අද අපි ගන්නා ආහාර රටාවේ යම් යම් ගැටලු සහ චර්යා රටාවේ ගැටලු හේතු කරගෙන ඇතිවන බරපතළ ගැටලුවක් තමයි අපේ ලේ අපිරිසිදු වීම. අපේ ශරීරයට රුධිරය මගින් ශරීරයට ඉටු කරන මෙහෙය ඉතාම ඉහළයි. ඉතින් ඒ නිසා රුධිරය අපිරිසිදු වෙනවා කියලා කියන්නේ අපි විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා කියන එක. රුධිරය අපිව නිරෝගී තබා ගන්න උදව් වුණත් ඇතැම් වෙලාවට රුධිරය ලෙඩ වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මේ ගැන දැනුවත් වෙලා රුධිරය පිරිසිදු කරනන ආහාර නිරන්තරයෙන් අපි ගන්නවා නම් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට අපිටත් හැකියාව ලැබෙනවා.
මුලින්ම බලමු රුධිරය අපිරිසිදු වෙන්න බලපාන හේතු ගැන.

- පළිබෝධනාශක සහ රසායනික පොහොර යෙදූ ආහාර භාවිතය
- අඩුවෙන් ජලය භාවිතා කිරීම
- මත්ද්‍රව්‍ය පානය
- අපිරිසිදු වාතය
- මානසික ආතතිය
- දුම්පානය
- ආහාර ගත් විගස ස්නානය කිරීම
- ආහාර ගත් විගස නිදාගැනීම
- පමණට වඩා ආහාර ගැනීම
- දහවල් කාලයේ නිදා ගැනීම
- වරින් වර ආහාර ගැනීම
- අධි ප්‍රෝටීන් බහුල හරක් මස්, කෙලවල්ලා, බලමාළු, ඉස්සන්, කකුළුවන් ආදී උෂ්ණාධික මාංශ නිතර ගැනීම
- දෙල්, අන්නාසි, අන්නාසි, කිරිඅල වැඩිපුර ආහාරයට ගැනීම
මේවා හේතු පාදක කරගෙන රුධිරය අපිරිසිදු වෙනවා. ඒ වගේම රුධිරය අපිරිසුදු වීම නිසා ඇති විය හැකි රෝගාබාධ ගැන දැනුවත් වීම වැදගත්.
- වාත රක්ත රෝග සහ රක්ත වාත රෝග මගින් දද කුෂ්ඨ ගෙඩි
- පිළිකා
- වාත රෝග
- සන්ධි ප්‍රදාහය
- ආමවාත
- සන්ධි ප්‍රදාහය ආබාධ
- ශීර්ෂ ආබාධ
- අක්ෂි රෝග
- වකුගඩු රෝග
- ආතරයිටිස්
- බගන්දරා
- අර්ශස්
- අධි රුධිර පීඩනය
- ඉරුවාරදය
- හදවත් රෝග
- අග්න්‍යාශයික රෝග
- අතුල් පතුල් දැවිල්ල
වගේ රෝග ඇතිවෙන්න පුළුවන්.
ඉතින් ඒ නිසා එදා අපේ පැරැන්නන් මාස තුනෙන් තුනට හෝ මාස හයකට වරක් ලේ පිරිසිදු වන ආකාරයේ කසාය වර්ග ආදිය භාවිතයට ගත්තා. විරේක සිදු කළා. අපි අද බලමු ශරීරයේ ලේ පිරිසිදු කරන්නට උපකාර වන ආහාරපාන කිහිපයක් ගැන.
කහ-කහ වඩාත් ප්‍රසිද්ධ පෝෂදායි කුළුබඩුවක්. ඒ නිසාම සෑම ආහාරයකටම වගේ අපි කහ එකතු කරනවා. විශේෂයෙන්ම අපේ රුධිරය පිරිසිදු කරගන්නට කහවලට විශේෂ හැකියාවක් තියෙනවා. කහවල අඩංගු වෙන කර්කියුමින් කියන ප්‍රතිඔක්සිකාරකය අහිතකර මුක්ත ඛණ්ඩකවලින් සෛලවලට සිදුවන හානිය වළක්වලා අහිතකර ද්‍රව්‍ය රුධිරයට එකතුවීම අවම කරනවා. වකුගඩු සහ අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි කරල රතු රැධිරාණු නිෂ්පාදනය වැඩි කර රුධිරයේ ඇති විෂබීජ ආදිය ඉවත් කරන්නටත් උපකාරී වෙන අපූරු කුළුබඩුවක් තමයි කහ . ඔබට කහ කිරි පානය මගින් වුණත් මේ වාසිය ලබා ගන්න හැකියාව තියෙනවා.
කොළ පැහැ පලා වර්ග-කොළ පැහැති එළවළු සහ පලා වර්ගවල පෝෂ්‍ය පදාර්ථ වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා. විශේෂයෙන්ම ගොටුකොළ, මුකුණුවැන්න, කංකුං වගේ පලා ආහාරයට ගැනීමෙන් අක්මාවේ ක්‍රියාකාරිත්වය වැඩි කරගෙන රුධිරය පිරිසිදු කිරීම ක්‍රමවත් කර ගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම රුධිරය පිරිසුදු කරන්නට උපකාරී වන එන්සයිම සංස්ලේෂණය සහ ශ්‍රාවය කරන්නටත් අවශ්‍ය කරන ඛනිජ ලවණ මේ පලා වර්ගවල අඩංගු වෙන නිසා මේවා නිතර ආහාරයට එකතු කර ගැනීම ඉතාම වැදගත්.

