබාගන්න. නමුත් කිසිම අවස්ථාවක ලුණු, පැණි හෝ සීනි එකතු නොකරන්නට වගබලා ගන්න එපා. මේ පානය  දිනපතාම උදේ ආහාරයට විනාඩි 20 ට පෙර හිස්බඩ පානය කරන්න. මාසයකින් පමණ ඔබට අදහාගත නොහැකි  ප්‍රතිඵල අත්විඳීමට හැකියාව ලැබෙනවා නිසැකයි. 

මේ වට්ටක්කා පානය අපට ඉහත සඳහන් කළ රෝග හැරුණාම අනෙකුත් සියලුම රෝගවලින් ආරක්ෂාවක් ලබා ගන්නට වගේම ශරීරයට අමතර ශක්තියක් ලබා ගන්නටත් උපකාරී වෙන රසවත් වගේම ගුණයෙන් ඉතා ඉහල පානයක්. ඒ නිසා ඔබට හැකි නම් දිනපතාම නැතත් සතියකට කිහිප වරක් හෝ වට්ටක්කා පානයක් ලබා ගැනීම ඔබේ නිරෝගී බවට බෙහෙවින් වැදගත් වෙනවා.