විදුරුමස් රෝග දත් දිරා යෑම සදහටම නතර කරන වට්ටක්කා දලු මැල්ලුම සතු ගුණ 7 ක්

health tips

කුකබිටේසි කුලයට අයත් වන වට්ටක්කා යනු වසර  7500 ක් පමණ ඉතිහාසයකට උරුමකම් කියන ගුණයෙන් මෙන්ම රසයෙන් අනූන ආහාරයකි. මෙක්සිකෝව නිජබිම වුවද වර්තමානය වන විට ලොව පුරා බොහෝ රටවල වට්ටක්කා  වගා කරනු ලැබේ. වට්ටක්කා වැලක් ලෙස වැඩෙන අතර මෙහි ගෙඩි,මල්,කොළ,ඇට, ළපටි දළු ආහාරයට එක් කර ගත හැකිය. මේ අතරින් වට්ටක්කා කොළ ආහාරයට ගන්නෙ නම් ඉන් රෝග ගණනාවක් සුව කර ගත හැකිය. 

එනම් වට්ටක්කා ගෙඩි මල් ඇටවල මෙන්ම කොළවලද  බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වේ. 

  • විටමින් A, B, C
  • මැග්නීසියම්
  • කැල්සියම්
  • මැන්ගනීස්
  • යකඩ
  • පොස්පරස්
  • සින්ක් 
  • ආදී පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් වට්ටක්කා දළු සහ කොළ වල  අඩංගු වේ.

වට්ටක්කා දලු මැල්ලුමක් ලෙස සකස් කර ආහාරයට ගැනීමෙන් බොහෝ රෝග සමනය කර ගත හැකිය. එනම් මේ සඳහා

  • වට්ටක්කා දලු සහ නොමේරූ කොළ 
  • තෙල් ස්වල්පයක් 
  • ගා ගත් පොල් 
  • රතු ළූනු 
  • වියළි මිරිස් කරල් දෙකක් 
  • කහ කුඩු ස්වල්පයක් 
  • උම්බලකඩ 
  • ලුණු 

සාදන ක්‍රමය වට්ටක්කා දලු වල ඇති බූවා සහිත නූල් ඉවත් කර හොඳින් සෝදා පිරිසිදු කර වතුර ඉවත් කර සිහින්ව ලියලා ගන්න. පසුව බඳුනක් ලිප තබා තෙල් ස්වල්පයක් එක් කර මිරිස් කරල්, රතු ළූණු හා උම්බලකඩ එක් කර තෙම්පරාදු කර ලියලා ගත් වට්ටක්කා දළු ටික එයට එක් කර ගන්න. ඉන් පසු  රස පදමට ලුණු  සහ කහ ස්වල්පයක් එක් කර  ලා කොළ පැහැති වන තුරු මලවා ලිපෙන් බා ගන්න. 

රසයෙන් මෙන්ම ගුණයෙන් අනූන වට්ටක්කා කොළ මැල්ලුම වයස් භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට ගුණදායක පළා මැල්ලුමක්වේ.  නිතර වට්ටක්කා දළු ආහාරයට ගන්නේ නම් ඉන් බොහෝ රෝග සුව කර ගත හැකිය.

මලබද්ධය සමනය කරයි.බඩවේලීම හෙවත්  මලපහ පිට කිරීමට අපහසු වීමේ තත්වය පවතින විටක එය සමනය කර ගැනීමට වට්ටක්කා දළු, කොළ ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් වට්ටක්කා කොළ වල අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කර මෙම තත්ත්වය සමනය කරනු ලැබේ.

මුඛ රෝග සමනය කරයි.වට්ටක්කා දළුවල අඩංගු කැල්සියම්, විටමින් C, විටමින්  D පෝෂ්‍ය පදාර්ථ විදුරුමස්වලින් ලේ ගැලීම, දත් දිරා යෑම වැනි මුඛය ආශ්‍රිතව ඇතිවන රෝග වලක්වා ගැනීමට  උපකාරී වේ. මේ සඳහා වට්ටක්කා කොළ මැල්ලුම ආහාරයට ගැනීම යෝග්‍යය වේ. 

අස්ථි ශක්තිමත් කරයි.වට්ටක්කා කොළ වල අඩංග  විටමින් B 6 , කැල්සියම් වැනි පෝෂ්‍ය පදාර්ථ රූමැටොයිඩ් ආතරයිටිස්, ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග ඇති වීම වැළැක්වීමට සහ එම රෝග හේතුවෙන් ඇතිවන රෝග සංකූලතා සමනය කිරීමට උපකාරී වේ. වට්ටක්කා කොළ නිතර ආහාරයට ගන්නේ නම් ඉන් අස්ථි දුර්වලතාවයන් ඇතිවීම වලක්වා අස්ථි ශක්තිමත් කර ගත හැකිය. එමෙන්ම දත් ශක්තිමත් කර ගැනීමට ද වට්ටක්කා දළු ආහාරයට එක් කර ගැනීම යෝග්‍ය වේ.

පිළිකා මර්දනය කරයි.විශේෂයෙන්ම මහ බඩවැල ආශ්‍රිතව ඇති විය හැකි පිළිකා ඇතිවීම වළක්වා ගැනීමට වට්ටක්කා කොළ ආහාරයට ගැනීම යෝග්‍ය වේ. වට්ටක්කා කොළ වල අඩංගු තන්තු බඩවැල් වල විෂ ඉවත් කර මහ බඩවැල ආශ්‍රිත පිළිකා ඇතිවීම වළක්වනු ලබයි. 

සම නීරෝගී කරයි. වට්ටක්කා කොළ වල අඩංගු  විටමින් A,  C වැනි පෝෂ්‍ය පදාර්ථ සමෙහි විෂ එක් රැස් වීම වලක්වා සමෙහි ඇතිවන අඳුරු පැහැය දුරු සම පැහැපත් කරයි. එමෙන්ම සම සජලීයව තබා ගැනීමට ද උපකාරී වේ. 

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.වට්ටක්කා දළු ආහාරයට ගැනීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගත හැකිය. වට්ටක්කා කොළ වල අඩංගු විටමින් C සහ යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථයන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර නොයෙක් රෝග වලින් ආරක්ෂාව සලසනු ලැබේ. 

හෘදය නීරෝගී කරයි. වට්ටක්කා කොළ වල අඩංගු තන්තු හෘද රෝග ඇති වීමට හේතුවන කොලෙස්ටරෝල් පාලනය කිරීම සිදුකරයි. එමෙන්ම මේවායෙහි අඩංගු පොටෑසියම් රුධිර නාල හැකිලීම වළක්වා  හෘද රෝග ඇතිවීමට හේතුවන අධිරුධිර පීඩනය ද පාලනය කරයි.  එනම් මේ නිසා ක්‍රමවත්ව රුධිරය හෘදයට සැපයීම සිදුවී හෘද රෝග ඇතිවීම පාලනය වේ.