බීට් රූට්-නයිට්රේට් අඩංගු ගුණදායක ආහාරයක් වන බීට් රූට් යුෂ වශයෙන් හෝ ව්යන්ජන වශයෙන් නිතර ආහාරයට එකතු කර ගැනීමෙන් අපිරිසිදු රුධිරය පිරිසිදු කරගන්න පුළුවන්. බීට් රූට්වල අඩංගු වෙන ප්‍රතිඔක්සිකාරක රුධිරය පිරිසිදු කිරීමටත්, අක්මාවේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලයක් වන සෛල විනාශවී වීම වළක්වා ගන්නත්, විෂහරණය කර රුධිරයේ පවතින අහිතකර කාබනික සංයෝග බිඳහෙළන සංයෝග ශ්‍රාවය වැඩි කරන්නටත් උපකාරී වෙනවා.
කිතුල් හකුරු-සීනි වෙනුවට භාවිතා කළ හැකි වඩාත් ගුණදායක ආදේශකයක් විදිහට ඖෂධීය ආහාරයක් විදිහට කිතුල් හකුරු සැලකෙනවා. කිතුල් හකුරු නිතර ආහාරයට ගැනීමෙන් රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර ඔක්සිජන් ක්‍රමවත්ව ශරීරය පුරා පරිවහනය කරගන්නට හැකියාව ලැබෙනවා. එයින් රුධිරයට විෂ ද්‍රව්‍ය එකතුවීම අඩුවෙලා රුධිරය පිරිසුදු වීම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා රුධිරය අපිරිසිදු වීම වලක්වා ගන්න අපිරිසිදු රුධිරය පිරිසිදු කර ගන්නත් සුදුසු ආහාරයක් විදිහට කිතුල් හකුරු සලකන්නට පුළුවන්.
ලෙමන් වතුර -විටමින් සී බහුල ලෙමන් ආහාරයට ගැනීමෙන් රුධිරයේ අඩංගු කාබනික සංයෝග ඉවත් කර රුධිරය පිරිසුදු කර ගන්නට දායකත්වය ලබා දෙනවා. ඔබ පානයට ගන්නා වතුර වීදුරුවකට ලෙමන් යුෂ තේ හැඳි දෙකක් පමණ මිශ්‍රකර දිනපතා පානය කිරීමෙන් වකුගඩුවල ක්‍රියාකාරිත්වය පහසු කර ගන්නටත් හැකියාව ලැබෙනවා.
දිවුල්-දිවුල්වලට විශේෂ හැකියාවක් තියෙනවා ශරීරයේ විෂහරණය කරන්නට සහ රුධිරය පිරිසිදු කරන්නට. දිවුල් මද සීනි සමඟ උණු වතුරෙන් දියකර දිනපතා පානය කිරීමෙන් රුධිරය පිරිසිදු කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි දිවුල් කොළ කැඳ පවා රුධිරය පිරිසිදු කරගන්නත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නටත් මහඟු දායකත්වයක් ලබාදෙනවා.
කොමඩු-අපේ රටේ බහුලවම දකින්නට තියෙන වඩාත් ගුණදායක පළතුරක් වන පැණි කොමඩු නිතර ආහාරයට ගැනීමෙන් මොළයේ සහ ශරීරයේ සියලුම සෛල උත්තේජනය කරන බව සොයා ගෙන තියෙනවා. කොමඩුවල 92% ක්ම ජලය අඩංගු වන නිසා ශරීරය සිසිල් කිරීමේ හැකියාවක් තියෙනවා. දිනපතාම උදෑසන කොමඩු වීදුරුවක් පානය කරන්නට හැකි නම් එය රුධිරය පිරිසිදු කරගන්නට විතරක් නෙවෙයි වකුගඩු මහන්සි නොවන ස්වභාවික ලේ පිරිසිදු කාරකයක් විදිහටත් ක්‍රියා කරන නිසා වකුගඩුවල ආරක්ෂාවටත් ඉතාම සුදුසුයි. ඒ වගේම මේදය අඩු කර ගන්නට, තරබාරුව අඩු කර ගන්නටත් ඉතාම ගුණදායක පලතුරක් විදියට කොමඩු සැලකෙනවා.
මේ ආහාර පාන නිතර ආහාරයට එකතු කර ගත්තොත් රුධිරය අපිරිසුදු වීම බොහෝ දුරට අඩු කරගන්න පුලුවන්. නමුත් අපි ගන්නා ආහාරපාන සහ අපේ වැරදි පුරුදු නිසා අපේ ශරීරයට එකතු වෙන විෂ ප්‍රමාණය ඉහළ යනවා. ඒ නිසා රුධිරය අපිරිසිදු වීමට වැඩි ඉඩකඩක් තියෙනවා. ඉතින් අපිරිසිදු වන රුධිරය ඉක්මනින් පිරිසිදු කරගන්නට මේ ආහාර නිතර ආහාර එකතු කර ගන්න ඔබටත් පුළුවන්.