සන්ධි රෝග සුව කර දෙළුම් සතු ගුණ 11 ක්

health tips

දෙළුම් යනු පළතුරු ලොවේ පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගු ලොකු කුඩා සෑම දෙනාටම පාහේ ගුණදෙන අති විශේෂ වූ පලතුරකි. එනම් මීටර් 5-8 පමණ උසට වැඩෙන දෙළුම්වල නිජ භූමිය ඉරානයයි. Punica granatum යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන දෙළුම් ආහාරයට ගැනීමෙන් ශරීරගත නොයෙක් රෝග සුව කර ගත හැකිය. එනම් මියයාමට සිටින පුද්ගලයෙකු තවත් විනාඩි කිහිපයක් හෝ ජීවත් කරවීමට දෙළුම් යුෂ පානය කිරීමට ලබාදීම යෝග්‍ය වේ. එනම් දෙළුම් වල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ.ප්‍රෝටීන්,විටමින් B6,C, K,පොටෑසියම්,යකඩ, පොස්පරස්, සෝඩියම්, රයිබොප්ලේවීන්,සින්ක්,

පැන්ටොතනික්,කාබෝහයිඩ්‍රේට්,මැග්නීසියම්, තන්තු, ශක්තිය,සීනි, මේදය, කැල්සියම්,ඇසිඩ්, පොලේට්, මැන්ගනීස්,තයමීන්,, නියසීන් …ආදී පෝෂ්‍ය පදාර්ථ රාශියක් දෙළුම්වල අඩංගුවේ. 

දෙළුම්වල ඖෂධීය භාවිතය. 

අධි රුධිර පීඩනය පාලනය කර ගත හැකිය.නිහඬ මාරයා ලෙස සැලකෙන අධි රුධිර පීඩනය ඇතිවීම වලක්වාගැනීමට දෙළුම් යුෂ අවුන්ස 5 බැගින් සති දෙකක් පමණ භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් දෙළුම් වල අඩංගු පොටෑසියම් මගින් රුධිර නාල හැකිලීම වළක්වා රුධිර නාල විස්තාරණය කර ක්‍රමවත්ව ශරීරය පුරා රුධිරය පරිවහනය කිරීම සිදුකරයි. එනම් මේ නිසා අධිරුධිර පීඩනය ඇතිවීම වළක්වා ගත හැකිය. 

ආහාර රුචිය වැඩි කර ගත හැකිය.බොහෝ දෙනෙකුට ඇති ආහාර අරුචිය නැතිකර ආහාර රුචිය වැඩිකර ගැනීම සඳහා දෙළුම් ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් දෙළුම් වල අඩංගු තන්තු සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ ආහාර ජීර්ණය ක්‍රමවත් කර ආහාර රුචිය වැඩි දියුණු කරයි. 

සමට හිතකර වේ.සමේ අදුරු පැහැය ඉවත් කර සම පැහැපත් කර ගැනීමට දෙළුම් පළතුරක් ලෙස ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් දෙළුම් වල අඩංගු විටමින් A,C, B ආදී විටමින් වර්ග සමෙහි රැළි අවම කර සම පැහැපත් කිරීමට හේතුවේ. එනම් මේ නිසා සම පෝෂණය කර පැහැපත් කර ගැනීමට දෙළුම් ආහාරයට ගැනීම යෝග්‍ය වේ.

ඇල්ෂයිමර් රෝගය ඇතිවීම වළක්වා ගත හැකිය.දෙළුම් වල ඇති රසායනික සංයෝගයක් වන පුනිකැලජින් නැමැති රසායනිකය මගින් මොළයේ සෛල විනාශ වීම ,මොළයේ සෛලවල ඉදිමුම් සමනය කිරීම සිදුකර ඇල්ෂයිමර් වැනි රෝග තත්ත්වයන් ඇතිවීම පාලනය කරයි. මේ නිසා එවැනි රෝග වලින් මිදීමට දෙළුම් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. 

පිළිකා ඇති වීම වළක්වා ගත හැකිය.වයස් භේදයකින් තොරව ලොකු කුඩා සෑම දෙනාම පාහේ ගොදුරක් කොටගෙන ඇති පිළිකා රෝගයෙන් අත්මිදීම සදහා පලතුරක් ලෙස දෙළුම් ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් දෙළුම් වල අඩංගු පියුනික් අම්ලය පිළිකා සෛල මර්ධනය කරයි. මේ නිසාම වර්තමානය වන විට දෙළුම් තෙල් වලින් පිළිකා රෝග සඳහා ඖෂධ නිෂ්පාදනය කර තිබේ. ඒ අතර කාන්තාවන්ට වැලඳෙන පියයුරු පිළිකා,චර්ම පිළිකා, පෙනහළු පිළිකා පුරුෂයන්ට වැළඳෙන පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇති වීම වළක්වා ගැනීමට මෙන්ම ඇතිවූ පිළිකා පාලනය කිරීමට දෙළුම් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. 

