මිනිසාගේ යහපත් සෞඛ්‍ය පවත්වා ගෙන යාමට රුධිරය අත්‍යවශ්‍ය වේ. එනම් මිනිස් සිරුරේ පැවැත්ම සඳහා රුධිරය මඟින් බොහෝ කාර්යයන් ඉටුකරනු ලබයි. එනම්
- ආහාර වල පෝෂණ කොටස් ශරීරය පුරා බෙදාහැරීම.
- ආසාදන වළක්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිදේහ සහ සුදු රුධිරාණු සිරුර පුරා පරිවහනය කර සිරුරට ආරක්ෂාව සැපයීම.
- ශරීරයේ පවතින විෂ ද්‍රව්‍ය වකුගඩු හරහා පිරිසිදු කිරීමට සැලැස්වීම.
- ශරීරය පුරා ඔක්සිජන් සහ ජලය පරිවහනය කිරීම.
මේ ආදී වූ බොහෝ කාර්යයන් ඉටුකර දෙන්නේ රුධිරය මඟිනි.යම්හෙයකින් රුධිරය අපිරිසිදු වුවහොත් මේ සෑම කාර්යයක්ම ක්‍රමවත් සිදු නොවී විවිධ රෝග ඇතිවීම සිදුවේ. එනම් මෙම තත්ත්වය රුධිරය අපිරිසිදු වීම ලෙස හඳුන්වනු ලබයි. බොහෝ දෙනකු මෙම තත්වයට මුහුණ දෙන අතර මේ සඳහා ගත කරන ජීවන රටාව හා ආහාර රටාව වැඩි බලපෑමක් එල්ල කරනු ලබයි. එනම් රුධිරය අපිරිසිදු වීමට තමන් ගනු ලබන ආහාර රටාව මූලිකවම බලපානු ලැබේ.ඊට අමතරව
- පළිබෝධ නාශක හා රසායනික පොහොර යෙදූ ආහාර භාවිතා කිරීම.
- ජලය පානය අවම වීම
- මත්ද්‍රව්‍ය භාවිතය
- දුම්වැටි පානයට පුරුදුවීම
- අපිරිසිදු වාතය
- මානසික ආතතිය මේ ආදී හේතූන් නිසා රුධිරය අපිරිසිදු වීම සිදුවේ.
මෙසේ රුධිරය අපිරිසිදු වූ විටෙක වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අමතරව රුධිරය පිරිසුදු කරන ආහාර පානාදිය භාවිතා කිරීමද වඩාත් වැදගත් වේ. එනම් එවැනි ආහාර පරිභෝජනය කිරීමෙන් රුධිරය පිරිසුදු කර ගත හැකිය.
රුධිරය පිරිසිදු කරන ආහාර වර්ග

කොළ පැහැති පලා වර්ග තද කොළ පැහැති පළා වර්ග වල බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වේ. එනම් මුකුණුවැන්න, ගොටුකොළ නිවිති,සලාද , කංකුං වැනි පලා වර්ග ආහාරයට ගැනීමෙන් අක්මාවේ ක්‍රියාකාරිත්වය වැඩි කර රුධිරය පිරිසිදු කිරීම ක්‍රමවත් කරයි. එමෙන්ම රුධිරය පිරිසිදු කිරීමට හේතු වන එන්සයිම සංස්ලේෂණය හා ශ්‍රාවය කිරීමට අවශ්‍ය ඛනිජ ලවණ පලා වර්ගවල අඩංගු වේ. මේ නිසා පලා වර්ග ආහාරයට ගැනීමෙන් රුධිරය පිරිසිදු කරගත හැකිය.
හාතාවාරිය ඈත අතීතයේ සිටම දේශීය වෙදකම තුළ භාවිතා වන හාතාවාරිය යනු රුධිරය පිරිසුදු කර ගැනීම සඳහා භාවිතා කළ හැකි ඖෂධයකි. එනම් හාතාවාරිය කැඳ පානයක් ලෙස සකස් කර භාවිතා කිරිමෙන් රුධිරයේ ආම්ලිකතාවය ඉවත් කර රුධිරය පිරිසුදු කර ගත හැකිය. ඊට අමතරව මුත්‍රා සමග ලේ පිටවීම, මුත්‍රා දැවිල්ල වැනි මූත්‍ර ගත රෝග සමනය කිරීමට මෙන්ම ශරීරගත විෂ ඉවත් කර ගැනීමට ද හාතාවාරිය කැඳ සකස් කර පානය කිරීම ගුණදායක ය.
කිතුල් හකුරු ඈත අතීතයේ සිටම සීනි වෙනුවට භාවිතා කළ කිතුල් හකුරු යනු ඖෂධීය ගුණයෙන් අනූන ආහාරයකි. එනම් කිතුල් හකුරු නිතර ආහාරයට ගැනීමෙන් රුධිර ගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර ඔක්සිජන් ක්‍රමවත්ව ශරීරය පුරා පරිවහනය කරගත හැකිය. එනම් ඉන් රුධිරයට විෂ ද්‍රව්‍ය එකතු වීම අවම වී රුධිරය පිරිසිදු වීම සිදුවේ. ඒ නිසා රුධිරය අපිරිසිදු වූ පුද්ගලයින්ට කිතුල් හකුරු ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ.
බීට්රූට් එළවළු අතර බීට්රූට් යනු නයිට්‍රේට් අඩංගු ගුණදායක එළවළුවකි. එනම් බීට්රූට් ආහාරයට ගැනීමෙන් රුධිරය පිරිසුදු කර ගත හැකිය. එනම් බීට් රූට් වල අඩංගු ප්‍රතිඔක්සිකාරක, කැරට්නොයිඩ රුධිරය පිරිසිදු කිරීමටත් අක්මාවේ ඔක්සිකරණ ප්‍රතික්‍රියා වල ප්‍රතිඵලයක් වන සෛල විනාශවීම වළක්වා ගැනීමට හා විෂ හරණය කර රුධිරයේ පවතින අහිතකර කාබනික සංයෝග බිඳහෙලන සංයෝග ශ්‍රාවය වීම වැඩි කිරීමටත් බීට්රූට් ආහාරයට ගැනීම ගුණදායක වේ.
බ්‍රොකලි රුධිරය පිරිසිදු කරගැනීමට ආහාරයට ගැනීමට සුදුසු එළවළුවක් ලෙස හැඳින්විය හැකිය. එනම් බ්‍රොකලිවල බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වේ. ප්‍රතිඔක්සිකාරක ,ග්ලුකෝසයිනෝලේට, විටමින් සී, ඔමේගා ත්‍රී මේද අම්ලය …. ආදී පෝෂ්‍ය පදාර්ථ බ්‍රොකලිවල අඩංගුවේ. එනම් මෙම පෝෂ්‍ය පදාර්ථ සිරුරේ රුධිරය පිරිසිදු කර වකුගඩුවල සහ අක්මාවේ විෂ ඉවත් කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සිදු කරයි. එනම් මේ නිසා රුධිරය අපිරිසිදු වූ පුද්ගලයින්ට බ්‍රොකලි යනු ගුණදායක එළවළුවකි.
ලෙමන් විටමින් සී අඩංගු ලෙමන් ආහාරයට ගැනීමෙන් රුධිරයේ අඩංගු කාබනික සංයෝග ඉවත් කර රුධිරය පිරිසිදු කර ගැනීමට හැකියාව ලැබේ. එනම් ඒ සඳහා වතුර වීදුරුවකට ලෙමන් යුෂ තේ හැඳි දෙකක් මිශ්‍රකර දිනපතා පානය කිරීම මේ සඳහා වඩාත් යෝග්‍ය වේ. එනම් මෙම පානය වකුගඩුවල ක්‍රියාකාරිත්වය පහසු කිරීමට ද හේතු වේ.

කහ කහ යනු ප්‍රසිද්ධ ඖෂධීය කුළු බඩුවකි. එනම් ආහාර පිසින විට කහ එක් කර ගැනීමෙන් බොහෝ රෝග සුව කර ගත හැකිය. එමෙන්ම රුධිරය පිරිසිදු කර ගැනීම සඳහා ද කහ වැඩි දායකත්වයක් සපයනු ලැබේ. එනම් කහ වල අඩංගු curcumin ප්‍රතිඔක්සිකාරකය අහිතකර මුක්ත ඛණ්ඩ වලින් සෛලවලට සිදුවන හානිය වළක්වා අහිතකර ද්‍රව්‍ය රුධිරයට එකතු වීම අවම කරවනු ලබයි. එමෙන්ම වකුගඩු හා අක්මාවේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට රතු රුධිරාණු නිෂ්පාදනය වැඩි කිරීමට රුධිරයේ විෂ බීජ ඉවත් කිරීමට කහවල අඩංගු කර්කියුමින් වැඩි දායකත්වයක් සපයනු ලබයි.
පිරිසිදු ජලය රුධිරය පිරිසිදු කර ගැනීම සඳහා ජලය පානය කිරීම වඩාත් වැදගත් වේ. එනම් ජලය පානය කිරීම මගින් වකුගඩු වලින් ශරීරයේ විෂ පිට කිරීම පහසු කරයි. එමෙන්ම හොඳින් ජලය පානය කිරීමෙන් ශරීරයේ පවතින විෂ ද්‍රව්‍ය මුත්‍රා සමඟ පිටවීම සිදුවේ. මේ නිසා රුධිරයට අපද්‍රව්‍ය එක් වීම අවම වේ. එනම් පිරිසිදු ජලය පානය කිරීමෙන් අපිරිසිදු රුධිරය පිරිසිදු කර ගත හැකිය.
මේ ආදී වශයෙන් නිතර ජලය පානය කිරීම හා ඉහත සඳහන් කළ ආහාර වැඩිපුර භාවිතා කිරීම මගින් රුධිරය අපිරිසිදු වීම වළක්වා ගත හැකිය.