හෘද රෝග ඇතිවීම වලක්වා ගත හැකිය.වර්තමානයේ බොහෝ දෙනෙකුට පවතින හෘද රෝගය ඇතිවීම වළක්වා ගැනීම සඳහා දෙළුම් ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ.  එනම් දෙළුම් ආහාරයට ගැනීමෙන් හෘද රෝගය ඇතිවීමට හේතුවන අධි රුධිර පීඩනය පාලනය  කර ගත හැකිය. එනම් දෙළුම් වල අඩංගු පොටෑසියම් පෝෂ්‍ය පදාර්ථය ශරීරයේ රුධිර නාල හැකිලීම වලක්වා ‍ක්‍රමවත්ව හෘදයට රුධිරය සැපයීම සිදුකරයි. එනම් ඉන් හෘද රෝග ඇති වීම පාලනය වේ.

අස්ථි හා දත් ශක්තිමත් කර ගත හැකිය.දන්ත නිරෝගී භාවය සඳහා මෙන්ම අස්ථි වල නිරෝගී භාවය පවත්වාගැනීමට පලතුරක් ලෙස දෙළුම් ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් දෙළුම් වල අඩංගු විටමින් සී, ඊ, කැල්සියම් අස්ථි හා දත් ශක්තිමත් කර ඒ හා සම්බන්ධව ඇතිවිය හැකි රෝග වලින්ද ආරක්ෂාව සපයයි. 

දීර්ඝායු ලබාගත හැකිය.දෙළුම් ආහාරයට ගැනීමෙන් ආයුෂ දීර්ඝ කරගත හැකිය. එනම් දෙළුම් යුෂ ස්වල්පයක් මිය යන පුද්ගලයෙකුට ලබාදීම මගින් ඔහු තවත් විනාඩි කිහිපයක් ජීවත් කළ හැකි බව කරන ලද පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ. 

සන්ධි රෝග සුව කර ගත හැකිය.වයස්ගත වීමත් සමඟ හෝ විටමින් ඌනතා මත ඇතිවන සන්ධි රෝග එනම්  රූමටික් සන්ධි රෝග හා පාර්කින්සන් වැනි රෝග තත්ත්වයන් හේතුවෙන් ඇතිවන ඉදිමුම්, වේදනා සුව කර ගැනීමට දෙළුම් ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් දෙළුම් වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ මගින් එම වේදනා,ඉදමුම්  සුව කරගත හැකිය. 

ඇස් පෙනීම වැඩි දියුණු කර ගත හැකිය.වයස් ගත වීමත් සමඟ හෝ විටමින් ඌනතා මත ඇතිවන ඇස් පෙනීමේ දුර්වලතා මගහරවාගෙන ඇස් පෙනීම වැඩි දියුණු කරගැනීමට පලතුරක් ලෙස දෙළුම් ආහාරයට එක්කර ගැනීම ගුණදායකය. එනම් දෙළුම් වල අඩංගු විටමින් A ඇස් පෙනීමේ දුර්වලතා සමනය කර ඇස් පෙනීම වැඩි දියුණු කරයි. එමෙන්ම ඈත අතීතයේ සිටම ඇස් කැසීම, ඇස්වලින් කබ කඳුළු ගැලීම ආදී රෝග තත්ත්වයන් සමනය කිරීම සඳහා දෙළුම් කොළ තම්බා එම වතුරෙන් මුහුණ සහ ඇස සේදීම යෝග්‍ය වේ. 

මතක ශක්තිය වැඩි දියුණු කරගත හැකිය.මතක ශක්තිය වැඩි දියුණු කර ගැනීම සඳහා ආහාරයට ගත හැකි හොඳම පලතුර දෙළුම් වේ. එනම් දෙළුම් වල මොළයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් අඩංගු වේ. එනම් දෙළුම් යොදාගෙන කරන ලද පරීක්ෂණ වලින් ද තහවුරු වී ඇත්තේ දෙළුම් යුෂ අවුන්ස අටක් දිනකට භාවිතා කිරීම මගින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය මතකය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ නංවා ගත හැකි බවයි. එනම් මේ නිසා අධ්‍යාපනය ලබන දූ දරුවන්ට මෙන්ම මතක ශක්තිය හීන වන වැඩිහිටි පුද්ගලයින්ට ද නිතර දෙළුම් ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. 

මේ ආදී වශයෙන් ශරීරගත නොයෙක් රෝග සුව කර ගැනීම සඳහා ඖෂධයක් ලෙස දෙළුම් ආහාරයට ගැනීම ගුණදායකය. නමුත් නිදන්ගත රෝග වලට ඖෂධ ලබා ගන්නා අතර තුර දෙළුම් ආහාරයට ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.